Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක හදවත් දිනයේ සුදු ළූණු ගැනත් අවධානය යොමු කරමු

අනුග්‍රහය දක්වන්නේ

යම් යම් කාරණා සඳහා ගෝලීය වශයෙන් හරි, රටකින් රටකට හරි නියමිත දිනයක් වෙන් කෙරෙන්නේ අදාල කාරණාව කාට කාටත් මතක් කරවන්න ගන්නා පියවරක් විදිහටයි. ලෝක ජල දිනය, ඒඩ්ස් දිනය, කාන්තා දිනය, ආදරවන්තයන්ගේ දිනය වගේ ඒවා යෙදිලා තියෙන දින නම් ඕනෑම කෙනෙක් දන්නවා ඇති. නමුත් අපේ රටේ වැඩි පිරිසකට වැදගත් වෙන තවත් කාරණාවක් සඳහා වෙන් කෙරුණු දිනය සැප්තැම්බර් 29 වැනිදා වන අදට යෙදිලා තියෙනවා: ඒ ලෝක හදවත් දිනයයි.

ලෝක හදවත් දිනයේදී වැඩි අවධානයක් යොමු වෙන්නේ හදවත් රෝග ගැනයි. (medicalnewstoday.com)

හදවත් දිනයේ වැඩිපුර කතා බහ කෙරෙන්නේ හදවත් රෝග ගැන වුණත්, ඇත්තටම අනවශ්‍ය කොලෙස්ටරෝල් තැන්පත් වීම තමයි හදවත් රෝග වැඩි ගණනකට හේතු වෙන්නේ. මේ නිසා හදවත් දිනයේ කොලෙස්ටරෝල් පාලනයටත් වැදගත් තැනක් හිමි වෙනවා. ව්‍යායාම කිරීම, සැලකිලිමත්ව ආහාර ගැනීම වගේ ක්‍රම අනුගමනය කරනවා නම් ගැටළුවක් වෙන්න වැඩි ඉඩක් නැති කොලෙස්ටරෝල් මාරයෙක් බවට පත් වෙන්නේ අපේ නොසැලකිල්ල නිසාමයි. ලෝකය පුරාම කොලෙස්ටරෝල් අධික වීම නිසා විවිධ ගැටලුවලට මුහුණ දීලා තියෙන බොහෝ දෙනෙක් ආහාර පාලනය සහ ව්‍යායාම වගේම ඊට අමතරව උදව්වක් වශයෙන් ලබා ගන්න පුළුවන් අතිරේක ගැනත් සැලකිල්ලක් දක්වනවා. තමන්ගේ ජීවන රටාව විශාල වශයෙන් වෙනස් කර නොගෙන ලෙඩ අඩු කර ගන්නයි ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ.

බරකා නිවසින් එන Garlichol නිෂ්පාදනය මේ වගේ අයට ඉතා සාර්ථක පිළියමක් කියලා කියන්න පුළුවන්. අපි කවුරුත් දන්නා සුදු ළූණුවල සාරය යොදා ගනිමින් කෙරෙන මේ නිෂ්පාදනයේ ප්‍රතිඵල ගැන එය පාවිච්චි කරන බොහෝ දෙනෙක් ප්‍රශංසාවෙන් කතා කරනවා. ඉතින් මොකක්ද මේ Garlichol වල සාර්ථකත්වයේ රහස? සුදු ළූණු ආහාරයට ගැනීමට වඩා එය වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන අද ලිපියෙන් හොයලා බලන්න අපි හිතුවා.

සම්මානනීය ආයුර්වේද නිෂ්පාදන ආයතනයක්

baraka.lk

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධානතම ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් වන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් සමාගම තමයි බරකා නිෂ්පාදන පෙළ අප වෙත ගෙන එන්නේ. දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතික ගණනාවක් ලබාගෙන ඇති බරකා නිෂ්පාදන පෙළ මේ වන විට යුරෝපය, ඇමරිකාව සහ ආසියාවද ඇතුළුව ලෝකය පුරා රටවල් ගණනාවක විශ්වාසය දිනාගෙන තියෙනවා. අසීමිත ගුණයක් ඇති කළුදුරු තෙල් හෙවත් Black seed oil ආශ්‍රිත නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම නිසා කාගේත් අවධානයට පාත්‍ර වුණු බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයුර්වේදයේ සැබෑ ගුණය ලොවට ගෙන යන්නට මහඟු දායකත්වයක් ලබා දෙන දේශීය ව්‍යාපාරයක්.

බටහිර ලෝකය පවා අද ආයුර්වේද බෙහෙත් හේත්වල ඇති ගුණය වටහා ගනිමින් සිටිනවා. පෙට්‍රෝලියම් සහ වෙනත් ඛණිජ ඇසුරින් බිහි කරපු කෘත්‍රීම රසායනික කවලම් කරලා හදන බටහිර බෙහෙත් ගණනාවක් ක්ෂණික ප්‍රතිකාරවලට ඉතා හොඳ වුණත් දිගුකාලීනව අනවශ්‍ය අතුරු ආබාධවලට මුල පුරන බව දැන් කවුරුත් තේරුම් අරන්.

මේ වගේ පසුබිමක ශාකසාර සහ ස්වභාවික නිස්සාරණයන්ගෙන් හදන දේවල්වලට විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. කොහොම නමුත් බොහෝ බටහිර රටවල පිරිස් අපේක්ෂා කරන විදිහට පහසුවෙන් හා ඉහළම ගුණත්වයෙන් යුතුව නිපදවෙන ආයුර්වේද නිෂ්පාදන බොහොම හිඟයි. නව තාක්ෂණයේ මහිමයට පාරම්පරික ආයුර්වේදයේ රහස් එක් කරමින් ඒවායේ ගුණ නොනැසී පවතින නමුත් පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආකාරයේ නිෂ්පාදන පෙළක් බරකා යන නාමයෙන් හඳුන්වා දෙන්නේ ඒ අඩුව සපුරාලමින්. බරකා වෙළඳ නාමයේ සාර්ථකත්වයට හේතු වුණේත් නව තාක්ෂණය සහ ඉපැරණි වට්ටෝරු මනාව සංකලනය කරගන්න බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනය සමත් වුණු එකයි.

බරකා නිෂ්පාදන පෙළ තත්ව සහතික ගණනාවකින් පිදුම් ලබා තිබෙනවා. (baraka.lk)

මේ නිසා කිසිම බයක් නැතිව විශ්වාසයෙන් භාවිත කරන්න පුළුවන් වගේම සඳහන් වෙලා තියෙන ප්‍රතිඵල කිසිම අඩුවක් නැතිව ලබා දෙන නිෂ්පාදන පෙළක් විදිහටත් බරකා අද ලෝකය පුරාම ජනප්‍රිය වෙලා තිබෙනවා.

ජීවිතයට වටිනාම වස්තුව සහ එයට වින කරන කොලෙස්ටරෝල්

Garlichol හදවත් සෞඛ්‍යයට වැදගත් වෙන හැටි තේරුම් ගන්න නම් හදවත් රෝගවල රෝග මූලය ගැන වටහා ගන්න අවශ්‍යයි.

අපේ සිරුරේ තිබෙන අවයවවලින් වඩාත්ම වැදගත් වෙන්නේ හදවත බවට කිසිම තර්කයක් නැහැ. කෙනෙක් මිය යන්න අනිවාර්ය සාධකයක් වෙන්නෙත් හදවතේ මාංශ පේශි සම්පූර්ණයෙන් නතර වෙන එකයි. මේ විදිහට හදවතේ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් වුණත් අපි බොහෝ දෙනා කරන වැරදි දේවල් නිසා එයට හානි සිදු වෙන්නත්, එහි ක්‍රියාකාරීත්වයට බාධා කරන රෝගාබාධ වැළඳෙන්නත් ඉඩකඩ තියෙනවා. ලෝකය පුරාම මරණ වැඩිම ප්‍රමාණයකට හේතු වෙන්නේ හදවත ආශ්‍රිත රෝගාබාධයි. මේ හදවත් රෝගාබාධ වැඩි ප්‍රමාණයකට හේතු වෙන දෙයක් තමයි අධික කොලෙස්ටරෝල් කියන්නේ.

කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා සිර වූ රුධිර නාලයක් (capitalcardiology.com)

සැබවින්ම අපේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක් වන කොලෙස්ටරෝල් පමණට වඩා ලබා ගැනීම සහ ලබා ගන්නා ප්‍රමාණය වැය නොවීම තමයි මේ රෝග වැඩි ගණනකට ප්‍රධාන හේතුව වෙන්නේ. ඒ විදිහට කොලෙස්ටරෝල් පමණ ඉක්මවා එකතු වීම නිසා ඒවා රුධිර නාල තුල තට්ටුවක් වගේ තැන්පත් වෙනවා. මේ රුධිර නාල සිර වී හරස්කඩ කුඩා වීම නිසා ශරීරයට අවශ්‍ය වේගයෙන් රුධිරය පොම්ප කරන්න හදවතට වඩාත් වෙහෙසක් දරන්න සිදු වෙනවා. ජීවිත කාලයක් ස්පන්දනය වෙන්න තියෙන හදවත මේ නිසා වඩාත් ඉක්මනින් දුර්වල වෙලා යනවා.

කොලෙස්ටරෝල් වැඩිපුර අඩංගු ආහාර, විශේෂයෙන්ම ඇතැම් මස් මාලු වර්ග අනවශ්‍ය ප්‍රමාණයට ගැනීම, තෙල් හා මේද අධිකව ලබා ගැනීම සහ ඒ ලබා ගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කරන්න තරම් ව්‍යායාම ලබා නොගැනීම කියන කාරණාවල සංකලනයක් හදවත ලෙඩ කරන්න ප්‍රධාන වශයෙන් දායක වෙනවා. ධනවත් හා උසස් කියා සලකන සමාජ මට්ටම් වල අය අතර මේ ප්‍රශ්නය වඩාත් දරුණුවට බල පාලා තියෙනවා. නමුත් කොයි තරම් හේතු කාරණා දැන ගත්තත් ඒවායින් වැළකෙන පිරිස නම් හරිම අඩුයි.

කොයි කවුරුත් හොයන්නේ තමන්ගේ ජීවන රටාව වෙනස් කර ගන්නේ නැතිව අතිරේකව ලබා ගන්නා දේකින් කොලෙස්ටරෝල් දහනය කරන්නයි. එතැනදී තමයි Garlichol වල අඩංගු ප්‍රධාන සංඝටකය වන සුදු ළූණු සාරය අපේ උදව්වට එන්නේ.

කොලෙස්ටරෝල් නසන සුදු ළූණු

organicfacts.net

ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට සුදු ළූණු කියන්නේ මොනවද කියලා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මස් මාළු වර්ග විතරක් නෙවෙයි, පරිප්පු සහ විවිධ එළවලු වර්ගවලටත්, බොහොමයක් බැදුම් වර්ගවලටත් සුදු ළූණු නිසා අපූරු රසයක් එක් වෙනවා. ඒ නිසාම අපේ ගෙවල්වලත් උයන්න පිහන්න සුදු ළූණු නිතරම පාවිච්චියට ගැනෙනවා. හැබැයි දන්නවාද මේ රස වැඩි වෙන්න දාන සුදු ළූණු හදවත් රෝග පාලනයට හොඳම විසඳුමක් බව? අපි නිතර ආහාරයට ගන්නා දේවල්වලින් සුදු ළූණු තරම් හොඳින් කොලෙස්ටරෝල් දහනය කරන වෙනත් කිසිම ආහාරයක් නැහැ.

විද්‍යාත්මක නාමය Allium sativum වන සුදු ළූණුවල ස්වාභාවිකවම කොලෙස්ටරෝල් දහනය වේගවත් කරන්න පුළුවන් සංයෝග විශාල ප්‍රමාණයක් අඩංගුයි. එහි විද්‍යාත්මක නාමයට පවා හේතු වුණු ප්‍රධානම සංයෝගය වන Allicin තුළ තිබෙන ප්‍රතිඔක්සිකාරක කොලෙස්ටරෝල් අණු බිඳ හෙලන්න දායක වෙනවා. නිතිපතා සුදු ළූණු ආහාරයට ගැනීම මගින් හදවත් රෝග සහ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඇති වෙන්න ඉඩ තියෙන අනෙක් සියලු රෝගාබාධ අවම වෙන බව පරීක්ෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙනවා. ඒ සියල්ලටම අමතරව  සහ සෙම්ප්‍රතිශ්‍යාවටත් සුදු ළූණුවලින් ලැබෙන ගුණ බොහොමයි

රස වැඩි වුණාට මෙහෙම බැදලා කනකොට සුදු ලූණුවලින් ගුණයක් නම් ලැබෙන්නේ නැහැ (wearenorfoodies.com)

කොහොම නමුත් අපි සුදු ළූණු කන ක්‍රමය නම් මේකට ඒ තරම් ගැළපෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ හොඳට රත් වෙච්ච තෙල් තාච්චියකට සුදු ළූණු දාලා දුඹුරු පාට වෙනකල් බැද ගන්නයි. ඒ වැඩෙන් සුදු ළූණුවල තියෙන Allicin බොහෝ දුරට විනාශ වෙනවා. රස විතරක් හොයන්න ගියාම සුදු ළූණුවල විතරක් නෙවෙයි, අනිත් බොහොමයක් ශාක ආහාරවල පෝෂණය නැති වෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. කියද්දී හිනා ගියත් ඇත්තටම සුදු ළූණුවල පෝෂණය ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය වෙන්නේ අමුවෙන් ආහාරයට ගන්නා එකයි.

හැබැයි ඉතින් ඒ ක්‍රමයට කන්න ගියොත් සුදු ළූණුවල තියෙන සැර නිසාම වැඩි වෙලාවක් යන්න කලින් කන එක නවත්වන්න සිද්ධ වෙයි. අමාරුවෙන් එහෙම කෑවත් ඒක නිතරම කරන්න තියෙන අපහසුව වගේම සුදු ළූණු කෑමෙන් ඇති කටේ ඇතිවෙන දුර්ගන්ධයත් අනවශ්‍ය බලපෑමක් වෙන්න පුළුවන්. සුදු ළූණුවල සාරය නිවැරදිව නිස්සරණය කරලා හදන Garlichol අතිරේකයක් ලබා ගැනීම වඩාත් පහසු වගේම වඩාත් ප්‍රතිඵලදායක වෙන්නේත් මේ නිසයි.

සුදු ළූණුවල සාරය නොනැසී ලබාගෙන හැදෙන Garlichol

baraka.lk

කලින් කිව්ව විදිහට තද උණුසුම් තෙල්වලට දාලා බැදලා ගත්තාම විනාශ වෙන පෝෂක ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒවා නිවැරදිව නිස්සාරණය කරගන්න එක. ජාත්‍යන්තර තත්ත්ව සහතික ගණනාවක් හිමි වුණු බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් සමාගමේ නිෂ්පාදන තාක්ෂණය සුදු ළූණු හා එහි අඩංගු ප්‍රධාන සංයෝගය වන Allicin වියෝජනය නොවී විද්‍යානුකූලව නිස්සාරණය කරගන්න සමත්. ඒ නිසාම අමුවෙන් සුදු ළූණු කන තරමටම හොඳින් ඒ තුළ අඩංගු පෝෂක ඔබ වෙත ලබා දෙන්න Garlichol වලට පුළුවන්. නමුත් අමුවෙන් කද්දී දැනෙන අපහසුව, එකදිගට කද්දී එපා වෙන එක සහ සුදු ළූණු කාලා කට ගඳ ගහන ප්‍රශ්නය නම් ඇති වෙන්නේ නැහැ.

මේ විදිහට සුදු ළූණුවලින් උකහා ගන්නා සාරය භාවිතයට හරිම පහසු කරල් විදිහට සකස් කෙරෙන්නේ බරකා ආයතනයේ සම්මානනීය කළුදුරු තෙල් (Black Seed Oil) සාරයත් මුසු කරලායි. Allicin ඇතුළු සුදු ළූණුවල අඩංගු සංඝටක සියල්ල මුල් තත්වයෙන්ම සිරුර තුලට ගෙන යන්නත්, ඒවා සිරුරට වඩාත් හොඳින් උරාගෙන සක්‍රීයව කොලෙස්ටරෝල් දහනයට දායක කරන්නත් කළුදුරු තෙල් උදව් වෙනවා. මේ අපූර්ව සංකලනය තමයි වෙනත් බොහෝ නිෂ්පාදනවලට වඩා Garlichol කොලෙස්ටරෝල් නසන්න ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෙන ප්‍රධාන හේතුව.

දිවයින පුරාම තිබෙන ෆාමසිවලින්, ආයුර්වේද වෙළඳසැල්වලින් වගේම බොහෝ සුපිරි වෙළඳසැල්වලිනුත් කිසිම අපහසුවක් නැතිව Garlichol මිල දී ගන්න පුළුවන්. කරල් 60ක් සහිත බෝතලයක් ලෙස ලැබෙන මෙය දිනකට දෙවරක් ගැනීම තමයි වඩාත්ම ප්‍රතිඵලදායක වෙන්නේ. දිනපතා Garlichol ලබා ගැනීම තුලින් හදවත් රෝග පවතින අයට හොඳ සහනයක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව සුදු ළූණු සාරයේ තිබෙන ගුණ නිසාම සෙම්ප්‍රතිශ්‍යාව, උණ වගේ අනවශ්‍ය රෝගාබාධවලින් වැළකී ඉන්න නීරෝගී අයටත් අවස්ථාව තියෙනවා.

හොඳින් සැලකිලිමත් උනොත් හදවත නිරෝගීව තබා ගන්න එකේ ලොකු අපහසුවකුත් නැහැ (huffingtonpost.com)

වැඩි දෙනා එතරම් නොදන්න දවසක් වුණත් සැප්තැම්බර් 29 දාට යෙදෙන ලෝක හදවත් දිනය හදවත් කම්පා නොකරන දිනයක් කරගන්න එක අපි කාගේත් වගකීමක්. අපේ ශරීරයට හිතකර ආහාර ගැනීම, හැකි හැම විටකම ව්‍යායාම කිරීම, මානසික ආතතිය අවම වන ක්‍රියාමාර්ග ගැනීම ආදියත් හදවත් සෞඛ්‍යයට ඉතාම වැදගත්. ඒ හැම දේකටම උදව්වක් වෙන Garlichol නිෂ්පාදනය ඔබට ළඟම වෙළඳසැලේ තිබෙන බවත් අමතක කරන්න එපා.

Related Articles