Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිදුළන දෙසැම්බර් මාසයේ TFO එක්ක ෆැෂන් කරන්න එන්න

නොවැම්බර් මාසයත් ගෙවිලා යනවා නේද? තව දවස් කිහිපයකින් උදාවෙන්න තියෙන්නේ නත්තල් මාසය. නත්තල් කාලෙටයි ළඟම එන 2017 අලුත් අවුරුද්දටයි ෂොපින් කරන්න යන්නත් වැඩි දෙනා දැන් ඉඳන්ම ලහි ලහියේ ලෑස්ති වෙනවා. දැන් කාලේ ෂොපින් කරන එකත් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි, මොකද උත්සව කාලෙත් එක්ක හැම තැනම සෙනඟ පිරෙනවා. ඉක්මණට ගියේ නැත්නම් ගන්න වෙන්නේ තේරිච්ච ඇඳුම් විතරයි. මේ නිසා උත්සව කාලෙට හැම තැනින්ම දෙන වට්ටම් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ බොහොම අඩු පිරිසකට. පරක්කු වෙන අයට ඉතිරි වෙලා තියෙන ඇඳුම් පැළඳුම් දැක්කාම අතේ තියෙන සල්ලිත් අපරාදේ කියලා හිතෙන අවස්ථා ඕන තරම්.

අනිත් අතට දැන් කාලේ මොන දේ ගන්න ගියත් පොකට් එක ගැනත් හිතන එක නුවණට හුරුයි. ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම් ගන්න ලොකු පොඩි හැමෝම ආස වුණත් ඒවා වල මිල දැක්කම ඉතින් දුක් වෙන්න තමයි තියෙන්නේ. ඒ නිසා අද කාලේ වැඩි දෙනාට සිද්ධ වෙන්නේ ෂොපින් කරන්න නෙවෙයි, ඇඳුම් බලන්න විතරයි. අන්තිමට අතේ තියෙන මිලට ඇඳුම් ටිකක් තමයි ගන්න වෙන්නේ. එහෙමත් නැත්නම් කොයි තරම් ලස්සන වුණත් මෙච්චර ගාණක් ගෙව්වේ අපරාදේ කියලා හිත හිතා ඉන්න වෙනවා.

මේ කාලෙට හැමෝම මුහුණ දෙන මේ ප්‍රශ්නවලට විසඳුමක් ඇත්තෙම නැද්ද? හැමදාම ඇඳුම් ගන්න තැන් වලට ආයෙත් ගිහින් පොර කනවා වෙනුවට නිදහසේ ගිහින් නිවී සැනසිල්ලේ ෂොපින් කරන්න තියෙන තැනකට යන්න පුළුවන් නම්…? ටිකක් පරක්කු වෙලා ගියත් හිතට හරියන ලස්සන ඇඳුම් පැළඳුම් අඩු මිලට ගන්න පුළුවන් තැනක් තියෙනවා නම්…? එහෙම තැන් තියෙනවා කියලා සමහරුන්ට නම් විශ්වාසත් නැතිව ඇති.

අද අපි ඔබට කියන්න යන්නේ ඒ වගේ තැනක් ගැනයි. මේ දිදුළන දෙසැම්බර් මාසේ ෆැෂන් කරන්න TFO එකට ආවොත් උත්සව කාලෙට ෂොපින් කරන හිසරදේ නැති කරගෙන තෑගි දිනා ගන්නත් ඔබට පුළුවන්.

අලුත්ම ප්‍රමෝෂන් එක

TFO, එහෙමත් නැතිනම් The Factory Outlet එක ගැන අපි ඔබට මීට කලිනුත් කියලා තියෙනවා. 2011 අවුරුද්දේ කුඩා පරිමාණයෙන් පටන් ගත්තු ව්‍යාපාරයක් වුණත් TFO එක පසුගිය අවුරුදු කිහිපයේදී පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගන්න සමත් වුණා. ශ්‍රී ලංකාව පුරා පැතිරුණු ෆැෂන් චේන් අභිබවා TFO එක මේ තරම් ඉක්මණින් නමගිය ආයතනයක් බවට පත් වෙන්න පුළුවන් වුණේ ඔවුන් පාරිභෝගිකයන්ට දක්වන සුවිශේෂී සැළකිල්ල නිසාමයි. ඒ විශ්වාසය තවත් තහවුරු කරමින් ඔවුන් මේ නත්තල් මාසයේ TFO එක්ක ෂොපින් කරන ඔබ වෙනුවෙන් හිතන්නවත් බැරි තෑගි ලබා දෙන අලුත්ම ප්‍රමෝෂන් එකක් සංවිධානය කරලා තියෙනවා.

ඔබටත් මේ උත්සව කාලයේ සුවිශේෂී තෑගි දිනා ගන්න නම් කරන්න තියෙන්නේ ඕනෑම TFO ශාඛාවකට ගොඩ වෙලා ෂොපින් කරන එක විතරයි. හැමෝම ආස කරන උසස්ම තත්වයේ ඇඳුම් පැළඳුම් හැමදාමත් වගේ අඩුම මිලට ගන්න ඔබටත් පුළුවන්. ගල්කිස්ස, හැව්ලොක් ටවුන්, පැලවත්ත වගේම ජා ඇල K Zone එකෙත් TFO ශාඛා පැතිරිලා තියෙනවා. උත්සව කාලේ කියලා TFO ශාඛා වල ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ පිරෙන්නේ නැති නිසා තමන්ට ආස දෙයක් තෝරා ගන්න කිසිම කරදරයක් නැහැ. වාහන පාක් කරන්නත් ඕන තරම් ඉඩ තියෙන නිසා ඒ ගැන බය වෙන්න දේකුත් නැහැ.

TFO වෙතින් මිලට ගන්න ඔබ ආසම කරන ඇඳුම් පැළඳුම් වල බිල්පත් වටිනාකම රුපියල් 5000ට වැඩි නම් මේ දිනුම් ඇදීමට සහභාගී වෙන්න ඔබටත් පුළුවන්. රුපියල් 5000 – 7500 අතර බිල්පත් වටිනාකමක් තියෙනවා නම් ඔබට හැමදාම සිදු කෙරෙන දිනුම් ඇදීමෙන් රුපියල් 2500ක තෑගි වවුචර් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබේ බිල්පත් වටිනාකම රුපියල් 7500ට වැඩි නම් සුවිශේෂී තෑගි මල්ලක් දිනා ගන්නත් අවස්ථාවක් හිමි වෙනවා. දෙසැම්බර් 1 වැනිදා ඉඳලා 31 වැනිදා වෙනතුරු මුළු නත්තල් මාසය පුරාවටම ඔබට හැමදාම රුපියල් 2500 තෑගි වවුචරයක් සහ වටිනා තෑගි මල්ල බැගින් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා.

රුපියල් 5000ට ඔබ හිතනවාට වඩා ගොඩක් දේ ගන්න පුළුවන්

tfo_dazzling_december

ඔබ කවදා හරි TFO එකකට ගිහින් තියෙනවා නම් මේ කියන දේ දැනටමත් දන්නවා ඇති. මොකද සාමාන්‍යයෙන් TFO ශාඛාවක් එළියෙන් දකින කෙනෙකුට මේක පහසු මිලට ඇඳුම් ගන්න පුළුවන් තැනක් කියලා කීයටවත් හිතෙන්නේ නැහැ. ලොකු ලොකු මිල ගණන් වලට ඇඳුම් තියෙන උසස්ම ෆැෂන් ස්ටෝ එකක වගේම පෙනුමක් තියෙන්නේ. ඇතුළට ගියාමත් පෙනෙන්න තියෙන්නේ හොඳට ආලෝකවත් කරපු, සුදු පාට පසුබිමක තියෙන, බොහොම පිළිවෙලට, හොඳ ඉඩ කඩ ඇතිව, නිදහසේ ෂොපින් කරන්න පුළුවන් පරිසරයක්. ගන්න තියෙන ඇඳුම් පැළඳුම් සේරමත් උසස්ම තත්වයේ ලස්සනම ඒවා. නමුත් ඒ හැම එකක්ම දැක්කාම හිතනවාට වඩා බොහොම පහසු මිලකට ලබා ගන්න පුළුවන්.

අනිත් දේ තමයි ඔබට අවශ්‍ය කාන්තා, පිරිමි, ළමා ඇඳුම් පැළඳුම් ඕනෑම දෙයක් TFO එකේ තියෙනවා. මේ නිසා පවුලේ හැමෝටම කිසිම කරදරයක් නැතිව එකම තැනකින් අවශ්‍ය හැම දේම මිලට ගන්න පුළුවන්. ෆැෂන් ගැන හොඳට දන්න, ලංකාවේ ෆැෂන් ට්‍රෙන්ඩ්ස් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් තමයි TFO එකේ අලෙවි කරන්න ගන්න හැම ඇඳුමක් පැළඳුමක්ම තෝරලා දෙන්නේ. මේ නිසා මේ උත්සව කාලෙට වගේම වෙනත් ඕනෑම දවසක TFO එකට ගොඩ වුණොත් ඔබට අලුත්ම ට්‍රෙන්ඩ් එකේ ලස්සනම ඇඳුම් ලබා ගන්න පුළුවන්. මිල අඩු වුණාට කොලිටි එකේ නම් කිසිම අඩුවක් නැති බවට TFO එක ඔබට සහතික වෙනවා. මැහුම් ඇද වුණු, පාට ගිය, වෙනත් අඩු පාඩු තියෙන බාල ඇඳුම් කිසිම එකක් TFO එකේ අලෙවි කරන්නේ නැහැ.

ගිහින්ම බලන්න

ඉතින් ඔබටත් මේ උත්සව කාලේ අතේ ඇති මුදලට නිදහසේ ෂොපින් කරන්න ඕනේ නම් TFO එකට ගොඩ වෙලා බලන්න. ඔබටම පුදුම හිතෙයි මොන තරම් සිලෙක්ෂන් එකක් තියෙනවාද කියලා දැක්කාම. ඔබ ආසම කරන ඇඳුම් පැළඳුම් අතේ තියෙන ගාණට මිලට ගන්න ගමන් හිත පිරෙන්න තෑගි දිනාගෙන මේ උත්සව සමයේ නිදහසේ ෂොපින් කරන්න නම් යන්න තියෙන හොඳම තැන The Factory Outlet එක තමයි.

ඔබේ TFO ෂොපින් අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

Related Articles