Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මතක තබා ගැනීමේ ශක්තිය අඩු කරන නරක පුරුදු කිහිපයක්

මිනිසා කියන වචනය හැදිලා තියෙන්නේ මනසින් උසස් කියන අදහස ඇතිවයි. ලෝකයේ සිටින සියලුම ජීවීන් අතරින් ශරීර බරෙන් වැඩිම ප්‍රතිශතයක බරක් සහිත මොළයක් තිබෙන ජීවියා වෙන්නේ මිනිසායි. අනිත් සියලුම ජීවීන් සතුන් විදිහට හඳුන්වද්දී අපි අපිව මනුෂ්‍යයන් විදිහට ඔවුන්ගෙන් වෙන් වූ සුවිශේෂ කොට්ඨාශයක් කියලා හඳුන්වා ගන්නවා. මිනිස්සු සත්තුන්ට වඩා වෙනස් වෙන ප්‍රධානම කාරණාව තමයි බුද්ධි මට්ටම. ඊළඟට බුද්ධිමත්ම ජීවියා වන චිම්පන්සියාට වඩා ඉහළ බුද්ධි මට්ටමක් කුඩා දරුවෙකුට පවා තිබෙනවා.

මිනිසාට පසුව ඉහළම බුද්ධියක් ඇති චිම්පන්සියන් වුණත් කුඩා දරුවෙක් තරම්වත් බුද්ධිමත් නෑ. (nationalgeographic.com)

මිනිස් බුද්ධියේ බලවත් බව සනාත කරන්න ඒ සතුව තිබෙන විවිධ හැකියාවන් මිනුම් දඬු විදිහට ගන්න පුළුවන්. වටහා ගැනීමේ හැකියාව, විශ්ලේෂණ හැකියාව, නිර්මාණශීලී හැකියාව වගේම තවත් ඉතාම වැදගත් හැකියාවක් තමයි මතක තබා ගැනීමේ හැකියාව. ඕනෑම දෙයක් නිවැරදිව තේරුම් ගන්න නම් ඊට අදාළ මූලික කරුණු මතකයේ තිබිය යුතුයි. මේ නිසාම බුද්ධිමත්, පුළුල් දැනුමක් ඇති ඕනෑම කෙනෙක් සතුව ඉතාම හොඳ මතක තබා ගැනීමේ ශක්තියක් පවතිනවා.

ජීවිතයේ බොහෝ කටයුතුවලදී හොඳ මතක ශක්තියක් පැවතීම ඉතාම වැදගත්. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීත්, උසස් අධ්‍යාපනය ලබන කාලයේදීත්, ඕනෑම රැකියාවක යෙදෙන අවස්ථාවකදීත් හොඳ මතක ශක්තියක් තිබීම අත්‍යාවශ්‍යයි. මතක තබා ගැනීමේ ශක්තියේ තිබෙන වැදගත්කම ඇල්ෂයිමර් රෝගය (Alzheimer’s decease) වගේ මතක ශක්තිය අහිමි කරන රෝගයක් හැදුණොත් හරි, ඒ වගේ රෝගයක් තියෙන කෙනෙක් එක්ක පොඩි වෙලාවක් කතා කරොත් හරි හොඳට තේරුම් ගන්න පුළුවන් වේවි.

කොහොම නමුත් අපි වැඩි දෙනාගේ මතක ශක්තිය අඩු වෙන්න හේතු වෙන්නේ අපේම නරක පුරුදු. ඒ දේවල් මග හරවා ගන්නේ කොහොමද කියන එක ගැනත්, ගිලිහෙන මතක ශක්තිය වැඩි කර ගන්නා ක්‍රම ගැනත් මේ ලිපියෙන් කතා බහ කෙරෙනවා.

ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම

මතක ශක්තිය විතරක් නෙවෙයි, අපේ බුද්ධියට, මොළයට විශාල හානියක් සිදු කරන දෙයක් තමයි ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නේ නැති එක. අපි වැඩි දෙනා අද ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක නින්ද ලබා ගන්න තිබෙන අවස්ථාවන් බොහෝ අඩු වෙලා. හිතට ගන්න අවශ්‍ය වැදගත්ම දෙයක් තමයි හැකි සෑම අවස්ථාවකම එක දිගට නිදා ගන්න එක. රෑට ටිකක් නිදාගෙන දවල්ට ආයෙත් නිදාගන්න පුරුදු වෙන එක ඒ තරම් හොඳ නැහැ.

වඩාත්ම වැදගත් වන්නේ නොකඩවා වැඩි වේලාවක් REM නින්දක් ලබා ගැනීමයි. (bbc.com)

අපි සාමාන්‍යයෙන් තද නින්ද කියා හඳුන්වන අවස්ථාවේ අපේ ඇස් වේගයෙන් එහා මෙහා වෙන අවධියක් තියෙනවා. මේක හඳුන්වන්නේ REM sleep කියලයි. අපිට සිහින පේන්නේත් මේ කාලය තුළ පමණයි. “වේගයෙන් ඇස් චලනය වෙන” කියන අදහස තියෙන Rapid Eye Movement යන්නේ මුල් අකුරුවලින් තමයි REM කියන වචනය හැදිලා තියෙන්නේ. මේ REM නින්ද (රෙම් නින්ද කියලයි භාවිත වෙන්නේ) වැඩි කාලයක් ලබා ගන්න එක මතක ශක්තියට වගේම අවධානය පවත්වාගෙන ඉන්නත් හරිම වැදගත් බව බොහෝ පරීක්ෂණවලින් තහවුරු වෙලා තිබෙනවා. මේ නින්දට වැටෙන්න නම් එක දිගට වැඩි කාලයක් නිදා ගැනීම අවශ්‍යයි. කෙටි නින්දවල් කිහිපයක් ලැබුවාට ප්‍රමාණවත් රෙම් නින්දක් ලැබෙන්නේ නැහැ.

කාලය වගේම නිදාගන්නා ආකාරයත් ඉතා වැදගත්. වඩාත්ම සුදුසු වෙන්නේ තනිකරම අඳුරේ නිදා ගැනීමයි, නමුත් දීප්තියෙන් ඉතා අඩු ආලෝකයක් තිබුණත් ලොකු ගැටළුවක් නැහැ. ඉහළ ආලෝක මට්ටමක නිදා ගන්නකොට රෙම් නින්දට එන්න බැරි වෙනවා. වරින් වර ඇසෙන ශබ්ද, සිතේ නොසන්සුන්කම, අසීරු ස්ථානවල හෝ ඉරියව්වලින් නිදා ගන්නකොටත් ප්‍රමාණවත් රෙම් නින්දක් ලබා ගන්න බැහැ.

අද කාලේ බොහෝ දෙනෙක්ට නින්ද නොයන්න හේතු වෙන තව දෙයක් තමයි දුරකථන තිර. මේවායෙන් නිකුත් වෙන නිල් ආලෝක කොටස විශේෂයෙන්ම නින්ද අඩු වෙන්න බලපාන බව සොයාගෙන තිබෙනවා. ප්‍රමාණවත් ව්‍යායාම නොලැබීම, උත්තේජක අධික ආහාර පාන ගැනීම වගේ දේවල් නිසාත් නින්දට ගැටළු මතු වෙනවා.

ඉතින් මතක ශක්තිය තියා ගන්න නම් නින්ද ඉතා අවශ්‍යයි. හැබැයි ඉතින් මතක ශක්තිය බොහෝ සෙයින් අවශ්‍ය වැඩි දෙනෙක් ලබා නොගන්නම දේත් නින්ද තමයි.

ආහාර පානවල අසම්පූර්ණ බව නිසා ඇති වන පෝෂණ ඌණතා

මිනිසා නිර්මාණය වෙන්නේ මව් කුසක් තුළදී වුණත් මිනිසා හැදෙන්නේ වැඩෙන්නේ කන බොන දේවල්වලිනුයි. අපේ ශරීරය සිදු කරන සියලුම ජීවී ක්‍රියාවලට සම්පූර්ණ ශක්තිය ලබා දෙන්නේත්, සිරුරට අවශ්‍ය හැම රසායන ප්‍රතික්‍රියාවකටම වගේ අමුද්‍රව්‍ය සපයන්නේත් අපි ගන්නා ආහාර පානවලින්. ඉතින් නිසි මට්ටමේ ශක්ති ප්‍රමාණයක් සහිත ආහාර පාන ප්‍රමාණයක් දිනපතා ගැනීමත්, ඒ ආහාර සතුව අපේ ජීවී ප්‍රතික්‍රියාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හැකි තරම් ඉහළ ප්‍රමාණයකුත් අන්තර්ගත වීමත් අපේ දිවියට අත්‍යාවශ්‍යයි.

සියළු පෝෂක නිසි ප්‍රමාණවලින් ඇති සමබල ආහාර වේලක් මතක ශක්තියට වගේම අනිත් හැම දේටමත් වැදගත්. (coastalcap.org)

මනසේ මනා ක්‍රියාකාරීත්වයටත්, මතක තබා ගැනීමේ ශක්තිය වර්ධනයටත් ඉතාම වැදගත් වෙන්නේ ඔමේගා – 3 වර්ගයේ මේද අම්ල සංයෝගයි. මීට අමතරව ආහාරවල කුඩා ප්‍රමාණවලින් ඇති ඛණිජ ලවණ, විටමින් වර්ග ඇතුළු විවිධාකාර සංයෝගත් අපේ මතක ශක්තිය වර්ධනයට අත්‍යවශ්‍ය දේවල්. මිනිස් මොළය තුළ මතකය ගබඩා වෙන්නෙත්, ඒවා ඉක්මණින් මතකයට ගැනීමට හැකි වෙන්නේත් ස්නායු ආවේග ඇතුළුව මොළය තුළ අැති වන විද්‍යුත් සම්බන්ධතාවල මනා ක්‍රියාකාරීත්වය හින්දයි. එ් හැම දේටම අපි එතරම් කෑමට නොගන්නා දේවල්වල අඩංගු ක්ෂුද්‍ර පෝෂක විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. මේ නිසා හැමදාම එකම විදිහේ ආහාර වේලක් නොගෙන නැවුම් එළවලු, පලතුරු, මස් මාළු, බිත්තර වගේ අපි ඉහත කියපු විවිධාකාර සංයෝග අඩංගු ආහාර ලබා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. නිතර පිරිසිදු ජලය පානය කරන එකත් හරිම වැදගත්.

මතක ශක්තිය වගේම නීරෝගීව ඉන්න අවශ්‍ය හැම දේකටමත් සමබල ආහාර වේලක වැදගත්කම කියලා නිම කරන්න බැහැ. ආහාරවලින් තමන්ට අවශ්‍ය පෝෂක ලැබෙන්නේ නැති නම් යම් පිළිගත් අතිරේකයක් පාවිච්චි කිරීමත් සාර්ථක විසඳුමක්.

දුම්පානය, මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයේ ගැටළු

මෙතෙක් කාලයකට සොයාගෙන ඇති, මිනිස් සිරුරට වැඩිම හානියක් කරන දේවල් මොනවාද කිව්වොත් දුම් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය ඒ ලැයිස්තුවේ ඉහළම ස්ථානයක තිබෙනවා. මේවයේ පවතින ඇබ්බැහි වීමේ ලක්ෂණයත්, කෙටි කලකට සිරුරේ ස්නායු පද්ධතිය අඩපණ කරලා සංවේදන දැනීමේ හැකියාව අඩු කරවීමත් කියන දෙක එකට එකතු වුණාම ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට මත්ද්‍රව්‍ය ගන්න එක, දුම් පානය කරන එක කරන්න තියෙන හොඳම දේ කියලා පෙනෙන තත්වයක් පහසුවෙන්ම ඇති වෙනවා. අපේ සිරුරටත්, අපි වටා ඉන්න සමාජයටත් මේ තරම් වින කරන තවත් දේවල් තියෙන්නේ බොහොම කලාතුරකින්.

මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්පානය කෙළින්ම බලපාන්නේ අපේ ස්නායු පද්ධතියටයි. අපේ මොළයත්, සුශුම්නාවත්, ස්නායු පද්ධතියේ අනිත් කොටස් අතරත් තිබෙන සන්නිවේදන ක්‍රියාවලිය අඩපණ කරන එකයි මේවායෙන් කෙරෙන්නේ. (ඇබ්බැහි වීම ඉහළ නංවන සංයෝගත් බොහොමයක් මේවා තුළ අන්තර්ගත වෙනවා) එතකොට තාවකාලිකව ලොකු සතුටක්, සන්සුන් බවක්, ප්‍රශ්න අමතක වන බවක්, තමන් හරිම ආකර්ෂණීය කෙනෙක් වගේ මානසික මට්ටම් හට ගන්නවා. තාවකාලිකව කෙරෙන මේ අඩපණ කිරීම් ඇබ්බැහියත් එක්ක නිතර නිතර සිදු කිරීමෙන් ස්නායු පද්ධතියට කල් පවතින හානි සිදු වෙන්න පුළුවන්. සිරුරට සිදු වෙන අනිත් හානි අති විශාල සංඛ්‍යාවකට අමතරව මනසේ දෝෂ හට ගන්නත් මේවා භාවිතය ප්‍රධාන හේතුවක් වෙන්නේ ඒ නිසයි.

කොච්චර කොහොම කිව්වත් අතහරින්නේ නැති දුම්පානය සහ මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍ය පාවිච්චිය මිනිස් මතක ශක්තියට විශාල හානියක් සිදු කරනවා. (howstuffworks.com)

කොච්චර කිව්වත් මේ දේවල්වලින් ඉවත් වෙන්න හිතන්නේ නම් කිහිප දෙනෙක් විතරයි. ඉතින් ඒවා භාවිතය හැකි තරම් අඩු කරගන්න බලන්න කියලා තමයි උපදෙස් දෙන්න තියෙන්නේ. මතක ශක්තිය ඉහළින් තියා ගන්න නම් මේවා නිතර භාවිතය නවත්වන්නම වෙනවා.

මතක ශක්තිය දියුණු කරගන්න කළ හැකි දේවල්

අපි කලින් කියපු දේවල් ආපහු සැරයක් මතක් කරගත්තොත් මතක ශක්තිය හොඳින් පවත්වා ගන්න වඩාත් වැදගත් වෙන්නේ ප්‍රමාණවත් රෙම් නින්දක් ලබා ගැනීම, සිරුරට අවශ්‍ය පෝෂක (විශේෂයෙන්ම කුඩා ප්‍රමාණවලින් අඩංගු විටමින්, ඛණිජ ලවණ, මේද අම්ල වගේ) හැකි තරම් ඉහළ ප්‍රතිශතයක් අඩංගු වෙන විදිහට සමබල ආහාර වේලක් ගැනීම සහ මතක ශක්තියට කෙළින්ම හානි පමුණුවන දුම්පානය, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හැකි තරම් අවම කරගැනීම කියන කාරණා තුනයි.

මේවාට අමතරව හැකි තරම් සතුටින් සිටීමට උත්සාහ කිරීම, ප්‍රශ්න ගැන නිතර සිතමින් මනස වෙහෙසීමෙන් වැළකීම, මානසික ආතතිය අවම වෙන ආකාරයෙන් කටයුතු කිරීම, ප්‍රමාණවත් ලෙස ව්‍යායාම ලබා ගැනීම, හොඳ සමාජශීලී ජීවිතයක් පවත්වාගෙන යාම, අධික ශබ්ද නිතර ඇසීම නැවැත්වීම, සීමාව ඉක්මවා මනස වෙහෙසීමෙන් වැළකීම, භාවනා ඇතුළු මනස සන්සුන් කරවන කටයුතුවල යෙදීම වගේ දේවලුත් මතක ශක්තිය හොඳින් පවත්වාගෙන යන්න උදව් වෙනවා.

ලුණුවිල, එහෙමත් නැතිනම් බ්‍රාහ්මී පැළෑටියේ සාරය අඩංගු බරාකා Memo + භාවිත කිරීමත් හොඳ විසඳුමක්

මිනිසාගේ ස්නායු පද්ධතියටත්, මතක ශක්තියටත් ලුණුවිල ශාකයෙන් ලැබෙන ප්‍රතිලාභ නවීන පරීක්ෂණ විශාල ගණනකින් තහවුරු වී තිබෙනවා. (plantedtank.org)

අපි මේ කියපු කාරණා සේරම කියවලා වුණත් තමන් මෙතෙක් කල් පුරුදු වුණු ක්‍රමය වෙනස් කරගන්න කැමති නැති, එහෙමත් නැතිනම් විවිධ හේතු නිසා එහෙම කිරීම අපහසු අය ඕනෑ තරම් ඉන්න පුළුවන්. ආහාරවලින්ම අවශ්‍ය සියළුම පෝෂක ලබා ගන්න ඉතාම අමාරුයි. අපි ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක ගුණදායක ආහාරම හැම වෙලේම කෑමට ගන්න එකත් ප්‍රායෝගිකව අපහසුයිනේ. ඉතින් හොඳම දේ තමයි පිළිගත් අතිරේකයක් පාවිච්චි කරන එක.

බරකා නිවසින් එන Memo + (මෙමෝ ප්ලස්) කියන්නේ ඕනෑම කෙනෙකුට බය නැතිව නිර්දේශ කරන්න පුළුවන් මතක ශක්තිය වඩවන ආයුර්වේද නිෂ්පාදනයක්. මතක ශක්තිය දියුණු කරන බෙහෙතක් විදිහට ආයුර්වේදය ඇතුළු පෙරදිග දේශීය වෛද්‍ය ක්‍රම ගණනාවකම භාවිත වෙන ලුණුවිල ජලජ පැළෑටිය මෙහි අඩංගුයි. මෑත කාලීනව සිදු කරපු විද්‍යාත්මක පරීක්ෂණ විශාල ප්‍රමාණයකින් මෙය මිනිස් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වර්ධනය කරන්න දායක වෙන බව තහවුරු වී තිබෙනවා. ඒ බව ලුණුවිල පැළෑටියේ විද්‍යාත්මක නාමය වන Bacopa Monnieri යන්න නිකමට සර්ච් කරලා බැලුවොත් ඔබටම තහවුරු කර ගන්න පුළුවන්. බුද්ධිමතුන් අතර ඉහළම තලයේ සිටින පිරිසක් ලෙස සැලකෙන බ්‍රාහ්මී ශාස්තෘවරුන්ගේ නමින් මෙය “බ්‍රාහ්මී පැළෑටිය” ලෙස හඳුන්වන්නේ නිකන් නෙවෙයි.

අසීමිතව ගුණ දෙන නිසාම ලොව පුරා ප්‍රසිද්ධව ඇති කළුදුරු තෙලුත් මෙම නිෂ්පාදනය තුළ අඩංගුයි. පිරිසිදු තත්වයෙන් ලබා ගන්න ඉතාම අපහසු ඔමේගා – 3 මේද අම්ල ලබා ගන්න කළුදුරු තෙල් ඉතාම හොඳ ප්‍රභවයක්. මේ ශාක ප්‍රභව දෙකේම සාරය ඉතාම විද්‍යානුකූලව ලබාගෙන, ඒවායේ ගුණ සුරැකෙන ආකාරයෙන් නිෂ්පාදනය කෙරෙන, අන්තර්ජාතික හා දේශීය තත්ත්ව සහතික ගණනාවකින් පිදුම් ලැබූ බරාකා ආයතනයේ මෙමෝ ප්ලස් නිෂ්පාදනය මතක ශක්තිය පහසුවෙන් වඩවා ගන්න උත්සාහ කරන කාටත් තියෙන සාර්ථකම ක්‍රමය කියා හඳුන්වන්න පුළුවන්.

(baraka.lk)

මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අමතරව අවධානය පවත්වා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම ඇතුළු තවත් ප්‍රයෝජන ගණනාවක්ම බරකා Memo + භාවිතයෙන් ලබා ගන්න හැකියාව තිබෙනවා.

මෙතෙක් කියපු දේවල් හොඳින් හිතට අරගෙන තමන්ගේ මානසික හැකියාව හොඳ මට්ටමක පවත්වා ගෙන යන්න කවුරුත් උත්සාහ ගන්නවා නම් හොඳයි. ඉතාම කාර්යබහුල ලෝකයක් තුළ මිනිසාට වඩාත් අවශ්‍ය වන්නේ නිරවුල් මනසකින් තමන්ගේ කටයුතු කරගන්න තියෙන හැකියාවයි. අද ලෝකයේ තිබෙන ප්‍රශ්න අති බහුතරයකට හේතුවත් කවුරුන් හෝ කොතැනක හෝ නිවැරදිව මනස මෙහෙයවන්නේ නැතිව ගත්තු තීරණ බව ටිකක් කල්පනා කරොත් ඔබටත් වැටහේවි. අවසාන වශයෙන් අප සතුන්ගෙන් වෙනස් වන්නටත්, අපිව මිනිසුන් ලෙස හඳුන්වා ගන්නත් ප්‍රධානතම හේතුව වන්නේ අපේ උසස් මනස බව නැවතත් සිහියට අරගෙන, කවුරුත් එය එසේම පවත්වා ගන්නට කැප වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා.

කවරයේ රූපය: thepling.com

Related Articles