Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම වීඩියෝ එක දැක්කද?

ඔබත් ශ්‍රී ලාංකිකයෙක් නම්, නිතර ෆේස්බුක් එකේ ඉන්න කෙනෙක් නම් අපි මේ කියන්න යන්නේ මොකක්ද කියන එක ගැන දැනටමත් හොඳටම දන්නවා ඇති. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්න අලුත් වීඩියෝ එකක් මේ දවස් වල ෆේස්බුක් එක පුරාම ප්‍රචාරය වෙනවා. ඔබත් මේ වීඩියෝ එක අපි කියන්න කලින් දැකලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇසට කඳුලක් උනන්න ඇති..

මේ වීඩියෝ එකේ නම වුණේ “Our National Cricketers Like You’ve Never Seen Them Before”, එහෙමත් නැතිනම් “අපේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ඔබ කවදාවත් නොදුටු විදිහට” කියලයි. මේ වීඩියෝ එක ඇත්තටම මටත් හමු වුණේ අහම්බයෙන්. මම එදා ඒක share කළා විතරයි මගේ යාළුවො මිත්‍රයෝ, නැන්දලා මාමලා ඇතුළුව හැමෝම ඒක තව තවත් එයාලගේ Timeline වල share කරන්න පටන් ගත්තා. මට වගේම ලංකාවේ බොහෝ දෙනෙක්ට මේ වීඩියෝ එක දැකලා හදවත උණු වෙන්න ඇති කියලා මම තේරුම් ගත්තේ ආපහු බලන්න ආස හිතිලා Youtube එකේ සර්ච් කරලා බලපු වෙලාවේ. ලොකුවට මියුසික් වීඩියෝ හදලා දාන ගායකයන්ටවත් Views ලක්ෂයක් ගන්න අමාරු මේ කාලේ මේ පුංචි වීඩියෝ එකට Views 440,000කටත් වඩා තියෙනවා දකින්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි, Likes 4500ක් එක්ක 4600කට වැඩි පිරිසක් මේක share කරලත් තිබුණා. කෙටි කාලෙකින් මේ තරම් ජනප්‍රිය වුණේ ඇයි කියන එක මේ වීඩියෝ එක එක පාරක් බැලුවොත් ඔබටම වුණත් වැටහේවි.

වීඩියෝ එක පටන් ගන්නේ පුංචි ළමයෙක් කතා කරන හඬින්. එයා තමන්වත්, තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමත් හඳුන්වලා දෙනවා. සෙල්ලම් වයසේ ඉන්න මේ පොඩ්ඩන්ගේ මුහුණු දකිනකොට, ඔවුන් වචන ගළප ගළපා කතා කරනකොට බලන කාටත් “අනේ” කියලා කියවෙන්නේ නොදැනුවත්වමයි. ෆයර්බෝයිස් (Fireboys) කියලා හොඳට පැහිච්ච නමකුත් දාගෙන මෙයාලා ලෑස්ති වෙන්නේ කවදා හරි ලොකු මැච් එකක් සෙල්ලම් කරන්න. නිතර නිතර ක්‍රිකට් මැච් බලන, හැමදාම හවසට අඳුරු වැටෙනකන් ක්‍රිකට් ගහන, ක්‍රිකට් පිස්සුවෙන් ඉන්න මේ කාණ්ඩයට අලුත් අභියෝගයක් ලැබිලා. ඒ තමයි ටික දවසකින් පැවැත්වෙන තරඟයකට ඉදිරිපත් වෙලා පුළුවන් නම් ජයග්‍රහණය කරන්න කියන එක.

හැමදාම ක්‍රිකට් ගැහුවත් මෙයාලා ළඟ තියෙන එකම ක්‍රිකට් උපකරණය බැට් එකකුයි බෝලෙකුයි විතරයි. හැබැයි නෑ බෑ නොකියා පුළුවන් උපරිම විදිහට ප්‍රැක්ටිස් කරලා එන ඕනෑම කණ්ඩායමක් පරදවනවා කියන අධිෂ්ටානයෙන් තමයි මෙයාල ඉන්නේ. පුහුණු වෙන්නත් හරි තැනක් නැති වුණත් යාන්තම් කොළඹ බංගසාල වීදියේ පැත්තක තියෙන “මැටි පාක්” කියලා පුංචි පිට්ටනියක මෙයාල අමාරුවෙන් වුණත් පුහුණු වීම් කරනවා. බැට් එකක් බෝලයක් අතින් අල්ලපු දවසේ ඉඳන් මෙයාලා කාගේත් එකම සිහිනය වෙලා තියෙන්නේ කවදා හරි ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන එක.

ඉතින් මොකක්ද ඇත්තටම මේ වීඩියෝව පිටුපස තියෙන කතාව? මෑතකදී අපේ ජාතික කණ්ඩායමේ නිල රක්ෂණ අනුග්‍රාහකයා විදිහට තේරී පත් වුණු AIA ඉන්ෂුවරන්ස් සමාගම ඒ නිමිත්තෙන් ඔවුන්ගේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට දැවැන්ත 3D ක්‍රිකට් බෝලයක් නිරාවරණය කළා. මේ ගොඩනැගිල්ල තියෙන්නේ කුමාර් ගුණරත්නම් මාවතට මුහුණලා, තවත් විදිහකින් කිව්වොත් අපේ ෆයර්බෝයිස් කට්ටියගේ ගෙවල් තියෙන හරියේමයි. AIA බෝඩ් එක නිතරම දැක්කත් ඔවුන් වැඩිපුර ඒ ගැන උනන්දු වෙන්න ගත්තේ එතැන ලොකුවට ක්‍රිකට් බෝලයක් හදනවා කියලා දැනගත්තු දවසේ ඉඳන්.

ඉතින් එදා මේ බෝලය නිරාවරණය කරන උත්සවයට ආපු AIA එකේ ලොකු ලොකු මහත්වරුන්ටත් මේ ෆයර්බෝයිස් කණ්ඩායම මුණ ගැහුණා. ඔවුන්ගේ දක්ෂතාවය සහ උනන්දුව දැකලා තමයි AIA ඉන්ෂුවරන්ස් එකට මේ අදහස ඇති වුණේ. හැමදාමත් ක්‍රිකට් පිස්සුවෙන් ඉන්න මේ පුංචි කණ්ඩායමට සම්පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දීලා ජාතික කණ්ඩායමත් එක්ක මැච් එකක් ගහන්න අවස්ථාවක් ඔවුන් රහසේම සංවිධානය කළා. ඔවුන් ජාතික කණ්ඩායමේ නිල රක්ෂණ සහකරුවන් නිසා ඒ වැඩේ ගොඩක් අමාරු වුණේ නැහැ. රටේ අනාගත ක්‍රිකට් වීරයන් වෙන්න ඉන්න පිරිසකට ලබා දෙන අවස්ථාවට අපේ ජාතික ක්‍රීඩකයන් කවුරුත් හරිම ආසාවෙන් එකතු වුණා.

මේ සේරම වැඩකටයුතු රහසේ වෙන අතරේ ෆයර්බෝයිස්ලා එක්ක කතා කරපු AIA එකේ “නැන්දලා මාමලා” එයාලට මැච් එකක් ගහන්න එන්න ආරාධනා කරනවා. හැමදාමත් ක්‍රිකට් ගහන අපේ “ගින්දර කොල්ලන්” ට මේක තමයි ඉතින් දවසේ ආරංචිය. “අනිත් පැත්තෙන් එන කණ්ඩායම ලේසි පහසු නැහැ, හරියට ප්‍රැක්ටිස් නොකළොත් එයාල එක්ක දිනනවා බොරු” මේ වගේ කතා තමයි ඔවුන් අතරේ ඇති වෙන්නේ. ආපු අභියෝගය බය නැතිව භාර අරගෙන එන ඕනෑම කණ්ඩායමකට ෆයර්බෝයිස්ලා කවුද කියන එක පෙන්නන්න මෙයාලා උදේ හවස මහන්සි වෙලා හොඳටම පුහුණු වෙනවා.

ඔන්න කොහොම හරි අද එයාලාගේ මැච් දවසත් උදා වෙලා. උදේ පාන්දරම ඇහැරිලා AIA ඉන්ෂුවරන්ස් එකෙන් ලැබුණු ට්‍රැක් කිට් එකත් ඇඳගෙන කිරි කොක්කු වගේ මෙයාලා බස් එකට නගින්නේ අද නම් කවුරු ආවත් ගහනවා කියලා ලොකු අධිෂ්ටානයකින්. තමන් හොඳට ප්‍රැක්ටිස් කරපු නිසා එයාලට ලොකු බයක් නැහැ. ඒත් අනිත් ටීම් එකේ ඉන්නේ කවුද කියලා දන්නේ නැති නිසා පොඩි දෙගිඩියාවකුත් නැතිවම නෙවෙයි. හැබැයි බස් එකට නැගලා ගමන යන්න පටන් ගත්තු ගමන් මෙයාලට ඒ ප්‍රශ්න සේරම අමතක වෙලා ළමා ගතිය එළියට එනවා. හොඳ ජොලියක් දාගෙන සින්දු කිය කියා තමයි එයාල පිට්ටනියට යන්නේ.

පිට්ටනියට ගිහින් එයාලා බලාගෙන ඉන්නේ අනිත් පැත්තෙන් එන කණ්ඩායම කවුද කියලා දැන ගන්නයි. බලාපොරොත්තු වුන් නැති පුදුමාකාරම දේකට තමයි එයාලට මුහුණ දෙන්න වෙන්නේ. අනිත් පැත්තේ ටීම් එක වෙන කවුරුත් නෙවෙයි, ශ්‍රී ලංකාවේ නැෂනල් ක්‍රිකට් ටීම් එක! එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, ඇන්ජලෝ ඇතුළු මුළු කණ්ඩායමම ඉන්නවා!! එක පාරටම පුදුමයෙනුත්, ඉන් පස්සේ පුදුම සතුටකිනුත් ෆයර්බෝයිස්ලා ඔවුන් වටේ එකතු වෙන්නේ කවදාවත් දකින්න නොලැබෙන එයාලගේ ලොකුම වීරයන් එක්ක මැච් එකක් සෙල්ලම් කරන්න ලැබුණු ප්‍රීතිය බෙදා ගන්න. ජීවිතයේ කාටවත්ම නොලැබෙන අවස්ථාවක් තමයි ඔවුන්ට ලැබිලා තියෙන්නේ.

මේ සිද්ධිය ගැන හැදුණු වීඩියෝ එක මේ තරම් ජනප්‍රිය වුණේ ඇයිද කියන එක දැන් ඔබටත් තේරෙනවා ඇති. නිකමට ගිහින් වීඩියෝ එකට වැටිලා තියෙන කමෙන්ට් ටිකක් කියෙව්වා නම් ඔබටත් ඒ දරුවන්ට එදා දැනුණු සතුට ඒ විදිහටම දැනේවි. වීඩියෝ එක බලලා මතු වුණු සිනාවන් සහ සතුටු කඳුළු අතරේ තමනුත් පුංචි දරුවන් විදිහට ක්‍රිකට් සෙල්ලම් කරපු සුන්දර අතීතයට හැමෝම ආයෙත් ගෙන ගියා කියන කතාව හැම තැනම දකින්න පුළුවන්. රටේත් ලෝකයේත් විශාලම පිළිගැනීමක් තියෙන සමාගමක් තමන්ගේ කාලය සහ සම්පත් කැප කරලා මේ දරුවන්ට ලබා දුන්නු අමතක නොවෙන තෑග්ග ගැන කවුරුත් ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. කවදාවත් සැබෑ නොවේවි කියලා හිතුණු හීනයක් හැබෑ කරලා දුන්නු AIA සමාගම වගේ බලාපොරොත්තු දල්වන වැඩසටහන් වලට හැමෝටම එකතු වෙන්න කියන එක බොහෝ දෙනා කරලා තිබුණු ඉල්ලීමක්.

මේ වීඩියෝ එකේ මම දැකපු විශේෂම දේ තමයි ඩිජිටල්කරණය වුණු ලෝකයෙන් බැහැර වෙලා සැබෑ ලෝකයේ ජීවත් වෙන මනුෂ්‍ය හදවත් වලට කතා කරන්න තිබුණු හැකියාව. මේ වීඩියෝව එක පාරක් බලපු ඕනෑම කෙනෙක් ඒ ගැන තව කෙනෙකුට කියන්නේ ඒ ගුණාංගය නිසාමයි. මම මේ වීඩියෝව ගැන මම වැඩකරන තැන කෙනෙක්ට කියලා වැඩි වෙලාවක් යන්නත් කලින් කිහිප දෙනෙක්ම මගේ ලඟටත් ඇවිත් “අනේ මේක බලන්න” කියලා ආසාවෙන් මටත් වීඩියෝ පෙන්නුවා. ඔවුන් වැඩි දෙනා ක්‍රිකට් ගැන මහා ලොකු උනන්දුවක් තියෙන අයවත්, දකින දකින දේ ගැන කතා කරන අයවත් නෙවෙයි. මේ වීඩියෝ එක දැකලා හිත උණු වුණු නිසාමයි ඔවුන්ට ඒක තව කෙනෙක්ට පෙන්නන්න හිතිලා තියෙන්නේ.

වීඩියෝ එක අවසාන වෙන්නේ බොහොම වැදගත් වාක්‍යයකින්. ඒ තමයි “සැබෑ ජීවිතය ඔබ හිතනවාට වඩා ලස්සන වෙනවා, කවදාවත් සිහින දකින එක නවත්වන්න එපා” (Real life gets better, Never stop dreaming..) කියන එක. AIA එකට “Real Life Company” එකක් කියලා කියන්නේ නිකන් නොවෙන බව මට තේරුණේ ඒ වෙලාවේ. ඔබට පුළුවන් නම් මුහුණට සිනාවක් නගා ගන්නේ නැතිව මේ වීඩියෝ එක දිගටම බලන්න, ඔට්ටුයි බැහැ!

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles