Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එයා එක්ක ආයෙත් ප්‍රශ්නයක්ද? විසඳුම හරිම සරලයි, තේ එකක් හදලා දෙන්න

ආදරය කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්, එහෙම නේද? හැබැයි ආදරය කාලයක් තිස්සේ සුන්දරව පවත්වා ගන්න එක නම් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි අද අපි ඔබට කියන්නේ හරිම සරල, පහසු විසඳුමක් ගැනයි. කරන්න තියෙන්නේ එයාට තේ එකක් හදලා දීලා, තමනුත් තේ එකක් හදාගෙන ටිකක් කතා බහ කරන එකයි. ගොඩක් ප්‍රශ්නවලට විසඳුම ඉබේම ලැබේවි!

එකපාරටම ඇහුණාම හිනා ගියාද? තේ එකක් හදාගෙන කතා කරන්න වාඩි වුණු ගමන් ප්‍රශ්න විසඳෙනවා නම් මොනවා කරන්න බැරිද කියලා ඔබට හිතුණාද? නමුත් සැබැවින්ම ඇත්ත ඒකයි. ඒකට හේතු සාධකත් එක්ක හොඳ පැහැදිලි කිරීමක් තමයි මේ කරන්න යන්නේ. ඉතින් ඔබටත් ඔබේ විශේෂ කෙනා එක්ක නිතරම ප්‍රශ්න ඇති වෙනවා නම්, වෙනත් ගැටළු තියෙනවා නම් මේ කෙටි ලිපිය කියවන්න පුංචි වෙලාවක් වැය කරන්න. ඔබ හිතනවාට වඩා ලොකු ප්‍රයෝජනයක් මේ තුළින් ඔබට අත් වේවි.

තේවල තියෙන විශේෂත්වය මොකක්ද?

drinkpreneur.com

තේ සතු මනස සන්සුන් කිරීමේ ගුණය ගැන අතීතයේ සිටම බොහෝ දෙනෙක් හොඳින් දැන සිට තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට බොහොම ආඩම්බර වෙන්න පුළුවන් ලොව හොඳම තේ අපේ රටේම තිබීම ගැන. බ්‍රිතාන්‍යයන්, යුරෝපීයයන් ඇතුළු ජාතීන් බොහොමයක් අපේ රටේ තේවලට ඇලුම් කළේ ඔවුන් ඒ ගුණය හඳුනාගත් නිසාමයි. අතීතයේ සිට පැවති මේ අත්දැකීමට මෑත කාලීනව විද්‍යාත්මකවත් ලොකු වලංගුභාවයක් ලැබිලා තියෙනවා.

කැටිචින් (Catechin), පොලිෆීනොල (polyphenol) ෆ්ලේවනොයිඩ (flavonoid) සහ ඇමයිනෝ අම්ල ඇතුළු සංයෝග ගණනාවක් තේවල අඩංගු වෙනවා වගේම හැදෙන පරිසරයේ දේශගුණය, සකසන විදිහ, තේ කෝප්පය හදන විදිහ ඇතුළුව හැම දේකින්ම මේවායේ යම් යම් කුඩා වෙනස් කම් සිදු වෙමින් තේ එකේ රසයත්, එයින් අපිට ලැබෙන ප්‍රයෝජනත් වෙනස් වෙනවා. මේ නිසාම අතීතයේ සිටම නියමාකාරයෙන් තේ එකක් හදා ගැනීම ප්‍රගුණ කළ යුතු කලාවක් ලෙසයි සැලකුණේ.

අපේ කඳුකරයේ හැදෙන්නේ ලොව උසස්ම තේ බව දන්නවාද? (mirror.lk)

කොහොම වුණත් සමස්තයක් වශයෙන් හොඳින් සාදා ගත් තේ එකකින් අපේ මොළයේ පවතින නියුරෝන සම්ප්‍රේෂක (neurotransmitters) වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරන්න දායක වෙන බව පර්යේෂණ බොහොමයකින් පෙනී ගොස් තිබෙනවා. මෙය වඩාත්ම වැදගත් වෙන්නේ මානසික ආතතිය දුරු කිරීම උදෙසායි. විවිධ අවස්ථාවල අධික මානසික ආතතියක් ඇති කරන තත්වයන්ට ලක් කරපු පිරිස්වලට තේ කෝප්පයක් පානය කරන්නට දුන් පසුව වෙනත් පාලක පානයක් ලබා දුන්නු අයට වඩා මානසික ඒකාග්‍රතාවය ඉහළ යන බව, තර්ක හැකියාව, ක්ෂණිකව යමක් වටහා ගැනීමේ හැකියාව ආදිය ඉහළ යන බවට පැහැදිලි සාක්ෂි තියෙනවා.

ඉතින් ඇයි තේ දෙකක් හදා ගන්න එක වැදගත්?

අද කාලේ කාටත් පොදු දෙයක් තමයි මානසික නොසන්සුන් බව. අපි හැමෝම ගෙවන කාර්යබහුල ජීවිතත් එක්ක නිදහසේ අනෙක් කෙනාට ඇහුම්කන් දෙන්න, තැනින් තැනින් වචන කිහිපයක් හිතට ගන්නවා වෙනුවට එයා කියන සමස්ත දෙය හොඳින් තේරුම් ගන්න, යම් ආවේගයක්, සිතිවිල්ලක් ආවම ඒක නිවැරදිව පාලනය කරගන්න, අවස්ථාවන්ට නියමාකාර ප්‍රතිචාර දක්වන්න වඩාත් අපහසුයි. ඒ හැම දේකටම මනස නිදහස් වීම සහ ආතතියෙන් තොර බව ඉතාම වැදගත් බවට සාක්ෂි ඇති තරම්.

මනස ව්‍යාකූල වුණාම තියෙන ප්‍රශ්න වැඩි වෙනවා විතරයි. (neurolink.company)

ඉතින් දෙන්නා තමන්ට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න උත්සාහ කරත් කතා කරන කරන වෙලාවට ප්‍රශ්න ඇති වෙනවා නම් එතැන තියෙන්නේ කාගේ හෝ මනසේ නොසන්සුන්බව වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. මෙතැනදී අනිත් කෙනාට වැරැද්ද දාන්න හරිම පහසුයි, හැබැයි බොහෝ අවස්ථාවල දෙදෙනාගේම වැරදි තමයි ප්‍රශ්න දුරදිග යන්න හේතු වෙන්නේ. හිතේ තියෙන අනේකවිධ ප්‍රශ්න ගැටලුත් එක්ක දෙන්නෙක් කතා කරන්න යනවා කියන්නේ ප්‍රශ්න අඩු වෙනවාට වඩා වැඩි වෙන වැඩක්. සමහරවිට අත්දැකීම් ඇති නේද?

මෙන්න මේ නිසායි දෙන්නාම තේ දෙකක් හදාගෙන ඒ තේ දෙක තොල ගාන ගමන් කතා බහ කරන එක ගොඩාක් වැදගත් වෙන්නේ. මානසික සැහැල්ලුව ලැබෙනවාත් එක්කම ප්‍රශ්න ගැන තරමක් පුළුල්ව දකින්න හැකියාව ලැබෙනවා වගේම, හදිසි, මෝඩ තීරණ ගන්න තියෙන ඉඩත් අඩු වෙලා යනවා. ඔබත්, අනිත් කෙනාත් අතර තියෙන මානසික සතුට සැළකිය යුතු ලෙස වැඩි කරන්න තේ එකකට හැකි වෙන්නේ මේ නිසායි.

හැමදාම තේ බිව්වත් හැමදාම ප්‍රශ්නද?

හැමෝම තේ බිව්වට ප්‍රශ්න නම් අඩු වෙලා නෑ නේද? (photos1.blogger.com)

ඉතින් හැමෝම තේ බොනකොටත් මේ තරම් ප්‍රශ්න ඇයි? ඒකට හේතුව අපි තේ බොන්නේ ඇත්තටම එහි සැබෑ තෘප්තිය විඳිමින් නොවීම. බොහෝ වෙලාවට උදේ නැගිටපු ගමන් සහ හවසට ගෙදර ආවට පස්සේ තමයි අපි තේ එකක් බොන්නේ. රැකියාවක් කරනවා නම් එතැනදීත් තේ කෝප්ප කිහිපයක් බොනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම තේ කියන්නේ බඩගින්නට හරි, පුරුද්දට හරි බොන දෙයක් විය යුතු නැහැ. තේ කියන්නේ සැබවින්ම අපේ සිත් සන්සුන් කරන්න බීමට ගත යුතු දෙයක්.

මෙච්චර තේ වතු තියෙන රටේ අපි තේ බොන්නේ වැරදි ක්‍රමයකට වීම ඇත්තටම අවාසනාවක්. ඒ නිසාම තේ බීමෙන් අපිට ලැබිය යුතු හැම දෙයක්ම අපෙන් නිකන්ම ඈත් වෙලා යනවා. ඉතින් හරිම සරලයි වගේ පෙනුණත් හරියට තේ එකක් හදාගන්න විදිහ ආයෙත් ඉගෙන ගනිමු. තේ එක හරියට හදා ගත්තා වගේම නිවැරදිව තේ බොන විදිහත් හොඳට කියවලා හිතට ගන්න.

තේ එකක් හරියට හදා ගන්න, හරියට තේ එක බොන්න

මුලින්ම හොඳ තේ වර්ගයක් තෝරා ගන්න එක හරිම වැදගත්. මේ සඳහා නමට පමණක් නොව සැබෑවටම තහවුරු වූ BOPF තේ වර්ගයක් තෝරා ගත යුතුයි. වගකීමක් සහ අත්දැකීම් සහිත ආයතනයකින් නියම ක්‍රමයට සාදන BOPF වර්ගයේ තේ කොළ මිලෙන් තරමක් ඉහළයි. බොරුවට BOPF කියා නම ගැසූ, බාල, ලාබ තේ එකකින් අපි කතා කරපු කිසිම දෙයක් සාර්ථකව සිදු වෙන්න ඉඩක් නෑ.

හොඳ BOPF තේ මිලෙන් ඉහළ වුණත් ලොව පුරාම අලෙවි වන්නේ එහි ගුණාත්මක බව නිසාමයි. (amazon.com)

හොඳ BOPF තේ වර්ගයක් තෝරා ගත්තාට පස්සේ අවශ්‍ය තේ කොළ ප්‍රමාණය කෝප්පයකට දාලා ඊට පස්සේ උතුරන උණු වතුර කෙළින්ම ඒ මතට වත් කරන්න. ඉන් පස්සේ හොඳින් කවලම් කරලා මිනිත්තු 3 ක් හෝ 4 ක් කෝප්පය පීරිසියෙන් වසා තබන්න. මේ විදිහට තැම්බුණේ නැති නම් තේවලින් කිසිම වැඩක් නැහැ. ඉන් පස්සේ අවශ්‍ය නම් පමණක් සීනි, කිරි සහ වෙනත් අතිරේක දේවල් එකතු කරගන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් නැතිව බීමට ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ.

තේ එක හදා ගන්න එක වගේම බොන විදිහත් හරිම වැදගත්. වැඩි දෙනෙක් බොනවා වගේ උගුරු දෙක තුනට කෝප්පය හිස් කරන එක නෙවෙයි වෙන්න ඕන. හරියට තේ බොන විදිහට ඉංග්‍රීසියෙන් කියන්නේ “Sipping”කියලයි. මේකට සිංහලෙන් “තොල ගෑම” කියලා කියනවා. මේකේ අදහස හෙමින් හෙමින්, තේ එකේ රස විඳිමින් බීමට ගන්න එකයි.

මේ විදිහට තේ හදාගෙන, බොන ගමන් කතා බහ කරලා බලමුද?

ඉතින් දැන් ඔබ තේ නිවැරදිව හදාගන්න විදිහ වගේම එය බොන විදිහත් දන්නවානේ. දැන් කරන්න තියෙන්නේ දෙන්නා එක්කම නිදහස් වෙලාවක් හොයාගෙන, මේ විදිහට තේ දෙකක් හදාගෙන, එක ළඟින් වාඩි වෙලා නිදහසේ කතා බහ කරන එකයි. කෙළින්ම ප්‍රශ්න ගැන කතා කරන්න අවශ්‍ය නැහැ, හිතේ තියෙන දේවල් ගැන කතා බහ කරන්න පටන් ගන්න. කතා බහ අතරෙත් හෙමින් හෙමින් තේ දෙක තොල ගාන්න.

හොඳ BOPF තේ එකක් අතේ තියෙනකොට කතා කරන්න දේවල් ඕන තරම්. (youtube.com/zestatea)

ඔබට මුල් දවසෙම වුණත් වෙනදාට වඩා අනෙක් කෙනාට සමීප බවක්, තෘප්තිකර බවක් දැනේවි. නමුත් මේක ටික දවසක් නොකඩවා කරන්න. ඔබේ සම්බන්ධතාවය සැළකිය යුතු විදිහට හොඳ අතට හැරෙන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. මේක පුංචි චැලේන්ජ් එකක් විදිහට අරන් කරලා බලන්න. ලොකු වියදමක් යන, අපහසු දේකුත් නෙවෙයිනේ. එහෙම නේද? හැබැයි ලැබෙන ප්‍රයෝජනය නම් ඉතාම ඉහළයි.

සැබෑ BOPF තේ එකක් හරියට හදාගෙන, හරියට බොමින් කතා බහ කරාම ඇති වෙන වෙනස වැඩි කලක් යන්න කලින් ඔබටම වැටහේවි. අපි මුලින්ම කිව්ව, ඔබට හිනා ගිය කතාව ඇත්තක් බවත් ඔබටම තේරුම් යාවි. අපේ රටේ සම්බන්ධතාවල තියෙන ප්‍රශ්න සේරටම විසඳුම තේ එකක් හදාගෙන බොන ගමන් කතා කරන එක බව තේරුණා නේද? මේ පුංචි උපාය ගැන අනිත් අයවත් දැනුවත් කරන්නත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ඔබ කරන්නේ ලොකු සමාජ සේවයක් වෙන්න ඉඩ තියෙනවා.

කවරයේ රූපය : huffpost.com

Related Articles