Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීනි නසන කරවිල දියවැඩියාව තුරන් කරන්නට දායක කරගනිමු

ඔබ වෙත ගෙන එන්නේ

 

ශ්‍රී ලංකාවේ අද වන විට වැඩිම දෙනෙක් පීඩා විඳින බෝ නොවන රෝග මොනවාද කියලා ඇහුවොත් ඒ ලැයිස්තුවේ ඉහළම තැනක් දියවැඩියාවට හිමි වෙනවාට කිසිම සැකයක් නැහැ. මෑත කාලයේ අපේ වැඩිහිටි උදවියගෙන් 9% ක පමණ ප්‍රමාණයකට දියවැඩියාව පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය සිංහල භාෂාවෙන් “සීනි අමාරුව”, “ලේ වල සීනි” කියලා හඳුන්වන රෝගයේ හොඳ කරන්න ඉතා අපහසු තත්ත්වයකට තමයි දියවැඩියාව කියලා කියන්නේ. මේ ලෙඩේ හැදුණොත් මොන තරම් කරදරයක්ද කියන එක විශේෂයෙන් නොකිව්වත් ඔබ දැනටමත් දන්නවා ඇති

ලේවල ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහළ නම් ඔබට දියවැඩියාව ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. (charterclinic.com)

දියවැඩියාව හැදෙන්න ප්‍රධානතම හේතුවක් වෙන්නේ රුධිරයේ පවතින ග්ලූකෝස් සාන්ද්‍රණය නිසි මට්ටමේ පවත්වා ගෙන යන්න සිරුරට නොහැකි වෙන එකයි. මේ තත්ත්වය ඇති වෙන්න අපි ගන්න ආහාර පාන, අපේ ජීවන රටාව වගේම අපේ මානසික සෞඛ්‍යය සහ ජානමය ලක්ෂණත් සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බව සොයාගෙන තියෙනවා. නමුත් වාසනාවකට වගේ ශ්‍රී ලාංකිකයන්ට තියෙනවා ඉතාම පහසුවෙන් සොයා ගන්න පුළුවන්, දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් වෙන එළවලුවක්: ඒ තමයි කරවිල.

කරවිල සතු රුධිරගත ග්ලූකෝස් අවම කිරීමේ හැකියාව විද්‍යාත්මක පර්යේෂණ ඉතා විශාල ප්‍රමාණයකින් තහවුරු වෙලා තියෙන එකක්. මේ නිසාම දියවැඩියාව රෝගීන් සඳහා අද බටහිර වෛද්‍යවරුන් පවා කරවිල නිර්දේශ කරනවා. අපේ සිරුරට මොන තරම් ගුණ වුණත් සමහරු නම් කීයටවත් කරවිල කන්න කැමති නැහැ.

ඉතින් කරවිල නොකන අයට ඒ සතු පෝෂණය ලබා ගන්නත්, දැනට දියවැඩියාව වැළඳිලා තියෙන අයට රෝගය උත්සන්න වීම වළක්වා ගන්නත්, පරම්පරාවේ දියවැඩියාව තියෙන තරුණ අයට මැදි වයසේ දියවැඩියාව වැළඳීමෙන් ආරක්ෂා වෙන්නත් සුදුසු අනර්ඝ නිෂ්පාදනයක් ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නේ. අපි කවුරුත් හොඳින් හඳුනන බරකා නිවසින් ගෙන එන මේ නිෂ්පාදනය තමයි කරවිල plus.

කරවිල plus ඇතුළු බරකා නිෂ්පාදන පෙළ ඔබ වෙත ගෙනෙන Bio Extracts.

(baraka.lk)

යම් නිෂ්පාදනයක් පාවිච්චි කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම එය නිපදවන ආයතනය ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. බරකා නිෂ්පාදන පෙළ ඔබ වෙත ගෙනෙන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනය කියන්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි මුළු ලෝකය පුරාම පිළිගත්තු, උසස්ම ගුණාත්මක බවකින් යුත් ආයුර්වේද නිෂ්පාදන බිහි කරන ආයතනයක්. ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලද සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන බරකා නිෂ්පාදන පෙළට SLS සහතිකයත් හිමියි.

යුරෝපීය රටවල් සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල්වලින් නිෂ්පාදනයකට අනුමැතිය ගන්න තියෙන අපහසුව ඔබ සමහරවිට දන්නවාත් ඇති. මිනිස් සිරුරට කිසිම අහිතකරභාවයක් නැති බවට තහවුරු කරපු නිෂ්පාදන විතරයි ඒ රටවල්වල වෙළඳපොළට ඇතුළු කරන්න ඉඩ ලැබෙන්නේ. බරකා නිෂ්පාදන පෙළේ ගුණාත්මක භාවය තහවුරු වෙලා තියෙන නිසා අද මේ රටවල්ද ඇතුළුව ලොව පුරා රටවල් 50කට වැඩි පිරිසක් බරකා නිෂ්පාදන මිල දී ගන්නවා. ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුට හිමි ජනාධිපති සම්මානය පවා දිනා ගන්න බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනය පසුගියදා සමත් වුණේ ඔවුන්ගේ සාර්ථකත්වය තවත් තහවුරු කරමින්.

(baraka.lk)

ISO 14001, ISO 22000, USDA Organic, JAS, SGS, GMP ඇතුළුව නිෂ්පාදන ගුණාත්මක බව තහවුරු කෙරෙන අන්තර්ජාතික තත්ත්ව සහතික විශාල ප්‍රමාණයක් බරකා නිෂ්පාදන පෙළට හිමියි. ශ්‍රී ලාංකිකයන් විදිහට අපට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් ආයුර්වේද බෙහෙත් ක්‍රම ලෝකයටම බෙදා දෙන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයේ බරකා නිෂ්පාදන පෙළ ඉතා විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරන්න පුළුවන් බවට කිසිදු සැකයක් නැහැ.

කරවිල ශාකය සහ එහි සතු ගුණය

කරවිල ශ්‍රී ලංකාවේ ඉතා සුලභව හැදෙන වටිනා එළවළුවක්. (mangrovesforfuture.org)

කලිනුත් කිව්වා වගේ කරවිල සතු ගුණය විද්‍යාත්මකව තහවුරු කරන හේතු සාධක බොහොමයි. ඉංග්‍රීසියෙන් Bitter Gourd එහෙමත් නැතිනම් Bitter Melon කියා හඳුන්වන කරවිල ශාකයේ විද්‍යාත්මක නාමය වෙන්නේ Momordica Charantia. විවිධ රෝගාබාධ ගණනාවකට ගුණ දෙන කරවිල සතු ප්‍රධානතම ප්‍රයෝජනයක් වෙන්නේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව (type 2 diabetes) ද ඇතුළුව දියවැඩියා තත්වයන් පාලනය කරන්න එයට තිබෙන හැකියාවයි.

කරවිලවල විද්‍යාත්මක නාමයටත් හේතු වෙන, එහි පවතින ප්‍රධානතම සංයෝගයක් තමයි charantin. charantin ලබා ගත් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සහිත රෝගීන් විශාල ප්‍රමාණයක රුධිරගත ග්ලූකෝස් දිය කර හරින්න තියෙන හැකියාවත්, ග්ලූකෝස්වලට ඔරොත්තු දීමේ හැකියාවත් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව 2008 වර්ෂයේ එළිදක්වපු Chemistry & Biology ජර්නලයේත් පළ වී තිබුණා. කරවිල සතුව මීට අමතරව ඉන්සියුලින්වලට බොහෝ දුරට සමාන polipeptide-p සංයෝගයත් ඉහළ සාන්ද්‍රණයකින් අඩංගුයි. අපේ ඉන්සියුලින්වලට ඉතා සමාන ක්‍රියාවලියක් කරන්න එය සමත්.

දියවැඩියාව පාලනය කිරීමට අමතරව නිතර කරවිල ආහාරයට ගැනීම පසුකාලීනව දියවැඩියාව වැළඳීමෙන් බේරෙන්න ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් බවත් කියවෙනවා. රුධිරයේ සීනි පාලනයට අමතරව හමේ පැහැපත් බව ඉහළ නංවන්නත්, කාන්තාවන්ට ඔසප් වීමේ වේදනාව අවම කරවන්නත් කරවිල සතුව හැකියාව පවතිනවා.

කරවිල වැඩි දෙනා කන විදිහට කෑවට නම් ලොකු ප්‍රයෝජනයක් නැහැ

රත් වෙච්ච තෙලේ බැදලා ගන්න කරවිලවල රසෙන් සහ සුවඳින් ඉහළ වුණත් ගුණය නම් බොහෝ දුරට විනාශ වෙලා. (allrecipeshub.com)

කරවිලවල ගුණය මොන තරම් කියලා දුන්නත් සමහරුන්ට නම් කරවිල කන්නම බැහැ. කන බොහෝ දෙනෙකුත් කරන්නේ එක්කෝ ලුණු වතුරේ ගොඩක් වෙලා දාලා තියලා ගන්න එක. ඒ වගේම හීනියට පෙති කපලා රත් කරපු තෙල්වල දාලා කර වෙනතුරු බැදලා ගන්න එක තමයි කරවිල කන ජනප්‍රියම ක්‍රමය. මේවාට හේතුව විදිහට ගොඩක් දෙනා කියන්නේ එතකොට තිත්ත අඩු වෙනවා කියලයි. තිත්තත් එක්ක පෝෂණ ගුණයත් නැති වෙනවා කියලා ගොඩ දෙනෙක් හිතන්නේ නැහැ.

ඉතින් ඇත්තටම කරවිල කන්න හොඳම ක්‍රමය තමයි සාමාන්‍ය එළවළුවක් විදිහට උයලා කන එක. තිත්ත කියන්නේ ඒ සතු පෝෂකවල රසයට. ඒක නැතිව කරවිල කන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ලුණු වතුරේ දාලා තියලා, රත් වුණු තෙලේ කර වෙනකල් බැද්දාම පෝෂක ඉතිරි වෙයිද කියලා නිකමට හිතලා බලන්න. ඉතින් කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ එහෙම කරවිල කාලා පෝෂණය ලබා ගන්න හිතන එක ඵල රහිත දෙයක් බව තමයි.

ඒත් ඉතින් හොඳ විදිහට කරවිල උයලා කන්න ගියාම නම් සමහරුන්ට හිතෙන්නේ මීට වඩා දියවැඩියාව හදා ගන්න එක හොඳයි කියලා. හැබැයි මේ ප්‍රශ්නයට දැන් හොඳ විසඳුමක් තියෙනවා. ඒ තමයි කරවිලවල පෝෂණය කිසි අඩුවක් නැතිව ලබා ගන්න අවස්ථාව සලසන බරකා කරවිල plus.

කරවිලවල ගුණය අපහසුවක් නැතිව ලබා ගන්න හොඳම ක්‍රමය – බරකා කරවිල plus

(baraka.lk)

බරකා කරවිල plus කියන්නේ ඉතාම පහසුවෙන් ඔබට කරල් විදිහට ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයක්. කරවිල කඩෙන් අරගෙන ඇවිත් හෝදලා කපලා පිළියෙළ කරගන්න තියෙන අපහසුවවත්, ඒකෙ තිත්ත යවන්න ගිහින් නිරපරාදේ පෝෂණ ගුණය නැති කර ගන්න එකවත්, කද්දී තියෙන තිත්තවත් අත්විඳින්න දැන් අවශ්‍ය නැහැ. දවසකට සැරයක් බරකා කරවිල plus කරලක් බැගින් ගත්තාම කරවිල සතු පෝෂණය ඉතා හොඳින් ලබාගෙන ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරගන්න ඔබටම පුළුවන්.

අපි දන්නා කරවිල මේ තරම් පහසුවෙන් ලබා ගන්න පුළුවන් කරලක් බවට පත් වෙන්නේ කොහොමද කියලාත් ඔබට ගැටළුවක් ඇති. බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයේ අංග සම්පූර්ණ විද්‍යාගාර තුළ කාලයක් තිස්සේ කරපු පර්යේෂණ ඇසුරින් බිහි කෙරුණු කරවිල සතු පෝෂක ඉතාම හොඳ තත්වයෙන් නිස්සාරණය කරගන්නා ක්‍රමවේද තමයි ඒ සඳහා පාවිච්චි කරන්නේ. අපි උතුරන තුරු තම්බනකොට, තෙලේ දාලා බදිනකොට විනාශ වෙන පෝෂක හැම එකක්ම ඉතාම ප්‍රවේශමෙන් නිස්සාරණය කරගන්න මේ ක්‍රමවලින් පුළුවන්.

සැබවින්ම සුපිරි ඔසුවක් වන කළුදුරුත් බරකා කරවිල plus තුල අඩංගුයි. (pipingrock.com)

කරවිල සතු පෝෂකවලට අමතරව Black Seed, එහෙමත් නැතිනම් කළුදුරුත් බරකා කරවිල plus තුළ අඩංගු වෙලා තියෙනවා. වර්ෂ දහස් ගණනාවක් පුරාවට ලොව විශ්මිතම ගුණ දෙන ශාකයක් විදිහට ප්‍රසිද්ධව පැවතුණු කළුදුරු ශාකය කියන්නේ මෙතෙක් සොයා ගත්තු අතුරු ආබාධ කිසිවක් නැති, රෝගාබාධ ගණනාවකට සහනය සලසන දිව ඔසුවක්. කළුදුරු තෙල්වලින් ලැබෙන ප්‍රයෝජන සියල්ල මේ වගේ ලිපියකින්වත් විස්තර කරන්න අපහසුයි. මේ කියන දේ ඔබටම වුණත් සොයලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි.

ඉතින් කරවිලවල පරිපූර්ණ ගුණයත්, කළුදුරු තෙල්වල විශ්මිත සුව කිරීමේ බලයත් එකට කැටි වුණු බරකා කරවිල plus ඔබට දියවැඩියාව තිබේ නම් එය පාලනය කර ගන්නත්, පසුකාලීනව දියවැඩියාව සෑදීමෙන් වළකින්නත් ඉතාම ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් බවට කිසිම සැකයක් නැහැ.

ස්වභාවික ශාක සතු ගුණය දැන් ලෝකයම තේරුම් අරගෙනයි තියෙන්නේ.

දැන් බෙහෙත්, රූපලාවන්‍ය නිෂ්පාදන හැම දෙයක්ම හැදෙන්නේ ස්වභාවික දේවල්වලින්. (scooterstorehouse.com)

බටහිර ලෝකයත් ඇතුළුව බොහෝ දෙනා දැන් දැන් ස්වභාවික ශාකසාරවල පවතින ගුණය ගැන තේරුම් ගන්න පටන් ගෙනයි තියෙන්නේ. ස්වභාවිකව උපත ලබපු ජීවීන් වර්ගයක් වන මිනිසාට ඒ විදිහටම බිහි වන ශාක තුළ නිර්මාණය වෙන සංයෝගවලින් බෙහෙත් හදා ගන්න තියෙන හැකියාව පෙරදිග රටවල් විශාල ගණනක ඈත අතීතයේ ඉඳලාම ප්‍රසිද්ධව තිබුණු දෙයක්. මීට ටික කාලයකට කලින් බටහිර ලෝකයේ අධිරාජ්‍යකරණය සහ කාර්මික විප්ලවය නිසා කෘත්‍රීමව හදපු බෙහෙත්වලට ලොකු තැනක් ලැබුණත් විද්‍යාවේ දියුණුවත් එක්ක ඒවා අද ටිකෙන් ටික ලෝකයෙන් තුරන් වෙලා යනවා.

ඒ වගේ පසුබිමක් තුල අපේම ආයුර්වේද දැනුමෙන් පෝෂිතව නිපදවෙන බරකා නිෂ්පාදන ලොව පුරා තවත් ජනප්‍රිය වෙනවා නිසැකයි. අපේ ශාකසාරවලින් ලෝකයම සුවපත් කරවමින් අපේ රටට විදේශ විනිමය ගෙන එන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයට සුභ පැතුම් එක් කරන අතරේ රට පුරාම ඕනෑම ආයුර්වේද වෙළඳසැලකින් ලබා ගන්න පුළුවන් කරවිල plus ඇතුළු බරකා නිෂ්පාදන විශ්වාසයෙන් යුතුව භාවිතයට ගන්න කියලා ඔබටත් මතක් කරනවා.

කවරයේ රූපය : (youtube.com)

Related Articles