Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ සම ඉක්මනින් වියපත් වීම වළක්වා ගන්නේ කොහොමද?

එදිනෙදා රැකියා සහ වෙනත් වැඩ කටයුතු සදහා යන ඔබට ටික වෙලාවක් ගත වන විට සමෙහි සිදු වන වෙනස ගැන ඉතා හොඳ අවබෝධයක් ඇති. හැකි සෑම අවස්ථාවකදීම මුහුණ සේදීමට අප උත්සාහ කරන්නේ ඒ නිස යි. ඉක්මනින් වයසට යාම පාලනය කරගනිමින් බාහිර පරිසර සාධක වලින් බේරී සිටින්නේ කොහොමද සහ තරුණ පෙනුම රැකගන්න බාහිර සම අලංකාරව පවත්වා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ඔබට මේ ලිපියෙන් පිළිතුරක් ලැබේවි.

 

https://i2.wp.com

 

පරිසර දූෂණය හා වැරදි පුරුදු නිසා ඉක්මනින් වියපත් වීම

මුළු මහත් ලෝකයේම අද දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙන්නේ අසීමාන්තික ලෙස සිදු වන පරිසර දූෂණය යි. දිනෙන් දිනම පරිසර දූෂණය ඉහළ යමින් පරිසරයේ සමතුලිතතාව බිඳ වැටෙමින් තිබෙන්නේ මිනිස් ජීවිත වලට ද බරපතල ප්‍රතිවිපාක අත්කර දෙමින්. විශේෂයෙන්ම ඕසෝන් ස්ථරයේ තුනී වීම සමග හිරු එළියේ UV කිරණ වැඩි වැඩියෙන් පොළොවට පතිත වීම සිදු වෙනවා. ඒ එක්කම අපේ කාර්යබහුල ජීවන රටාව නිසා තෙල්, රසකාරක අධික ආහාර වේලකට අපි යොමු වී සිටිනවා. ඒ විතරක් නෙවෙයි, වගකීම් රාශියක් එක්ක ගැහැණු අපේ මානසික පීඩනය ඉස්සරට වඩා විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. මේ සියලු අහිතකර සාධක එක් වූ පසුව අපේ සම ඉක්මනින් වයසට යාම නවත්වන්න පුළුවන් කාට ද? නමුත් උත්සාහ කළොත් ඔබට එය ඉතා පහසු කටයුත්තක් වේවි.

ප්‍රමාද වෙලා රුව ගැන පසුතැවෙන්නේ ඇයි?

i0.wp.com

බොහෝ කාන්තාවෝ වයසට යාම කියන කාරණාව ගැන කරදර වෙන්න වගේම ඒ සඳහා සත්කාර කරන්න පටන් ගන්නේ 40 ගණන් වෙද්දී. මුහුණේ වියැකුණ තාරුණ්‍යය ප්‍රතිස්ථාපනය කරන සැත්කම්, එන්නත් වැනි වියදම් අධික වගේම අනතුරුදායක ක්‍රම වලට පවා ඇතැම් කාන්තාවෝ පෙළඹී සිටිනවා දකින්න පුළුවන්. එදාට මෙවැනි සත්කාර ගැන වද නොවී ඉන්න නම් වයසට යාම පාලනය කරන ක්‍රමයක් ගැන දැන්ම සිතා බැලිය යුතු වෙනවා.

ඔබේ සම වයසට යාම පටන් ගන්නේ අවුරුදු විස්සේ දී යි

වයස 40 ක් වගේ වෙද්දී බොහෝ කාන්තාවෝ තරුණකම රැක ගන්න කල්පනා කළත් සම වයසට යාම පටන් ගන්නේ විසි ගණන් වල මුල් භාගයේ දී කියල ඔබ දන්නේ නැතුව ඇති. සමේ ස්වභාවික ප්‍රතිඔක්සිකාරක නැත්නම් Anti-Oxidants නිෂ්පාදනය නවතින අතර සම වියළීම පටන් ගන්නවා. Pigmentation එහෙම නැත්නම් මෙලනින් ලප මතු වෙන්න පටන් ගන්නා අතර මුහුණේ සම තැනින් තැනට වර්ණය වෙනස් වෙනවා. ඔබ පිටින් ආලේප කරන නිෂ්පාදන සමට උරා ගැනීමේ කාර්යක්ෂමතාවය පහළ බසිනවා. සම මලානික වෙන අතර, කළු ලප (Black Heads) සහ සුදු ලප (White Heads) ඔබේ සමේ මතු වෙනවා. ඉන් පස්සේ 40 ගණන් වලට එද්දී මේ ලක්ෂණ සේරම එක්ක කැපී පෙනෙන මලානික බවක් සමේ හට ගන්නවා. වයසට යාමේ මුල් ලක්ෂණ එළියට පේන්න පටන් ගන්නවා. අඳුරු ලප සහ සමේ සංවේදීතාවය පැහැදිලිව අත්විඳින්න පුළුවන්. ඇස් යට තඩිස්සි වීම (Eye Bags) සහ සම අක්‍රමවත් ස්වභාවයක් (Irregular texture) ගැනීම හතළිස් ගණන් වල දී දකින්න පුළුවන් පැහැදිලි ලක්ෂණ වෙනවා.

50 ගණන් වලදී සමේ සෛල බෙදීමේ ක්‍රියාවලිය ඇන හිටිනවා. Cellular senescence යනුවෙන් මෙම ක්‍රියාවලිය හැඳින්වෙනවා. ඉහත අදියර තුනේම ලක්ෂණ එක්ක සමේ ඇදීමේ සවභාවය නැත්නම් elasticity එක ඇන හිටිනවා. සම රැක ගැනීම යනු ඔබේ බාහිර සුන්දරත්වය රැක ගැනීමයි. මේ නිසා සම ආරක්ෂා කර ගැනීම වගේම සමට පෝෂණය ලබා දෙමින් නිරෝගී බව වැඩි කර ගැනීමත් ඉතාම වැදගත්. සම් ආලේපන කොතෙකුත් අද වෙළෙඳ පොළේ දක්නට ලැබුණ ද නිසි ප්‍රමිතියකින් යුත් ආලේපනයක් භාවිත නොකළොත් සමට විනාශකාරී බලපෑමක් සිදු විය හැකියි.

ලොව පුරා ලලනාවන්ගේ මේ අවශ්‍යතාවයට පිළියමක් ලෙසයි නවීන තාක්ෂණයේ බල මහිමයෙන් ශීට් මාස්ක් ඔබේ අතට එන්නේ.

WPP website

ගුණාත්මක බව ගැන ඉහළ නමක්

SWA කියන්නේ ලංකාවේ වෙළඳපොළට එන පළවෙනි ශීට් ෆේස් මාස්ක් එක. එය හඳුන්වා දෙන්නේ ගුණාත්මක බව ගැන ඉහළම නමක් දිනා සිටින අපේම රටේ හේමාස් සමාගමෙන්. උතුරු ඉන්දියානු ළඳුන්ගේ රූමත්බව සහ සදාකාලික යෞවනය රැකදුන් මැජික් ඔසුව කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් සාරය නවීන තාක්ෂණය එක්ක මුහු වෙලා ඔබ අතට එන SWA ශීට් ෆේස් මාස්ක් එක ඔබේ සමට  නිරෝගී සුන්දර පෙනුමක් ගෙන දෙනවා විතරක් නෙවේ වයසට යාම එක්ක ඇති වෙන ලක්ෂණ සමග සටන් කර ඔබේ සම රැක දෙනවා. සමේ තෙතමනය රැකීම, සම පැහැපත් කිරීම, සම අලුත්වැඩියා කිරීම සහ සුමුදු කිරීම වැනි ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතරේ වයසට යාමත් පාලනය කරන නිෂ්පාදනයක් ඔබට ලැබෙනවා කියන්නේ ලොකු වාසියක්.

ශීට් මාස්ක් එකක් තරුණ බව රකින්න හොඳම විසඳුම කියන්නේ ඇයි?

WPP website

SWA ශීට් මාස්ක් එකේ අඩංගු සීරම් එක කස්තුරි කහ වල අඩංගු විස්මිත සාරය වන කර්කියුමින් වගේම තවත් ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සහ පෝෂණ ද්‍රව්‍ය වලින් අනූනයි. එහිදී ඔබ සීරම් එක ඇති ටබ් එක මතට ශීට් එක දමා ටික වෙලාවක් තබන්න සීරම් එක ශීට් එකට සම්පූර්ණව උරාගන්න තුරු. මීළඟට තියෙන්නේ සීරම් එකෙන් පෙඟුණ ශීට් එක මුහුණේ අලවා ගැනීමයි. එවිට මුහුණේ සමේ බාහිර උෂ්ණත්වය තත්පර කීපයක් ඇතුළත ඉහළ ගිහින් රෝම කූප සියල්ල ඇරෙනවා. ඒ ඇරුණු රෝම කූප තුළින් පහසුවෙන්ම සීරම් එකේ ඇති කර්කියුමින් සාරය සමේ ගැඹුරටම කාවදිනවා. සාමාන්‍ය ක්‍රීම් වර්ග සහ ශීට් මාස්ක් අතර ඇති වෙනස අන්න ඒකයි. ක්‍රීම් වල ඇති පෝෂණ කොටස් වලින් වැඩි කොටස වාෂ්පීකරණය වෙනවා. සමේ ගැඹුරට කාවදින්නේත් නැහැ. නමුත් ශීට් මාස්ක් එක හදල තිබෙන්නේ ඒ දුබලතා මගහැරෙන විදිහට. Bio Cellulose වලින් නිපදවා ඇති ඉහළම තත්වයේ ශීට් එක මුහුණේ උෂ්ණත්වය රඳවන අතරේ සීරම් එක දරා ගන්න ඉතාම හොඳ මාධ්‍යයක් වශයෙන් ක්‍රියා කරනවා. මුහුණේ අභ්‍යන්තර ස්තර පවා පෝෂණය කරන්නට ගත වෙන්නේ විනාඩි 15ක් විතරමයි.

wellnessworld.blog

සතියට දෙපාරයි, විනාඩි 15 යි, හැමදාම ලස්සනයි

මේ සේරම ගුණ දෙන ශීට් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඕනේ සතියට දෙපාරයි. විනාඩි 15ක් මාස්ක් එක දැමීම හොඳටම ප්‍රමාණවත්. මාස්ක් එක දාගෙන වෙන වැඩක නිරත වෙන්න පුළුවන් නිසා ඒ කාලෙත් අපතේ යාමක් නැහැ. ඉතින් මේ පුංචි පුරුද්ද ඔබේ රූපලාවණ්‍ය සත්කාර අතරට එක් කර ගත්තොත් ඔබ තමා ජයග්‍රාහිකාව වෙන්නේ. ඒ වගේමයි ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් ශීට් මාස්ක් එක යෙදීම සුදුසු නැහැ. කුරුලෑ සුව වුණාම ශීට් මාස්ක් එක දමන්න අමතක කරන්න එපා.

Cover Image – WPP’s website

test

Related Articles