Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම ප්‍රයෝජනය ගත හැකි ක්‍රම

අතමිට අපහසු අවස්ථාවලදී මෙන්ම විවිධ දීමනා සහ වට්ටම් හරහා විශාල පහසුකම් සහ වාසි ගෙනදෙන ක්‍රෙඩිට් කාඩ් පත බොහෝ දෙනෙක් බියට පත්වන දෙයක් බවට පත්ව තිබෙනවා. පෑනක් තිබුණාටම අකුරු ලිවීමේ හැකියාව ලැබෙන්නේ නැතිවා වගේම අවබෝධයෙන් පාවිච්චි කළොත් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න පුළුවන් වාසි ප්‍රමාණය මෙතෙකැයි කියන්නට බැහැ.

වැඩි වාසි තිබෙන ක්‍රෙඩිට් කාඩ් එකක් තෝරාගන්න

credit9.info

ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගැනීම සඳහා තෝරා ගැනීමේදී එම සම්පාදකයා විසින් ඔබ වෙත විවිධ කාලවලදී සහ අවස්ථාවන්හිදී පිරිනමනු ලබන දීමනා සහ වට්ටම් වැඩි ප්‍රමාණයක් තිබෙන කාඩ් පතක් තෝරා ගැනීම වැදගත් වෙනවා. එවිට මුදල් ලබා දී මිලදී ගන්නවාට වඩා ලොකු ඉතුරුවක් කර ගන්නට ඔබට credit card එක හරහා හැකියාව ලැබෙනවා. එසේම ගෙවීමේ කිරීමට අතපසුවීම් වැනි අවස්ථාවන්හිදී ඔවුන් ඔබ වෙත යොදන පොලී ප්‍රමාණය අඩු එකක් වීමත් වැදගත්.

කාඩ් එකේ සීමාව දැනගන්න

nextadvisor.com

කාඩ්පත ලබාගැනීමේදී එහි කෙතරම් ණය සීමාවක් තිබෙනවාද යන්න සහ ඔබට මුදල් වශයෙන් atm යන්ත්‍රයකින් සල්ලි ගන්නවානම් ඒ සඳහා ඔවුන් අයකරනු ලබන පොලී ප්‍රමාණය, වාර්ෂිකව කාඩ් පත සඳහා ගෙවිය යුතු මුදල, ඉන්ධන පිරවුම්හල් වලදී අයකරනු ලබන විශේෂ ගාස්තු, ණය පියවීම සඳහා ලැබෙන කාල සීමාව ආදී සියලු තොරතුරු මෙන්ම සැඟවුණු ගාස්තු තිබෙනවා නම් ඒවා පිළිබඳවත් දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා.

ලොකු වියදම් පමණක් කරන්න

gobankingrates.com

මිලදී ගැනීම් සිදු කිරීමේදී පොඩි පොඩි දේවල් වලට මුදල් වියදම් කිරීම සඳහා ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කිරීම එතරම් හොඳ පුරුද්දක් නෙවෙයි. ඔබ නොදැනුවත්වම කුඩා කුඩා අගයන් එකතු වී මාසිකව ගෙවිය යුතු මුදල ඉහළ යන නිසා එහි විපාක විඳින්නට සිදුවන්නේ කාඩ් පතේ statement එක පැමිණි විටයි. මේ නිසා එකවර ගෙවීමට අපහසු හෝ අතේ ලොකු මුදලක් නැති අවස්ථාවක දී එවන් වියදම් කිරීම සඳහා ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කිරීම සුදුසුයි.

ගෙවීමේ ක්‍රමයට හදාගන්න

ctmawealth.com

ලොකු වියදම් කිරීමේදී ඒවා එකවරම ගෙවීමටද ඔබට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට කාඩ්පත් සම්පාදකයා විසින් නම්කරනු ලබන සීමාවෙන් ඔබ්බෙහි ඇති මිලදී ගැනීම් සිදු කිරීමෙන් පසු card center වෙත ඇමතුමක් ගෙන එය මාස 12, 24, 48 ආදී වශයෙන් ගෙවීමේ ක්‍රමයට සකසා ගන්නට අවස්ථාව සලසනු ලබනවා. මෙසේ ගෙවීමට ලබා දීමේදී ද පොලී රහිතව මූලික සුළු ගෙවීමකින් අනතුරුව එම පහසුකම ලබා දීමට ඉදිරිපත්වන සම්පාදකයෙක් තෝරා ගැනීමත් ඔබට මෙම අවස්ථාවේදී වාසියක් බවට පත්වෙනවා.

නිතර වියදම් පරීක්ෂා කරන්න

zerointerest-creditcard.com

ක්‍රෙඩිට් කාඩ්පත ලබාගැනීමේදී එය සමග sms සහ internet banking පහසුකමක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඇතැම් සම්පාදකයින් විසින් මෙය නොමිලේම ලබාදෙන අතර සතියකට සැරයක්වත් එයට පිවිසි ඔබගේ වියදම් පිළිබඳව නිශ්චිත අදහසක් ලබා ගත්තොත් ඉදිරියට කරනු ලබන වියදම් සහ ඔබට ගෙවීමට ඇති මුදල පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම sms සේවාව හරහා ඔබ වියදමක් මිලදී ගැනීමක් සිදු කළ වහාම පණිවිඩයකින් ඒ බව දැනුම් දෙන නිසා වෙනත් කෙනෙකු කාඩ් පත භාවිතා කරමින් මිලදී ගැනීම් සිදු කළහොත් ඒවා ද ඔබට ක්ෂණිකව දැනගැනීමට හැකියාව ලැබෙනවා.

නිසි වෙලාවට, සම්පූර්ණ කාඩ් බිල්පත ගෙවන්න

wikihow.com

ක්‍රෙඩිට් කාඩ් පතේ ණය පියවීම සඳහා මාසික දිනයක් සහ අවම අගයක් ලබා දෙන අතර ඔබ අනිවාර්යෙන්ම මෙම දිනයට ප්‍රථම එම අවම මුදල ගෙවීම සිදු කළ යුතුයි. නමුත් හැකිතාක් එම අවම අගය ම නොගෙවා, දී ඇති සම්පූර්ණ මුදලම ගෙවන්නට පුළුවන් නම් ඊළඟ මාසයේ ද එම ඉතිරිවන මුදලට එක්වන පොලියද සමග තවත් ගෙවීමට ඇති ප්‍රමාණය වැඩිකර ගැනීම නවතා ගෙන අවාසි දායක මට්ටමට පත් වීම වළකා ගන්නට පුළුවන්. ගෙවීමට ඇති අවසාන දිනය සහ එකතු වන පොලිය පිළිබඳව ඔබ කාඩ් පත ලබා ගැනීමට පෙර සැලකිලිමත් විය යුත්තේ මෙම අවස්ථාවේදී ඇතිවන අපහසුතා වළක්වා ගැනීමටයි. එසේම පාලනයෙන් යුතුව වියදම් කිරීම ද විශේෂයෙන් බලපානවා.

කාඩ් එකට බය නොවී දැනගෙන පාවිච්චි කරන්න

nextadvisor.com

මෙසේ නිසියාකාර අවබෝධයකින් යුතුව සීමාවන් දැනගෙන වාසි සහගත අවස්ථාවලදී වට්ටම් ලබා ගැනීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කළහොත් කටකථා වලට නොරැවටී ක්‍රෙඩිට් කාඩ් පත යනු අවාසි ගෙන දෙන්නක් නොව පහසුකම් සලසන්නට යන තත්ත්වයට පත්කර ගන්නට නුවණක්කාර ඔබට හැකියාව ලැබෙනවා.

කවරයේ ඡායාරූපය: paymentsleader.com

Related Articles