Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ අතිශය පෞද්ගලික වීඩියෝ/ෆොටෝ කවුරුන් හෝ ඉන්ටර්නෙට් එකට දැම්මොත්? – ඔබ කල නොකළ යුතු දේවල් කිහිපයක්

දවසින් දවස දියුණු වෙන තාක්ෂණය සහ ඒ තාක්ෂණය අපේ ඇඟිලි තුඩු අගට ගෙනැවිත් දෙන අන්තර්ජාලයේ සීග්‍ර ව්‍යාප්තියත් එක්ක, අපේ අතිශය පෞද්ගලික දත්ත අසභ්‍ය ප්‍රකාශන විදියට අනවසරයෙන් අන්තර්ජාලගත කිරීම් ආශ්‍රිත සිදුවීම් ප්‍රමාණය දවසින් දවස ඉහල යමින් තිබෙනවා. අසභ්‍ය ප්‍රකාශන පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති නීතිය පිළිබඳව දිගු විස්තරයක් අපි මීට පෙර දවසකදී Roar වෙබ් අඩවිය හරහා ඔබට ලබාදුන්නා.

ඉතින් අපේ නිරුවත් ඡායාරූපයක් හෝ වීඩියෝවක් අන්තර්ජාලයට එකතුවී තිබුනොත් අප විසින් කළයුතු දේ මොනවාද? අද අපි කල්පනා කළා ඒ වගේ අභාග්‍යසම්පන්න වෙලාවකදී කළ යුතු සහ නොකළයුතු දේවල් කීපයක් අපේ පාඨක ඔබ වෙත ගෙන එන්නට.

ගියදේ ගියාවේ

යන්න අරින්න. (butchbellah.com)

යන්න අරින්න. (butchbellah.com)

හොඳ හුස්මක් ගන්න. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. සමහරවිට ඔබට මුලු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ දැනේවි. වෙලාවක් අරගෙන පැත්තකට වෙලා නිදහසේ ඉන්න. ෆෝන් එක ඕෆ් කරගෙන හිටියත් කමක් නැහැ. ඒ වගේම ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ටික කාලෙකට ඩිඇක්ටිවේට් කරන්න. අනිත් සෝෂල් මීඩියා එකවුන්ට්ස් තියෙන ඒවත් හෙමීට පොඩි කාලෙකට හරි වහලා දාන එක හොඳයි. එහෙම කරන එකෙන් ඔබේ ඔෆිස් එකේ යාළුවන්ගෙන්, ගෙවල් පැත්තේ යාළුවන්ගෙන්, අවුරුදු දහයකට විතර කළින් අන්තිමට කතා කරපු යාළුවන්ගෙන්, අසල්වැසියන්ගෙන්, ජීවිතේට කතා බහ නොකරපු නෑදෑයන්ගෙන් මේ ගැන විස්තර අහලා එන අතොරක් නැති දුරකතන ඇමතුම්වලින්, චැට්වලින් බේරිලා ඔලුව නිදහසේ තියාගෙන ඉන්න පුළුවනි. ඔබට අඬන්න ඕනේ කියලා හිතෙනවනම් හොඳට කෑගහලා අඬන්න. ඒකෙන් ඔබේ මානසික ආතතිය ගොඩක් අඩුවෙලා යාවි. ඔබට ඇති කියලා හිතෙනකම් විවේකීව ඉන්න.

හොඳට මතක තියාගන්න. අපි හැමෝම මිනිස්සු. සමහර වෙලාවල්වලට අපිට හිතෙන එක එක අදහස් නිසා යම් අත්වැරදීම් අපිට වෙන්න පුළුවනි. නමුත් ඒ අත්වැරදීම් හේතුවෙන් ඔබේ මුළු ජීවිතේම අඳුරු වෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ ජීවිතේ ඔබ වඩාත්ම ශක්තිමත්වම නැගී සිටිය යුතු වෙලාව තමයි මේ වෙලාව. ඒ නිසා ඔබ වෙනුවෙන් ඔබ ශක්තිමත් වෙන්න.

වෙච්ච දේ ගෙදරට කියන්න

කොච්චර අමාරු උනත් මේකනම් නොකර ඉන්න එක හොඳ නෑ (paritynews.com)

කොච්චර අමාරු උනත් මේකනම් නොකර ඉන්න එක හොඳ නෑ (paritynews.com)

මේක ඉතින් අම්මගේ තාත්තගේ මූණ දිහා බලාගෙන කරන්න අමාරු දෙයක් තමයි. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ ගැන විස්තර හන්දියේ කඩපිලේදි, බස් එකේ කෝච්චියේදි වගේ තැනක ඕපාදූප මූලාශ්‍රයකින් එයාලා දැනගන්න කළින් ඔබෙන්ම දැනගන්න එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. හැබැයි අපි ඉන්නේ ලංකාවේනේ, ඔව්, හොඳ හැටියට බැනුම් අහගන්න වෙයි. තත්වේ බරපතල නම් සමහරවිට ගුටියක් දෙකක් කන්නත් හොඳ ඉඩක් තියෙනවා. ඒ අපේ දෙමව්පියන්ගේ පරම්පරාවේ සමහර අය ප්‍රශ්න විසඳන්න පටන් ගන්න විදිය. එහෙම නොවෙන දෙමව්පියොත් නැත්තේම නැහැ. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ ගැන දෙමව්පියන් දැනුවත් කරන්නම වෙනවා.

ඒ වගේම කිසිම දෙයක් සඟවන්නේ නැතුව සම්පූර්ණ ඇත්ත සිද්ධියම දෙමව්පියන්ට කියන්න ඔබ වගබලාගන්න ඕනේ. මේ වෙලාවේ ඔබට ඉන්න ප්‍රධානතම හයිය තමයි අම්මයි තාත්තයි දෙන්නා. මතක තියාගන්න, ඔබට කොච්චර බැන්නත් එයාලාගේ ජීවිතේ අන්තිම තප්පරේ වෙනකම් අම්මයි තාත්තයි ඔබ වෙනුවෙන් ඉන්නවා. එයාලගේ සහයත් එක්ක ඔබට පුළුවනි යළි නැගී සිටින්න.

විශ්වාසවන්තම කට්ටියව වටකරගන්න

(http://www.livinglikeyou.com)

(http://www.livinglikeyou.com)

මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවතී – බිතු සිතුවම් රූ මෙන් පිටුනොපාවිතී කියලා කියමනක් අපේ සමාජයේ තියෙන්නේ නිකම් නෙමේ. ඔබට වඩාත්ම විශ්වාසවන්ත ඒ වගේම ඔබව හොඳින්ම තේරුම් ගත්ත සහ ඔබට වැඩියෙන්ම ආදරේ කරන කීපදෙනා ඔබේ වටේට එකතුකරගන්න. මේ ඔබේ හොඳම යාළුවා, යාළුවෝ කණ්ඩායම, සහෝදර සහෝදරියන්, විශ්වාසනවන්ත ගුරුවරු වෙන්න පුළුවනි. ඔබත් එක්ක ඉන්න කියලා එයාලගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න. කොහේ හරි යද්දි හැම තිස්සේම ඒ කණ්ඩායමේ එක්කෙනෙක් දෙන්නෙක් එක්ක යන්න පුරුදු වෙන්න. පාරෙ තොටේදි ෆොටෝ වීඩියෝ ගැන කවුරු හරි ඔබෙන් විස්තර අහන්න හෝ ඔබව අපහසුතාවයට පත්කරන්න ආවොතින් ඒ අය ගැන ඔබේ විශ්වාසනීයයා බලාගනීවි. ඇත්තටම ඔබට එයාගෙන් ඉල්ලීමක් කරන්න තරම් දෙයක්වත් සිද්ධ වෙන එකක් නැහැ.

සිද්ධිය සම්බන්ධ හැමදේම සටහන් කරගන්න

ඔබට සිදුවෙච්ච අසාධාරණය වෙනුවෙන් සිදුකරන නීතිමය කටයුත්තේදී, ඒ වෙනුවෙන් ඉඳිරිපත්කරන්න ඔබට සාක්ෂි අවශ්‍යයි. ඒ සාක්ෂි එකතුකරගැනීම සිදුකරන්න. හැම දේම සටහනක් විදියට තියාගන්න. ඔබේ ඡායාරූප/වීඩියෝ තියෙන වෙබ් අඩවියේ ලිංක් එක, ඒ වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලයක ඒ ෆොටෝ වීඩියෝ ශෙයා කරලා තියෙන අය ගැන විස්තර තියාගන්න. මේ වැඩේ කරන්න ලේසිම විදිය තමා ස්ක්‍රීන් ෂොට් අරගන්න එක. ඔබට තනියම ඒ වැඩේ කරන්න අමාරු නම්, ඔබට පුළුවනි ඔබේ විශ්වාසනීයයෙකුවත් ඒ වැඩේට හවුල් කරගන්න. පුළුවන් තරම් සාක්ෂි එකතු කරගන්න. නීතිමය කටයුතුවලදී ඔබ එකතු කරගත්ත ඉතාම පුංචි විස්තරේත් ඉතා වැදගත් වෙන්න ඉඩ තියෙනවා.

ඔබේ නිරුවත් ඡායාරූප/වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත්කරන්න උත්සාහ කරන්න

(http://buyviewsreview.com)

(http://buyviewsreview.com)

දැන් සිදුකරන්න ඕනේ ඔබේ ඡායාරූප/වීඩියෝ අදාළ වෙබ් අඩවිවලින් ඉවත් කරගන්න වැඩේ පටන් ගන්න එක. අදාළ වෙබ් අඩවියේ සංස්කාරකව

රයාට හෝ ප්‍රධානියාට (admin) ඊමේල් එකක් යැවීම මඟින් මේක බොහෝවිට කරගන්නට පුළුවන්. ඉතින් මේ ඊමේල් එකේ දක්වන්න පළකරලා තියෙන ඡායාරූප/වීඩියෝ ඔබේ පුද්ගලික දේපළක් බවත් ඔබේ කිසිදු අනුදැනුමකින් තොරව ඒවා වෙබ් අඩවියේ පළකරලා තිබෙන  බවත්. මේ කරුණු දැක්වීමෙන් පස්සේ ඒ ඡායාරූප/වීඩියෝ වෙබ් අඩවියෙන් ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න, ඒ වගේම එහෙම කළේ නැතිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බවත් පැහැදිලිවම සටහන් කරන්න. ලෝකයේ බොහෝ ප්‍රධාන පෙළේ වැඩිහිටි වෙබ් අඩවි, මේ වගේ ඊමේල්වලට කඩිනම් ප්‍රතිචාර දක්වනවා.

නීතියේ පිළිසරණ පතන්න

(http://www.lankadesha.com)

(http://www.lankadesha.com)

දැන් තියෙන්නේ ඔබට සිදුවෙච්ච හානිය ගොඩදාගන්න ක්‍රියාවලිය. ඒක සිදු කරන්න පුළුවන් වෙන්නේ නීතිමය ක්‍රියාමාර්ගයකින් විතරමයි. මූලිකම දේ විදියට ඔබට ළඟම ඇතී පොලිස් ස්ථානයට ගිහින් පැමිණිල්ලක් ගොනු කරන්න. දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා කාර්යංශයක් තිබෙනවා. බොහෝ වෙලාවට ඒ අංශයේ සේවය කරන්නේ කාන්තා පොලිස් නිලධාරීනියන්. ඔවුන් සාවධානව ඔබේ පැමිණිල්ල සටහන් කරගනීවි. ඒ වගේම ඔබ සතු සියළුම සාක්ෂිවල පිටපත් පොලීසියට ලබාදෙන්න අමතක කරන්න එපා. +94 112 854 931, +94 112 854 893 අංකවලින් හෝ 1929 යන හදිසි ඇමතුම් අංශයෙන් ඔබට මේ පිළිබඳව තොරතුරු දැනගත හැකියි.

ඊළඟ දේ නීතීඥ සහය ලබාගන්න එක. ඔබට වඩාත් විශ්වාසනීය සහ මේ ගැටළුව වඩාත් හොඳින්ම අවබෝධකරගන්නා නීතිඥවරයෙකුගේ සේවය ලබාගන්න හැකිතාක් උත්සාහ කරන්න. මේ සම්බන්ධ පැමිණිලිවලදී නීති සහයක් ලබාගත නොහැකියි කියා යම් නීතීඥයෙකු පවසනවානම්, මතක තියාගන්න ඔබ මුණගැසී සිටින්නේ වැඩේට ගැලපෙන නීතීඥයා නෙමේ.

එතකොට මගේ ඉල්ලීමට ඒ වෙබ් අඩවියෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැතිනම්?

(http://www.theepochtimes.com)

(http://www.theepochtimes.com)

ඔබේ නිරුවත් ඡායාරූප/වීඩියෝ පළකරපු වෙබ් ඇඩ්මින්වරයා ඒවා ඔහුගේ අඩවියෙන් අයින් කළේ නැතිනම් මොකද කරන්නේ? බයවෙන්න එපා. ඔබට පුළුවනි හානිය අවම කරගන්න කටයුතු කරන්න.

මූලිකවම ඔබට පුළුවනි ඒ අදාළ දේවල් එම වෙබ් අඩවියෙන් ඉවත් කරන්න විශේෂඥ සහය ලබාගන්න. ඒ වගේ විශේෂඥ සහය ලබාදෙන ආයතනයන් ලෝකේ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සේවාවන් සාපේක්ෂව මිල අධිකයි තමයි. නමුත් ඔබේ නම රුපියල් සත ඩොලර් වලින් මනින්න බැහැ නේද?

පළිගන්න එක උනත් හරි ක්‍රමේට කරන්න

(https://www.pinterest.com/explore/revenge/)

(https://www.pinterest.com/explore/revenge/)

ඔබ හිතනවානම් ඔබේ නිරුවත් ඡායාරූප/වීඩියෝ අන්තර්ජාලයට එකතු කරපු ඔබෙ හිටපු ප්‍රේමවන්තයාගෙන් පලිගන්න තියෙන හොඳම ක්‍රමය, ඔබ ගාව තියෙන ඔහුගේ නිරුවත් ඡායාරූපත් අන්තර්ජාලෙට එකතුකිරීමෙන් කියලා, ඔබ බොහොම වැරදි මතයක ඉන්නේ. ඔබව අපහසුතාවයට පත්කරපු අයගෙන් පළිගන්න තව නොයෙක් ක්‍රම තියෙනවා. හොඳම ක්‍රමේ තමයි නීති මාර්ගයෙන් කටයුතු කරලා හිරේ විලංගුවේ දාන එක. ඒ නිසා වැරැද්දට වැරැද්දක් කිරීමෙන්, එහෙම නැත්නම් වෙන අයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එකතු කරලා පලිගන්න සූදානම් වෙන්න එපා. ඔබට වුනු දෙය කුමක් උනත්, ඔබ කරන්නට යන දෙය නීති විරෝධී දෙයක් කියන එකත් අමතක කරන්න එපා.

ඕවා මතක තියෙන්නේ සති දෙකයි

(http://www.keepcalm-o-matic.co.uk)

(http://www.keepcalm-o-matic.co.uk)

ශ්‍රී ලංකාවේ අපි හරි ශෝක් ජාතියක්. අපි ගොඩාක් දෙනෙක්ට ගොඩක් දේවල් මතක තියෙන්නේ සති දෙකක් යනකම් විතරයි. ඉතින් ඔබේ සිද්ධියේදීත් ඒක වෙනස් වෙන්නේ නැහැ. බොහෝම ඉක්මනට සමාජයට ඔබව අමතක වෙනවා. ඔබ ඔබෙන්ම පළිගන්න මොකක් හෝ මෝඩ වැඩක් කරගත්තෝතින්, ඒකෙන් පාඩුවක් සිදුවෙන්නේ ඔබටත් ඔබේ ළඟම හිතවතුන්ටත් විතරයි. ඒ නිසා බොහෝම ඉවසීමෙන් කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න. අපේ මිනිස්සුන්ට කතා කර කර ඉන්න වෙනත් මාතෘකා ඕනේතරම් මැවෙනවා.

වැටුන ළිං කටෙන්ම ගොඩ එන්න

(http://www.huffingtonpost.com)

(http://www.huffingtonpost.com)

ඔබ ජීවිතේ ලබන්නට පුළුවන් නරකම අත්දැකීමට මුහුණ දුන්නා කියමු, හැබැයි ඒකෙන් ඔබ දුර්වල උනේ නැහැ. වඩාත්ම නරක කාලයකදී උනත් ශක්තිමත්ව ඒකට මුහුණදීලා ජීවිතේ ජයගන්නේ කොහොමද කියන දේ දැන් ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඒ අත්දැකීම් තුළින් ඔබට පුළුවනි අනිත් අයටත් උදව් කරන්න. ඔබට පුළුවනි තවත් ඔබ වගේම අපහසුතාවයට පත්වෙච්ච කෙනෙකුට උදව් කරන්නද් තුළ හෝ අන්තර්ජාලය තුළ හෝ හඬ නඟන්න. ඔබේ ජීවිත කතාව සහ අත්දැකීම් අනිත් අයට කියන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. හොඳට මතක තියාගන්න, එදා ඔබට වැරදුන වෙලාවේ ඔබට හිනා උන මිනිස්සු, අද ඔබේ දියුණුව දැකලා ඔබට ඊර්ශ්‍යා කරනවා අනිවාර්යයි.

කවරයේ  පින්තුරය: twitter.com/richgreenhouse

Related Articles