Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

GOYO – ලාංකීය ෆිට්නස් වංශකතාවේ නවතම සම්ප්‍රාප්තිය

2016 ගෙවිලා ගිහින් 2017 අවුරුද්දත් උදා වුණා. මේ ජනවාරි කියන්නේ ලංකාව වටේම තියෙන ජිම් වලට හරිම කලබල මාසයක් බව දන්නවාද? මේ අවුරුද්දේ හරි ඇඟ හදා ගන්නවා කියලා හිතන බොහෝ දෙනා අලුතෙන්ම ජිම් යන්න පටන් ගන්නේ ජනවාරි මාසේ ඉඳලයි. ඉතින් රට පුරාම තියෙන ජිම් මේ මාසයේදී අතුරු සිදුරු නැතිව පිරිලා යනවා. බර අඩු කරගන්න, ඇඟ හැඩ කරගන්න එන අය, ඇඟ හදා ගන්න බර ව්‍යායාම් කරන්න එන අය ඕන තරම්. යෝගා මැට් අරගෙන, ලස්සන හෙඩ් ෆෝන් දාගෙන, අලුත්ම ට්‍රැක් කිට්, ස්පෝට් ෂූස් එහෙම දාගෙන එන අයත් දැකගන්න පුළුවන්. “සික්ස් පැක්” එකක් හදා ගන්න එක තමයි වැඩි දෙනාගේ ඔලුවේ තියෙන්නේ.

අලුත් අවුරුද්දේ බර අඩු කරගන්න එක හරි, ඇඟ හදා ගන්න එක හරි වැඩි දෙනාගේ ප්‍රධානම අරමුණක්. කොහොම වුණත් අලුතෙන් ජිම් එන්න පටන් ගන්න අයගෙන් මාසයකට පස්සේ ඉතිරි වෙලා ඉන්නේ හරියටම බාගයක් වගේ විතරයි. හැමදාම ෆිට් එකේ ඉන්න ඕනේ කියන අරමුණ සහ ඒකට කරන කැපවීම දිගටම පවත්වා ගෙන යන එක කොහොමත් ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. දිනපතා මේ මේ මට්ටමට එක්සසයිස් කරන්න ඕනේ කියලා අරමුණු හදාගෙන, ඒ අරමුණු සම්පූර්ණ කරන්න හිතෙන විදිහට කටයුතු කරන එක අත්‍යාවශ්‍යයි.

පියවරෙන් පියවර ඉදිරියට යන්න පුළුවන් පැහැදිලි ෆිට්නස් අරමුණක් හදා ගන්න එක හරිම වැදගත්. තමන්ගේ ප්‍රගතිය පැහැදිලිව දැක බලා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. අද කාලේ මේ වෙනුවෙන්ම බිහිවුණු ස්මාට් පළඳනා තියෙනවා. “වෙයාරබල්ස්” කියලා හඳුන්වන මේ පළඳනා මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුවත් තමන් කරන එක්සසයිස් ප්‍රමාණය, කන බොන දේවල් ඇතුළු නීරෝගී බවට බලපාන හැම කරුණක්ම වාර්තා කරගන්න ලොකු පහසුවක් වෙන එකයි. නිසි අරමුණකට ලඟා වෙන්න අවශ්‍ය මාර්ගය එතකොට පැහැදිලි වෙනවා. දවසකට ඇවිදින පියවර ප්‍රමාණය, හදවත ගැහෙන වේගය, නිදා ගන්න වෙලාවල්, විවේකයෙන් ඉන්න කාලය වගේ ගණන් කරන්න අපහසු දේවල් පවා වෙයාරබල් එකක් පාවිච්චි කරාම පහසුවෙන්ම දැන ගන්න පුළුවන්.

පසුගිය අවුරුදු කිහිපය පුරාවටම මේ ස්මාට් පළඳනා වේගයෙන් ජනප්‍රිය වුණා. මේ උපකරණ වල මිල අඩු වෙන එක වගේම ස්මාට්ෆෝන් පාවිච්චිය ඉහළ ගිය එකත් මේකට ලොකු හේතුවක්. අලුතෙන් එන ස්මාට්ෆෝන් සේරම වගේ මේ ස්මාට් පළඳනා එක්ක ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම “වෙයාරබල්” එකකින් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයත් මෑත කාලයේදී එන්න එන්නම ඉහළ ගියා.

නමුත් ශ්‍රී ලංකාවේ නම් තවමත් මේ වගේ ස්මාට් පළඳනා ටිකක් මිලෙන් අධිකයි. අවුරුද්දක් ජිම් ගිහින් ඇඟ හදා ගන්න යන ගාණටත් වඩා ඒ වෙනුවෙන් වැය කරන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ උපකරණ වලින් නියමාකාර ප්‍රයෝජනයක් ලබන එක ලංකාවේ බොහෝ දෙනාට ලේසි නැහැ.

අපේ විදිහට අපේ දෙයක්

ගැජට් එකත්, ඇප් එකත් අතර සම්බන්ධයෙන් සියලු දත්ත ඔබට ඇප් එක හරහාම බලාගන්න පුළුවන්. (goyo.lk)

කොහොම නමුත් දැන් මේකේ යම් වෙනසක් කරන්න GOYO සූදානම්. GOYO කියන්නේ අපේ රටේ ෆිට්නස් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් කරන්න හදන ශ්‍රී ලංකාව පාදක කරගත් ආයතනයක්. ඔවුන් අපේ රටේ කාටත් ගැළපෙන ස්මාට් පළඳනාවක් සහ ඒ සඳහාම ඇප් එකකුත් නිර්මාණය කරලා තියෙනවා. අපේ රටේම ආයතනයක් නිසා ලංකාවේ කට්ටියගේ පොකට් එකට ගැළපෙන මිලකට තමයි මේක අලෙවි කෙරෙන්නේත්.

GOYO ඇප් එක ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන් නිර්මාණයක්. නීරෝගීව ඉන්න අවශ්‍ය උපදෙස් ලබා දීලා ඔබට අවශ්‍ය ෆිට්නස් අරමුණට ළඟා වෙන තුරු ඔබව උනන්දුවෙන් තබා ගන්න මේ ඇප් එකට පුළුවන්. මේ ඇප් එක හරහා ඔබට සුදුසුම විදිහට ෆිට්නස් අරමුණු නිර්මාණය කර ගන්න, ඒවා සම්පූර්ණ කරන විදිහ ට්‍රැක් කර ගන්න, කරන එක්සසයිස් ප්‍රමාණය තමන්ගේ යාළුවන් එක්ක සංසන්දනය කරලා තරඟ කරන්න, අවසන් කරන අරමුණු වෙනුවෙන් බැජස් දිනා ගන්න වගේම GOYO ෆිට්නස් ප්‍රොෆයිල් එකක් පවත්වා ගන්නත් පහසුව සලසලා තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් වලට වගේම, iOS වලටත් GOYO ඇප් එක ලබා ගන්න පුළුවන් නිසා මොන ෆෝන් එකක් තිබුණත් ගැන ප්‍රශ්නයක් නැහැ.

මේ ඇප් එකේ තියෙන අපූරුම විශේෂාංගයක් තමයි ඔබ තමන්ගේ ෆිට්නස් අරමුණු සම්පූර්ණ කරන එකට රිවෝඩ්ස් ලබා ගන්න තියෙන හැකියාව. මේ කිව්වේ ගේම් එකක වගේ බොරු රිවෝඩ්ස් නෙවෙයි, සැබෑ ලෝකයේ රිවෝඩ්ස්! ඔව්, GOYO ආයතනය ශ්‍රී ලාංකික වගේම අන්තර්ජාතික ආයතන ගණනාවක් එක්කම සම්බන්ධ වෙලා ඉන්න නිසා ඔබේ අරමුණු වලට ළඟා වුණාම ඒ ආයතන වලින් රිවෝඩ්ස් දිනා ගන්න පුළුවන්. ස්මාට්ෆෝන් එකක් තියෙන ඕනෑම කෙනෙක්ට මේ රිවෝඩ්ස් වලට හිමිකම් කියන්න අවස්ථාවක් තියෙනවා.

තමන්ගේ එදිනෙදා ෆිට්නස් අරමුණු සම්පූර්ණ කරලා ක්ෂණික රිවෝඩ්ස් ලබා ගන්න අතරේම කට්ටියක් එක්ක චැලේන්ජ් එකකට ෆිට්නස් ටාගට් හදාගෙන, අඩුම කාලයකින් ඒවා සම්පූර්ණ කරලා සුවිශේෂී රිවෝඩ්ස් දිනා ගන්න පවා අවස්ථාවක් ඔබට ලැබෙනවා. GOYO එකට සම්බන්ධ රෙස්ටෝරන්ට්, හෝටල්, සාප්පු සංකීර්ණ වගේම විනෝද චාරිකා සහ වෙනත් සේවා සපයන ආයතන වලින් ඩිස්කවුන්ට් වගේම සුවිශේෂී වරප්‍රසාද ඇතුළු රිවෝඩ්ස් බොහොමයක් ලබා ගන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම දිනා ගන්න අතරේ චැලේන්ජස් සම්පූර්ණ කරන තරමටම ඇඟ හැඩ වෙන රිවෝඩ් එකත් ඔබට නොමිලේම ලැබෙනවා. කම්මැලි නොවී දිගටම ජිම් යන්න මීට වඩා හොඳ ඩීල් එකක් වෙන කොහෙන්ද?

ස්මාට් පළඳනාව

අපි ඒ කිව්වේ ඇප් එක ගැනනේ. ඔබට ලැබෙන පළඳනාවත් බොහොම සුවිශේෂී එකක්. දවස පුරාම කිසිම අපහසුවක් නැතිව පැළඳගෙන ඉන්න පුළුවන් විදිහට සුව පහසු නිමාවක් වගේම ඔබටම ගැලපෙන වර්ණ රටා ගණනාවකින්ම තෝරා ගන්නත් අවස්ථාව තියෙනවා. උසස් තාක්ෂණික උපාංග බොහොමයකින් සමන්විත මේ ස්මාට් පළඳනාව ඔබේ නීරෝගී බවට අවශ්‍ය බොහෝ කාරණා ගැන අවධානයෙන් පසු වෙනවා.

    • දහනය කරන කැලරි ප්‍රමාණය – දවස පුරා ඔබ දහනය කරන කැලරි ප්‍රමාණය ගණනය කරලා ඔබේ බර නියමිත මට්ටමේ තියා ගන්න උදව් වෙනවා.
    • ඇවිදින පියවර ගණන – දවසක් තුලදී ඔබ ඇවිදින පියවර ගණන ඔබේ නීරෝගී දිවිපැවැත්ම ගැන හොඳ සාක්ෂියක්.
    • දවසකදී ඇවිදින දුර – දවසක් තුලදී ඇවිදින දුර ගණනය කර ගන්න දැන් පහසුවෙන්ම පුළුවන්.
    • නින්ද / විවේකය ගැන අවධානය – ඔබ නිදා ගන්න, විවේකයෙන් ඉන්න කාලය සහ අවයව චලනය ගැන අවධානය යොමු කරනවා. නීරෝගී දිවියට සුව නින්ද සහ විවේකය අත්‍යාවශ්‍යයි.
    • හදවත ගැහෙන වේගය – දවස පුරා හදවත ගැහෙන වේගය අඩු වැඩි වෙන විදිහ ගැන වගේම එක්සසයිස් කරන වෙලාවට ඔබේ “කාඩියෝ ෆිට්නස්” (cardio fitness) එකත් දැන ගන්න පුළුවන්.
    • පැහැදිලි තිරය – ඕනෑම වෙලාවක GOYO එකේ තියෙන සුපැහැදිලි තිරය දිහා බලලා ඔබගේ ෆිට්නස් එකට අදාළ තොරතුරු දැන ගන්න පුළුවන්.
    • බ්ලූටූත් සම්බන්ධතාව – ඔබේ ෆෝන් එකේ තියෙන GOYO ඇප් එක හරහා වෙයාරබල් එකෙන් ලැබෙන සියලු තොරතුරු ඒ වෙලාවේම දැක බලා ගන්න පුළුවන්.

“GOYO ෆිට්නස් ෆියෙස්ටා”

මේ මස 21 වනදා අපිට GOYO එක ලබාගන්න පුළුවන්.

GOYO ආයතනය ශ්‍රී ලාංකීය ෆිට්නස් කලාවට ප්‍රවේශ වීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජනවාරි 21 වෙනිදා. “GOYO ෆිට්නස් ෆියෙස්ටා” කියලා නම් කරලා තියෙන මේ උත්සවය නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් එකේදී හවස 4ට ආරම්භ වෙනවා. GOYO ආයතනයේ හවුල්කාර ආයතන මුණ ගැහෙන්න, ෆිට්නස් තරඟ වලට සහභාගී වෙන්න වගේම ඔබටම ගැලපෙන ෆිට්නස් අරමුණු ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් නොමිලේම උපදෙස් ලබා ගන්නත් මේක හොඳම අවස්ථාවක්.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තාරකා බොහෝ දෙනෙක් මේ GOYO ලෝන්ච් එකට සහභාගී වෙනවා. Natty Muscle SL ටීම් එකේ කට්ටියගෙන් ෆිට්නස් ගැන හැමදේම දැන ගන්න ගන්නත්, ලංකාවේ යොවුන් තාරකාව යුරේනි නෞෂිකාත් එක්ක ෆිට්නස් සෙෂන් එකකට සහභාගී වෙන්නත් ඔබට පුළුවන්. ඒ වගේම දර්ශන්ගේ Zumba ඩාන්ස් සෙෂන් එකට එකතු වෙලා ඩාන්ස් වලින්ම ෆිට්නස් හදා ගන්න විදිහ ඉගෙන ගන්නත් අවස්ථාව තියෙනවා.

GOYO ෆිට්නස් ෆියෙස්ටා එකට සහභාගී වෙන හැමෝටම වටිනා තෑගි දිනා ගන්න පුළුවන්. ඉවෙන්ට් එකේදි ගන්න සෙල්ෆි එකක් #GOYO හෑෂ් ටැග් එකත් එක්ක අප්ලෝඩ් කරන අයට GOYO වෙයාරබල්ස් දිනා ගන්න අවස්ථාව තියෙනවා. සිනමන් එයාර් වෙතින් මහනුවරට හරි සීගිරියට හරි ගිහින් එන්න ගුවන් ටිකට්පත් දෙකකුත් දිනා ගන්න පුළුවන්.

GOYO ෆිට්නස් ෆියෙස්ටා එකේ තියෙන ෆිට්නස් තරඟ වලින් ජයග්‍රහණය කරන හැමෝටම ඒ වෙලාවේම වටිනා තෑගි දිනා ගන්න පුළුවන්. ඉවෙන්ට් එකට සහභාගී වෙන හැමෝටම Rum Punch වෙතින් Fuze Swimwear මිල දී ගන්න 20%ක ඩිස්කවුන්ට් එකකුත් හිමි වෙනවා.

ඉතින් ඔබත් දැන්මම http://www.goyo.lk/ වෙත පිවිසිලා GOYO ෆිට්නස් ෆියෙස්ටා එකට රෙජිස්ටර් වෙන්න. නොමිලේම ඉන්විටේෂන් එක වගේම ඔබ නොහිතන රිවෝඩ්ස් ගණනාවක්ම හිමි කරගන්න පුළුවන්. GOYO ෆේස්බුක් පේජ් එකට ගිහින් බලන්නත් අමතක කරන්න එපා.

Related Articles