Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TFO වෙතින් ලෝක ළමා දිනයේදී පොඩිත්තන්ට ලොකු තෑග්ගක්

අපි කාට වුණත් මොනවා හරි දෙයක් ගන්න අපි ආසම තැන් තියෙනවා. ඇඳුමක් පැළඳුමක් ගන්න ගියත්, එදිනෙදා පාවිච්චියට ගන්න වෙන මොනවා හරි ගන්න ගියත් අපිට එක සැරේ මතක් වෙන්නේ අපි ගිහින් පුරුදු තැන් තමයි. එක අතකින් නිතරම එකම තැනකින් අපිට අවශ්‍ය දේවල් ගන්නකොට අපිට එතන හොඳින්ම පුරුදු වෙනවා. අපිට අවශ්‍ය දේවල් ඉක්මණින්ම තෝරා ගන්න එතකොට වඩාත් පහසුයි.

අපිට ඔවුන් වටින තරමට ඔවුන්ටත් පාරිභෝගිකයන් වන අපිව වටිනවා කියලා තේරුම් ගන්න බොහෝ තැන් නිතරම භාණ්ඩ මිලට ගන්න එන අය වෙනුවෙන් සාමාජික කාඩ්පත් නිකුත් කරනවා. එක අතකින් මේ විදිහේ සාමාජික කාඩ්පතක් තියෙන නිසා අපිට එතනට ගියාම ටිකක් හරි විශේෂ සැලකිල්ලක් ලැබෙනවා; අනිත් අතින් අපිට අපේ සාමාජික කාඩ්පත් වෙනුවෙන් හිමි වන වරප්‍රසාද ලබා ගන්නත්, වැඩිපුර ෂොපින් කරන්න කරන්න වැඩිපුර පොයින්ට් එකතු කර ගන්නත් අවස්ථාව ලැබෙනවා.

ළමයින්ට ඇඳුම් පැළඳුම්, විවිධ ආයිත්තම් සහ සෙල්ලම් බඩු යනාදී ඕනෑ දෙයක් මෙම සාප්පුවෙන් ලබාගතහැක.

ළමයින්ට ඇඳුම් පැළඳුම්, විවිධ ආයිත්තම් සහ සෙල්ලම් බඩු යනාදී ඕනෑ දෙයක් මෙම සාප්පුවෙන් ලබාගතහැක.

අපිට නිතරම ලැබෙන මේ වරප්‍රසාද නිසා අපි එතැනටම යන්න තියෙන කැමැත්ත වුණත් තවත් වැඩි වෙනවා. මොකද වැඩිහිටි අපි කවදත් කැමති අපි මිලදී ගන්නා දේවල් වෙනුවෙන් අපිටත් අමතර යමක් ලැබෙන එකටනේ. ටිකක් මිලෙන් වැඩි මොනවා ගන්න ගියත් ඒත් එක්කම අමතරව මොනවා හරි නොමිලේ ලැබේවි කියලා බලාපොරොත්තු වෙන තරමටම අද වෙනකොට මේක ව්‍යාප්ත වෙලා තියෙනවා.

ඉතින් නිතරම තමන්ගෙන් භාණ්ඩ මිලට ගන්න අයට අතිරේක වාසි දෙන එක අද ට්‍රෙන්ඩ් එකක් වෙලා. නමුත් අපි මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහට හිතලා කවුරුත් ඒ තරම් නොහිතන, ඒත් බොහොම වැදගත් පාරිභෝගික පිරිසකටත් විශේෂ වරප්‍රසාද පිරිනමන අලුත් ප්‍රමෝෂන් එකක් ගැනයි. කවදත් තමන්ගේ පාරිභෝගිකයන්ට ඉහළම වට්ටම් පිරිනමන TFO එක, නැතිනම් The Factory Outlet එකෙන් තමයි මේ අලුත් වැඩේ පටන් අරන් තියෙන්නේ.

TFO එක ලංකාවේ පැතිරිලා තියෙන අනිත් ෆැෂන් චේන් එක්ක බැලුවාම නම් ඒ තරම් පරණ ආයතනයක් නෙවෙයි. නමුත් බොහෝ තැන් වල කිසිම තේරුමක් නැතිව ලොකු මිල ගණන් අය කරන ඇඳුම් පැළඳුම් හරිම සාධාරණ මිල ගණන් වලට ලබා දුන්නු නිසා TFO එක ඉක්මණින්ම සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වුණා. ගොඩක් දෙනෙක්ට “සාධාරණ මිල” කිව්වාම මතකයට එන්නේ එක ගොඩේ ඇඳුම් තියෙන පොඩි කඩයක්නේ. නමුත් හොඳට ඉඩ පහසුකම් තියෙන, නිදහසේ ෂොපින් කරන්න පුළුවන් තැනකිනුත් සාධාරණ මිලට ඇඳුම් ගන්න පුළුවන් බව TFO එක තමයි පෙන්වලා දුන්නේ. මුලින්ම තනි ෂෝ රූම් එකකින් ආරම්භ කරත් ඉතාම ඉක්මණින් තැන් කිහිපයකටම පැතිරිලා ලොකු ෆැෂන් චේන් එකක් බවට පත් වෙන්න ඔවුන්ට පුළුවන් වුණේ ඒ නිසාමයි.

අපි මීට කලින් ලිපියකිනුත් TFO සාමාජික කාඩ් එකේ තියෙන විශේෂත්වය සඳහන් කළා. වෙනත් තැන් බොහොමයක මාස කිහිපයකින්, අවුරුද්දකින් වගේ එකතු වෙන පොයින්ට්ස් කල් පිරිලා අහෝසි වුණත් TFO කාඩ් එකට එකතු වෙන පොයින්ට් ජීවිත කාලයටම වලංගුයි. ඒ වගේම ඔවුන් තමන්ගේ සාමාජික කාඩ්පත හිමි අයට ලබා දෙන විශේෂ වට්ටම් වගේම කාලෙන් කාලෙට ලබා දෙන වරප්‍රසාද ප්‍රමාණය නිසාත් TFO ක්ලබ් කාඩ් එක කවුරු අතරත් ජනප්‍රිය වුණා.

TFO එක තමන්ගේ පාරිභෝගිකයන්ට ලබා දෙන වරප්‍රසාද තවත් වටයකින් වැඩිදියුණු කරන්න අදහස් කරගෙන ඉන්න බව Roar අපිට දැනගන්න ලැබුණා. ළඟම එන ලෝක ළමා දිනය වෙනුවෙන් තමන්ගේ “ලාබාල පාරිභෝගිකයන්” පිරිසට සුවිශේෂී වාසියක් අත් කර දෙන්න ඔවුන් අදහස් කරගෙන ඉන්නවා.

කවුද මේ ලාබාල පාරිභෝගිකයන්? ඔවුන් තමයි පොඩිත්තෝ. TFO එක ඕනෑම කෙනෙක්ට ගිහින් ආසම හිතෙන ඇඳුමක් හරිම සාධාරණ මිලකට ගන්න පුළුවන් තැනක් බව අපි මීට කලිනුත් කියලා තියෙනවානේ. ඒ නිසාම TFO එක පොඩිත්තන් අතර වුණත් හරිම ජනප්‍රියයි. මේ නිසා ඔවුන්ගේ කැමැත්තට විශේෂ පිළිගැනීමක් ලබා දෙන්න TFO Kids සාමාජික කාඩ්පත හඳුන්වා දීලා තියෙනවා. මේ කාඩ්පත හිමි වෙන්නේ අවුරුදු 16ට අඩු පොඩිත්තන්ටම විතරයි. පොඩ්ඩන් ආසම කරන රතු සහ කහ පාට වලින් යුක්ත මේ කාඩ් එක ඕනෑම TFO ප්‍රදර්ශනාගාරයකින් ලබා ගන්න ඔබේ පොඩිත්තන්ටත් පුළුවන්.

TFO Kids කාඩ් එක ගන්න පුළුවන් පොඩිත්තන්ට විතරක් වුණත් ඔවුන්ට ලැබෙන වාසි වල නම් කිසිම අඩුවක් නැහැ. ඇත්තටම කිව්වොත් ඔවුන්ගේම ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩිහිටි අයටත් නැති සුවිශේෂී අවස්ථාවක් තමයි පොඩිත්තන්ට ලැබිලා තියෙන්නේ. ඕනෑම TFO ප්‍රදර්ශනාගාරයකින් ලබා ගන්න භාණ්ඩ වල බිල්පත් වටිනාකම වෙනුවෙන් හැම රුපියල් 100කටම පොයින්ට් දෙක බැගින් TFO Kids කාඩ් එකට හිමි වෙනවා. ලොකු අයගේ කාඩ් එකේ විදිහටම TFO Kids කාඩ් එකට ලැබෙන පොයින්ට් හැමදාටම වලංගුයි. ඒ නිසා බය නැතිව කැමති වෙලාවක ෂොපින් කරද්දී තමන්ගේ පොයින්ට් භාවිතයට ගන්න පුළුවන්.

තමන්ගේ කාඩ් එකට එකතු වෙන පොයින්ට් වලින් කැමති වෙලාවක තමන් කැමති ඕනෑම දෙයක් මිලට ගන්න TFO Kids කාඩ් එකක් තියෙන පොඩිත්තන්ට පුළුවන්. ඒ වගේම TFO වෙතින් ඔවුන් වෙනුවෙන්ම ලබා දෙන සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද හැම එකක්ම අත්විඳින්නත් අවස්ථාව හිමි වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ උපන් දිනය දවසේ ෂොපින් කරන පොඩිත්තන් වෙනුවෙනුත් පුදුම හිතෙන වට්ටම් ලබා ගන්න පුළුවන්. TFO එකෙන් විතරක් නෙවෙයි, මේ වට්ටම් තවත් තෝරා ගත් වෙළඳසල් ගණනාවකින්මත් හිමි වෙනවා. ඒ වගේම නිතරම TFO Kids කාඩ් එක පාවිච්චි කරලා ෂොපින් කරනවා නම් නොමිලේම තෑගි බෝග හිමි වෙන එක තවත් වාසියක්. ඉතින් TFO Kids කාඩ් එක නිතරම පාවිච්චි කරන තරමට පොඩිත්තන්ට නොමිලේ ලැබෙන තෑගි බෝගත් වැඩියි.

Kids Club සමාරම්භක උත්සවයේදී.

Kids Club සමාරම්භක උත්සවයේදී.

වයස 16 වෙන්න ඔන්න මෙන්න තිබුණා වුණත් බය වෙන්න දෙයක් නැහැ. ඔබේ පොඩිත්තන්ටත් TFO Kids කාඩ් එකක් තියෙනවා නම් ඔවුන්ට අවුරුදු 16 පිරුණාට පස්සේ ඔවුන්ගේ කාඩ් එක වැඩිහිටියන්ට පිදෙන TFO සාමාජික කාඩ්පතකට මාරු කෙරෙනවා. පොඩිත්තන්ට තිබුණු පොයින්ට් සේරම ඔවුන්ට මේ කාඩ්පතට ලැබෙන නිසා ඔවුන්ට ලැබෙන වරප්‍රසාද වල කිසිම අඩුවක් නැහැ. පොඩිත්තන් වැඩිහිටියන් වුණත් TFO එක කවදත් ඔවුන් තමන්ගේ සුවිශේෂීම පාරිභෝගිකයන් බව අමතක කරන්නේ නැහැ.

TFO වෙතින් පොඩිත්තන්ට පිදෙන මේ අලුත්ම වාසියත් එක්ක ඔවුන් බොහොම උනන්දුවෙන් ලෝක ළමා දිනයේ ඔබට සුවිශේෂී අත්දැකීමක් ගෙන එන්න දැන් ඉඳන්ම සූදානමින් ඉන්නේ. ලස්සනට සරසලා තියෙන එකෙන් නවතින්නේ නැතිව මේ විදිහේ සුවිශේෂී වරප්‍රසාද පොඩිත්තන් වෙනුවෙ`න් පිරිනමන එක ගැන පොඩිත්තන් වගේම ඔවුන්ගේ දෙමව්පියන් පවා ගොඩක් සතුටු වේවි. මේ ලිපිය කියවන Roar පාඨක ඔබටත් පොඩිත්තන් ඉන්නවා නම් මේ ලෝක ළමා දිනයේ TFO ප්‍රදර්ශනාගාරයකට ඔවුන් එක්කගෙන යන්නත් අමතක කරන්න එපා.

Related Articles