Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ පාරවල්වල ස්කූටර් එකක් පදින එකේ තියෙන වාසි

ස්කූටර්. අපේ රටේ තියෙන වාහන ගැන හිතුවොත් අඩුම මිලකට ගන්න පුළුවන්, ප්‍රායෝගිකව බැලුවාම වැඩිම ප්‍රයෝජනයක් තියෙන වාහන වලින් එකක්. කාලයක් තිස්සේ වැඩි ජනප්‍රියත්වයක් නැතිව තිබුණු ස්කූටර් දැන් විවිධ හේතු නිසා ලංකාවේ වැඩිම අලෙවියක් ඇති වාහන කාණ්ඩයක් බවට පත්වෙලා. මේකට ප්‍රධාන හේතුවක් තමයි ස්කූටර් එක්ක බැඳිලා තියෙන දුර්මත වැඩි හරියක් බොරු කරන්න සමත් හීරෝ ඩෑෂ් එක ශ්‍රී ලංකාවට ආපු එක. අබාන්ස් සමාගම ගෙන්වා බෙදා හරින හීරෝ ඩෑෂ් ස්කූටර් එක අද කාලෙට වඩාත්ම ගැළපෙන වාහනය කියන එක මේ කිපිය කියෙව්වාම ඔබටත් තහවුරු වේවි.

ආදායම සහ රෝද ගණනේ සූත්‍රය

Hero Dash

Hero Dash

ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ ගෙදරක තියෙන රෝද ගණන ආදායමට සමානුපාතිකයි කියලා මතයක් තියෙනවා. සාමාන්‍යයෙන් අඩු ආදායම් ලාභී පවුලක වාහනයක් නැති වෙන්න පුළුවන්. ටිකින් ටික ආදායම් වැඩි වීම අනුව පුෂ් බයිසිකලයක්, මෝටර් සයිකලයක්, ත්‍රී වීල් එකක්, කාර් එකක්, වෑන් එකක් වගේ ගෙදර තියෙන රෝද ගණන වැඩි වෙනවා. ආදායම ඉහළ යනකොට තියෙන වාහන ගණනත් වැඩි වෙන නිසා මේ තත්වය බොහෝ දුරට හරි. (කාර් එකකට අමතරව දැන් ගොඩක් ගෙවල් වල බයික් එකක් එහෙම තියෙනවනේ. තව ඉහළට යනකොට කාර් දෙක තුන තියෙන අවස්ථාත් හමු වෙනවා.)

නමුත් අද කාලේ විශේෂයෙන්ම නගරබද ප්‍රදේශ වලට රැකියාවට එන පිරිසට පාරේ තියෙන තදබදයත් එක්ක ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙලා. ලොකු කාර් එකක් ට්‍රැෆික් අස්සේ ආම්බාන් කරන එකේ අමාරුව දන්න අය බයික් එකක් හරි, පොඩි කාර් එකක් හරි ගන්න බලනවා. ඒ වගේ අය අතර තමයි බොහෝ විට ස්කූටර් ජනප්‍රිය. හදිසියකට තැනකින් තැනකට ගිහින් එන්න තියෙන පහසුව, වැඩි බඩු ප්‍රමාණයක් අරගෙන එන්න පුළුවන්කම වගේම පවුලේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් පාවිච්චි කරන්න ලේසි වීම නිසා ස්කූටර් එකක් අද කාලේ කාටත් නැතිවම බැරි වාහනයක් බවට පත් වෙලා. විශේෂයෙන්ම හීරෝ ඩෑෂ් එක වගේ නවීන ස්කූටර් එකක තියෙන විශේෂාංග බලද්දී මේ තර්කය තවත් තහවුරු වෙනවා.

ස්කූටර් එකක්ද බයික් එකක්ද, පිළිතුර සරලයි

කාට වුණත් ෆන් එකේ පදින්න නම් බයික් එකක් තමයි ගන්න ඕනේ, ඒ කතාවේ ආයේ දෙකක් නැහැ. මොකද පාරේ තොටේ සද්දේ දාගෙන වේගෙන් පදින්න ස්කූටර් එකක් අරගෙන වැඩක් නැහැ. නමුත් අපේ රටේ වැඩි දෙනෙක්ට ෆන් එකට වඩා ප්‍රායෝගිකව වැදගත් වෙන විශේෂාංග බොහොමයක් ස්කූටර් වල අඩංගුයි.

ගියර්, ක්ලච්, තෙල් සහ පිකප්

ෆන් එකට බයික් එකක් පදිනවා නම් ගියර් දාන එක බොහොම වැදගත් කාරණාවක්. ඒත් අපේ ට්‍රැෆික් පිරුණු පාරවල් වල යද්දී හැම වෙලාවේම ගියර් මාරු කර කර ඉන්නවාට වැඩිය ඇත්තටම ස්වයංක්‍රීය ගියර් බොක්ස් එකක් තියෙන හීරෝ ඩෑෂ් වගේ ස්කූටරයක් භාවිතය හරිම පහසුයි. එන්ජින් එක ස්ටාර්ට් කරලා වේගය වැඩි කරන්න ඕනේ නම් ඇක්සලරේටරය කරකවන එකයි, වේගය අඩු කරන්න ඕනේ නම් බ්රේක් අල්ලන එකයි විතරනේ කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම කාන්තාවන්ට සහ වැඩිහිටි අයට මේක ලොකු පහසුවක්. ඒ නිසා වැඩි පිරිසක් ඉන්න ගෙවල් වල කාටත් පාවිච්චි කරන්න හොඳම වාහනය තමයි ස්කූටරය.

අනිත් හැම ඔටෝගියර් වාහනයක වගේම ස්කූටර් වලත් ලොකුම ප්‍රශ්නය වෙලා තිබුණේ තෙල් වැඩිපුර පිච්චෙන එක. නමුත් හීරෝ ඩෑෂ් ස්කූටර් එක සතු නව තාක්ෂණය නිසා පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 50ක විතර දුරක් ධාවනය කරන්න පුළුවන්. ලීටර් 5.5ක තෙල් ටැංකිය නිසා එක සැරයක් ෆුල් ටෑන්ක් ගැහුවාම සතියකට දෙකකට ඇති. අලුතෙන්ම ඩිසයින් කරපු 110 CC එන්ජිමේ හොඳ පිකප් එකකුත් තියෙනවා. ඉතින් දැන් ස්කූටරයක් ගන්න තිබුණු ලොකුම බාධා සේරම වගේ ඉවත් වෙලා ගිහින්.

කාන්තාවන්ට හරිම පහසුයි

මේක බොහෝ දුරට බලපාන්නේ රැකියා කරන කාන්තාවන්ට සහ පුංචි දරුවන් ඉන්න අයට. සාරියක් ඔසරියක් ඇඳලා තනියෙන් රැකියාවකට යන කාන්තාවන්ට වැදගත් විදිහට යන්න හීරෝ ඩෑෂ් එක වඩාත් ගැලපෙනවා. උදේට ලස්සනට ඇඳ ගත්තු ඇඳුම පොඩි කර ගන්නේ නැතිව පුටුවක වාඩි වෙන විදිහටම ස්කූටර් එකක් ධාවනය කරන්න පුළුවන්නේ. බයික් එකක තනියෙන් සාරියක් ඇඳගෙන යන්න බැරි කමක් නම් නැහැ, ඒත් ඒක කවුරුත්ම නොකරන තරම්.

කවුරුත් කියන්න ලැජ්ජා වුණාට රැකියා කරන කාන්තාවන්ට තියෙන අනිත් ප්‍රශ්නය තමයි අපේ පොදු ප්‍රවාහන සේවය. ටිකක් හැඩට ඇඳලා බස් එකේ කෝච්චියේ ගියොත් එන්න වෙන්නේ මනමාල අංකල්ලා කිහිප දෙනෙක්වම ඇඟේ අතුල්ලාගෙන. හැමදාම යන එනකොට මේ කරදරේ තවත් වැඩියි. ඉතින් කොහෙවත් යන අයට අතිල්ලෙන්න දෙන එක පැත්තක තියලා රස්සාවට ගිහින් එන්න ඕනේ නම් තමන්ටම කියලා ස්කූටර් එකක් ගන්න එක බොහොම වටිනවා. තැනකට යන්න බස් හතර පහක යනවා වෙනුවට තමන්ට ඕනේ තැනකට යන්න ස්කූටරේ තියෙන එකත් හරිම පහසුවක්.

පොඩි දරුවන් ඉන්නවා නම් ඉස්කෝලෙට ගෙනියන්න, කඩේට ගිහින් එන්න, පොඩි ගමනක් යන්න එහෙමත් ස්කූටරය ගොඩක් ලේසියි. දරුවන්ට ස්කූටර් එකේ හිටගෙනම යන්න පුළුවන් නිසා මේ ඕනෑම වෙලාවක කරදරයක් නැතිව, ආරක්ෂිතව ගිහින් එන්න පුළුවන්. ඉතින් මහත්තයාට හැමදේටම කරදර නොකර පවුලේ වැඩකටයුතු වලට උදව් වෙන්නත් ස්කූටරයක් තියෙන එක ගොඩක් ප්‍රයෝජනවත්.

ස්කූටරයක් නම් හීරෝ ඩෑෂ් තමයි

(heromotocorp.com)

(heromotocorp.com)

ඉතින් හීරෝ ඩෑෂ් එකක්ම ගන්නේ ඇයි? ඒකට වැදගත් හේතු ගණනාවක් තියෙනවා. අලංකාර පෙනුම, විශ්වාසවන්ත බව වගේම අපි කලිනුත් කිව්වා වගේ ඉන්ධන පිරිමැස්ම එහෙමත් මේ අතරින් ප්‍රධානම කාරණා. නමුත් ඩෑෂ් එකේ ඔබේ කටයුතු පහසු කරවන තවත් විශේෂාංග විශාල ගණනක් අඩංගුයි.

පළවෙනිම දේ තමයි සොර සතුරන්ගෙන් බේරෙන්න පුළුවන්කම. හීරෝ ඩෑෂ් එකේ තියෙන ඉමොබ්ලයිසර් සිස්ටම් එක නිසා බය නැතිව ඕනෑම තැනක ස්කූටර් එක නවත්වලා ගිහින් එන්න පුළුවන්. පැය ගාණක් පාක් කරලා තියලා ගියත් ගිහින් එනකොට ස්කූටරේ තිබ්බ තැනම තියේවි.

ඒ වගේම හීරෝ ඩෑෂ් එකේ තියෙන ආරක්ෂාවෙන් ඉහළ බ්රේක් පද්ධතිය, ටෙලස්කොපික් සස්පෙන්ෂන් පද්ධතිය සහ ටියුබ් රහිත ටයර් නිසා පදින කිසිම අවස්ථාවක කොන්ට්‍රෝල් නැති වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. රෝද දෙකේම සස්පෙන්ෂන් වල තියෙන හයිඩ්‍රොලික් ඩෑම්පර්ස් සහ සුවපහසු ආසනය නිසා හීරෝ ඩෑෂ් එක රළු පාරක වුණත් ඇඟට අමාරුවක් නැතිව ධාවනය කරන්න හැකියාව තියෙනවා.

ස්කූටර් අතරින් වැඩිම ඉඩකඩක් තියෙන නිසා හීරෝ ඩෑෂ් එකේ බූට් එක ඇතුළේ බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙන යන්න පුළුවන්. බූට් එකේ තියෙන බඩු මුට්ටු හැම දෙයක්ම වැස්සෙන් වගේම සොර සතුරන්ගෙනුත් ආරක්ෂිතයි. ෂොපින් ගියත්, රස්සාවට ගියත් ඔබට අවශ්‍ය හැමදේම වගේ පහසුවෙන්ම අරගෙන යන්න ඉඩ ලැබෙන නිසා කාර් එකක් නොතිබුණා කියලා අඩුවක් දැනෙන්නේ නැහැ. බූට් එකේ දීප්තිමත් ලයිට් එකකුත් තියෙන නිසා රෑට කරුවලේ වුණත් ඇතුලේ තියෙන බඩු මුට්ටු හොයා ගන්න හරිම ලේසියි. බයික් එකක් වගේ අවශ්‍ය හැමදේම කරේ එල්ලාගෙන යන්න වෙන්නේත් නැහැනේ.

අද කාලේට වැඩියෙන්ම ගැලපෙන දේ තමයි ෆෝන් එකක් ටැබ් එකක් චාජ් කරගන්න හීරෝ ඩෑෂ් එකේ තියෙන පවර් සොකට් එක. ෆෝන් එක බහියි කියලා පවර් බෑන්ක් අරගෙන යනවාට වඩා මේක හරිම පහසුයි. බූට් එක ඇතුලේම මේ සොකට් එක තියෙන නිසා බොහොම ආරක්ෂිතව ෆෝන් එක චාජ් කරගන්න පුළුවන්. වැස්සක් ආවත් බය වෙන්න දෙයක් නැහැ. හදිසියේ ගමනක් යන්න වුණත් ෆෝන් එක බැහැලා කියලා බය වෙන්න ඕනේ නෑ.

බොහොම උසස් තාක්ෂණයක් යටතේ නිෂ්පාදනය වන හීරෝ ඩෑෂ් එක අලංකාර වර්ණ රටා ගණනකින් සමන්විතයි. ශ්‍රී ලංකාව පුරාම පැතිරිලා ඉන්න අලෙවි නියෝජිතයන්ගේ විශ්වාසනීය, සුහද සේවාව සහ අවුරුදු 5ක අසමසම වගකීමත් ඔබට හිමි වෙනවා. කාටත් ගැලපෙන පහසු ගෙවීමේ ක්‍රම නිසා කිසි කරදරයක් නැතිව ඉතා ඉක්මණින් හීරෝ ඩෑෂ් එකක් ඔබේම කර ගන්න පුළුවන් වේවි.

ඉතින් අද කාලේ අවශ්‍යතාවන්ට වගේම ආර්ථිකයටත් ගැලපෙන, ගන්න මුදලට ලොකු වටිනාකමක් ලැබෙන, හිතේ කරදරයක් නැතිව, ලෙඩ නැතිව දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, හැම අතින්ම පහසු, ප්‍රයෝජනවත් වාහනයක් නම් ඉතින් හීරෝ ඩෑෂ් එක තමයි ඔබේ නිසැක තේරීම වෙන්නේ.

Related Articles