Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩි ම අවධානයට ලක් වූ ගුවන් ආරක්ෂක පද්ධති පහක්

මිසයිල හෝ ගුවන් ආරක්‍ෂක පද්ධති යනු රටක් වෙත එල්ල වන අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල හෝ වෙනත් මිසයිලවලින් රටක් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිත කරන ආරක්ෂණ පද්ධතියක්. මිසයිල හෝ ගුවන් ආරක්ෂණ පද්ධති අද ලොව රටවලට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් ව හමාරයි.

අතීතයේ මෙවැනි ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධති නිෂ්පාදනය කර නොතිබුණත් අද ලෝකයේ ප්‍රබල හා බලගතු රටවල් සතුරු ප්‍රහාරවලින් තම රටවල් ආරක්ෂා කර ගැනීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධති නිෂ්පාදනය කර හෝ මිල දී තිබෙනවා. ඇතැම් රටවලට අඩුම තරමින් පැරණි ගුවන් ආරක්ෂක පද්ධතියක් හෝ මිල දී ගැනීමට නොහැකි වී ඇත්තේ ඒවායේ ඇති අධික මිල හේතුවෙන්.

රටකට ඇතුළු වන සතුරු ගුවන් යානා හා සතුරු මිසයිල ද ගුවනේ දී ම විනාශ කර දැමීමේ හැකියාව ගුවන් ආරක්ෂණ පද්ධතියක් සතුයි. මෙම ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ වැඩි අවධානයට ලක් වූ ලෝකයේ ගුවන් ආරක්ෂක පද්ධති පහක් පිළිබඳ  තොරතුරු යි.

5. HQ-9 Long-Range anti-aircraft missile system (CHINA)

HQ-9 system – ausairpower.net

චීනයේ නිෂ්පාදනය කළ මෙම HQ-9 Long-Range anti-aircraft missile system ගුවන් ආරක්ෂක පද්ධතිය නිර්මාණය කර තියෙන්නේ සතුරු ගුවන් යානා,  සතුරු හෙලිකොප්ටර්, මිසයිල් වර්ග ඩ්‍රෝන යානා,  ගුවනේදී ම විනාශ කළ හැකි ආකාරයටයි. චීනය මෙම ගුවන් ආරක්ෂණ පද්ධතිය භාවිතා කරන්නේ 1997 වසරේ සිටයි. මෙයට යොදා ගැනෙන මිසයිලයක් මීටර් 6.8 ක් දිගින් යුක්ත වන අතර බර කිලෝ 1300 ක්. 

HQ-9 Long-Range anti-aircraft missile system ගුවන් ආරක්ෂක පද්ධතිය රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධතියක් වන S300 ට සමාන අයුරින් නිර්මාණය කර තියෙනවා. මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය ද ලෝකයේ රටවල් කීපයක් ම මිලදී ගෙන තියෙනවා.

Patriot system – armytechnology.com

4. U.S MIM.104 patriot (USA)

අමෙරිකාව නිෂ්පාදනය  කර ඇති මෙම U.S MIM.104 patriot ගුවන් ආරක්ෂක පද්ධතිය, ලෝකයේ රටවල් කීපයකට අලෙවි කර  තිබෙනවා. ඒ අතර තායිවානය, ඊජිප්තුව, ජර්මනිය, ජපානය, කුවේටය, සවුදි අරාබිය, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, ඊශ්‍රායලය වැනි රටවල්ට අතර වනවා. U.S MIM.104 patriot ගුවන් ආරක්ෂක පද්ධතිය අමෙරිකාව භාවිතයට ගන්නේ 1980 දශකයේ සිටයි. ඔවුන් මෙම පද්ධතිය පලමු වන ගල්ෆ් යුද්ධයේ දී භාවිතයට ගෙන තිබුණා. ඒ ඉරාකය එල්ල කරන ස්කඩ් මිසයිල විනාශ කිරීම සඳහායි.

ගල්ෆ් යුද සමයේ මෙම පද්ධතිය අමෙරිකාව, සවුදි අරාබියේ ස්ථාන ගත කර තිබුණා.  ඉරාකය එල්ල කළ ස්කඩ් මිසයිලයක් වැලැක්වීම මෙම පද්ධතියට මග හැරී යාමෙන් එය ඉලක්කයට පතිත වී අමෙරිකානු හමුදා සෙබළුන් 28 දෙනකු මියගියා. සිය දෙනකු පමණ තුවාල ලැබුවා. ඒ මෙම ගුවන් ආරක්ෂක පද්ධතියේ ඇති වූ මෘදුකාංග දෝෂයක් හේතුවෙන් බව පසුව අනාවරණය වුණා. 

3. THAAD missile system (USA)

කලින් සඳහන් කළ U.S MIM.104 patriot මෙන් ම ලෝකයේTHAAD missile system මිසයිලය ආරක්ෂණ පද්ධතිය නිර්මාණය කර තියෙන්නේත් අමෙරිකාවයි. තාඩ් නමින් හදුන්වන මෙම ගුවන් ආරක්ෂණ පද්ධතියට කිලෝමීටර් 200ක් පමණ දුරක දී තමන් කරා ළඟා වන මිසයිලයක් හෝ ගුවන් යානාවක්, කෲස් මිසයිලයක් හෝ බැලස්ටික් මිසයිලයක්  විනාශ කිරීමේ හැකියාව පවතිනවා. දකුණු කොරියාව මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය අමෙරිකාවෙන් මිලදී ගත්තා. ඒ උතුරු කොරියාවෙන් එල්ලවන මිසයිල තර්ජන වලක්වා ගැනීම සඳහායි.

Thaad system –  defenceworld.com

අමෙරිකාව මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය සෞදි අරාබියට ද අලෙවි කර තිබෙනවා. මෙහි ඇති රේඩාර් පද්ධතියට කිලෝමීටර් 1000ක් ඈතින් එන ඉලක්ක හඳුනා ගත හැකි අතර එම ඉලක්කය කිලෝමීටර් 200කට ළඟා වූ පසු ප්‍රහාරක මිසයිලය විනාශ කිරීමට THAAD missile system එකට හැකියාව පවතිනවා. 

2. S300 Air Defence System ( Russia)

රුසියාවේ Almaz-Antei සමාගම නිෂ්පාදනය කළ මෙම S300 Air Defence System ගුවන් ආරක්ෂණ පද්ධතිය  1979 වසරේ සිට රුසියාව භාවිතයට ගන්නා ගුවන් ආරක්ෂණ පද්ධතියක්. සිරියාව, ඉරානය, ග්‍රීසිය, බල්ගේරියාව, ස්ලෝවැකියාව ,වැනි රටවල් රුසියාවෙන් මෙම ගුවන් ආරක්ෂණ පද්ධතිය මිලදී ගෙන ඇති අතර සිරියාවේ ඇති රුසියානු ගුවන් හමුදා කඳවුරු හා නාවික හමුදා කඳවුරු  ආරක්ෂා කිරීම සඳහා  මෙම S 300 ගුවන් ආරක්ෂක පද්ධතිය දැනට යොදා ගන්නවා.

S300 system – rt.com

S300 Air Defence System ගුවන් ආරක්ෂණ පද්ධතියට කිලෝමීටර් 200ක් දුරින් පිහිටි ඉලක්කයක් (මිසයිලයක්, ගුවන් යානා, හෙලිකොප්ටර් යානා) විනාශ කිරීමේ හැකියාව මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය සතු ව පවතිනවා. මෙයට යොදා ගන්නා මිසයිලයකට පැයට කිලෝමීටර් දස දහසක (10000km/h) වේගයෙන් ගමන් කරන ඉලක්කයක් වුව ද  විනාශ කිරීමට හැකියාව තිබෙනවා. මෙම S300 Air Defence System ගුවන් ආරක්ෂක පද්ධතිය ලොව රටවල් විස්සකට අධික සංඛ්‍යාවක් මිල දී ගෙන තිබෙනවා. ඒ අතරට නේටෝ සාමාජික රටවල් කීපයක් ද ඇතුළත්. 

1. S400 triumf ( Russia) 

 දැනට ලෝකයේ නිෂ්පාදනය කර තියෙන බලවත්ම ගුවන් ආරක්ෂක පද්ධතිය රුසියාවේ Almaz- Antei සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම S400 triumf ගුවන් ආරක්ෂක පද්ධතියයි.  එයට කිලෝමීටර් 400ක් දුරින් ඇති ගුවන් ඉලක්කයක් හඳුනා ගෙන විනාශ කිරීමේ හැකියාව පවතිනවා. මෙම ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් නිකුත් කරන මිසයිලයට පැයට කිලෝමීටර් දාහත් දහසක (17000km/h) වේගයෙන් ගමන් කර සතුරු ඉලක්ක විනාශ කළ හැකියි. මෙම S400 triumf ගුවන් ආරක්ෂක පද්ධතිය  චීනය, තුර්කිය, වැනි රටවල් මේ වන විටත් මිලදී ගෙන තිබෙනවා. තුර්කිය මෙම පද්ධතිය මිලට ගත් පසු අමෙරිකාව තුර්කියට සම්බාධක පැනවූවා. ඒ තුර්කිය නේටෝ සාමාජික රටක් හේතුවෙන්.  මෙම S400 triumf ගනුදෙනුව හේතුවෙන් අමෙරිකාව තුර්කියට ලබා දීමට එකඟ වී තිබූ එෆ් 35 ප්‍රහාරක යානා ගනුදෙනුවද අවලංගු කළා. 

අපේ අසල්වැසි ඉන්දියාව ද මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා. එයට ප්‍රධානත ම හේතුව වී තිබෙන්නේ පාකිස්තානය  සහ චීනය සමඟ ඉන්දියාවේ ඇති විරසකයයි. ඉන්දියාව මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය රුසියාවෙන් මිලට ගතහොත් ඉන්දියාවට සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.

S400 system – tass.com

මෙම අනතුරු ඇඟවීම නොසලකා හැරි ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 5ක් වටිනා මෙම S400 triumf ගිවිසුමට 2018 වසරේදී අත්සන් තැබුවා. ඉන්දියාව ඉල්ලුම් කළ S400 triumf ගුවන් ආරක්ෂක පද්ධති 5 මෙම වසරේ අග භාගයේදී ඉන්දියාවට ලැබීමට නියමිත බව රුසියාව පවසනවා. මීට අමතරව S500 නමින් ගුවන් ආරක්ෂක පද්ධතියක් ද රුසියාව නිර්මාණය කරමින් සිටිනවා. එම පද්ධතිය මෙම S400 triumf පද්ධතියටත් වඩා බලවත් බව සඳහන් වෙනවා. 

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැනනැගී ඇති නවතම ගැටුම් හමුවේ හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාර 1,500කට වැඩි ප්‍රමාණයකින් බහුතරයක් අතරමගදී බිඳ හෙළූ ‘අයන් ඩෝම්’ හෙවත් යකඩ දොරටුව ලෙස හඳුන්වන ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ ආවරණය ද  මේ දිනවල වැඩි කතාබහට ලක්වනවා. අයන් ඩෝම්’ යනු ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන විශාල මිසයිල ආරක්ෂණ පද්ධති ගණනාවකින් කොටසක්. ඒ සඳහා වැය වන මුදල ඩොලර් බිලියන ගණනක්.

ඊශ්‍රායලයේ ජනාකීර්ණ පෙදෙස් වෙත ළඟා වීමට පෙර, තමා වෙත පැමිණෙන රොකට් ගුවන මැදදී විනාශ කර දැමීමේ 90% ක පමණ සාර්ථකත්වයක් ‘අයන් ඩෝම්’ පද්ධතිය සතු බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා. 

කවරයේ ජායාරූපය - ඉහළ හැකියාවකින් යුත් Patriot (පීඒසී -3) මිසයිලය -MilitaryLeak.com

 මූලාශ්‍ර:

ima.umn.edu.com

army-technology.com

fas.org.com

bbc.com

Related Articles