Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඩෙන් ගත්තු බඩු වෙබ් සයිට් එකෙන් ගන්න පුරුදු කළ amazon

අද වනවිට ලෝකය විශ්ව ගම්මානයක් වී තිබෙනවා.වෙනදා අප වෙළදපොල වෙතට ගොස් මිලදී ගත් බොහෝ දේ අද අපට නිවසේ සිට අප වෙතට ම ගෙන්වා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණය වූ වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් මේ වනවිට ලෝකයේ පැවතුණත් මේ අප ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නේ මිහිපිට ඇති විශාලතම භාණ්ඩ මිලදී ගැනීමේ වෙබ් අඩවිය වන amazon.com පිළිබඳවයි.

දිගම ගඟක නමට හැරවුණු ලොකුම සමාගම

amazon කියන්නේ මේ වෙබ් අඩවියේ ආරම්භක නාමය නෙමෙයි. 1994 වර්ෂයේ ආරම්භ වන ඇමසන් වෙබ් අඩවිය මුලින් හදුන්වා තිබෙන්නේ Cadabra නමිනුයි. Jeff Bezos විසින් ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය Cadabra නාමයෙන් amazon නාමයට මාරු වන්නේ 1995 වර්ෂයේදී. මුලින්ම මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ අන්තර්ජාලයේ පොත් විකුණුම් වෙබ් අඩවියක් ලෙසයි.

එසේ පටන් ගත් Cadabra වෙබ් අඩවිය amazon නාමයට පරිවර්තනය කරන්නේ ලෝකයේ විශාලම ගංගාවක් වන ඇමසන් ගංගාවේ නම පාදක කර ගනිමිනුයි. අද වනවිට එය ලෝකයේ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් ඉහළින්ම පිළිගත් වෙබ් අඩවියද වනවා.

අද වනවිට ඇමසන් වෙබ් අඩවිය හරහා අලෙවි නොවන භාණ්ඩයක් නොමැති තරමට ම මෙම වෙබ් අඩවිය විශාල වී පවතිනවා පමණක් නෙවෙයි, තමන් විසින්ම නිර්මාණය කරන ලද යම් යම් භාණ්ඩ පවා මේ හරහා ඔවුන් අලෙවි කරනවා.

අැමසන් ප්‍රධානී ජෙෆ් බේzසෝස් (pbs.twimg.com)

පාරිභෝගික හිත සුව සදන amazon

amazon යන නාමය ලොව පුරා ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ පාරිභෝගිකයන් වෙනුවෙන් මුල් තැන දීම බව ඔවුන් පවසනවා.අනාගත මිලදී ගැනීම් නිවැරදිව ඉලක්ක ගත කර භාණ්ඩ මිලදී ගැනීමේ රටාවන් නිවැරැදිව පුරෝකථනය කිරීමද මෙයට ඇතුළත්. මේ හරහා සියලු තරඟකරුවන් අභිබවා ඇමසන් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇමසන් වෙබ් අඩවි නිර්මාතෘවරයා විසින් නිර්මාණය කරන ලද මුලික ව්‍යාපාර සැලසුමද තරමක් වෙනස් එකක් වුවත් එය 21 වන සියවසේ ආරම්භයේ අනෙකුත් අන්තර්ජාල වෙළඳපොළවල් අභිබවා amazon පුරෝගාමිත්වයට ගෙන එ්මට මහත් රුකුලක් වී තිබෙනවා. 2016 ජුනි 30 න් අවසන් වූ දෙවැනි කාර්තුව සඳහා පමණක් ඩොලර් මිලියන 587 ක ලාභයක් මෙම සමාගම ලබා තිබෙන අතර ඔවුන් සතුව 2016 වර්ෂය අවසාන වනවිට සේවකයන් 341,000 පමණ සේවය කරමින් සිට තිබෙනවා.

amazon ලාංඡනය

amazon ලාංඡනය තුල ඇති A – Z දක්වා නිර්මිත ඊතල ලකුණ හරහා ඔවුන් තමන් සතුව ඕනෑම භාණ්ඩයක් තිබෙන බව පවසන අතර, එම ඊතලයේ අැති කුඩා නැම්ම මගින් සිනහ නගන මුවක හැඩයක් අැති කරමින් ඔවුන් තමන්ගේ පාරිභෝගික ප්‍රතිපත්තිය වන “පාරිභෝගිකයන් සතුටින් තැබීම” සංකේතවත් කරනවා. ඔවුන් තමන්ගේ තේමා පාඨය ලෙස යොදා ගෙන ඇත්තේ “Work hard, make history, have fun” (කැප වී වැඩ කරන්න, ඉතිහාසගත වන්න, විනෝදයක් ලබන්න) යන්නයි.

අැමසන් සමාගමේ ලාංඡනය (pmedia.corporate-ir.net)

online පොත් විකුණා තම අාදායම තර කරගත් අයුරු

2007 වර්ෂයේ amazon සමාගම ආරම්භ කරන ලද Kindle e book සේවාව සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ සේවාවක් ලෙස සැලකිය හැකියි. ලෝකය තුළ තවදුරටත් භෞතික කවර සහිත පොත්පත් ගෙනයාම වෙනුවට බොහෝ දෙනෙක්ට එය  පරිගණකගත කරගන්නට මේ සේවාව වඩාත් ඉවහල් වී තිබෙනවා. ඊට අමතරව මෙම ක්‍රමයේ ඇති භාවිතයේ පහසුව, විශාල පොත් සංඛ්‍යාවක් පහසුවෙන් රැගෙන යා හැකි වීම ආදී අමතර කරුණු නිසාත් මෙම ක්‍රමය තවත් ජනප්‍රිය වුවා පමණක් නොව එය amazon ආයතනයේ ලාභය වේගයෙන් ඉහළට ගෙන යාමටත් එය සමත් වුණා.

අැමසන් ආයතනයේ ප්‍රතිපත්ති

අැමසන් ආයතනයේ නිර්මාතෘවරයාගේ අදහස වුයේ තම ආයතනයේ අලෙවිකරණ ප්‍රතිපත්තිය අනෙක් ආයතනවලට වඩා වෙනස් එකක් කරලීමටයි. ඒ අනුව අලෙවිකරණය වෙනුවෙන් යොදන මුදල අඩුකර, ඒ වෙනුවට පාරිභෝගිකයා සතුටු කිරීම හරහා තම සන්නාමය ඉදිරියට ගෙන යාමට ඔවුන් කටයුතු කරනු ලැබුවා. මෙහිදී ඔවුන් අනුගමනය කළ ප්‍රධාන උපාය වූයේ වෙළඳ ප්‍රචාරණය වෙනුවෙන් වෙන් කරන ලද මුදල් ප්‍රමාණය අඩුකර, ඒ මගින් ප්‍රවාහන ගාස්තු රහිතව පොත් එවීමයි. මෙම සේවාව ලබා දීම තුලින් ඔවුන් ලබා ගත් ජනප්‍රියත්වය නිසා මොවුන්ගේ අලෙවිකරණ අරමුණද ඉබේම සාක්ෂාත් වී තිබුණා.

ඔවුන් තම ව්‍යාපාරයේ රහස ලෙස හෙළි කරන්නේ  පාර්හොගිකයන් හා වූ මෙම බැඳීමයි. තවද සරල බව හා පාරිභෝගික සිත් ඇදගැනීම හරහා ද amazon තම ඉලක්ක වෙත ලඟා වී තිබෙනවා.

අලුත් ලෝකයට හැඩ ගැසීම

මේ වන විට අැමසන් ආයතනය ක්ලවුඩ් දත්ත ගබඩා සේවා, පරිගණක සේවා, මාසික මිලකට චිත්‍රපට හා ගීත භාවිතයේ පහසුකම් වැනි දේ අලෙවියට ද යොමු වී සිටිනවා. අැමසන් වෙබ් අඩවිය ඉන්දියාව තුළ පසුගිය වර්ෂය අවසානය වනවිට ඩොලර් බිලියන 3ක ආයෝජනයක් කර තිබෙනවා. ඔවුන් මෙම කලාපයේ කළ මුළු ආයෝජනය ඩොලර් බිලියන 5කට අාසන්නයි.

ඩොලර් බිලියන 3ක්ම ඉන්දියාව කේන්ද්‍ර ගත කර අායෝජනය කිරීමත්, ඉන්දියාව වෙනුවෙන් විශේෂ පැකේජයක් හඳුන්වා දීමත් හරහා මොවුන් ඉන්දියානු වෙළඳපොළ වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව සිතිය හැකියි. තවද ඉන්දියාව තුළ විශේෂ චිත්‍රපටි නැරඹීමේ පැකේජයන් හඳුන්වා දීමටද මොවුන් සුදානමින් සිටිනවා.

amazon prime air යානාවක් (i.ytimg.com)

මෙතෙක් ලෝකය තුළ පෙරළිකාර විකුණුම් සමාගමක් බවට පත්වූ අැමසන් සමාගම ඉදිරියටත් නව්‍ය වූ දේ රැසක් සමගින් වෙළඳපොළ තුළ විශාල පරිවර්තනයක් සිදු කරනු නොඅනුමානයි.

කවරයේ රූපය : අැමසන් හි ගබඩාවක්  Business Insider

මූලාශ්‍ර :

  1. www.amazon.com
  2. successstory.com
  3. www.quora.com
  4. fortune.com
  5. geekwire.com

Related Articles