Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුන්දර දිගු වරලසක රහස

දිගු වරලසකට කරන්න පුළුවන් දේ ගැන අප පවසද්දී, සමහරෙක් යටිසිතින්  ‘ඒකට ඉතින් ඉස්සෙල්ලා කොණ්ඩය වවාගෙන ඉන්න ඕනනේ. මේක නම් වැවෙන කොණ්ඩයක් නෙමෙයි’ යනුවෙන් සිතනවා ඇති.  ඇත්ත වශයෙන්ම කියතොත් කොණ්ඩය නොවැවීමෙන් පිඩා විඳින අය බොහෝය. ‘කොණ්ඩයේ තෙල් ගාන්න’, ‘යටින් චුට්ටක් කපන්න’ ‘ වර්ණ ගන්වන්න එපා’ වැනි මේ නොයෙකුත් ආකාරයේ උපදෙස් ඔබ ඕනෑ තරම් අසා ඇති. ඉක්මනින්ම දිගු ලෙලදෙන වරලසක් වවා ගැනීමට මීට අමතරව ඔබ දිනපතා කළ යුතු දේ සහ මතක තබාගත යුතු දේවල්  කීපයකි.  

ඔබ මතක තබා ගත යුතු පළමු දේ වන්නේ:

කොණ්ඩය දවසෙන් දෙකෙන් වැවේ යැයි බලාපොරොත්තු වන්න එපා

කොණ්ඩය යනු බලාගෙන ඉඳිද්දී වැවෙන දෙයක් නොවේ (today.com)

කොණ්ඩය යනු බලාගෙන ඉඳිද්දී වැවෙන දෙයක් නොවේ (today.com)

කොණ්ඩයට අපි කොම්පෝස්ට් නොදමන නිසා දවසෙන් දෙකෙන් කොණ්ඩය ඇදේ යැයි බලාපොරොත්තු වන්නට එපා. එය වැඩිම වුණොත් මසකට අඟලක් අඟල් භාගයක් පමණ ඇදෙනු ඇත. මේ වේගයෙන් වැවීමටත් කොණ්ඩය කෙස් අග පැලී නොමැති අතිශයින්ම සෞඛ්‍ය සම්පන්න එකක් විය යුතුය. එම නිසා කොණ්ඩය ඇස් පනාපිට දික් නොවීම සාධාරණය. ඉතින් ඒ ගැන හඬා වැළපීමෙන් ඇති වැඩක්ද නැත.

කොණ්ඩය යටින් මදක් කපා දැමීම

කොණ්ඩය යටින් මදක් කපා දැමු විට කොණ්ඩය වැවීම විශේෂයෙන් ඉක්මන් නොවුණද පැලුණු අග කොටස් ඉවත් වී යයි. කෙස් ගසක අග පැලී ගිය විට එය දිගටම උඩට පැලී යන නිසා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර කොණ්ඩය කපා දැමීමට අපට සිදුවේ.  මේ නිසා සෑම මාස දෙකකට වත් වරක් ‘පොඩ්ඩක්’ කොණ්ඩය යටින් අඩු කරන්න. එසේම ඔබේ කොණ්ඩයට අත තැබීමට පෙර මතක ඇතිව කොණ්ඩය කපන පුද්ගලයාට  ‘පොඩ්ඩක්’ යන වචනයේ තේරුම වටහා දෙන්න. හැකි නම් අඩිකෝදුවක් රැගෙන ගොස් සියල්ලටම පෙර සෙන්ටිමීටරයක් යනු කුමක් දැයි කියා දීමද නරක නැත. නැත්නම් මොවුන් කිසිම හිතක් පපුවක් නැති ලෙස අඩුකරගෙන අඩුකරගෙන ගොස් කොණ්ඩය බෙල්ල මුලටම අඩුකර දමන්නේ විනාඩි ගණනක් ඇතුලතය.

කන්ඩිෂනර් භාවිතය

කන්ඩිෂනර් භාවිතයෙන් ඔබේ වරලස තවත් සෞඛ්‍යමත් වනු ඇති (goodhousekeeping.com)

කන්ඩිෂනර් භාවිතයෙන් ඔබේ වරලස තවත් සෞඛ්‍යමත් වනු ඇති (goodhousekeeping.com)

තෙතමනය සහිත හිසකෙස් වලට අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් යෙදිය යුතුය. කන්ඩිෂනර් යනු උච්චර්මය වසා දමන කෙස් ගස මුල තිබෙන ලිපිඩ සහ ප්‍රෝටීන වෙනුවට දෙවියන් ගෙන් අපට ලැබුණු ත්‍යාගයකි. කන්ඩිෂනර් ඔබේ හිසකෙස් සෞඛ්‍ය සම්පන්නව සහ මෘදුව තබා ගැනීමට ඇත්ත වශයෙන්ම උපකාරී වේ. ෂැම්පු යොදනවා නම් අමතක නොකර කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න. ‘ෂැම්පු යොදනවා නම්’ යනුවෙන් පැවසුවේ මන්දැයි අපි මද වෙලාවකින් ඔබට පැහැදිලි කර දෙන්නෙමු.

ෂැම්පු වලට ඇබ්බැහි වීමෙන් වලකින්න

බොහෝ දෙනෙක් ෂැම්පු නිතර භාවිතා කළද  කන්ඩිෂනර් යොදන්නේ ඉඳල හිටල  කැමති වෙලාවට පමණි. එසේ වුවද ඇත්තටම නිතර භාවිතයෙන් වැළකිය යුත්තේ කන්ඩිෂනර් නොව ෂැම්පු වලිනි. මඩේ නටා කුණු දුවිලි වලින් වරලස වැසි ගිය දිනක ෂැම්පු නොගා සිටින්නට යැයි අපි ඔබට නොපවසමු. දැඩි පිරිසිදු කිරීමක් අවශ්‍ය නොවන සාමාන්‍ය දිනයක හැකිනම් ෂැම්පු වලින් වැලකි සිටීමට උත්සාහ ගන්න. මක් නිසාද යත්, ෂැම්පු වලට සාර්ථක ලෙස කුණු දුවිලි සහ වෙනත් දහජරාව ඉවත් කළ හැකි වුවත් ඒහාම ඔබේ වරලස සුමුදු ලෙස සෞඛ්‍ය ආරක්ෂිතව තබාගැනීමට අත්‍යාවශ්‍ය වන ස්වාභාවික තෙල් සහිත බව ද ඉවත් වී යන බැවිණි. මේ නිසා ෂැම්පු වලට ඇබ්බැහි වීම පිළිබඳ මින් පසු මදක් සැලකිලිමත් වන්න.

කොණ්ඩයට වඩාත් සුදුසු මොනවාද?

කොණ්ඩයක් වැවීමට කෙතරම් කල් ගත වෙනවා දැයි අපි පැවසූ අයුරු ඔබට මතක ඇතැයි සිතමු. එනම් ඔබේ ගෙලට පහලින් තිබෙන හිසකෙස් වසර ගණනාවක් පවා පැරණි විය හැකිය. මේ නිසා ඔබේ වරලස රැකබලා ගැනීම අත්‍යාවශ්‍යයි. සුදුසු තෙල් වර්ගයක් හෝ තෙල් ආවරණයක්  සොයාගෙන සතියකට වරක් හෝ අඩු තරමේ හිසේ ගලවන්නට මතක තබා ගන්න. ඔබ නොසිතූ විරූ ප්‍රතිපල මින් අත් කරගත හැකියි.

ඔබේ වරලස හුවා දක්වන්න

සිහින්  සෞඛ්‍ය සම්පන්න නැති කෙස් කළඹ ඔබට හිසරදයක් වී ඇත්නම් එය හුවා දක්වන ආකාරයේ නිෂ්පාදනයක් භාවිතා කරන්න. හොඳ ආහාර ගැනීම මෙන්ම බාහිරව ගන්නා පෝෂණ අතිරේක ද ඔබට එකසේ උපකාර වනු ඇත. සුදුසු නිෂ්පාදනයක් පිළිබඳ ඔබට තනිව තීරණයක් ගත නොහැකි නම් වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්න.  

කපු රෙදි සතුරා

කපු කොට්ට උර භාවිතය නම් කොණ්ඩයට එතරම් ගුණ නැති දෙයකි (92an.com)

කපු කොට්ට උර භාවිතය නම් කොණ්ඩයට එතරම් ගුණ නැති දෙයකි (92an.com)

ලංකාවේ අපි කපු රෙදි වලට  පුදුම තරම් කැමැත්තක් දක්වමු. කෙසේ වුවත් කපු කොට්ටා උර කොණ්ඩයට එතරම් ගුණ නැත. හිස කෙස් හා  කපු රෙදි අතර ඇතිවන ඝර්ෂණය උදෑසන අවදි වන විට අපේ කොණ්ඩය කපුටු කූඩුවක් ලෙස දිස් වීමට මූලිකම හේතුවක් ලෙස දැක්විය හැක.

තෙත කොණ්ඩය තුවායෙන් ඔතාගෙන සිටීම සුදුසු ද?

හොඳ දෙයක් යයි බොහෝ දෙනා සිතා සිටියත් මෙයින් වන හානිය අධිකය (womesnhealthmag.com)

හොඳ දෙයක් යයි බොහෝ දෙනා සිතා සිටියත් මෙයින් වන හානිය අධිකය (womesnhealthmag.com)

අම්මෝ නැත. මෙය නම් කිරීමට සුදුසුම නැති දෙයකි. ඉක්මනින් කොණ්ඩය වියළා ගැනීමට කොයි කාහටත් සහයට එන මේ ක්‍රමය නිසා තිබෙන කෙස් ගස් ටිකත් ගැලවී යන බව ඔබ දන්නවා ද? තුවාය හිස වටා තදින් ඔතන විට තුවායේ පැටලෙන කෙස් ගස් සේම නළලතේ සහ මුහුණ වටා තිබෙන කොට හිස කෙස් ද සෑහෙන තරම් ගැලවී යයි. මයික්රෝෆයිබර් තුවා වලින් නම් ගැටළුවක් නැති බව තමයි කියන්නේ.

ඇල් වතුරෙන් නාන්න

අපි මින් පෙරත් විස්තර කර ඇති පරිදි සිසිල් දියෙන් කෙස් ගස් වල තෙතමනය ආරක්ෂා වේ. තාපය නිසා වන හානියද අවම කරයි. උණු දියෙන් ස්නානය කර අවසන් වූ පසු සිසිල් දියෙන් ද හිස් සෝදා දැමීම හිස් කෙස් වලට ඉතා හොඳය.

මේ විවිධ උපක්‍රම භාවිතයෙන් ලස්සන දිග කොණ්ඩයක් වවා ගෙන ප්‍රතිපල අපටත් කියන්න අමතක කරන්න එපා.

 

Related Articles