Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ කෙස් කළඹ ඔබේ අනන්‍යතාවයයි- එමගින් ඔබ ගැන දහසක් දේ පැවසිය හැක

පිටත ලෝකයාට අපව නිමානය කිරීමට, විනිශ්චය කිරීමට ගත වන්නේ අපව දැක ගත වන මුල් තත්පර කිහිපයම පමණි. ඔවුන් මේ නිගමන වලට එළඹෙන්නේ අපේ ජිව දත්ත පත්‍රිකාව පිරික්සා බලා හෝ අඩු තරමේ අප සමඟ සංවාදයේ යෙදීමෙන් හෝ නොවේ. අප දුටු වහාම යටි සිතින් කරන නිමානයකිනි. මින්පසු අප කරන කියන සෑම දෙයක්ම භාවිතා කරමින් ඔවුන් මේ මුලින් එල්බ ගත් නිගමනය ස්ථිර කර ගනී, නැත්නම් මදක් වෙනස් කර ගනී.

මේ අතිශයින්ම වැදගත් මුල් තත්පර කිහිපය තුල අප මුළුමනින්ම නිශ්ශබ්දව සිටියත් අපේ පෙනුම දහසකුත් එකක් දේ අප පිළිබඳව පවසනු ඇත. අපේ කෙස් කළඹට මෙහි දී අතිවිශේෂ තැනක් හිමි වන බව කිව යුතු අතර අප ‘විනෝදජනක’ ද ‘පරණ තාලේ’ ද යන්න ගැන පිටස්තර පුද්ගලයන් යම් අදහසක් ගන්නේ බොහෝ විට අපේ කෙස් කළඹෙන් මුහුණට ලැබී ඇති පෙනුමෙනි.

මදකට ඔබ ඔබේම වරලස දෙස බලන්න. අප ගැන යම් පුද්ගලයෙක් තුළ හොඳ ආකල්පයක් ඇති කරවීමට අවශ්‍යම මොහොතක අපේ කෙස් කලඹින් අප පිළිබඳව ඔහු තුළ මැවෙන චිත්‍රය කෙතරම් නිවැරදිද? එය සිතන්නට වටිනා කාරණයකි.

මිට ඇත්තේ එකම සරල විසඳුම අදාළ අවස්ථාවට ගැළපෙන ලෙස අපේ වරලස හැඩ ගන්වා ගැනීමයි. කුඩා කල පටන් අපට සුපුරුදු කොණ්ඩා සැකසුම සෑම තැනටම එක සේ හරියන්නේ නැති බව අප වටහා ගත යුතු අතර අවස්තානුකුලව අපි ඇඳුම්, මේකප් හා පාවහන් වෙනස් කර ගන්නා ලෙසින්ම කොණ්ඩය ද සකසා ගත යුතුය. ඉතින් ඔබ තුල සැඟවුණු ඒ රූ සපුව ඔබේම කෙස් කළඹ භාවිතා කර ඔප් නංවා ගතහැකි ආකාර කිහිපයක් අපි පහතින් දක්වා ඇත්තෙමු.

විලාසිතා

කොණ්ඩා ගෙඩියක් ගැසීම වුවත් සාම්ප්‍රදායික ලෙසම කරන්නේ ඇයි? (Youtube/Makeupwearables Hairstyles)

කොණ්ඩා ගෙඩියක් ගැසීම වුවත් සාම්ප්‍රදායික ලෙසම කරන්නේ ඇයි? (Youtube/Makeupwearables Hairstyles)

වරලස දිග වන තරමට කොණ්ඩා විලාසිතා දැමීමට පහසු ය. ශ්‍රී ලංකාවේ කාලගුණය නිසා බොහෝ දෙනා තම වරලස පෝනිටේල් එකක් හෝ කොණ්ඩා ගෙඩියක් ලෙස සකසා ගන්නට පෙළඹෙන්නේ හිසකෙස් වලට සහ ගෙල ප්‍රදේශයට දහදිය දැමීම අවම කරගැනීමටයි. එසේ වුවද, එක මොහොතක් වැඩිපුර කාලය ගතකර කුඩා වෙනසක් හෝ දෙකක් කිරීමෙන් සාම්ප්‍රදායික කොණ්ඩා ගෙඩියකට හෝ පෝනිටේල් එකකට වඩා හාත්පසින්ම වෙනස් පෙනුමක් අපේ වරලසට ලබා දිය හැකි බව ඔබ දන්නවාද?.

උදාහරණයක් ලෙස, සුපුරුදු පෝනිටේල් එකම, නළලතට ඉහලින් පිහිටි කොටස වෙනම රැගෙන මදක් අඹරා මදක් උස්ව සිටින ලෙස දමා බලන්න. කොණ්ඩා ගෙඩියකට හුරු වී සිටින කෙනෙක් නම් වරලස මුලින් ගොතා ගෙඩියක් ලෙස හිස මුදුනින් හෝ ගෙල ප්‍රදේශයෙන් ගසා බලන්න. කොණ්ඩය නිකම් පිට මැදට ගොතා දැමීමට හුරු වී ඇති ඔබ ෆ්‍රෙන්ච් ක්‍රමයට හිස මුදුනේ සිට හෝ ෆ්‍රෙන්ච් ෆිශ්ටේල් ක්‍රමයට පැත්තට හෝ ගොතා බලන්න. කොණ්ඩය ගොතා දැමූ විට එන ඒ ‘පුරුදු පෙනුම’ මෙවන් සරල උපක්‍රමයකින් සුන්දර ලෙස වෙනස් කර ගත හැකියි.

සැරසීමට යොදන විවිද පළඳනා

ආයිත්තම්: මලකින් වුවද අපේ පෙනුමට විශාල වෙනසක් ඇතිකර ගත හැක (onewed.com)

ආයිත්තම්: මලකින් වුවද අපේ පෙනුමට විශාල වෙනසක් ඇතිකර ගත හැක (onewed.com)

කොණ්ඩා කටු හැරුණු විට බොහෝමයක් ශ්‍රී ලාංකිකයන් හිස පළඳින ආභරණ භාවිතා කරන්නේ අඩු වශයෙනි. ඔබත් තවත් එවැන්නෙකු නොවී මලක් දෙකක් හිසේ පළඳා බලන්න. මේවා ඇත්ත මල් වීමටම අවශ්‍යතාවයක් නොමැත. පොදුවේ භාවිතා වෙන කළු කොණ්ඩා කටු වෙනුවට මෝස්තරයක් දැමූ කටුවක් පාවිච්චියට ගන්න. අවශ්‍ය නම් ඔබේ කෙස් රොදක් වර්ණ ගන්වනවා වෙනුවට වර්ණ ගන්වන ලද කෘතීම රොදක් කොණ්ඩයට එක කරගැනීමටත් පුළුවන. මෙය ඔබේ වරලසත් සමඟ එකට ගොතා දැමු විට අලංකාර ද්වීවර්ණ පෙනුමක් ලබා ගත හැකි පහසු ක්‍රමයකි.

පුරුද්දක් ලෙස දිනපතාම ඔබේ කොණ්ඩයට යමක් කරන්න

ඔබේ වරලස ගැන ආඩම්බර වන්න (netdoctor.co.uk)

ඔබේ වරලස ගැන ආඩම්බර වන්න (netdoctor.co.uk)

තිබෙන වැඩ කන්දරාවත් සමඟ මෙය හැමදාම කරන්නට පුළුවන් කෙරුවාවක් ද යන්න කියවන ඕනෑම කෙනෙකුට ඇතිවන ප්‍රශ්නයකි. එසේ වුවද එදිනෙදා දිවියෙන් මෙවැන්නකට යම් කාලයක් කැප කිරීම අතිශය වැදගත් බව අප මතක තබා ගත යුතුය. ලොකු වෙනස්කම් කිරීමට පෙර සරල දෙයකින් ආරම්භ කර බලන්න. ඔබටත් නොදැනීම,  නොබෝ දිනකින්ම ඔබ අලුත් අලුත් දේ අත්හදා බැලීමටත්, කලින් හිසරදයක් ලෙස සැලකූ වරලසේ අලංකාරය  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විඳින්නටත් පටන් ගනු ඇත. ඔබේ රූ සපුව ඔප් නැංවීමේ රහස වෙනකක් නොව ඔබට ස්වාභයෙන්ම හිමි වී ඇති මේ සුන්දර කෙස් කළඹම බව මතක තබා ගන්න. මෙතරම් පහසුවෙන්, රිසි රිසි  අයුරින් වෙනස් කර ගත හැකි අන් කිසිදු අංග ලක්ෂණයක් යුවතියක සතු නොවන නිසා එහි උපරිම ඵල නෙලා ගැනීමේ වගකීම ඔබ සතුය. දහසක් අතර කැපී පෙනෙන්නට, අභිමානයෙන් හා විශ්වාසයෙන් යුතුව පෙරට යාමට ඔබේ වරලස තරම් ඔබේ සහයට එන අන් හිත මිතුරෙක් නොමැත. ඉතින් ඔබ ඇයි තවත් බලා ඉන්නේ? අදම ඔබේ කෙස් කළඹ ඔබේ අනන්‍යතාවය බවට පත් කරගන්න.

Related Articles