Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර 25කට පෙර ඉන්දියාවේ පැවති අපූරු ක්‍රිකට් තරගාවලිය

එළඹෙන මාර්තු මාසයේ ඉන්දියාවේ දී රටවල් 5ක පැරණි ක්‍රීඩකයන් සහභාගි වන අපූරු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. පසුගිය කාල සමයේ ලෝක ක්‍රිකට් පිටියේ සිටි සුපිරි තරු රැසක් සහභාගි වන මෙම තරගාවලිය පිළිබඳව ක්‍රිකට් ලෝලීන් වඩාත් අවධානයෙන් පසුවනවා. මීට වසර 25කට පෙරත් ඉන්දියාවේ දී මෙවැනිම ආකාරයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණා. Masters Cup නමින් හැඳින්වුණු එම තරගාවලිය සඳහා පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 6ක් සහභාගි වුණා. මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ මීට වසර 25කට පෙර ඉන්දු බිමේ දී පැවති එම අපූරු ක්‍රිකට් තරගාවලිය පිළිබඳව යි.  

තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල් 

බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කළ පැරණි ක්‍රීඩකයන් මෙම තරගාවලිය සඳහා සහභාගි වුණා. එහි දී සෑම කණ්ඩායමක් සඳහා ම ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත් වී තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

කොදෙව් දේශය නියෝජනය කළ සුපිරිම වේග පන්දු යවන්නෙකු වුණු ජොයෙල් ගානර්ගේ නායකත්වය යටතේ තරග කළ කොදෙව් කණ්ඩායම සඳහා රිචඩ්ස්, කලිචරන්, ග්‍රිනිජ් වැනි සුපිරි ක්‍රීඩකයන් ඇතුළත් වුණා. පහත දැක්වෙන්නේ තරගාවලිය සඳහා සහභාගි වුණු කොදෙව් කණ්ඩායම යි. 

ජොයෙල් ගානර්, විවියන් රිචඩ්ස්, ඇල්වින් කලිචරන්, කොලින් ක්‍රොෆ්ට්, ගෝඩන් ග්‍රිනිජ්, ජෙෆ් ඩූ ජෝන්, ලැරී ගෝමස්, සිල්වෙස්ටර් ක්ලාක්, ගස් ලොගී, කොලිස් කිං, කාලයිල් බෙස්ට්, ඇල්වින් ග්‍රිනිජ්, එස්‍රා මෝස්ලි 

තරගාවලිය සඳහා සහභාගි වුණු කොදෙව් කණ්ඩායම (gettyimages)

ඉන්දීය කණ්ඩායම

සුනිල් ගවස්කාර්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ඉන්දීය කණ්ඩායමට කපිල් දේව්, දිලිප් වෙන්ග්සාර්කර්, මොහින්දර් අමර්නාත්, ක්‍රිෂ්ණමචාරි ශ්‍රීකාන්ත්, මදන් ලාල්, රොජර් බිනී වැනි සුපිරි තරු ඇතුළත් වුණා. පහත දැක්වෙන්නේ තරගාවලිය සඳහා සහභාගි වුණු ඉන්දීය කණ්ඩායම යි.

සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ගුන්දප්පා විශ්වනාත්, දිලිප් වෙන්ග්සාර්කර්, මදන් ලාල්, රොජර් බිනී, සෙයිඩ් කිර්මානි, ක්‍රිෂ්ණමචාරි ශ්‍රීකාන්ත්, මොහින්දර් අමර්නාත්, කර්සාන් ගෞරි, ශ්‍රීනිවාස් වෙන්කතරාගවන්, යෂ්පාල් ෂර්මා, බල්වින්දර් සන්ධු. 

එංගලන්ත කණ්ඩායම 

මයික් ගැටිංගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩෙරෙක් අන්ඩවුඩ්, බිල් ඇතී, ඩෙරෙක් ප්‍රින්ගල් වැනි ක්‍රීඩකයන් ඇතුළත් වුණා. පහත දැක්වෙන්නේ තරගාවලිය සඳහා සහභාගි වුණු එංගලන්ත කණ්ඩායම යි.

මයික් ගැටිං, ජෝන් ලීවර්, ජෝන් ස්නෝව්, ඩෙරෙක් අන්ඩවුඩ්, ඩෙරෙක් රැන්ඩල්, පෝල් ඩවුන්ටවුන්, බිල් ඇතී, ජෝන් එම්බියුරි, ඩෙරෙක් ප්‍රින්ගල්, ටිම් රොබින්සන්, වේන් ලර්කින්ස්. ක්‍රිස් කවුඩ්‍රි, නීල් රැඩ්ෆර්ඩ්. 

තරගාවලිය සඳහා සහභාගි වුණු එංගලන්ත කණ්ඩායම (gettyimages)

දකුණු අප්‍රිකානු කණ්ඩායම 

ක්ලයිව් රයිස්ගේ නායකත්වය යටතේ තරග කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට බැරී රිචඩ්ස්, ග්‍රැහැම් පොලොක් වැනි සුපිරි තරු ඇතුළත් වුණා. පහත දැක්වෙන්නේ තරගාවලිය සඳහා සහභාගි වුණු දකුණු අප්‍රිකා කණ්ඩායම යි.

ක්ලයිව් රයිස්, ග්‍රැහැම් පොලොක්, බැරී රිචඩ්ස්, කෙන් මැකන්සි, ඉයන් ස්මිත්, කෙන් මැකිවන්, වින්සන්ට් වෑන් ඩර් බිජි, ඕමාර් හෙන්රි, ගැරත් ලි රොක්ස්, බාබු ඊබ්‍රාහිම්, හෙන්රි ෆොදරින්හැම්, රෂ්ඩි මැගිට්, රූපට් හැන්ලි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම

ජෙෆ් ලෝසන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කිම් හියුස්, ජෙෆ් තොම්සන්, ටෙරී අල්ඩර්මාන් වැනි ක්‍රීඩකයන් ඇතුළත් වුණා. පහත දැක්වෙන්නේ තරගාවලිය සඳහා සහභාගි වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි.

ජෙෆ් ලෝසන්, ග්‍රැහැම් වුඩ්, ජෝන් ඩයිසන්, කිම් හියුස්, වේන් පිලිප්ස්, ජෙෆ් තොම්සන්, බෘස් යාඩ්ලි, ටෙරී අල්ඩර්මාන්, ග්‍රැහැම් යැලොප්, බෘස් ලෙයාර්ඩ්, ග්‍රේග් ඩයර්, මයික් විට්නි, මරේ බෙනට්. 

තරගාවලිය සඳහා සහභාගි වුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම (gettyimages)

ශ්‍රී ලංකා කණ්ඩායම 

දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රෝයි ඩයස්, සිදත් වෙත්තමුණි, අසන්තා ද මෙල්, සෝමචන්ද්‍ර ද වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත් වුණා. පහත දැක්වෙන්නේ තරගාවලිය සඳහා සහභාගි වුණු ශ්‍රී ලංකා කණ්ඩායම යි.

දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, සිදත් වෙත්තමුණි, අසන්තා ද මෙල්, සෝමචන්ද්‍ර ද සිල්වා, අසෝක ද සිල්වා, සාලිය අහංගම, හේමන්ත දේවප්‍රිය, ෆ්ලේවියන් අපොන්සු, ලලිත් කළුපෙරුම, රොජර් විජේසූරිය, හෂාන් මෙන්ඩිස්, සුලෙයිමන් සල්ඩින්. 

තරගාවලිය පැවති ආකාරය 

ඉන්දියාව, දකුණු අප්‍රිකාව, සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් A කාණ්ඩය යටතේ තරග කරන විට ඉතිරි කණ්ඩායම් B කාණ්ඩය යටතේ තරග කළා. පළමු වටයේ දී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයට ඇතුළත්ව සිටි කණ්ඩායම් 2ක සමග තරග වැදුණා. එහි දී ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. අවසන් පූර්ව වටයේ ජයග්‍රාහකයින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර ඉන්පසුව පැවති අවසන් තරගයේ ජයග්‍රාහකයන්ට කුසලානය හිමි වුණා. එසේම මෙම තරගාවලියේ සෑම තරගයක්ම පන්දුවාර 45 තරග ලෙසින් පැවැත්වුණු බවත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

පළමු වටයේ තරගවල ප්‍රතිඵල

පළමු වටයේ තරග අවසානයේ දී බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, එංගලන්තය, සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන විට ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා. 

ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට කඩුලු 5ක ජයක් 

පහත දැක්වෙන්නේ ඉන්දු-ශ්‍රී ලංකා තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

ශ්‍රී ලංකාව- 172/6 (45), (දුලිප්- 47, ගෞරි- 22/3)

ඉන්දියාව- 176/5 (43.4), (කිර්මානි- 43*, විශ්වනාත්- 43, රොජර්- 23/2, සෝමචන්ද්‍ර- 35/2)

තරගයේ වීරයා- සෙයිඩ් කිර්මානි 

ප.ලි- ඉන්දීය කණ්ඩායම ලකුණු 173ක ඉලක්කයක් හඹා යමින් සිටි අවස්ථාවේ ඔවුන් පන්දුවාර 30ක් අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 106ක් ලබා සිටියා. එම අවස්ථාවේ අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ නීති රීති අනුව ජයග්‍රාහකයන් බවට පත්ව සිටියා. නමුත්, ශ්‍රී ලංකා නායකයා පසුදින උදෑසන තරගය අවසන් කිරීමට එකඟ වුණු නිසා අවසානයේ දී ශ්‍රී ලංකාවට පරාජය උරුම වුණා.

කොදෙව්වන් හමුවේ ඕස්ට්‍රේලියාවට ලකුණු 72ක පරාජයක් 

පහත දැක්වෙන්නේ ඕස්ට්‍රේලියා-කොදෙව් තරගයයේ කෙටි ලකුණු පුවරුව යි.

බටහිර ඉන්දීය කොදෙව්- 311/5 (45), (ලොගී- 87, ග්‍රිනිජ්- 51, රිචඩ්ස්- 51, බෙනට්- 62/3)

ඕස්ට්‍රේලියාව- 239/8 (45), (ඩයිසන්- 56*, වුඩ්- 56, ගෝමස්- 44/3, රිචඩ්ස්- 49/2)

තරගයේ වීරයා- ගස් ලොගී 

ලොගීගේ ඉනිමේ අවස්ථාවක් (Sportstar 1995 March 25)

දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාවට ලකුණු 62ක ජයක් 

පහත දැක්වෙන්නේ ඉන්දු-දකුණු අප්‍රිකා තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

ඉන්දියාව- 280/7 (45), (වෙන්ග්සාර්කර්- 105, ශ්‍රීකාන්ත්- 85, රයිස්- 42/3)

දකුණු අප්‍රිකාව- 218/6 (45), (ග්‍රැහැම් පොලොක්- 79*, වෙන්කතරාගවන්- 23/2, කපිල් දේව්- 29/2)

තරගයේ වීරයා- දිලිප් වෙන්ග්සාර්කර් 

එංගලන්තය හමුවේ කොදෙව්වන්ට ලකුණු 163ක දැවැන්ත ජයක් 

පහත දැක්වෙන්නේ කොදෙව්-එංගලන්ත තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

බටහිර ඉන්දීය කොදෙව්- 298/7 (45), (ග්‍රිනිජ්- 113, ලොගී- 59, රිචඩ්ස්- 53, එම්බියුරි- 33/3)

එංගලන්තය- 135/10 (36.5), (රොබින්සන්- 30, රිචඩ්ස්- 9/3, ගානර්- 7/2) 

තරගයේ වීරයා- ගෝඩන් ග්‍රිනිජ් 

රිචඩ්ස් පන්දුවට පහරදෙමින් (gettyimages)

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක් 

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

ශ්‍රී ලංකාව- 204/9 (45), (දුලිප්- 36, ඊබ්‍රාහිම්- 38/4)

දකුණු අප්‍රිකාව- 207/4 (41.3), ෆොදරින්හැම්- 94*, අසෝක- 32/2)

තරගයේ වීරයා- හෙන්රි ෆොදරින්හැම් 

කණ්ඩායම් දෙකේ නායකයින් (gettyimages)

එංගලන්තය හමුවේ ඕස්ට්‍රේලියාවට ලකුණු 14ක පරාජයක් 

පහත දැක්වෙන්නේ ඕස්ට්‍රේලියා-එංගලන්ත තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

එංගලන්තය- 268/8 (45), (රැන්ඩල්- 62, විට්නි- 40/3)

ඕස්ට්‍රේලියාව- 254/5, (45), (පිලිප්ස්- 49, අන්ඩර්වුඩ්- 36/2)

තරගයේ වීරයා- ඩෙරික් රැන්ඩල්   

කණ්ඩායම් දෙකේ නායකයින් (gettyimages)

අවසන් පූර්ව වටය 

අවසන් පූර්ව වටයේ තරගවල දී ජයග්‍රහණ වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

පළමු අවසන් පූර්ව තරගය 

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 236ක් ලබාගත්තේ කිර්මානි සහ කපිල් දේව් ලබාගත් අර්ධ ශතක නිසා යි. ලකුණු 237ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ගෞරි සහ අමර්නාත්ගේ මනරම් පන්දු යැවීම හමුවේ ලබාගත්තේ ලකුණු 196ක් පමණ යි.

ඉන්දියාව- 236/7 (45), (කිර්මානි- 52, කපිල් දේව්- 50, රැඩ්ෆර්ඩ්- 26/3)

එංගලන්තය- 196/10 (41.1), (රොබින්සන්- 39, ගෞරි- 22/3, අමර්නාත්- 34/3)

තරගයේ වීරයා- සෙයිඩ් කිර්මානි 

දෙවන අවසන් පූර්ව තරගය

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 45 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 289ක් ලබාගත්තේ කිං සහ ලොගී ලබාගත් අර්ධ ශතක නිසා යි. ඉන්පසුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අප්‍රිකානු කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 193ක් පමණ යි.

බටහිර ඉන්දීය කොදෙව්- 289/7 (45), (කිං- 79, ලොගී- 68, ඊබ්‍රාහිම්- 58/4)

දකුණු අප්‍රිකාව- 193/10 (42.3), (ග්‍රැහැම් පොලොක්- 60, මොසෙලි- 16/3, රිචඩ්ස්- 35/3)

රිචඩ්ස් දැවීගිය අවස්ථාව (Sportstar 1995 March 25)

තෙවන ස්ථානය දකුණු අප්‍රිකාවට 

තෙවන ස්ථානය තේරීම සඳහා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 5ම ලකුණු 93ක් තුළ දැවීගියා. නමුත්, එම අවස්ථාවේ දී පිටියේ එක් වුණු ඩවුන්ටවුන් සහ ප්‍රින්ගල් ලකුණු 108ක සබඳතාවයක් ගොඩනගමින් එංගලන්ත ඉනිම ස්ථාවර කළා. එලෙස එංගලන්ත ඉනිම ස්ථාවර වුණු අවස්ථාවේ ක්‍රියාත්මක වුණු රයිස්, ලකුණු 44කට කඩුලු 5ක් දවාගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 247කට සීමා කළා. 

රයිස්ගේ පන්දුවක් හමුවේ ඩවුන්ටවුන් දැවීගිය අවස්ථාව (Sportstar 1995 March 25)

ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 42.4ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ, ආරම්භක පිතිකරු බැරී රිචඩ්ස්ගේ පිත්තෙන් වාර්තා වුණු අගනා ලකුණු 102 නිසා යි.

එංගලන්තය- 247/10 (44.2), (ඩවුන්ටවුන්- 77, ප්‍රින්ගල්- 64, රයිස්- 44/5)

දකුණු අප්‍රිකාව- 251/6 (42.4), (බැරී රිචඩ්ස්- 102, රයිස්- 47)

බැරී රිචඩ්ස් සහ ග්‍රැහැම් පොලොක් (Sportstar 1995 March 25)

බටහිර ඉන්දීය කොදෙව්වන් ශූරතාවය හිමිකර ගනියි 

අවසන් තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 67ක් තුළ දැවීගියා. නමුත් එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වුණු දිලිප් වෙන්ග්සාර්කර්, නොදැවී ලකුණු 105ක් ලබාගත්තේ නියමිත පන්දුවාර 45 අවසානයේ දී සිය කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය 251 දක්වා රැගෙන යමින්. 

වෙන්ග්සාර්කර්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

ඉන් අනතුරුව ලකුණු 252ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් පන්දුවාර 40.1ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ ග්‍රිනිජ් ලබාගත් අගනා ශතකය නිසා යි. 

ඉන්දියාව- 251/6 (45), (වෙන්ග්සාර්කර්- 105*, ක්ලාක්- 58/3)

බටහිර ඉන්දීය කොදෙව්- 252/3 (40.1), (ග්‍රිනිජ්- 114, ලොගී- 56, මදන් ලාල්- 31/1)

තරගයේ වීරයා- දිලිප් වෙන්ග්සාර්කර් 

තරගාවලියේ වීරයා- ගෝර්ඩන් ග්‍රිනිජ් 

ග්‍රිනිජ්, අවසන් තරගයේ දී පන්දුවට පහරදෙමින් 

කවරයේ ඡායාරූපය- කොදෙව් නායක ගානර් කුසලානය ලබාගනිමින් (gettyimages)

මූලාශ්‍රය:

Sportstar 1995 March 25

Related Articles