Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

CDBsmbFriday 2018

Brought To You By

ව්‍යාපාරයක් පටන් ගත්තාම ඒකට නමක් හදාගන්න එක අත්‍යාවශ්‍යම දෙයක්. එය සමාජයේ කටට හුරුවෙන තරමට, නිෂ්පාදනය මතක් වුණු ගමන් අදාල නිෂ්පාදන ආයතනයේ නම මතක් වෙන මට්ටමට ආ පසුයි, ව්‍යාපාරය සාර්ථක සහ ප්‍රසිද්ධ එකක් බවට පත් වෙන්නේ. අදටත් සබන්, ටූත්පේස්ට්, කිරිපිටි වගේ දේවල් අපි කඩේකින් ගනිද්දී නිෂ්පාදනයක නමක් කියැවෙන්නේ ඉබේටම යි. නමුත් පොඩියට පටන් ගත්ත ව්‍යාපාරයකට එය පහසුවෙන් කරගන්නට බැහැ. ඊට විශාල පරිශ්‍රමයක් සහ පිරිවැයක් යොදන්නට වෙනවා. මෙන්න මේ පැණය විසඳා දෙන්න අපි හොඳින් හඳුනන CDB මූල්‍ය ආයතනය ඉදිරිපත්ව සිටිනවා.

ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගණයට අයත් වන්නේ ප්‍රධාන කාර්යයන් සඳහා සේවයේ නියුතු සංඛ්‍යාව 99ට වඩා අඩු අගයක් සිටින අායතන යි. එම ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වක් දරන අතර ව්‍යාපාර සංඛ්‍යාවෙන් සියයට 80ක්ම පමණ මේ ගණයට අයත් වෙනවා. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාව මිලියනය ඉක්මවන්නේ දල දේශීය නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ද ලබා දෙමින්. 2017දී ලංකාවේ සමස්ත රැකියා වෙළඳපොළෙහි 45%කට ද මෙම ව්‍යාපාර හිමිකම් කියනවා.

ඉතින් ඒ දේවල් හඳුනාගෙන නව ව්‍යාපාරයන්ගේ නැවුම් දැක්ම සහ ඒවා නොනැසී පවත්වාගැනීමේ අත්‍යාවශ්‍යතාව අවබෝධකරගත් Citizens Development Business Finance PLC (CDB) මූල්‍ය ආයතනය, “SMB Friday” නමින් අලුත්ම ආකාරයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල් මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන වැඩසටහනක් ගෙන එනවා. මෙය හරහා ප්‍රධාන වශයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ප්‍රසිද්ධිය නංවාලමින් සමාජගත කරවීම හරහා ඒවායේ ඉදිරි දියුණුව වෙනුවෙන් නවමු මංපෙත් හෙළිකිරීමට බලාපොරොත්තු වෙනවා.

CDBsmbFriday වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. ප්‍රථමයෙන් CDB ආයතනය ඔවුන්ගේ Facebook හරහා ලබාගන්නා යෝජනා වලින් නවමු ආකාරයේ නිෂ්පාදන හා සේවාවන් ලබාදෙන ව්‍යාපාර හඳුනාගෙන ඒවාට සෑම සිකුරාදාවකම ඩිජිටල් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ගෙන දෙන්නට කටයුතු කරනවා. මෙය එම ව්‍යාපාර හිමිකරුවන්ට CDB මූල්‍ය ආයතනය ලබාදෙන විශේෂ අවස්ථාවක් වන අතර එහි දී ඔවුන් පිළිබඳ හඳුන්වාදීම් මූලික වශයෙන් Facebook හරහා සිදු වෙනවා. මෙලෙස තෝරාගැනීමෙන් අනතුරුව වෙබ් අඩවියක් හරහා මාර්ගගත ඡන්දයක් පවත්වා, ඉන් හොඳම ව්‍යාපාරය තෝරාගෙන ඊට වැඩි ප්‍රසිද්ධියක් ලබාදෙන්නටයි CDB මූල්‍ය ආයතනය බලාපොරොත්තු වන්නේ. මෙය හරහා ඉතාම පහසුවෙන් කුඩා ව්‍යාපාර හිමියන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් ලබා ගැනිමට හැකි වෙනවා. එවිට වෙළඳ දැන්වීම් සඳහා වැය කළ යුතු විශාල මුදලක් ඔවුන් වෙත ඉතිරි වෙනවා. මේ සඳහා CDB මූල්‍යායතනය කිසිදු ඍජු ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් තොරවයි මේ සත්කාර්යය සිදු කරන්නේ.

මේ වන විටත් ආහාර නිෂ්පාදන කරන Snow Monkey, Randiya Fresh Fruit, The Nutri Food Company, Tosakanth’s Roast Paan and The Sugar Shack, පොත් ප්‍රකාශන සම්බන්ධ Sarath Books, චිත්‍රපට සහ කලාව සම්බන්ධ Red Dot Geek, Colombo Street Art මෙන්ම, ක්‍රීඩා සම්බන්ධ CR7 Futsal යන ව්‍යාපාරයන් 8 මෙම අවස්ථාවට හිමිකම් කියන අතර CDB මූල්‍ය ආයතනය තවත් ඒ ආකාරයේ හොඳ ව්‍යාපාර සොයා ගන්නට අපේක්ෂා කරනවා. මෙම යෝජනා කිරීම් සඳහා ඔබටත් දායක විය හැකියි. ඒ සඳහා කළ යුත්තේ CDB ෆේස්බුක් පිටුවේ ඇති වීඩියෝ වල ඔබට දන්නා ව්‍යාපාරය ගැන සඳහන් කර #CDBsmbFriday හෑෂ්ටැග් එක යොදා කමෙන්ට් කිරීම හෝ, පුද්ගලික පණිවිඩයක් යැවීම යි. එසේත් නැත්නම් CDB නිල වෙබ් අඩවියේ ඇති CDBsmbFriday පිටුවේ පහතින්ම තිබෙන ෆෝර්ම් එක පිරවීමෙන් ද ව්‍යාපාරයක් ඇතුලත් කිරීමට හෝ යෝජනා කිරීමට හැකියි.

CDBහි නිල ෆේස්බුක් පිටුවේ මෙන්ම YouTube හා Instagram ගිණුම්වල ද දැනට තෝරාගත් ව්‍යාපාරවලට අදාල වීඩියෝ අඩංගු කර තිබෙනවා. ඉතින් ඔබටත් ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමට කරන මහඟු උපකාරයක් ලෙස මේ වීඩියෝ නරඹමින්, Like කරමින්, යහළුවන් සමඟ Share කරගනිමින්, සහ නව ව්‍යාපාර යෝජනා කරමින් දායක වන්නට පුළුවන්.

Related Articles