Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ කෙස් කළඹ රැකගැනීමට ඔබ උත්සාහ කලයුත්තේ ඇයි?

මෙය කීමට තරම් දෙයක් දැයි ඔබ සිතනවා විය හැක, එහෙත් ඕනෑම ශ්‍රී ලාංකීය ගැහැණු ළමයෙකු ගෙන් අසා බලන්න, කෙස් කළඹ ගැන වද වෙවී සිටිනවාට වඩා කරන්නට වෙන වැඩ ඕනෑතරම් තිබෙන බව ඇය පවසනු නියතය.

මෙසේ වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ කුඩා කල පටන් පුරුදු වී ඇති සුපුරුදු පෝනිටෙයිල් එකට හෝ කොණ්ඩා ගෙඩිය ට වඩා අමතර යමක් කිරීමට යෑම, එනම් නව කොණ්ඩා විලාසිතාවක් අත්හදා බැලීම කරදරයක් ලෙසත් අසාර්ථක වීමට වැඩි ඉඩ කඩක් තිබෙන දෙයක් ලෙසත් අප පොදුවේ සලකන බැවිණි.

ලංකාව වන් උණුසුම් දේශගුණයක් ඇති රටක ජිවත් වීමට සිදුවීම ද මේ අතින් අපට අවාසිදායක වන අතර හැඳ සිටින ඇඳුම්වලට ඔබින කොණ්ඩා විලාසිතාවක් දමා යම් වෙනසක් කිරීමට ගන්නා සෑම උත්සාහයක් ම නිර්ථක වීමටද හේතුවක් වන්නේ මෙයයි. අනෙක් අතට, බොහෝමයක් ගැහැණු ළමයි තම කෙස් කළඹ ෂැම්පු ටිකක් දමා පිරිසිදුවට තබා ගැනීමත් කුමක් හෝ පහසු අතකට නමා ගැටගසා ගැනීමත් හැරුණු කොට ඒ පිළිබඳ එතරම් කරදර නොවෙති. දිනපතා කොන්ඩ විලාසිතා කිරීම මිල අධික ක්‍රියාවක් වන නිසා බොහෝ විට එය සිදුවන්නේ උත්සව ප්‍රිය සම්භාෂණ වලදී ම පමණකි.

ඉතින් සරලව ගත් කළ, අපි අපේ සුපුරුදු කොණ්ඩා ගෙඩියට, පෝනිටෙයිල් එකට හෝ පීරා ගොතා ගත් කොණ්ඩයටම කොටු වී සිටිමු. යම් හෙයකින් වරලස මුදා ගෙන යන්නේ නම් බොහෝ විට කොණ්ඩා වළල්ලක් අතේ දමා ගෙන හෝ ලඟ පාතක තබා ගෙන සිටිමු. මක් නිසාද යත් ඉක්මනින්ම සුළඟට විසිරී යන කෙහෙරැළි මුහුණේ වැදීම දරාගැනීමට අපහසු වන බැවිණි.

ඒ කෙසේ වුවද අපි ඔබට රහසක් කීමට කැමැත්තෙමු. ඔබේ කෙස්කළඹ හැඩ ගන්වා ගැනීම සඳහා එය තැනින් තැනින් කපා දැමීමට හෝ වර්ණ ගැන්විමටම අවශ්‍ය නොවේ. ඒවා සංකිර්ණ, නැවත කොණ්ඩය වැවී යන තෙක්ම වෙනස් කළ නොහැකි කරදර වැඩය. වරලසට වෙනස් පෙනුමක් ලබා දීමට ඔබ කළ යුත්තේ එය සුක්ෂම ලෙස පොඩ්ඩක් එහා මෙහා කොට හැමදාම කරනවාට වඩා පොඩි වෙනසක් කිරීම පමණි.

මෙවැන්නකට ගතකරන්නට තරම්  කාලයක් තියෙන්නේ කාටද යයි දැන් ඔබ සිතනවා ඇත.

නමුත් සත්‍යවශයෙන් සිතුවොත් අපේ කෙස් කළඹ බොහෝමයක් දෙනෙකු හට අපව පෙනෙන අයුරු තීරණය කරන ප්‍රධානතම සාධකයක් වේ. අවුල් වියවුල් වී ගිය වරලසකින් සෑමවිටම පිළිබිඹු වන්නේ ‘මට අද ටිකක් ලේට් වුණා’ හෝ ‘සුළඟ සැර’ බව පමණක්ම නොවන බව මතක තබා ගන්න. ඔබ කෙරෙහි මිනිසුන් තුල ඇති විශ්වාසවන්ත හැඟීම කොණ්ඩය අපිළිවෙල නිසා නැතිවී යා හැකි බව ඔබ දන්නවා ද?

කොණ්ඩයට දක්වන සැලකිල්ල දෙස බලා කුඩා කුඩා දේ සම්බන්ධයෙන් අපේ සැලකිලිමත් බව ගැන යමෙකු වැරදි ලෙස නිගමන වලට එළැඹීම ඉඩ තිබේ. වෙනකක් තබා, ‘තැනකට ගෙන යා නොහැකි’ අයෙකු ලෙස අපව පිටස්තර පුද්ගලයන් ට දිස් විය හැක. මෙය කුමන ආකාරයේ රැකියාවක් අපට ලැබෙන්නේ ද යන්න හෝ රැකියාස්ථානයේ, පාසලේ යම් විශේෂ දෙයක් සඳහා අනෙක් අය අතරින් අපව තෝරා ගන්නේ ද නැද්ද යන්න තීරණය කරන වුවද ප්‍රධාන සාධකයක් විය හැක. මේ නිසා අප අනෙක් අයට දිස් වන ආකාරය ඉතා වැදගත් වන අතර අපේ වරලස එහි ප්‍රධාන අංගයක් බව අප සිහියේ තබා ගත යුතුමය.

එහෙනම් දැන් අපි අපේ වරලස අපටම හිසරදයක් නොවන ලෙස සකසා ගන්නේ කෙසේදැයි බලමු.

නඩත්තු කිරීම

කොණ්ඩය කෙටි වුවත් දිගු වුවත් එය නිසි පරිදි නඩත්තු කිරීම නම් අතිශය වැදගත්ය.

කොණ්ඩය කෙටි වුවත් දිගු වුවත් එය නිසි පරිදි නඩත්තු කිරීම නම් අතිශය වැදගත්ය.

ස්වභාවයෙන්ම ලාංකික අපේ කෙස් සෑහෙන තරම් සිහින් වුවත් ඒහා මුසු වූ වියළි ගතියක්ද තිබේ. එසේම කෙස් වල දිදුලනක බවකට වඩා දැක ගත හැක්කේ ඇකිලී ගිය ස්වභාවයකි. මෙය සිදු වී ඇත්තේ අපේ වරදකින් නොව මේ රටේ කාලගුණික තත්වයේ හා ස්නානයට ගන්නා ජලයේ විවිධ ගුණාංග නිසාය. බොහෝ පුද්ගලයන් ගේ හිසකෙස් ඉතා තුනී බැවින් වෙළඳපොළේ ඇති හිසකෙස් පිම්බි පෙනෙන්නට සලස්වන නිෂ්පාදනයක් භාවිතා කිරීම නුවණට හුරුය. ඉන් හිසකෙස් හැඩ ගැන්වීමටද පහසු වනු ඇත. යන්තම් තෙතමනය සහිත කාලගුණයකදී පවා ඇකිලී නොයන ආකාරයේ මදක් ඝන, හැසිරවීමට පහසු කෙස් කළඹක් ඔබට හිමි වී ඇත්නම්  එය හැඩගැන්වීමට වඩාත් පහසුය.

සමාජ මතය

ඔබේ කොණ්ඩයට සමාජයෙන් කුමන ප්‍රතිචාරයක් ලැබෙනු ඇතිද?

ඔබේ කොණ්ඩයට සමාජයෙන් කුමන ප්‍රතිචාරයක් ලැබෙනු ඇතිද?

බොහෝ දෙනෙක් තම කොණ්ඩය වර්ණ නොගැන්වීමට හෝ අරුමෝසම් හැඩ වලට කපා නොදැමීමට හේතුව තමන්ගේ පෞද්ගලික කැමැත්ත අකමැත්තටත් වඩා තමන්ට ‘පාරේ බැස යාමට නොහැකි’ වනු ඇතැයි සිතන නිසා බව නොරහසකි. මෙහි සත්‍යතාවයක් නැත්තේද නොවේ. එය අපේ ලංකාවේ හැටියකි. බටහිර සංස්කෘතියට ලාවට හෝ සමාන දෙයක් හඳින පළඳින විට පොදුවේ සමාජය අප ගැන කුමක් සිතනු ඇද්ද යන්න ගැන අපි වද වන්නෙමු. අපගේ දෙමව්පියන් අපට කෑ ගසන බවද නෑදෑයින් ‘අනම් මනම්’ කියන බවද පාර තොටේ යන එන මඟ සිටින පුදගලයන් අමුතු විදියට බලා කසු කුසු ගාන බවද දන්නා නිසා අපි ඊට ස්වභාවයෙන්ම බීය වන්නෙමු.

මේ පිළිබඳ අප දරන මතය වන්නේ ද එතරම් නිර්භීත පියවරක් ඔබ නොගත යුතු බවයි. අප ඔබට මින් සාම්ප්‍රදායික වී සමාජ මතයට බීය වී සිටින්නට උපදෙස් දෙනවා නොවේ. එසේ කීමට හේතුව, එවන් අමුතු මෝස්තරයකට කොණ්ඩය කපා දැමූ විටත් අරුමෝසම් වර්ණයක් ගැන්වූ විටත් කාලාන්තරයක් යන තුරුම එය වෙනස් කරගත නොහැකි බැවිණි. ඔබ එයට ප්‍රිය කරන්නේ නම් කිසි ගැටලුවක් නැත. නමුත් මෙවැනි දේ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මිනිසුන්ගේ මතය ඉක්මනින්ම වෙනස්වන සුළු නිසා තම නව පෙනුම තමාටම අප්‍රියජනක වී ගිය පසුත් කොණ්ඩය නැවත වැවෙන තුරුම බලා සිටීමට ඔබට සිදුවෙයි. ඒ හා සැලකූ විට කොණ්ඩා හැඩගැන්වීම හොඳ විකල්පයක් වන්නේ ඉන් ඔබට දිනපතාම අලුත් පෙනුමක් ලැබෙන බැවිණි.

හිසකෙස් පලුදු වනවාට ඇති භීතිය

හිසකෙස් පලුදු වීමට හේතු රාශියක් තිබේ

හිසකෙස් පලුදු වීමට හේතු රාශියක් තිබේ

අපගේ කෙස් කළඹට සෑහෙන තරම් ප්‍රියකරණ අපි එක කෙස් ගසකට වුවද හානියක් සිදුවිය හැකි යමක් කිරීමට අතිශය බියක් දක්වන්නෙමු එසේ වුවද කොණ්ඩය කොටට කපා දැමීම හෝ රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වීම හා සලකන කල කොණ්ඩය හැඩ ගන්වා ගැනීමේදී හිස කෙස් වලට වන හානිය අතිශයින්ම අවමය. වැඩිම වුවොත් කටුවක් දෙකක් ගසා මදක් එහා මෙහා කර ලස්සනට සකසා ගතහොත් කෙස් කළඹෙන් අපේ පෙනුමට විශාල විපර්යාසයක් කරගත හැකිය. ඔබ ගැහැණු ළමයෙකු නම්, එය පිටස්තර පුදගලයන් ඔබව දකින විට මුලින්ම අවධානය යොමුවන දේවල් වලින් එකක් බව සිහියේ රඳවා ගෙන, මින් පසු මේ වෙනුවෙන් මදක් වැඩිපුර කාලය කැප කිරීමට උත්සුක වන්න

විශ්වාසය

ඔබේ මූඩ් එකට ඔබිනා අයුරින් කෙස්කළඹ වෙනස් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන්න (blog.euromonitor.com)

ඔබේ මූඩ් එකට ඔබිනා අයුරින් කෙස්කළඹ වෙනස් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන්න (blog.euromonitor.com)

කෙස් කළඹ සම්බන්ධ තීරණ ගැනීමේදී ඔබ පැකිලෙන්නේ ඇයි? මෙය මදකට සිතා බලන්න. ඔබ දක්ෂ, සිත්ගන්නා සුළු හා විනෝදජනක පුද්ගලයෙකි. නමුත් ඇත්තටම ඔබට එවන්නෙකුට සරිලන පෙනුමක් තිබෙනවාද? අවස්ථානුකූලව ඔබ ඔබේ පෙනුම වෙනස්කර ගන්නවාද? ගැහැණු ළමුන් වන අපි මේ අතින් වාසනාවන්ත වෙමු. ඒ අපට අපේ කේශ කලාපය භාවිතා කර අපේ පෙනුම කැමති කැමති අයුරින් වෙනස් කරගත හැකි බැවිනි. ඉතින් තවත් බලා ඉන්නේ ඇයි? ඔබේ සිතැඟි පරිදි අවස්ථාවට ගැලපෙන ලෙස හමුවන පුද්ගලයන් ට අනුකූල ව හැඩ වන්න. මේ ගතවන කාලය නැවතත් නොඑයි. සෑම දිනයකම අළුත් දෙයක් කිරීමට උත්සාහ කරන්න. මන්ද යත්, මේ ඔබේ දිවියේ සොඳුරුතම අවධිය නිසාවෙනි. අපේ හිසකෙස් නීරස ලෙස දිස් වන්නේ නම් ඒ අපේම නොසැලකිලිමත් කම නිසා බව මතක තබා ගන්න.

Related Articles