Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගාලු පුරයේ පාසැල් ක්‍රිකට් මංගල්‍යය – ආදරවන්තයින්ගේ සටන

113 වන ගාල්ල මහින්ද විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟය 16 සහ 17 දෙදින තුල ගල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා. 1905 වසරේ දී ආරම්භ වූ මේ මහා ක්‍රිකට් තරඟය හැඳින්වන්නේ ආදරවන්තයින්ගේ සටන ලෙස යි.

කණ්ඩායම් අතර වාර්තා

ජයග්‍රහණ

මහින්ද විද්‍යාලය – 23 යි

රිච්මන්ඩ් විද්‍යාලය – 23 යි

මහින්ද විද්‍යාලයේ අවසන් ජයග්‍රහණය – 2008 වසරේ දී

රිච්මන්ඩ් විද්‍යාලයේ අවසන් ජයග්‍රහණය – 2015 වසරේ දී

ඉනිමක වැඩිම ලකුණු

මහින්ද විද්‍යාලය – P.H.K.H. රණසිංහ – 162 – 1972 වසරේ දී

රිච්මන්ඩ් විද්‍යාලය – ප්‍රසාද් කාරියවසම් 156 නොදැවී – 1972 වසරේ දී

අවසන් ශතකය

මහින්ද විද්‍යාලය – තුෂාර රූපසිංහ – 109 – 1998 වසරේ දී

රිච්මන්ඩ් විද්‍යාලය – ධනංජය ලක්ෂාන් – 102 නොදැවී – 2017 වසරේ දී

ඉනිමක හොඳම පන්දු යැවීම

මහින්ද විද්‍යාලය – සෝමසිරි අඹවත්ත – 10/44 – 1953 වසරේ දී

රිච්මන්ඩ් විද්‍යාලය – R.M.M. ද සිල්වා – 8/19 – 1922 වසරේ දී

විශේෂ වාර්තා

  • 1953 වසරේ දී පැවති මහින්ද සහ රිච්මන්ඩ් විද්‍යාල අතර තරඟයේ දී මහින්ද විද්‍යාලිය ක්‍රීඩක සෝමසිරි අඹවත්ත පිත්තෙන් ලකුණු 137ක් (103 නොදැවී සහ 34) සහ දඟ පන්දුවෙන් කඩුලු 15ක් (10/44 සහ 5/73) දවාලීමට සමත් විය. ඒ අනුව එකම තරඟයක ඉනිමක දී ශතකයක් රැස්කර,කඩුලු 10ක් දවාගත් සීමිත ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට සෝමසිරි අඹවත්ත ද එක්වීමට සමත් විය.
  • 1951 වසරේ සිට 1973 පමණ වන තෙක් මහින්ද විද්‍යාලිය ක්‍රිකට් කණ්ඩායමේ අමෙන්ද්‍ර සොහොයුරන් අතරින් එක් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩා කිරීම ද එක් වාර්තාවකි. සිසිර, රාජා, ස්ටැන්ලි, පර්සි, තිස්ස, අසෝක, පුණ්‍ය, ඩඩ්ලි සහ ගාමිණි අමෙන්ද්‍ර දශක දෙකක් මුළුල්ලේ මහින්ද විද්‍යාලිය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක් වරක් හෝ රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව තරඟ වැදී තිබේ. මෙයින් 1957 තරඟ සමයේ අමෙන්ද්‍ර සොහොයුරන් 5ක් ම එකම කණ්ඩායම නියෝජනය කිරීම ද සුවිශේෂී වාර්තාවක්.
  • 1972 වසරේ මහා තරඟය අතරතුර එවකට රිච්මන්ඩ් කණ්ඩායමේ දක්ෂතම පිතිකරු ප්‍රසාද් කාරියවසම් විසින් වසර 33ක් පැරණි වාර්තාවක් වූ මහින්ද-රිච්මන්ඩ් මහා තරඟයේ ඉනිමක වැඩිම ලකුණු ගණන බිඳ දැමීමට සමත් විය. ප්‍රථම දිනයේ දී නොදැවී ලකුණු 156ක් රැස්කළ කාරියවසම් බිඳ දැමුවේ මහින්ද විද්‍යාලීය ක්‍රිකට් ක්‍රීඩක සිරිසේන හෙට්ටිගේ විසින් රැස්කළ ලකුණු 155 යි. කෙසේ වෙතත් දෙවැනි දිනයේ දී මහින්ද ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු හේමචන්ද්‍ර රණසිංහ විසින් ප්‍රසාද් කාරියවසම් විසින් පෙර දිනයේ බිඳ දැමු වාර්තාව පසුකරයාමට සමත් විය. ඒ ලකුණු 162ක් රැස්කරගනිමින්.

ආදරවන්තයින්ගේ සටනේ ක්‍රීඩා කළ සුවිශේෂී ක්‍රීඩකයන්.

W.B. බෙනට් – ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කල දක්ෂ කඩුලු රකින්නෙක් වූ බෙනට්, සෝමසිරි අඹවත්ත විසින් කඩුලු 15ක් දවාලු 1953 මහා තරඟයේ දී ප්‍රථම ඉනිමේ දී කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ දී කඩුලු 2ක් දවාගැනීමට සම්මාදම් විය. ඉන් වසර තුනකට පමණ පෙර ගාල්ල ක්‍රිකට් සමාජ පිලට එරෙහිව මහින්ද විද්‍යාලය තරඟ වැදු අවස්ථාවේ දී බෙනට් විසින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ ඉනිමක සියලුම කඩුලු දවාගැනීමට කඩුල්ල පසුපස සිට දායක වීම හේතුවෙන්. ප්‍රථම ඉනිමේ දී ස්ටම්ප් කිරීම් 6ක් සහ උඩපන්දු 4ක් සඳහා ඔහුගේ දායකත්වය ලැබිණ.

අතුල සමරසේකර – දේශීය ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ලට වැඩිම ලකුණු සම්බන්ධතාවයක් පිහිටුවීමට දායක වූ අතුල සමරසේකර ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් ලෙස ප්‍රචලිත විය. ගාල්ල මහින්ද විද්‍යාලිය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සමරසේකර පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ද කටයුතු කළේ ය.

ලසිත් මාලිංග – ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්ව 4ක් වාර්තා කළ දෙවන පන්දුයවන්නා වන මාලිංග දශකයක ට ආසන්න කාලයක් ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය ශක්තිමත් කිරීමට සමත් විය. ගාල්ල මහින්ද විද්‍යායේ තවත් නිමැවුමක් වන මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද වරක් පත්විය.

ලසිත් මාලිංග – Credit – Express Archive

උපුල් චන්දන – 1996 ලෝක කුසලාන සංචිතයේ සිටි උපුල් චන්දන ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කල දක්ෂ පා දඟ පන්දු යවන්නෙක් විය. අවශ්‍යය වූ විට පිත්තෙන් ලකුණු රැස්කිරීමට සමත් චන්දන ඉතාමත් දක්ෂ පන්දුරකින්නෙක් විය.

චම්පක රාමනායක – 80 දශකයේ අග භාගයේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අතර රාමනායක ද විය. 1992 ලෝක කුසලාන කණ්ඩායම ද නියෝජනය කල ඔහු වර්තමානයේ දී වේගපන්දු පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.

සුරංග ලක්මාල් – රිච්මන්ඩ් විද්‍යාලිය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට එක්වූ සුරංග ලක්මාල් ටෙස්ට් කඩුලු 100ක් දවාගත් ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන් අතලොස්සෙන් එක ක්‍රීඩකයෙකි. වර්තමානයේ සුරංග ලක්මාල් ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි.

සුරංග ලක්මාල් – Credit – AFP

මෙවර මහින්ද කණ්ඩායම මෙහෙයවීම සඳහා රෙෂාන් කාවින්ද තේරී පත් වී ඇති අතර අපුරු පන්දු යැවීමේ ඉරියව්වක් හිමි කෙවින් කොත්තිගොඩ ඔහුගේ ප්‍රධානතම තුරුම්පු අතරින් එකක් විය හැක. එමෙනම රිච්මන්ඩ් විද්‍යාලිය ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීම සඳහා ධනංජය ලක්ෂාන් තේරී පත් වී ඇත. ඔහුගේ ප්‍රබලතම තුරුම්පුව පසුගිය 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් වේ. ඔහුද අපුරු පන්දු යවන්නෙක් ලෙස මේ වනවිටත් ප්‍රචලිත යි. ඔහුට පහසුවෙන් දකුණතින් මෙන්ම වමතින් පන්දු යැවිය හැක.

කෙවින් කොත්තිගොඩ – Credit – Cricbuzz

කමිඳු මෙන්ඩිස් – Credit – NDTV

ඒ අනුව මෙවර ආදරවන්තයින්ගේ සටන අපුරු පන්දුයවන්නන් යුගලයක් එකිනෙක ගැටෙන අවස්ථාවක් වීම සුවිශේෂ සිදුවීමක් ලෙස කිව හැක.

විශේෂ ස්තුතිය – ජනිත් චින්තන සහ උදාර කරුණාරත්න (මහින්ද සහ රිච්මන්ඩ් විද්‍යාලිය ආදී සිසුන්)

Cover image credit – Arch92

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ MILO අනුග්‍රහයෙනි.

Related Articles