Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෙදි සෝදන යන්ත්‍රයේ ඉතිහාස තොරතුරු

අපගේ එදිනෙදා කාර්යයන් අතරින් තවත් එක් කාර්යයක් ලෙස රෙදි සේදීම හැඳින්වීමට පුළුවන. එය බොහෝ විට කාන්තාවන් හා සම්බන්ධ කාර්යයක් ලෙස හැඳින්වීමට හැකිය. නමුත් මිනිසා කාර්යබහුල වීමත් සමග තමන්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා ක්‍රම සොයා ගැනීමට උත්සුක වූ අතර එහිදී රෙදි සේදීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. එය බොහෝ කාලයක් පුරාවට කළ සොයා ගැනීම් වල ප්‍රතිපලයක් ලෙස වර්තමානයේ පවතින රෙදි සෝදන යන්ත්‍රය දක්වා වර්ධනය වී තිබෙනවා. එලෙස වර්තමානයේ තිබෙන තත්තවය දක්වා රෙදි සෝදන යන්ත්‍රය හා සම්බන්ධ ඉතිහාසගත තොරතුරු මෙම ලිපිය හරහා ගෙන එනවා.

අතීතයේ රෙදි සේදූ ක්‍රම

pinterest.com (ස්ක්‍රබ් බෝඩ් වර්ගයේ මුල්කාලීන රෙදි සෝදන යන්ත්‍රයක් දැක්වෙන පින්තුරයක්)

රෙදි සෝදන යන්ත්‍රය පිලිබඳව සලකා බලන විට එය දිර්ගකාලීන සොයා ගැනීම් වල ප්‍රතිපලයක් ලෙස හඳුනාගත හැකියි. එනම් ආදිතම කාලයේ මිනිසුන් රෙදි සේදීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා. එහිදී ඔවුන් තම කිලිටි වූ රෙදි පිරිසිදු කරගෙන ඇත්තේ ඒවා ගල් මත ඇතිල්ලීම මගිනි. එසේම ආදී කාලින එනම් ක්‍රි.පූ 2800 පමණ රෝමයේ සාපෝ හිල් නැමැති ප්‍රදේශයේ ජනතාව රෙදි සේදීම සඳහා සබන් භාවිතා කර තිබෙන බවද සැලකෙන අතර ඒවා නිපදවා ඇත්තේ සත්ත්ව තෙල් භාවිතා කිරීමෙන් වෙනවා.

එමෙන්ම ක්‍රි.ව. 1500 දී පමණ රෙදි ඇතිල්ලීම සදහා දාර සහිත ලෑලි ආදියද භාවිතා කර තිබෙනවා. එසේම මුහුදු යාත්‍රිකයන් ඔවුන්ගේ රෙදි සේදීම සදහා භාවිතා කර ඇත්තේ වෙනස්ම ක්‍රමයක් වෙනවා. එනම් සේදීමට අවශ්‍ය රෙදි ශක්තිමත් රෙදි බෑගයකට දමා එය ගැට ගසා මුහුදට දමා නැවෙන් ඇදගෙන යාම මගිණුයි. මේ ආකාරයට විවිධ ක්‍රම භාවිතා කර ඇති අතර මේ සදහා විශාල කාලයක් මෙන්ම ශ්‍රමයක් අවශ්‍ය වීම නිසා පහසුවෙන් සේදී සෝදාගත හැකි ක්‍රමයක් කෙරෙහි ඔවුන් අවධානය යොමු කර තිබෙනවා.

එහිදී ඔවුන් රෙදි සේදීම සදහා පුවරු භාවිතා කිරීමේ ක්‍රමයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. එක් මතුපිටක් මත තවත් පුවරුවක් ඇතිල්ලීම ලීවරයක් ආධාරයෙන් ඇතිල්ලීම හරහා එය සිදු කර තිබෙන අතර විවිධ අකාරයෙන් සොයා ගැනීම් මේ ඔස්සේ සිදු කර තිබෙනවා. එසේම මේ ආශ්‍රයෙන් නිර්මාණය වූ ප්‍රථම රෙදි සෝදන යන්ත්‍රය ලෙස සැලකෙන්නේ 1797 වසරේදී නිර්මාණය වූ “ස්ක්‍රබ් බෝඩය” වෙනවා. මෙය වොෂ් බෝඩය නමින්ද හදුන්වා ඇති අතර මෙහි රෙදි ඇතිල්ලීම සදහා පුවරුවක්ද රෙදි මිරිකීම සදහා අතින් කරකැවිය හැකි රෝලයක් සහිත උපාංගයකින්ද සමන්විත වී තිබෙනවා.

susakynapradio.cz (රොටරි මාදිලියේ රෙදි සෝදන යන්ත්‍රයක් දැක්වෙන පින්තුරයක්)

රෙදි සෝදන යන්ත්‍රය සොයා ගැනීම හා එහි වර්ධනීය අවස්ථා

ප්‍රථම රෙදි සෝදන යන්ත්‍රය ලෙස සැලකෙන්නේ 1851 වසරේදී ඇමරිකානු ජාතික නව නිර්මාණකරුවෙකු වූ ජේම්ස් කින්ග් විසින් නිර්මාණය කළ යන්ත්‍රය වන අතර ඒ සඳහා පේටන්ට් අයිතිය ද ලැබී තිබෙනවා. එසේම 1858 දි නව නිපැයුම්කරුවෙකු වූ හැමිල්ටන් ස්මිත් විසින් රෝටරි මාදිලියේ රෙදි සෝදන යන්ත්‍රය හඳුන්වා දී ඇති අතර 1874 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ විසු විලියම් බ්ලක්ස්ටෝන් විසින් නිවසක භාවිතයට ගත හැකි රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. මෙලෙස රෙදි සෝදන යන්ත්‍රය ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර මේවා සියල්ලම අතින් එනම් මිනිස් ශ්‍රමයෙන් ක්‍රියාත්මක කළ යුතු වූ උපකරණ වෙනවා.

timetoast.com (ප්‍රථම රෙදි සෝදන යන්ත්‍රය දැක්වෙන පින්තූරයක්)

එහිදී රෙදි සෝදන යන්ත්‍ර හා සම්බන්ධ ඉතිහාසයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස විදුලි බලය භාවිතයෙන් ක්‍රියා කරවන රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවීම හැඳින්වීමට පිළිවන් වෙනවා. එය 1908 වසරේදී අල්වා ජේ. ෆිෂර් විසින් නිර්මාණය කර තිබෙන අතර නිර්මාණය කිරීමෙන් වසර දෙකකට පසුව එයට පේටන්ට් බලපත්‍රයද හිමි වී තිබෙනවා. එම රෙදි සෝදන යන්ත්‍රය ඉල්තොයිස් ජනපදයේ චිකාගෝ නුවර පිහිටි හර්ලි මැෂින් කම්පැනි නම් සමාගම එය “තොර්”  නමින් වෙළඳපොලට හඳුන්වා දීම සිදු කර තිබෙන අතර එය එකල බොහෝ සේ ජනප්‍රිය වී තිබෙනවා. ඉන්පසුව දිගින් දිගටම විදුලි බලයෙන් ක්‍රියා කරවන රෙදි සෝදන යන්ත්‍ර සොයා ගැනීම සඳහා ප්‍රවනතාවයක් ඇති වී තිබෙන අතර එත් සමගම රෙදි සේදීමේ සේවාව ලබා දෙන ආයතන බිහි වීමට ද පටන් ගෙන තිබෙනවා. මුල් කාලීනව නිර්මාණය වූ මෙම රෙදි සෝදන යන්ත්‍ර නිවෙස් වල භාවිතය සඳහා යොදා නොගැණුනු අතර 1935-1940 අතර කාල වකවාණුවේ දී නිවෙස් වල භාවිතය සදහා සුදුසු රෙදි සෝදන යන්ත්‍ර නිපදවීම සඳහා නැඹුරුවක් දකින්නට හැකි වී තිබෙනවා. එනිසා එකල නිපද වූ යන්ත්‍ර වඩාත් හුරුබුහුටි පෙනුමෙන් යුතු රෙදි සෝදන යන්ත්‍ර මාදිලි ලෙස ඉදිරිපත් වී තිබෙනවා.

pinterest.com (ප්‍රථම විදුලියෙන් ක්‍රියා කරන රෙදි සෝදන යන්ත්‍රය දැක්වෙන පින්තුරයක්)

මෙලෙස නිවාස ආශ්‍රිතව භාවිතා කරනු ලබන රෙදි සෝදන යන්ත්‍ර නිර්මාණය වීමත් සමග ඒවා තාක්ෂණය  යොදා ගනිමින් තවදුරටත් නවීන අයුරින් නිර්මාණය වීමට පටන් ගත් අතර 1937දි බ්‍රෙන්ඩ්ක්ස් සමාගම නිවෙස්වල භාවිතයට ගත හැකි ස්වයංක්‍රිය රෙදි සෝදන යන්ත්‍ර ඉදිරිපත් කර තිබෙනවා. එසේම මයික්‍රෝචිප මගින් ස්වයන්ක්රි;යව පාලනය කෙරෙන ලොව පළමු රෙදි සෝදන යන්ත්‍රය 1978දි නිර්මාණය වූ අතර එහි රෙදි සේදීමට අවශ්‍ය කාලය සකස් කිරීමට ද හැකි වුනා.

bestofneworle… (නවීන මාදිලියේ රෙදිසෝදන යන්ත්‍රයක් දැක්වෙන පින්තුරයක්)

මේ ආකාරයට වර්ධනය වෙමින් පැමිණි රෙදි සෝදන යන්ත්‍රය වර්තමානය වන විට අඩු ජල ප්‍රමාණයකින් රෙදි සේදීමට හැකි යන්ත්‍ර මෙන්ම ස්මාර්ට් ක්‍රියාකාරී රෙදි සෝදන යන්ත්‍ර දක්වා වර්ධනය වී තිබෙනවා. වර්තමානයේ ඇති කාර්යබහුල සමාජ රටාව තුල මිනිසාගේ කාලය ඉතිරි කර ගැනීම සඳහා මහත් ප්‍රයෝජනවත් උපකරණයක් ලෙස මෙම රෙදි සෝදන යන්ත්‍රය  හඳුනා ගැනීමට පිළිවන් වෙනවා.

කවරයේ පින්තුරය: thebalance.com

මුලාශ්‍ර:

https://www.thoughtco.com/history-of-washing-machines-1992666

http://theinventors.org/library/inventors/blwashingmachines.htm

http://www.ideafinder.com/history/inventions/washmachine.htm

Related Articles