Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්ස්පැක් ආයතනයේ සමාජ වටිනාකම් බිහිකිරීමේ මෙහෙයුම

ව්‍යාපාර ආයතනයක් පවත්වා ගෙන යන එක ඇත්තෙන්ම අපහසු වැඩක්. මේ හින්දම බොහෝ ආයතන ව්‍යාපාරයට අත්‍යාවශ්‍ය වැඩකටයුතුවලින් පිටත දේවල් ගැන වැඩි උනන්දුවක් දක්වන්නේත් නැහැ. කොහොම වුණත් ව්‍යාපාරික ආයතනයකට ඒ අවට ජීවත් වෙන ප්‍රජාව සමග කිට්ටු බැඳියාවක් තියෙන බව සිහියට ගන්න එකනම් අවශ්‍යයි. මොකද ව්‍යාපාරයක් කියන්නේ අවට සමාජයත් එක්ක සබැඳුණු කොටස්කරුවෙක් මිසක් තනිව ක්‍රියාත්මක වෙන ඒකකයක් නෙවෙයි.

(expack)

අපේ රටේ ප්‍රධානතම ඇසුරුම් නිෂ්පාදකයෙකු වන එක්ස්පැක් (Expack) ආයතනය ආයතනික සමාජ වගකීම (CSR) ඉටුකිරීමෙන් එහාට ගිහින් සමාජය තුළ වටිනාකම් බිහිකිරීමේ වැදගත්කම හොඳින්ම හඳුනා ගෙන තියෙනවා. ඔවුන් තමාගේ ව්‍යාපාරය අවට ජීවත් වන ප්‍රජාවගේ හිත සුව වෙනුවෙන් පසුගිය අවුරුදු ගණනාවක් පුරාවටම සක්‍රීයව දායක වුණු ආයතනයක්.

මෑත කාලයේ හැම ව්‍යාපාරයක්ම සමාජය වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට පෙළඹිලා තියෙනවා. කොහොම වුණත් සමාජ වටිනාකම්  බිහිකිරීම (Social Value Creation) සහ පරාර්ථකාමය (philanthropy) කියන්නේ වෙනස් කාරණා දෙකක්. සාර්ථකව සමාජ වටිනාකම් බිහි කරන්න නම් සහභාගීත්වය සහ සම්බන්ධීකරණය තුළින් අනොන්‍ය විශ්වාසය ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.

(expack)

මේ මෙහෙයුමේදී එක්ස්පැක් ආයතනය මුලින්ම කළේ ප්‍රදේශයේ ජන නායකයන්, ආගමික නායකයන් සහ පොදු ආයතන බලධාරීන් එක්ක සම්බන්ධ වෙලා ප්‍රදේශයේ පවතින ගැටළු මොනවාද, ජනතාව මුහුණ දෙන අභියෝග මොනවාද කියන එක හඳුනා ගන්න එක. මේ ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂාව ගැන සහ කැලිකසල බැහැර කිරීම ආශ්‍රිත ගැටළු බොහොමයක් පවතින බව ඔවුන්ට දැන ගන්නට ලැබී තියෙනවා. මේ ගැටළුවලට පැලැස්තර පිළියම් යොදනවා වෙනුවට එක්ස්පැක් ආයතනයට අවශ්‍ය වුණේ දිගුකාලීන සාර්ථක විසඳුම් ලබා දෙන්නයි.

ඉතින් ඔවුන් තමන්ගේ සාමාන්‍ය CSR කටයුතුවලිනුත් එහාට ගිහින් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවන්ට උපකාර කරන්න පෙළඹුණා. මේ තුළින් ව්‍යාපාරය වගේම ප්‍රජාවත් සාර්ථකත්වයේ කොටස්කරුවන් කරගන්නයි එක්ස්පැක් ආයතනයට අවශ්‍ය වුණේ.

(expack)

අවට ප්‍රජාවගේ සහයෝගය ලබාගෙන එක්ස්පැක් ආයතනය තමන්ගේ සැලසුම දියත් කළා. ඔවුන් එදා ආරම්භ කළ එක්ස්පැක් මෙඩිකෙයා (Expack Medi Care) වැඩසටහන මේ වනවිට අවුරුදු හයක කාලයක් පුරාවට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ප්‍රදේශයේ කවුරුත් මේ වැඩසටහන ගැන කතා කරන්නේ විශාල උද්‍යෝගයකින්. වසර පුරාම පැවැත්වෙන වෛද්‍ය සායනය තුළින් මේ වන විටත් 30,000කට අධික පිරිසක් සේවය ලබාගෙන තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය සේවා සහ බෙහෙත් වර්ග හැම එකක්ම ලබා දෙන්නේත් නොමිලේමයි.

ප්‍රදේශයේ තිබුණු අනෙක් ගැටළුව වුණේ කසළ සහ වැසි ජලය කළමනාකරණය නිසිලෙස සිදු නොවුණු නිසා නිතරම ඇති වුණු ගං වතුර තත්වය. පට්ටිවල ප්‍රදේශයේ ජනතාව මෝසම් වැසි කාලවල ඇති වන ගංවතුරෙන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කිලෝමීටරයක දිගින් යුත් ඇළ මාර්ගය ඉදි කරන්න එක්ස්පැක් ආයතනය මුල්‍ය ප්‍රතිපාදන සලසා දුන්නා. පසුගිය වසරේ ඇතිවුණු දැඩි ගංවතුර තත්වය නිසා විපතට පත් වුණු ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මූල්‍ය සහන ලබා දෙන්නත්, වියළි ආහාර නොමිලේම ලබා දෙන්නත් එක්ස්පැක් ආයතනය කටයුතු කළා.

(expack)

ප්‍රජා දැන්වීම් පුවරුවක් ඉදි කිරීම වගේම සියළු දෙනාගේම සහභාගීත්වය ඇතිව කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සිදු වුණේත් එක්ස්පැක් ආයතනයේ මගපෙන්වීම යටතේ. ප්‍රදේශයේ වැඩි පිරිසක් පොදු බස් සේවා භාවිත කළත් බස් නවත්වන ස්ථානයේ කිසිම ආවරණයක් තිබුණේ නැහැ. ඔවුන්ගේ ගමනාගමන පහසුව සඳහා අංගසම්පුර්ණ බස් නැවතුම්පොළක් ඉදිකරන්නත් එක්ස්පැක් ආයතනය කටයුතු කළා.

පට්ටිවල ප්‍රදේශයේ නිතර ඇතිවන වැසි කාලගුණය සහ දුෂ්කර බව නිසා පීඩා විඳින ජනතාවට එක්ස්පැක් ආයතනයේ ව්‍යාපෘතීන් විශාල පහසුවක් වුණා.

මේ විදිහේ ඵලදායී සමාජ සහයෝගිතා ව්‍යාපෘති සිදු කරන එක ආයතනයක් සහ අවට ප්‍රජාව අතර විශ්වාසය ගොඩනගන ප්‍රධාන සාධකයක් කියලා කියන්න පුළුවන්. තමන් ව්‍යාපාරික කටයුතු සිදු කරන ප්‍රදේශයේ ජනතාව වෙත පවතින යුතුකම හඳුනා ගැනීම අනික් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලටත් ඉතා වැදගත් වේවි.

සමාජ වගකීම් ඉටුකරන්න ගන්න සුළු පියවරක් නිසා වුණත් තවත් අයට එවන් දේ කරන්න පෙළඹීමක් ලැබෙනවා. ඒ වගේ ව්‍යාපාරික ක්‍රමයක් පැවතීම ව්‍යාපාරවලට වගේම රටටත් විශාල සම්පතක්.

(expack)

ලාභයම අරමුණු කරගෙන ව්‍යාපාර කටයුතු කරන මානසිකත්වය, තමන් ව්‍යාපාර කටයුතු කරන ප්‍රදේශයේ ජීවත් වන ජනතාව නොසළකා හැරීම, තමන්ගේ ලාභයෙන් එම ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ ලබා නොදීම වගේ දේවල් දිගුකාලීන ව්‍යාපාරයකට සුදුසු නැහැ. එක්ස්පැක් ආයතනය විශ්වාස කරන්නේ තමන් අවට ප්‍රජාව සමග සිදු කරන ව්‍යාපෘති තුළින් වඩාත් සෞභාග්‍යමත් ජනසමාජයක් බිහි වෙලා එය ව්‍යාපාරය වෙතටත් සුභවාදී ලෙස බලපාවි කියලයි. ඇත්තටම දිගුකාලීනව පවතින්න පුළුවන් වෙන්නේත් අවට සමාජය ගැන දැනුවත් ව්‍යාපාරයකට තමයි.

Related Articles