Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TFO වෙතින් ජා ඇලට අඩු මිලට ෆැෂන් කරන්න අවස්ථාවක්

The Factory Outlet එක, එහෙමත් නැතිනම් TFO එක කියන්නේ ෆැෂන් ගැන දන්න ගොඩක් දෙනෙක්ට අලුත් නමක් නෙවෙයි. බොහෝ ෆැෂන් බ්‍රෑන්ඩ් වලින් කිසිම තේරුමක් නැතුව විශාල මිල ගණන් අය කරන අතරේ TFO එක අතේ ඇති මුදලට හිතේ හැටියට ෂොපින් කරන්න අවස්ථාවක් ලබා දීම නිසා ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුණා. 2011 දී හැව්ලොක් ටවුන් වලින් පටන් ගත්ත TFO එක වැඩි කාලයක් යන්න කලින් ගල්කිස්සටත්, ඊට පස්සේ පැලවත්තටත් ව්‍යාප්ත වෙන්න පුළුවන් වුණේ ලංකාවේ ෆැෂන් දන්න හැමෝම ඉක්මණින්ම TFO එකත් එක්ක එකතු වුණු නිසාමයි.

මෙච්චර කාලයක් TFO පැතිරිලා තිබුණේ කොළඹ හරියේ විතරක් වුණත් දැන් ඒ තත්වය වෙනස් වෙන්නයි යන්නේ. ජා ඇළදී අලුතෙන්ම විවෘත වුණු අලුත්ම TFO අවුට්ලට් එක නිසා දැන් කාටත් හිතේ හැටියට ෂොපින් කරන්න තවත් ලේසි වෙලා. ජා ඇල K – Zone එකට එන ඔබ කාටත් දැන් TFO එකට ඇවිත් හිතන්නවත් බැරි අඩු මුදලකට ෂොපින් කරන්න පුළුවන්. K – Zone එක ඇතුලෙම තියෙන නිසා ෆුඩ් කෝට් එකෙන් කෑම කන්නත්, තවත් බොහෝ තැන් වලින් ෂොපින් කරන්නත් හරිම ලේසියි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

111

කොළඹ සිට මීගමුව දක්වා ඉන්න ෆැෂන් කරන කාගේත් කැමැත්ත ගැනත්, අලුත්ම ෆැෂන් ට්‍රෙන්ඩ්ස් ගැනත් දීර්ඝ අධ්‍යයනයක් කරලා තමයි අලුත් TFO එකට යවන ඇඳුම් විලාසිතා තෝරා ගැනෙන්නේ. මේ නිසා ඔබත් කොළඹ-මීගමුව පැත්තේ කෙනෙක් නම් ඔබ ආසම, අලුතෙන්ම ආපු ට්‍රෙන්ඩ්ස් වල ඇඳුම් පහසුවෙන්ම තෝරා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් හැම TFO එකක් වගේම ජා ඇල ශාඛාවත් ඔබට ෂොපින් කරන්න වඩාත් පහසු වෙන විදිහටයි සකස් කරලා තියෙන්නේ. සුදු පාට තීම් එකකින් ඇතුළත අලංකාර කරලා, සෞම්‍ය වර්ණයෙන් යුක්ත ලයිට් පාවිච්චි කරලා තියෙන නිසා කොහේ බැලුවත් ඇසට හරිම ප්‍රියමනාපයි. හැම ඇඳුමක්ම තියෙන්නේ හොඳට ඉඩ තියෙන තැන් වල නිසා ඇඳුම් ගන්න තෙරපෙන්න සිද්ධ වෙන්නේ නැහැ. TFO එකේ පැය ගාණක් ෂොපින් කරත් ඇඟට මහන්සියක් නෑ කියන්නේ ඒ නිසයි.

TFO එකට එන්න යන්නත් කිසිම කරදරයක් නෑ. හැම TFO අවුට්ලට් එකක්ම තියෙන්නේ බොහොම පහසුවෙන් ලඟා වෙන්න පුළුවන් තැන් වල නිසා ඇඳුමක් ගන්න යන්න අමුතුවෙන් ප්ලෑන් කරන්න දෙයක් නෑ, ආස හිතුණු වෙලාවට ගිහින් කැමති දෙයක් ගන්න පුළුවන්. ගොඩක් තැන් වල ආස හිතෙන ඇඳුම් මිල වැඩියි, නැත්නම් මිල අඩු ඇඳුම් ලස්සන නැහැ. ඒත් ඔබ TFO එකට ආවොත් ආස හිතෙන ඇඳුම් අඩු මිලට ගන්න පුළුවන් නිසා ඒ ගැන කනගාටු වෙන්න අවශ්‍ය නෑ.

112

TFO එක කියන්නේ තමන්ගේ ව්‍යාපාරය ගැන ලොකුවට ප්‍රචාරණය කරන ආයතනයක්වත්, අනිත් ප්‍රසිද්ධ ආයතන වලට වැහිලා බොහොම පොඩිවට ව්‍යාපාරය කරන ආයතනයක්වත් නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේ පාරිභෝගිකයන්ට අඩු මිලකට තත්වයෙන් උසස් වගේම ලස්සන ඇඳුම් ලබා දෙමින් සාර්ථක ගමනක් යන ආයතනයක්. තමන්ගේ දැක්මට අනුව ඉදිරියට යමින් වැඩි මහන්සියක් නැතිව වුණත් ලංකාවේ ෆැෂන් බ්‍රෑන්ඩ්ස් අතර “සීන්” එකේ ඉන්න ආයතනයක්.

ජූලි මාසේ 23 වෙනිදා විවෘත වෙන අලුත්ම ශාඛාව තියෙන්නේ කොළඹ ඉඳන් මීගමුව දක්වා ඉන්න ඕනෑම කෙනෙක්ට ෂොපින් කරන්න එන්න පහසුම තැනක. පිටත පෙනුමෙන් අනිත් ප්‍රධාන බ්‍රෑන්ඩ් වගේ කැපිලා පෙන්නේ නැති වුණත් ඇඳුම් පැළදුම්, ආභරණ සහ සපත්තු වර්ග ගණනාවක් එකම වහලක් යටින් ගන්න පුළුවන්. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම වගේම කුඩා ළමයින්ටත් විවිධ මෝස්‌තර වලට ගන්න පුළුවන් දේවල් වර්ග ගණන දැකලා TFO එකට එන කවුරුත් ඇත්තටම පුදුම වෙන්නේ ඒ නිසයි. TFO එන ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි “අපි හිතුවාට වඩා ගොඩක් දේවල් එතනින් ගන්න පුළුවන් වුණා” කියන එක. කැෂුවල්, ෆෝමල් ඕනෑම අවස්ථාවකට ගැලපෙන හැම ඇඳුමක්ම ගන්න හරිම පහසුයි. ඔබ ලංකාවේ බ්‍රෑන්ඩ්ස් වලට කැමති කෙනෙක් වුණත්, පිටරට බ්‍රෑන්ඩ්ස්ම හොයන කෙනෙක් වුණත් කාගේත් හිතට හරි යන දෙයක් TFO එකෙන් ගන්න පුළුවන් බව විශ්වාසයි.

TFO එකත් එක්ක Roar අපි සාකච්ඡා කරද්දීත් ඔවුන් අපිට කිව්වේ තමන් “අඩු මිලට තත්වයෙන් උසස් ඇඳුම් පැළඳුම්”ලබා දෙන්න කැප වෙලා ක්‍රියා කරන බව. මෙතන තත්වයෙන් උසස් කියන වචනේ වැදගත්කම TFO එක හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. අඩු මිලට බාල ඇඳුම් විකුණලා ලාභ ගන්න බොහෝ ආයතන අතරේ TFO එක නිතරම මුල් තැන දෙන්නේ ඇඳුමේ තත්වයට. TFO එකෙන් මොන ඇඳුමක් ගත්තත් ඒවා නිර්මාණය කරලා තියෙන්නේ උසස්ම තත්වයේ රෙදි වලින්. එහෙන් මෙහෙන් මූට්ටු දාල ශේප් කරපු ඇඳුම් TFO එකේ නැහැ, මැහුම් පාරවල් එහෙ මෙහෙ ගිහින් නැහැ. ඇඳුම්, සපත්තු, ආයිත්තම් මොන දෙයක් ගත්තත් කිසිම දෝෂයක් නැති නිසා තමයි TFO එක කාගේත් විශ්වාසය දිනාගෙන තියෙන්නේ.

ෆැෂන් ගැන හොඳ දැනුමක් තියෙන විශේෂඥයන් කණ්ඩායමක් එකතු වෙලා තමයි TFO අවුට්ලට් වලට යවන්න ඇඳුම් මිල දී ගන්නේ. ඔවුන් වර්තමාන ට්‍රෙන්ඩ්ස් ගැන වගේම අදාළ ප්‍රදේශයේ වැඩි කැමැත්තක් තියෙන දේවල් ගැනත් හොඳ දැනුමක් තියෙන පිරිසක්. නිතරම අලුත් ෆැෂන් ලංකාවට ගෙන එන නිසාම TFO එකේ තියෙන හැම ඇඳුමක් පැළඳුමක්ම අලුත්ම ට්‍රෙන්ඩ් වලට ගැළපෙන ඒවා බව සහතික වෙන්න පුළුවන්. අඩු මිලට ඇඳුම් ගෙන්වන වෙනත් ආයතන වගේ යල් පැනපු පරණ ඇඳුම් ගෙන්වලා ලාභ ලබන්න TFO එකට අවශ්‍ය නැහැ. ඔවුන් මුල් තැන දෙන්නේ පාරිභෝගිකයන්ගේ තෘප්තිමත් බවට.

පොඩි ළමයින්ගේ ඇඳුම් උනත් හිතේ හැටියට තෝරලා කැමති පාටවලින් ගන්න පුළුවන්.

පොඩි ළමයින්ගේ ඇඳුම් උනත් හිතේ හැටියට තෝරලා කැමති පාටවලින් ගන්න පුළුවන්.

ඉතින් Roar පාඨක ඔබටත් අපි ආරාධනා කරනවා අලුතෙන්ම විවෘත වුණු ජා ඇළ අලුත්ම TFO අවුට්ලට් එකට එන්න කියලා. හොඳට ඉඩකඩ තියෙන්න නිර්මාණය කරලා තියෙන අලුත්ම ෂෝ රූම් එකේ ඇඳුම් තෝරන එක සරල, පහසු, අලුත්ම අත්දැකීමක් වේවි. හදිස්සියෙන් ඇඳුමක් ගන්න ආවත්, නිවාඩු පාඩුවේ ඇවිත් ෂොපින් කරන්න ආවත්, හිතේ හැටියට අතේ තියෙන ගාණට ෆැෂන් කරන්න නම් ඉතින් TFO තමයි.

Related Articles