Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටේ අනාගත නායකයන්ට සදාචාර සම්පන්න ආර්ථික ප්‍රතිපත්ති

ඔබ වෙත ගෙන එන්නේ

වරලත් මූල්‍ය විශ්ලේෂකවරුන්, එහෙමත් නැතිනම් “Chartered Finance Analyst”, කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ සංවර්ධිත රටවල් බොහොමයක පිළිගැනීමට ලක් වුණු අන්තර්ජාතික ආයතනයක්. කෙටියෙන් CFA කියා හඳුන්වන මේ ආයතනයේ වැඩකටයුතු ගැන තවමත් ශ්‍රී ලංකාවේ නම් බොහෝ දෙනෙකුට හොඳ දැනුමක් නැහැ.

CFA ශ්‍රී ලංකා ශාඛාවේ අලෙවිකරණ සහ සන්නාම අංශයේ ප්‍රධානී රාහුල් හුන්ඩ්ලානිට අනුව මේකට බලපාන හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්.

“අන්තර්ජාතික වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීම තිබෙන්නේ CFA එකට වුණත් ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල සැබෑ මූල්‍ය උපදේශකයන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. අපේ රටේ බොහෝ විට කෙනෙකුගේ මූල්‍ය උපදේශකයා වෙන්නේ කොටස් වෙළඳපොළේ කොටස් තැරැව්කරුවන්. නමුත් ඔබේ ආයෝජන විස්තරපත්‍රය, එහෙමත් නැතිනම් investment portfolio එක නිර්මාණය කරන්නේ ඔවුන් නොවිය යුතුයි. ඒ සඳහා තවමත් ශ්‍රී ලංකාවේ දකින්න නොලැබෙන වෙනස්ම විදිහේ නිපුණතාවන් කිහිපයක් අවශ්‍ය වෙනවා.” ඔහු කිව්වා.

යුද්ධය අවසන් වීමත් එක්ක ආර්ථිකයේ වර්ධනය වේගවත් සහ ස්ථාවර එකක් වුණත් තවමත් පෞද්ගලික අංශයේ සැබෑ “ව්‍යාපාර වස්තු” (equity) ක්ෂේත්‍රයක් බිහි වෙන්න අවශ්‍ය සීමාවට ශ්‍රී ලංකාව තවමත් ළඟා වෙලා නැහැ. අනුමාන ප්‍රාග්ධන ව්‍යාපාර, එහෙමත් නැත්නම් Venture Capitalism, කියන අංශයේ යෙදෙන්න දැනට අපේ රටේ තියෙන ඉඩකඩත් බොහොම සීමිතයි. මෙයට ප්‍රධාන හේතු විදිහට නිතර වෙනස් වන වෙළඳ ප්‍රතිපත්ති, සහ යුද්ධය අවසන් වුණත් වෙනස් වී නැති දේශපාලනික අස්ථාවර බව පෙන්වා දෙන්න පුළුවන්.

නමුත් ඒ තත්ත්වය දැන් ටිකෙන් ටික වෙනස් වන ලකුණු පහළ වෙලා තියෙනවා. අලුත් පරම්පරාවේ තරුණ, දැනුමෙන් පිරිපුන් ආර්ථික විද්‍යාඥයන් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය හැඩ ගස්වන්න දායක වෙන්න පටන් අරන්. හුන්ඩ්ලානි මහතා පෙන්වා දෙන්නේ CFA එකේ දේශීය ශාඛාව විදිහට මීළඟ පරම්පරාවේ ආර්ථික වෘත්තීයවේදීන්ට මග පෙන්වීම, හා ඔවුන්ට පුහුණුව සැපයීම තමන්ගේ ඒකායන අරමුණ බවයි. එහිදී ප්‍රධාන වශයෙන්ම නිපුණතාවයේ සහ සදාචාරාත්මක බවේ සාරධර්ම මීළඟ පරම්පරාවේ තීරණ ගන්නා පිරිස් තුළ ගැබ් කිරීමට CFA ඇපකැප වී සිටින බවත් ඔහු මතක් කළා.

“සදාචාරාත්මක අතින් ස්ථිර ප්‍රතිපත්ති පවත්වාගෙන යාමට අපට වගකීමක් ඇති බව අපි සිතනවා.” හුන්ඩ්ලානි මහතා කියා සිටියා. “මූල්‍ය ක්ෂේත්‍රයේ සදාචාරාත්මක බවක් තියෙනවා ද කියන මුළු අදහසම මේ දිනවල නිතර කතා බහට ලක් වෙනවා. ඒ සංවාදයට අපිත් දායක වීම ඉතා වැදගත්.”

CFA ආයතන තමන්ගේ වරලත් කොටස්කරුවන් (charterholders) හැම විටම සදාචාර සම්පන්න විදිහට ව්‍යාපාර කටයුතු කරන බවට තහවුරු කිරීමේ පියවරක් විදිහට, ඔවුන් සියලු දෙනාටම හැම වසරකම තමන් සිදු කළ සියලුම ව්‍යාපාරික ගණුදෙනු නීත්‍යානුකූල සහ සදාචාරාත්මක ඒවා බව සපථ කරන ලියැවිල්ලකට අත්සන් කිරීමට සිදුවෙනවා. ඒ වගේම CFA ආයතනයේ වරලත් කොටස්කාර ආයතනවල නුසුදුසු ක්‍රියා සිදු වෙනවා නම් ඒ ගැන අන්තර්ජාලය හරහා දැනුම් දිය හැකි පැමිණිලි සේවාවකුත් පවත්වාගෙන යනවා. මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට භාවිත කළ හැකි බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න හුන්ඩ්ලානි මහතා අමතක කළේ නැහැ. මේ විදිහට ලැබෙන පැමිණිලි විභාග කිරීම අන්තර්ජාතික CFA ආයතනයට පැවරෙනවා. ඒ පැමිණිලිවල සඳහන් කාරණා සත්‍ය බව තහවුරු වුණොත් අදාළ ආයතනවලට එරෙහිව විනය පියවර ලබා ගන්න පුළුවන්.

මේ විදිහට සදාචාරාත්මක බව ගැන වැඩි අවධානයක් යොමු කරන අතරම CFA ආයතනය තමන්ගේ විෂය නිර්දේශය හැම විටම අළුත්ම දැනුම එකතු කරමින් යාවත්කාලීනව තබා ගැනීම වෙනුවෙනුත් උත්සුක වෙනවා. මූල්‍ය තාක්ෂණය (finance technology), සහ කෘත්‍රීම බුද්ධිය (artificial intelligence) වගේ විෂයයන් වහා එක් කරගෙන ගෝලීය වශයෙන් ඩිජිටල් ආර්ථිකයන් සහ අන්තර්ජාලය හරහා කෙරෙන ව්‍යාපාරික ගණුදෙනුවලට මාරු වීමේ ප්‍රවණතාවට සාර්ථකව මුහුණ දීම ඊට හොඳ උදාහරණයක්.

CFA ආයතනයේ අනුමැතිය ලබා ගැනීම වගේම ඒ වැඩසටහනේ සාමාජිකත්වය ලබා ගැනීම පවා ප්‍රතිලාභ රැසක් ලබා ගන්න හොඳ අවස්ථාවක් බව නොඅනුමානයි. CFA ශ්‍රී ලංකා ශාඛාව මගින් මාසයකට වරක් ආරාධිත දේශකයන් ගෙන්වා පවත්වනු ලබන මූල්‍ය ක්ෂේත්‍රයේ කාලීන තොරතුරු ගැන අවබෝධය ලබා දෙන දේශන වැඩසටහන් විවෘත වන්නේ සාමාජිකයන් සඳහා පමණයි. ඒ වගේම CFA සංවිධානයේ අපේක්ෂක කවුන්සිලයකිනුත් සමන්විතයි. මේ සඳහා 1 සිට 3 දක්වා මට්ටම්වල අපේක්ෂකයන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ තුළින් විභාග සඳහා සූදානම් කිරීම, පෙරහුරු විභාග වැඩසටහන්, CFA ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් සඳහා ප්‍රවේශය සහ දේශීය වරලත් කොටස්කරුවන් සඳහා පුහුණු උපදේශනය සඳහා අවශ්‍ය සම්පත් ලබා දෙනවා.

CFA ශ්‍රී ලංකා ආයතනය වාර්ෂිකව විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පර්යේෂණ අභියෝගතාවක් සංවිධානය කරනවා. එහිදී සිසුන් කණ්ඩායම් විදිහට රටේ ප්‍රධාන පොදු වෙළඳ සමාගම් (Publicly Traded Companies) වලින් එකක් ගැන ඉදිරිපත් කරන වාර්තාවන් සලකා බලලා හොඳම වාර්තාවට ත්‍යාගයක් වගේම ගෝලීය CFA අභියෝගතාවට සහභාගී වෙන්න අවස්ථාවකුත් හිමි කර දෙනවා. මීට අමතරව ප්‍රාග්ධන වෙළඳපොළේ විශිෂ්ටත්වය මත වාර්ෂිකව පැවැත්වෙන Capital Market Awards සංවිධානය කෙරෙන්නේත් CFA එක මගින්. එහිදී හොඳම පර්යේෂණ වාර්තාවට සහ හොඳම ප්‍රාග්ධන සම්බන්ධතා කණ්ඩායමටත්, තවත් අංශ බොහොමයකටත් වටිනා ත්‍යාග ප්‍රදානය කෙරෙනවා.

CFA වැඩසටහනට වසර තුනක් පුරාවට කෙරෙන ස්වයං අධ්‍යනයයන් අයත්. ඒ සඳහා දළ වශයෙන් පැය 300 ක පමණ අධ්‍යයන කාලයක් අන්තර්ගත වෙනවා. මේ පාඨමාලාවට සහභාගී වෙන සිසුන්ට කැමති නම් අර්ධ කාලීනව රැකියාවල යෙදෙන්න වුණත් අවස්ථාව තිබුණත්, විභාගයට ආසන්න සති කිහිපයේදී හෝ පූර්ණ කාලීන වශයෙන් අධ්‍යයන කටයුතු වල යෙදෙන්න කියලා හුන්ඩ්ලානි මහතා නිර්දේශ කරනවා. දේශීය වශයෙන් අධ්‍යාපන සහය ලබා දීමට තෝරා ගෙන තිබෙන එකම ආයතනය වන්නේ Mercury ආයතනය පමණයි. ඔවුන් 1 සිට 3 දක්වා සියලු මට්ටම්වලට අධ්‍යාපනය ලබා දෙනවා. විභාග පැවැත්වීම සිදු වෙන්නේ සෑම වර්ෂයකම ජූනි මාසයේදී යි. පළමු මට්ටමේ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙනවා.

CFA වරලත් සුදුසුකම ලබා ගන්නට කෙටි ක්‍රම නම් නැහැ. මේ පාඨමාලාව කොහොමත් අභියෝගාත්මක බවයි කියවෙන්නේ. නමුත් එයට සාර්ථකව මුහුණ දෙන කාටත් වරලත් කොටස්කරුවෙක් (charterholder) විදිහට ගෝලීය (සහ ඩිජිටල්කරණය වූ) ආර්ථික ලෝකයට එන්න එන්නම අවශ්‍ය වෙමින් පවතින වැදගත් නිපුණතාවන් විශාල ප්‍රමාණයකින් සන්නද්ධ වීමට හොඳ අවස්ථාවක් සැලසෙනවා.

CFA පාඨමාලාව මූල්‍ය ක්ෂේත්‍රයේ පළමු පෙලේ ජාත්‍යන්තර සුදුසුකමකි. 2018 ජුනි මස විභාගයන් සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී. වැඩි විස්තර සහ විමසීම් සඳහා CFA Sri Lanka ෆේස්බුක් පිටුව, හෝ දු.ක. අංක +94 77 366 1931 හරහා සම්බන්ධ විය හැක.

කවරයේ පින්තුරය: www.europol.europa.eu

Related Articles