Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්ෂුවරන්ස් වැඩ පහසු කර දෙන InsureMe.lk කියන්නේ මොකක්ද?

රක්ෂණාවරණයක් ඔබගේ ජීවිතයට වගේම අමාරුවෙන් ගත්ත වාහනයට, ණය වෙලා හදාගත්ත නිවසට, දහඩිය මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාරයට ඒවා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හැම කෙනෙක්ම යෙදිය යුතු දෙයක්. කරදරයක් වෙලා අතේ සතේ නැති වුණාම අවසානයේ පිහිටට එන්නේ කලින්ම මොළේ කල්පනා කරලා දාගත්තු ඉන්ෂුවරන්ස් එක විතරයි. වාහනයක් ගත්තත් අඩුම තරමේ third party insurance එකක්වත් දාගන්න වෙන නිසා ඒකත් හොඳම තැනකින් වැඩි ප්‍රතිලාභ එක්ක අඩු ගාණකට දාගත්තොත් විතරයි ඔබ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන්නේ. එ්ත් හොඳ ඉන්ෂුවරන්ස් එකක් තෝරගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි.

iStock

රක්ෂණ සැලසුමක් තෝරා ගැනීම අපි බොහෝ විට කරන්නේ අපි ළඟට පැමිණෙන නියෝජිතයෙක් විසින් පෙන්වා දෙන කරුණු අනුවයි. මේ අනුව ඒක පාර්ශවීයව අප ඔවුන් කියන දේකට ඇහුම්කන් දී අවනත වෙනවා මිසක් වැඩි සෙවීමක් සහ අනිකුත් සමාගම් සමඟ සංසන්දනය කිරීමක් සිදු කරන්නේ නැහැ. එහෙත්  2017 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කරන ලද InsureMe.lk වෙබ් අඩවිය මේ සඳහා අපූරු විසඳුමක් ගෙන ආ අතර වසරකටත් අඩු කාලයක් තුළදී පාරිභෝගිකයන් සඳහා ඉමහත් සේවාවක් සලසමින් ඒ හැම කෙනෙක්ගේම හද බැඳගත් සේවාවක් බවට එය පත්වුණා.

මෙය හරහා සිදු වන්නේ ඔබ නිවසේ නිදහසේ කෝපි කෝප්පයක සුව විඳින අතරතුරේම අතේ තිබෙන දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසී සිටියදීම ඔබේ අනාගත රක්ෂණය සැලසුම් කරගැනීමට අවස්ථාව සැලසීමයි. InsureMe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අනතුරුව ඔබට අවශ්‍යව ඇත්තේ කාර්/ජිප් රථයට, බයික්, ත්‍රීවීල්, ගුවන් ගමන්, නිවාස, සෞඛ්‍ය හෝ ජීවිත රක්ෂණයක් දැයි මුල් පිටුවෙන්ම තෝරන්නට පුළුවන්. ඉන්පසු එම වර්ගය අනුව එහි ස්වභාවය (Full, Third party වැනි) විමසන අතර අනතුරු එළැඹෙන පිටුවෙන් වාහනයේ වර්ගය ආදී ඔබේ රක්ෂණය කළ යුතු දෙය පිළිබඳ විස්තර තෝරන්නට පමණයි අවශ්‍ය වන්නේ. එවිට ඔබට ලබා ගත හැකි රක්ෂණ සැලසුම් පිළිබඳව දිවයිනේ ප්‍රමුඛ රක්ෂණ සමාගම් 20කටත් වැඩි ප්‍රමාණයක විස්තර දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය නම් ඒවායේ ප්‍රතිලාභ පවා සංසන්දනාත්මකව, සවිස්තරව දැක ගන්නට එහි හොඳින් ඉඩ සලසා දී තිබෙනවා.

insureme.lk

ඔවුන්ගේ මෙම සංසන්දනාත්මක තොරතුරු කිසිදු පාර්ශවයකට නොනැඹුරුව, විනිවිද භාවයකින් යුතුව ඉදිරිපත් කෙරෙන වෘත්තීමය සේවාවක් වන අතර පුළුල් පරාසයක රක්ෂණ විසඳුම් ගෙන එන්නේ නොමිලේ ලබා දෙන විශේෂඥ උපදෙස් ද සමගයි. ඔවුන් හරහා ඔබට වඩාත්ම ගැලපෙන විසඳුම තීරණය කරගන්නට තවදුරටත් පහසුකම් සලසා දෙන නිසා වෙබ් අඩවිය හරහා ඔබ බලාගත් තොරතුරු වලට අමතරව කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරවම තවත් ඔබේ තීරණය තවත් තහවුරු කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. පැය විසි හතරම ක්‍රියාත්මක වන කාර්යක්ෂම සහ ඵලදායී සහායක සේවය නිසා රෙකෝඩ් කළ දුරකථන හඬවල්වලට පැය ගණන් සවන් නොදී ඉතා පහසුවෙන් ඔබේ අවශ්‍යතාව සපුරා ගන්නට පුළුවන්. සාම්ප්‍රදායික දුරකථන ඇමතුම් වලින් මිදී ඔබ වට්ස්ඇප් හෝ වයිබර් පාවිච්චි කරන කෙනෙක් නම් ඒවා හරහාත් පාරිභෝගික සේවාවන් ලබා ගන්නට ඔබට පුළුවන්. සෑම පාරිභෝගිකයෙකු වෙනුවෙන්ම වෙන් කරනු ලබන කළමනාකරුවෙක් සිටිනා නිසා ඔබට ඔවුන් සමඟ ඔබේ රක්ෂණ කටයුතු කළමනාකරණය කරගන්නට පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.

insureme.lk

InsureMe සමඟ සිටින ඔබට ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන දීමනා සහ වට්ටම් ලබාදෙන්නට තවත් ආයතන ඉදිරිපත් වන නිසා InsureMe පාරිභෝගිකයන්ට වසරේ විවිධ කාලවලදී විවිධ වෙළඳ ආයතන වලින් විශේෂ වට්ටම් ලබාගන්නට අවස්ථාව ලැබෙනවා. වාහන නඩත්තු කිරීම්, නිවාස අලුත් වැඩියා කිරීම් ආදියට අදාලව නිරන්තරයෙන් ලැබෙන මේ දීමනාවන් නිසා ඔබට රක්ෂණයත් අඩුවට අරගෙන වැඩ කටයුතුත් අතට ගාණක් ඉතුරු කරගෙන කරගන්නට පුළුවන් වෙනවා. රක්ෂණ වාරික ගෙවීම් වුවත් ඔබට එකවර ගෙවීම අපහසු නම් ලංකාවේ නම් දැරූ බැංකු රැසක් හරහා මාස 3,6,12 ආකාරයේ වාරික හරහා අඩු පොලියට හෝ පොලි රහිතවම ගෙවීම් සිදුකරන්නට අවස්ථාව සලසා තිබීම මහත් සහනයක්.

ඉතින් මේ ගැන ඔබ තවදුරටත් උනන්දු නම්, ඔබේ රක්ෂණ සේවාවක් අඩු මුදලකට උපරිම ප්‍රතිලාභ සමඟ තෝරාගන්නට InsureMe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් කරගන්නට පුළුවන්.

Related Articles