Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමාරුවේ නොවැටී නිවාස ණයක් ගන්නේ මෙහෙමයි

හිසට සෙවණක් හදාගෙන කාටවත් යටත් නොවී නිදහසේ ජීවිතය ගෙවන්න කවුද අකමැති? මහගෙදර යටලීයෙන් නාරිලතා මල් පූදිනකල් බලන් ඉන්නේ නැතිව තමන්ගේම තැනක් හදාගෙන තමන්ට ඕන විධියට එක්කෙනා, දෙන්නා වෙලා, දෙන්නා, තුන්දෙනා හෝ ඊටත් වැඩි ගාණක් වෙලා සුවබර ජීවිතයක් ගෙවන්න තිබෙනවා නම් ඊට වඩා සැපතක් නැහැ. ඒත් නිවසක් හදන්න ලොකු මුදලක් යොදවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සඳහා නිවාස ණයක් ලබා ගැනීම කරන්නට පුළුවන්. නමුත් කොහොමද වාසි සැලසෙන විධියට නිවාස ණයක් තෝරගන්නේ? මේ ලිපිය ඔබ වෙනුවෙන්.

ඉක්මන් අනුමැතිය

statera.com

නිවාස සිහිනය ඔබ පිබිදෙන්නටත් කලින් සැබෑ කරගන්නට නම් අනවශ්‍ය ලියකියවිලි එක්ක දින ගණනක් රස්තියාදු වෙන්නට සිදුවන, අනුමැතිය එනකම් මාස ගණනක් බලාගෙන ඉන්නට සිදුවන එකක් වෙනුවට, අඩු කාලයකින් සහ අඩු ලියකියවිලි ප්‍රමාණයකින් වැඩේ කෙරෙන සේවාවක් නම් වඩාත් උචිතයි. නිවසක් පිළිබඳව වූ උද්‍යෝගය නැති වන තුරුම අපේ මුදල් සහ කාලය නාස්ති කරමින් අමතර වෙහෙසක් ඇති කරවන මූල්‍ය ආයතනයක් තෝරාගෙන කරදර විඳිනවාට වඩා, කාර්යක්ෂමව කඩිනමින් වැඩ කටයුතු කරදෙන ආයතනයක් තෝරාගැනීමෙන් වැඩි කාලයක් සහ මුදලක් ඔබට ඉතිරි වෙනවා. මොකද, නිවසක් හදනවා කියන්නේ ණය ගැනීමට රස්තියාදු වීම නම් නොවෙයි. ඇතැම් මූල්‍ය ආයතන වලින් මේ ලියකියවිලි ඔවුන් විසින්ම සකසා දෙනවා. එවිට ඔබට තැන තැන ගොස් දවස් ගණන් රස්තියාදු වන්නට අවශ්‍ය නැහැ; බැංකුව විසින්ම ඒ දේ කර දෙනවා. එය මහත් පහසුවක්.

අඩු පොලී අනුපාතයන් සහ ගාස්තු

pinimg.com

නිවාස ණය ලබා ගැනීමේ දී ඒ සඳහා වැය කරන්නට සිදුවන ගාස්තු, පොලී අනුපාතික අගයන් අනුව ලැබෙන සහන ආදිය ගැන සැලකිලිමත් විය යුතු යි. ඇතැම් මූල්‍ය ආයතන විසින් ණය නැවත ගෙවීමේ දී ස්ථාවර පොලී අගයකට මෙන්ම වාර්ෂිකව උච්ඡාවචනය වන පොලී අනුපාතයන්ට අනුව ගෙවීමට ද අවස්ථාව සලසනවා. එවන් පහසුකමක් හරහා පොලී අනුපාත අඩු වන කාලයන්හි දී ඔබට වැඩි වාසි ලබා ගන්නට පුළුවන්. මන්ද, නිවස හදන අතරතුරේ ඇතිවන අමතර වියදම් සමඟ ඉතිරිවන රුපියල පවා බොහොම වටිනවා.

ගෙවීමට වැඩි සහන කාලයක්

psychoyouth.com

නිවස ගොඩනැගීමේ කාලය තුළ ඇතිවන අමතර වියදම් නිසා උද්ගත වන ආර්ථික දුර්වලතාවන් මඟහරවා ගන්නට උපකාර වන ආකාරයේ මූල්‍ය සේවාවක් සපයන ආයතනයක් සොයා ගැනීම වඩාත් පහසුවක් වෙනවා. ගොඩනැගුම් කාලය තුළ මාස 12ක පමණ ණය සහන කාලයක්, අවුරුදු 25ක් තරම් කාලයක් දක්වා ණය පියවීමට ඉඩ ප්‍රස්ථා සැලසීම වැනි දේවල් මේ යටතේ වැදගත් වෙනවා.

ඔබ වෙනත් රටක සිටිය ද ණය ලබාගත හැකි බව

yiyangnhy.com

විදේශ සේවාවක නියුක්තව සිටින කෙනෙක්ට තමන්ගේ සිහින නිවහන ලංකාවේ ගොඩනගන්නට හැකි ආකාරයට ණය පහසුකම් සලසා දීමට පෙළඹෙන මූල්‍ය ආයතනයක් වීම සහ හවුලේ ණය ලබා ගැනීමේ විශේෂාංග සහිතව සේවාවක් ලබාගත හැකි ද යන්න තහවුරු කර ගැනීම ණය ලබා ගැනීමට පහසුවක් වෙනවා. එවිට ඔබට එම රටේම සිට ණය ලබාගන්නට හැකිවනවා සේම පවුලේ කෙනෙක් සමඟ හවුලේ නිවාස ණයක් ලබාගෙන බර අඩු කරගන්නටත් පුළුවන්.

උකසට තබන දේවල්වලට වැඩි ආරක්ෂාවක්

bankingschool.co.in

නිවාස ණය ලබාගැනීමේ දී උකසට තබන දේපල සඳහා ද ආරක්ෂාව සහතික කරනු ලබන මූල්‍ය ආයතනයක් වීම වැදගත්. එ් වෙනුවෙන් රක්ෂණාවරණයක් මෙන්ම ගිනි වැනි ආපදා තත්ත්ව යටතේ ද වන්දි ලබාගත හැකි ආකාරයට උපරිම සේවාවක් සලසන ආයතනයක් තෝරා ගැනීමට මෙහි දී සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ හරහා එම දේපල වලට උපරිම රැකවරණයක් මෙන්ම මූල්‍ය ආයතනය හරහා නිතැතින්ම අප වෙත විශ්වාසවන්ත වගකීමක් ලැබෙනවා.–පෙරනිමි නිවසක් මිලට හෝ කුලියට ගැනීමට පහසුකම්

saasniatx.net

අලුතින් නිවසක් සකසද්දී මෙන්ම තිබෙන නිවස අලුත්වැඩියා කරගන්නට හෝ පෙරනිමි නිවසක් මිල දී ගැනීමටත් නිවාස ණයක් පහසුවෙන් ලබාගන්නට පුළුවන්. එවන් පහසුකම් ද සමඟ ණය සහනයක් ගෙන එන මූල්‍ය ආයතනයක සේවාව ලබා ගැනීම ඔබට වඩාත් පහසුවක් වන අතර නව නිවසක් මිලදී ගැනීමේ දී අවශ්‍ය තෙවන පාර්ශවීය ගිවිසුම්වලට පවා වැඩි රස්තියාදුවීමකින් තොර සේවාවක් තෝරා ගැනීම වඩාත් නුවණට හුරු වෙනවා.

Cover image courtesy: stuff.co.nz

Related Articles