Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමාජ මාධ්‍ය හෙවත් social media භාවිතයෙන් මිනිස් මොළයට ඇතිවිය හැකි බලපෑම් පහක්

Facebook, Twitter, Instagram, Snapchat යනාදි එකී මෙකී නොකී සමාජ මාධ්‍ය හෙවත් social media වෙබ් අඩවි අද ලෝකයේ නැතිවම බැරි අංගයක් බවට පත් වෙලා. කොටින්ම ඔබ මේ ලිපිය කියවන්නෙත් Facebook එකේ අපි දාල තිබ්බ link එක දැකපු නිසානේ? අපි කැමති වුනත් නැතත් ලෝක ජනගහනයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් අද social media විවිධ ආකාරයෙන් භාවිතා කරනවා. ඒ හේතුවෙන් සමාජයේ ඇති වෙමින් පවතින වෙනස් වීම අපේ ඇස් පනා පිට පෙනෙන්න තියෙනවා. නමුත් සමාජ මාධ්‍ය ජාල භාවිතය මගින් මිනිස් මොළයට වන බලපෑම් (හිතකර හෝ අහිතකර) ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකින්.

1. Log out වෙන්න අමාරු වගේද?

මේ වගේ බැඳීමක් ඉතින් වෙන කොහෙන් හොයන්නද? (BranDignity.com)

මේ වගේ බැඳීමක් ඉතින් වෙන කොහෙන් හොයන්නද? (BranDignity.com)

අන්තර්ජාලය (internet) භාවිතා කරන්නන්ගෙන් 5% ත් 10% ත් අතර ප්‍රමාණයකට තමන් online සිටින කාල සීමාව පාලනය කරගත නොහැකි තත්වයකින් පසුවන බව සමීක්ෂණ වලින් හෙලිවී තිබෙනවා. මේක ඇත්තටම මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමකට සමාන කරන එක සාධාරණ නෑ. නමුත් මේ පුද්ගලයින්ගේ මොළය scan කිරීමෙන් පෙනී යන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ මොළයේ දුර්වල වී ඇති ප්‍රදේශයන් ඒ අයුරින්ම මොවුන්ගේ ද දුර්වල වී ඇති බවයි.

විශේෂයෙන්ම හැඟීම්, අවධානය හා තීරණ ගැනීම සඳහා භාවිතා වෙන ප්‍රදේශයන්හි පැහැදිලි දුර්වරල වීමක් දක්නට ලැබෙන බවයි විද්‍යාඥයන් පවසන්නේ. සාමාජ මාධ්‍යයන් හි එක කාර්‍යයක් වන්නේ ඉතා අඩු වෙහෙසකින් ක්ෂණික උත්තේජනයක් එසේත් නැතිනම් තෘප්තියක් (reward) ලබා ගැනීමේ හැකියාවයි. මෙයට දිගින් දිගට පුරුදු වීමෙන් ඔබේ මොළය එයට ස්වාභාවිකවම හැඩ ගැසෙනවා. එපමණක් නොව ඔබ තව තවත් එම උත්තේජනය පසු පස හඹා යෑමට පටන් ගන්නවා. මත්ද්‍රව්‍යක් යැයි මෙය කිසිසේත්ම හැඳින්විය නොහැකි වුනත්, එහි කිසියම් සමානත්වයක් ඇති බව පිලි ගත යුතුයි.

2. Multi-tasking- එකපිට වැඩ කිහිපයක් කිරීමට ඇති උවමනාව

ඉන්නකෝ වද දෙන්නේ නැතිව, මම මේ post ටිකට like දාපු ගමන් වැඩේට බහින්නම් (gcaionline.com)

ඉන්නකෝ වද දෙන්නේ නැතිව, මම මේ post ටිකට like දාපු ගමන් වැඩේට බහින්නම් (gcaionline.com)

රාජකාරියේ නිරතව සිටින අතරතුර අන්තර්ජාලයේ සැරි සරන්නන්ට එක සැරේ වැඩ දෙක තුනක් කිරීමේ (multi-tasking) විශේෂ හැකියාවක් තිබිය හැකි බව ඔබට හිතෙන්න පුළුවන්. නමුත් බොහෝ පරීක්ෂණ වලට අනුව මෙය වැරදි මතයක් බව සනාථ වී තිබෙනවා. Internet එකේ site හා app කෝටියක් එක සැරේ භාවිතා කිරීමෙන් බාධා කිරීම් (interference) වෙන්කර හඳුනා ගැනීමේ ඔබේ මොලය සතු හැකියාව අඩු වී යන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අවධානය අඩුවීමත් සමග ඔබ කියවන ලිපියේ හෝ නරඹන වීඩියෝ පටයේ ඇති තොරතුරු ඔබේ මතකයේ රඳවා ගැනීමේ හැකියාවද පහත වැටීමට ඉඩ තිබේ.

3. Phone එක vibrate වුනා? ටක් ගාල check කරලා බලමුද?

check කරේ නැත්නම් නිකං මොකද්ද වගේ. (thenextweb.com)

check කරේ නැත්නම් නිකං මොකද්ද වගේ. (thenextweb.com)

වැදගත් වැඩක් කරන ගමන් phone එක වදිනවා කියල දැනිලා සාක්කුවට ඇත දාල බැලුවහම ring වෙච්ච පාටක් පේන්නවත් නැති අවස්ථා අපි බොහෝ දෙනෙක් අත් දැකල ඇති. මෙය Phantom Vibration Syndrome ලෙස හැඳින්වෙනවා. එක් සමීක්ෂණයක සහභාගී වූ පිරිසකගෙන් 89% දෙනෙක් පවසා ඇත්තේ අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් phone එක vibrate වෙනවා වගේ දැනුනට කිසිම අයුරකින් vibrate හෝ ring වී නොමැති බවයි. විද්‍යාඥයන් පවසන පරිදි මෙසේ සිදු වීමට ආසන්නම හේතුව වන්නේ කකුලේ ඇතිවන කැසිල්ලක් දුරකතනයේ ස්පන්දනයක් (vibration) ලෙස මොළය විසින් වැරදියට අර්ථකථනය කිරීමයි. විශ්වාස කරන්නත් අමාරුයි, හැබැයි පර්යේෂකයින් පවසන්නේ තාක්ෂණය හේතු කොට ගෙන මිනිස් ඉතිහාසයේ අන් කවර දාකවත් දක්නට නොලැබුණු පරිදි අපේ ස්නායු පද්ධතිය වෙනස් වෙමින් පවතින බවයි.

4. ඔබට සතුටුයිද දැන්?

කොච්චර කරත් මදි වගේද? (estestherapy.com)

කොච්චර කරත් මදි වගේද? (estestherapy.com)

Social media භාවිතයෙන් dopamine නම් වූ සතුට උත්තේජනය කරන රසායනය නිකුත් වෙනවා. MRI scan හරහා පෙනී යන්නේ කෙනෙක් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේදී සතුට උත්තේජනය වීම තව කෙනෙකුගේ මතයට සවන් දීමේදී වනවාට වඩා වැඩි බවයි. අපේ භාෂාවෙන් කියනවා නම් මහන්සි වෙලා, අමාරුවෙන් පට්ට comment එකක් දාන කොට එන ආතල් එක තව කෙනෙක්ගෙ comment එකක් කියවද්දී එන්නේ නෑ, bro.

සැබෑ ජීවතයේදී – ඒ කිව්වේ අන්තර්ජාලයෙන් පිටතදී – දෙදෙනෙක් මුණ ගැසී කතා කරද්දී බොහෝ අවස්ථාවන් හිදී (30% ත් 40% ත් අතර ප්‍රමාණයක්) එය සමබර ස්වරූපයක් ගන්නා නමුත්, social media වල අපි දාන ටෝක් බොහෝ දුරට (80% ක් පමණ) අපි ගැන විතරයි. ආදරය, ධෛර්යය, හා සුරතාන්තය (orgasm) යානදියට සම්බන්ධ මොළයේ පෙදෙස් සමාජ මාධ්‍ය ජාල භාවිතයෙදී ද උත්තේජනයට ලක් වේ. විශේෂයෙන්ම තමන්ට රසිකයන් පිරිසක් සිටින බව අවබෝධ වීමත් සමග මෙම උත්තේජනය තවත් තීව්ර වන බව විද්‍යාඥයින් පවසනවා.

5. යකා කියන තරම් කළු නෑ

කව්ද දන්නේ ඕව (socialmediaromance.wordpress.com)

කව්ද දන්නේ ඕව (socialmediaromance.wordpress.com)

ආදර සම්බන්ධතා ආශ්‍රිතව කරන ලද සමීක්ෂණ මගින් සනාථ වී ඇති එක දෙයක් නම් දෙදෙනෙකු මුල් වරට අන්තර්ජාලයේදී මුණ ගැසුනහොත් සැබෑ ජීවතයේදී මුල් වරට හමු වූ දෙදෙනකුට වඩා එකිනෙකාට කැමැත්තක් හා ලැදියාවක් දක්වන බව. මෙයට පැහැදිලි හේතුවක් හරියටම සොයා ගෙන නැතත්, අන්තර්ජාලයේ ලැබෙන නිර්නාමික බව හෝ තම අනාගත බලාපොරොත්තු පිළිබඳව සන්නිවේදනය කිරීමේ ඇති පහසුව නිසා හෝ, සංඛ්‍යාත්මකව ගත් කල වඩාත් සාර්ථක යුගදිවියක් පවත්වාගෙන යාමේ ඉඩ කඩ වැඩිය.

අන්තර්ජාලය නිසා අපි නෑහිතමිතුරාදීන් සමග සම්බන්ධතා පවත්වා ගෙන යන ආකාරයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව ඇත්ත. නමුත් වැදගත් වන්නේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හේතුවෙන් අපේ සමීපතමයන් හා ඇති සම්බන්දියාව තව තවත් වැඩි දියුණු වෙමින් පවතින බවයි.

Source: AsapScience.com

කවරයේ පින්තුරය: agilesearchmarketing.com

Related Articles