Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැදෙන වයසේ දරුවන්ට ක්‍රියාශීලීව ඉන්නට මී පැණි ලබා දීමේ වැදගත්කම

“හොඳම දේ දරුවන්ට” කියලා කතාවක් තියෙනවානේ. දෙමව්පියන් කවුරුත් තමන්ගේ දරුවන්ට හොඳම දේ ලබා දෙන්න උත්සාහ ගන්නවා. කොහොම නමුත් ගොඩක් දරුවන් පොඩි කාලයේ දී ආස කරන්නේ නම් ඒ තරම් හොඳ දේවල්වලට නෙවෙයි. සිරුරට ගුණදායක ආහාර, දැනුමට වැදගත් දේවල්, හොඳ පුරුදු වගේ දේට දරුවන් හුරු කිරීම ලේසි පහසු දෙයක් නොවන බව බොහෝ දෙමව්පියන් අත්දැකීමෙන්ම දන්නවා.

මේ දේවල් අතරින් ආහාර පාන ගත්තොත් බොහෝ දරුවන් වැඩිපුරම ආස කරන්නේ පැණි රස කෑම වලට යි. ටොෆි, චොකලට් ඇතුළු සීනි අධික කෑම වලට සමහර කුඩා දරුවන් ඇබ්බැහි වෙලා වගේ. හැම වෙලාවේම නීති දාන්න දුක නිසා ගොඩක් දෙමව්පියන් දරුවන්ට සැරින් සැරේ හරි මේ දේවල් අරගෙන දෙන එක සාමාන්‍ය දෙයක්. කොහොම නමුත් ඔවුන් ඒවායින් ඈත් කරලා තියන තරමට ඇඟට ගුණ යි. සීනි අධික ආහාර නිතර ගැනීම කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට හොඳ නෑ වගේම ඔවුන්ගේ දත්වලට හානි කරන්නත් ප්‍රධාන හේතුවක් වෙනවා.

කුඩා දරුවන් ආස කරන්නේම සීනි අධික ආහාරවලටයි. (befitto.com)

සාමාන්‍යයෙන් ගුණදායක දේට දරුවන්ව ටිකක් අමාරුවෙන් හුරු කරන්න සිදු වුණත් ඕනෑම දරුවෙක් කැමැත්තෙන්ම කෑමට ගන්න ගුණදායක දේවල් අතරින් මී පැණි ප්‍රධාන තැනක් ගන්නවා. ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයක් වන මී පැණිවලින් කුඩා දරුවන්ට ලබා ගත හැකි ප්‍රයෝජන බොහොම යි.

මනුස්ස ලෝකයේ අමෘතය

විවිධ ජනප්‍රවාදවලට අනුව දිව්‍ය ලෝකයේ දෙවියන් ආහාරයට ගන්න “අමෘතය” කියලා ආහාරයක් තියෙන බව ඔබ අහලා ඇති. පෝෂණ ගුණයෙන් වගේම රසිනුත් මනුස්ස ලෝකයේ තියෙන හැම දේකටම වඩා උසස් බවට කියවෙන මේ අමෘතය දෙවියන්ට සදාතනිකව තරුණකම, නීරෝගීකම, සහ ලස්සන රැකගන්න උදව් වෙන, කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති ආහාරයක් බවයි කියවෙන්නේ.

මී පැණි කියන්නේ සැබෑම අමෘතයක්. (yellobeehoney.net)

ඒ දේවල්වල ඇත්ත නැත්ත කොහොම වුණත් මනුස්ස ලෝකයේ අපිට ලබා ගන්න පුළුවන් මී පැණි වල අර අමෘතයේ තියෙනවා කියන ගුණ සේරම දකින්න පුළුවන්. ඈත අතීතයේ මිනිස් ශිෂ්ඨාචාර බිහි වුණු යුගයේ පටන්ම රාජකීය ආහාරයක් විදියට සැලකුණු මී පැණි තමන් ආහාරයට ගෙන තිබෙන රසවත්ම ආහාර වර්ගය බව බොහෝ දෙනෙක් කියා තිබෙනවා. ලෝකය පුරාම සියලුම දියුණු ශිෂ්ඨාචාරවල රජවරුන් රැජිණියන් තමන්ගේ රුව, තරුණකම, සහ නීරෝගීකම රැකගන්න උසස් තත්ත්වයේ මී පැණි ආහාරයට ගත් බව දැක්වෙනවා. මී පැණි සතුව පවතින මේ ගුණයන් සියල්ල අද වන විට විද්‍යාත්මකවත් තහවුරු වෙලා.

මී පැණි මනුස්ස ලෝකයේ තියෙන අමෘතයක් කියලා කියන්නේ නිකන් නොවන බව දැන් වැටහෙනවා නේද?

කුඩා දරුවන්ගේ දෛනික ශක්ති අවශ්‍යතාව

කුඩා දරුවන් අති බහුතරයක් ඉතාම ක්‍රියාශීලී බව අපි කවුරුත් දන්නවා. නිතරම දුවන්න පනින්න, සෙල්ලම් කරන්න, දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න කුඩා දරුවන් හැමෝම වගේ ආසයි. මේ නිසාම ඔවුන්ට අධික ශක්ති ප්‍රමාණයක් ඒ සඳහා අවශ්‍ය යි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 10-14 සීමාවේ ඉන්න දරුවෙකුගේ සිරුරේ බර අවුරුදු 25-35 අතර ඉන්න වැඩිහිටියෙකුගේ බරින් 40%-50% පමණ වුණත් ඔවුන්ට අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණය වැඩිහිටියන් මෙන් 90% ක් පමණ වන බව ඔබ දන්නවාද? පුදුම හිතුණත් එය ඇත්තක්. මේ නිසා සිරුරේ කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය ශක්ති ප්‍රමාණය අතින් ගත්තාම කුඩා දරුවන්ගේ ශක්ති අවශ්‍යතාව ඉතාම ඉහළයි.

වයස, ස්ත්‍රී පුරුෂ භාවය අනුව කැලරි අවශ්‍යතාව. (healthychildren.org)

අපේ රටේ මේ වයසේ ඉන්න දරුවන් බොහෝ දෙනෙක් කෙට්ටු වෙලා ඉන්නෙත් මේ ශක්ති අවශ්‍යතාව නිසි පරිදි සපුරාලන්නේ නැති නිසයි. එහෙම ඉඳලා සාමාන්‍යයෙන් කන ප්‍රමාණයම කෑවත් අවුරුදු 20 න් වගේ පස්සේ එකවර මහත් වෙන්න ගන්නෙත් ශක්ති අවශ්‍යතාව අඩු වීම නිසයි. පොඩි කාලේ කෙට්ටුවට හිටපු බොහෝ දෙනාට 25 න් වගේ පස්සේ බර පාලනය කරගන්න මහන්සි වෙන්න වෙනවා.

කුඩා දරුවන් ආහාරයට ගන්නා කෑම ප්‍රමාණය අඩු නිසා මේ ශක්ති අවශ්‍යතාව සපුරාලන එක ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. දරුවන් කෑමට කැමති, ගුණදායක ආහාරවලින් එය කරන්න ඇත්තෙන්ම අපහසුයි. කුඩා දරුවන්ට ශක්තිය වගේම වෙනත් පෝෂක අවශ්‍යතාවයත් ඉහළ නිසා ආහාරවලින් පමණක් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරන්න බොහෝ විට නොහැකි වෙනවා. කුඩා දරුවන් බොහෝ දෙනෙක්ට විටමින් ඌණතා, ප්‍රෝටීන් ඌණතා, ඛණිජ ලවණ ඌණතාවලට බෙහෙත් ගන්න වෙන්නේ ඒ නිසායි.

උදය කාලයේ මී පැණි ආහාරයට ගන්නට දීම මෙයට හොඳම පිළිතුරක්.

ඕනෑම කුඩා දරුවෙක් ඉතාම ආශාවෙන් මී පැණි ආහාරයට ගන්නා නිසා ඔවුන්ව එයට අමුතුවෙන් හුරු කරන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම උදේ කාලයේ ඔවුන්ට මී පැණි ආහාරයට ගන්න ඉඩ සැලැස්වීම ඉතාම හොඳ පියවරක් වෙන්න හේතු බොහොමයි.

කුඩා දරුවෙක් දවස පුරා ක්‍රියාශීලීව සිටීමට උදෑසන ආහාරයේ වැදගත්කම කවුරුත් හොඳින් දන්නවා. සමබල උදෑසන ආහාර වේලක් තුළ ප්‍රබෝධමත් වෙන්න ඉඩ සලසන ඉහළ ශක්ති ප්‍රමාණයක් වගේම දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න දිගු වේලාවක් ශක්තිය මුදා හරින පෝෂකත් අඩංගු විය යුතුයි. මී පැණි තුළ අධික සීනි ප්‍රමාණයක් අඩංගු නිසාත්, එහි සුවිශේෂී සීනි සංයුතිය නිසාත් ක්ෂණික ශක්තිය මුදා හරින්න වගේම දිගු වේලාවක් ශක්තිය මුදා හරින්නත් එක හා සමාන හොඳ හැකියාවක් තියෙනවා.

සීනි වෙනුවට මී පැණි භාවිතයට හුරු වෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි. (theworktop.com)

නමුත් අපි භාවිතයට ගන්නා සාමාන්‍ය සීනිවල අධික ලෙස පවතින්නේ ග්ලූකෝස් සහ සුක්‍රෝස්. මේ දෙකම ක්ෂණිකව ශක්තිය ලබා දෙන්න ඉතා හොඳ වුණත් ඉන් එහාට ලොකු ප්‍රයෝජනයක් නැහැ. මී පැණි තුළත් ග්ලූකෝස් හා සුක්‍රෝස් පැවතුණත් එහි වැඩි ප්‍රතිශතයක් පවතින්නේ ෆ්‍රක්ටෝස් කියන සීනි වර්ගයයි. බොහෝ පලතුරුවල අඩංගු, සිරුරට හිතකර සීනි වර්ගයක් වන ෆ්‍රක්ටෝස් ක්ෂණිකව ජීර්ණය නොවී දිගු වේලාවක් ශක්තිය ලබා දෙන්න ඉඩ සලස්වනවා. මී පැණිවල තරම් ඉහළ ෆ්‍රක්ටෝස් සාන්ද්‍රණයක් කිසිම පලතුරක නැහැ.

සීනි වර්ග අතරින් ආහාරයට ගත හැකි හොඳම සංයුතිය පවතින්නේ මී පැණි බව ලෝකයේ පෙරදිග, අපරදිග සියලු වෛද්‍ය ක්‍රමවල පිළිගැනීමයි. වහා ශක්තිය මුදා හරින ග්ලූකෝස් සහ සුක්‍රෝස් වගේම වැඩි කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ශක්තිය මුදා හරින ෆ්‍රක්ටෝස් නියමම අනුපාතයෙන් මී පැණි ස්වාභාවිකවම සකස් වී තිබීම සැබෑම පුදුමයක්.

ඒ විතරක් නෙවෙයි, කුඩා දරුවන්ගේ සිරුරේ ඇති විය හැකි තුවාල ඉක්මණින් සුව කරන්න, අක්මාවේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන්න, ඔවුන්ගේ සම ආරක්ෂා කරන්න, ක්ෂුද්‍ර පෝෂක සහ ඛණිජ අවශ්‍යතාව සපුරාලන්න, අත්‍යාවශ්‍ය මේද අම්ල ලබා ගන්න ඉතාම හොඳ ප්‍රභවයක් විදිහටත් මී පැණි විද්‍යාත්මකව පිළිගෙන තිබෙනවා.

උසස් තත්වයේ මී පැණි පමණක් දරුවන්ට ලබා දෙන්න.

උසස්ම මී පැණි ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය වෙන්නේ ස්වභාවික මී වදයකින්ම පැණි ලබා ගන්න එක වුණත් ප්‍රයෝගිකව එය කළ හැකි වෙන්නේ සීමිත පිරිසකට විතරයි. බොහෝ දෙනෙක් මී පැණි ලබා ගන්නේ වෙළඳපොළෙන්. නමුත් මී පැණි සතුව තිබෙන උසස් ගුණය, එයට තිබෙන ඉල්ලුම සහ මී පැණි ලබා ගන්න තියෙන අපහසුව නිසාම අද කාලයේ වෙළඳපොළේ දකින්න ලැබෙන මී පැණි බොහොමයක කෘත්‍රීමව සීනි, වර්ණක ආදිය මුසු කොට තිබෙනවා. කෘත්‍රීම ලෙස මී වද පිහිටුවා වාණිජ ලෙස සිදු කරන මී පැණි නිෂ්පාදනයේ දී වුවත් පැණි වලට එහි නිසි ගුණාත්මකභාවය ලැබෙන්නේ නැහැ. උසස් තත්ත්වයේ මී පැණි ලබා ගන්න පුළුවන් වෙන්නේ ස්වභාවිකව වනාන්තරයේ හැදෙන මී වදවලින් පමණයි.

baraka.lk

ස්වභාවිකව වනාන්තරයේ හැදෙන, උසස්ම තත්ත්වයේ මී පැණි පමණක් අඩංගු කර නිපදවා ඇති බවට සහතික කරන Baraka Bee Honey මෙහිදී සුවිශේෂී වෙනවා. ISO 22000, SLS ඇතුළු තත්ත්ව සහතික බොහොමයක් ලබාගෙන ඇති, සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයෙන් එන බරකා වෙළඳ නාමය උසස් බව අතින් ලෝකය පුරාම විශ්වාසය ලද නිෂ්පාදන පෙළක්. ඔවුන් සතුව තිබෙන පුළුල් අත්දැකීම් භාවිත කරමින් හොඳම මී පැණි ඉතාම සෞඛ්‍යාරක්ෂිත ලෙස ඇසිරීමෙනුයි බරකා මී පැණි වෙළඳපොළට පැමිණෙන්නේ. ඇසිරීමේ ක්‍රියාවලියේ දී එහි පෝෂණ ගුණයට කිසිදු හානියක් නොවන සේ සිදු කරන්න බරකා ආයතනය විශේෂයෙන්ම වග බලා ගන්නවා. ග්‍රෑම් 275 ක බෝතලයක් ලෙසින් ඔබට දිවයින පුරාම ඇති ආයුර්වේද වෙළඳසැල්වලින්, ෆාමසිවලින්, සහ ප්‍රධාන සුපිරි වෙළඳසැල්වලින් බරකා මී පැණි ලබා ගන්න පුළුවන්.

ඔබේ දරුවන්ට මී පැණි සතුව ඇති පුදුමාකාර පෝෂණ ගුණය ලබා දෙන්න නම් සුදුසුම නිෂ්පාදනය බරකා මී පැණි බව විශ්වාසයෙන් කිව හැකියි. උදෑසන කිරි වීදුරුවේ සීනි වෙනුවට දිය කිරීමෙන් හෝ උදෑසන ආහාරය සමග දරුවන්ට එය ලබා ගන්නට සැලැස්වීමෙන් දවස පුරාම ක්‍රියාශීලීව, ප්‍රබෝධයෙන් ඉන්නත්, දිගුකාලීනව නීරෝගීව ජීවත් වෙන්නත් ඔවුන්ට හැකි වේවි.

කවරයේ රූපය : rd.com

Related Articles