Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

X30 ආසියානු කුසලානය 2018 ලංකාවේදී

ලොව වටා රටවල් 138ක පමණ ස්වාධීන තරගයක් ලෙසින් නම් දැරූ කාටිං ක්‍රීඩාව මේ වන විට ලොව ප්‍රසිද්ධ සහ සම්මතානුකූල ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. මෝටර් කාර් තරගාවලීන්හි ද නම්දැරූ මයිකල් ෂූමාකර්, ඩැනියෙල් රිකාඩෝ සහ ලුවිස් හැමිල්ටන් වැනි ශූරයන් පවා තම මූලාරම්භය සනිටුහන් කළේ කාටිං හරහායි.

පසුගිය වසර කිහිපයේ දකුණු ආසියාවේත් කාටින් පිළිබඳ උනන්දුව සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට X30 ආසියානු කුසලානය බණ්ඩාරගම Sri Lanka Karting Circuit (SLKC) හිදී ජනවාරි 13 සහ 14 දෙදින පැවැත්වෙනවා. ඩේවිඩ් පීරිස් සමූහයේ සාමාජික ඩේවිඩ් පීරිස් Racing and Leisure (DPRL) හරහා සංවිධානය වන මෙය දකුණු ආසියාවේ ප්‍රථම ගෝ කාට්න් තරගාවලිය වනවා.

x30.lk

X30 Asia Cup 2018 සමාරම්භයත් සමඟ ආසියාවේ ගෝ කාට්න් සමය ආරම්භ වන අතර සිංගප්පූරුවේ සහ මැලේසියාවේ වසර පුරාම පැවැත්වෙන වට හයක තරගාවලීන්ගේ මූලරම්භක අවස්ථාව සනිටුහන් කරන්නේ ද මෙයයි. කලාපීය සහ අන්තර්ජාතික තරගකරුවන් ආසියාව සහ යුරෝපය නියෝජනය කරමින් මේ ජාත්‍යයන්තර අවස්ථාවට සහභාගී වෙනවා.

මේ වර්ගයේ සහ මෙතරම් උත්කර්ෂවත් අන්දමින් තරගයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර දකුණු ආසියාවට ද මෙය නවමු අත්දැකීමක්. මෙම තරගාවලිය ලොව පුරා නම් දැර තරඟකරුවන් 40ක් මෙන්ම, තාක්ෂණික සහායක කණ්ඩායම්, පවුල්වල සමාජිකයන්, දේශීය සහ විදේශීය මෝටර් රේසිං රසිකයන් හා නරඹන්නන් ඇතුළු රටවල් රැසක පිරිස් සහභාගී වනවා. එනිසා ලංකාව කාර්ටින් තරඟ පවත්වන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අපූර්ව අරමුණෙන් මෙම X30 ආසියානු කුසලානයට ආශිර්වාදය ලබා දෙන්නේ Ceylon Motor Sports Club විසිනුයි.

ඉතාලි-ඇමරිකානු මෝටර් ඉන්ජිනියරිං (IAME) වෙතින් 2005දී ප්‍රංශ වෙළඳපොළට X30 125cc එන්ජින් හඳුන්වාදීමත් සමග X30 ව්‍යාපෘතියට සීඝ්‍ර වර්ධනයක් ලැබුණා. මේ වන විට රටවල් 25ක් තුළ අභියෝගතා තරඟාවලීන්ගෙන් සමන්විත පූර්ණ තරඟ මාලාවක් බවට පත් වන්නට හැකියාව ලැබී තිබෙනවා.

x30.lk

X30 හරහා තරගලෝලීන්ට, තරඟකරුවන්ට තම ක්‍රීඩා අත්දැකීම් හා හැකියාවන් ඔප් නංවා ගන්නට අවස්ථාව සැලසෙනවා. මීට පෙර X30 ආසියානු කුසලානයට තරග වැදුණු අය පවා වෙනත් අන්තර්ජාතික තරඟවල ශූරතාවයන්ට මෙන්ම Formula 4 සහ Formula Renault වැනි තරඟවල ඉහළට ම ළඟාවන්නට සමර්ථ වුණා.

X30 ආසියානු කුසලානය ඩේවිඩ් පීරිස් Racing and Leisure ආයතනයට අයත් බණ්ඩාරගම Sri Lanka Karting Circuit (SLKC) හි අන්තර්ජාතික  මට්ටමේ මීටර් 1216ක් වූ ධාවන පථයකදී පැවැත්වෙනවා. මෙම ධාවන පථයේ වරකට විවිධ ආකාරයේ තරඟ දෙකක් එකිනෙකට සමගාමීව පැවැත්විය හැකි අතර දරුවන් සඳහාම සැකසූ මීටර් 171ක අන්තර්ජාතික සම්මතානුකූල ධාවන පථයකින් ද සමන්විතයි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් ළඟාවිය හැකි මෙම ස්ථානය දේශීය කාටින් ලෝලීන්ට වෘත්තීය මට්ටමේ ක්‍රීඩාවක අත්දැකීම් ලබාගැනීමට ද පහසුකම් සැලසීම විශේෂත්වයක්.

x30.lk

මෙම X30 ආසියානු කුසලාන තරඟවලිය කැඩෙට් (අවුරුදු 8 සිට 12 දක්වා), කනිෂ්ඨ (අවුරුදු 12 සිට 14 දක්වා), ජ්‍යෝෂ්ඨ (අවුරුදු 14 සිට 30), සහ ප්‍රවීණ (අවුරුදු 30 සහ ඉන් ඉහළ) ලෙස ප්‍රධාන කාණ්ඩ 4කින් පැවැත්වෙනවා.

The X30 Asia Cup 2018

The X30 Asia Cup 2018 will be held in Sri Lanka for the first time on the 13th and 14th of January 2018 at the Sri Lanka Karting Circuit, Bandaragama

Posted by Roar Life on 12 जानेवारी 2018

X30 Asia Cup 2018 සඳහා ටිකට්පත් tickets.lk වෙබ් අඩවියෙන් දිනකට රු. 350 කට ලබාගත හැකි අතර එදින දොරටුවෙන් නම් ටිකට්පත් නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ. මෙම තරඟාවලිය පිළිබඳව වැඩි විස්තර  x30.lk වෙබ් අඩවියෙන් ඔබට දැනගැනීමේ හැකියාවද පවතිනවා.

කවරයේ ජායාරූපය – x30.lk

Related Articles