Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-පාකිස්ථාන් තරගයේ පෙර විමසුම

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය උණුසුම් කළ තරග රැසක නිර්මාණකරුවන් දෙදෙනෙකු ලෙස ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය හැඳින්වීමට පුළුවන්. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට එක් වීමට සටන් වදින කණ්ඩායම් 2ක් අතර පැවැත්වෙන මෙම තරගය දෙපිලටම ඉතාමත් තීරණාත්මක තරගයක්. එම නිසාම කණ්ඩායම් 2ම කරට කර සටන් කරනු ඇතැ යි අපේක්ෂා කරන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-පාකිස්ථාන් ගැටුම්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 9ක දී මෙම කණ්ඩායම් 2ක මුණ ගැසී තිබෙනවා. එම තරග 9 අතුරින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට පාකිස්ථානු කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ තරග 4ක් පමණ යි.

මෙම කණ්ඩායම් 2ක මුල්මවරට ලෝක කුසලාන තරගයක දී තරග වැදුණේ 1975 වසරේ දී යි. එදා ඩෙනිස් ලිලී ලකුණු 34කට කඩුලු 5ක් දවාගනිමින් දැක්වූ දස්කම් නිසා පාකිස්ථානු කණ්ඩායමට උරුම වුණේ දරුණු පරාජයක්. එහිදී ලිලී ලබාගත් කඩුලු 5 එක්දින ජාත්‍යන්තර තරගයක වාර්තා වුණු මුල්ම කඩුලු 5 බවත් මෙහිදී සිහිපත් කළ යුතු යි.

ඕස්ට්‍රේලියාව – 278/7 (60)

පාකිස්ථානය – 205/10 (53)

ඕස්ට්‍රේලියාවට ලකුණු 73ක ජයක්

ඩෙනිස් ලිලී පාකිස්ථානු නායක අසීෆ් ඉක්බාල්ව දවාගත් අවස්ථාව (gettyimages)

මජීඩ් ඛාන්ගේ තුන් ඉරියව් දස්කම් සහ අසීෆ් ඉක්බාල්ගේ වේගවත් පිතිහරඹය නිසා 1979 ලෝක කුසලාන තරගාවලියේ දී, පාකිස්ථානු කණ්ඩායම හමුවේ පරාජය උරුමකර ගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට සිදුවුණා.

පාකිස්ථානය- 286/7 (60)

ඕස්ට්‍රේලියාව- 197/10 (57.1)

පාකිස්ථානයට ලකුණු 89ක ජයක්

1979 තරගාවලියේ ඕස්ට්‍රේලියා-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

නැවතත් මෙම කණ්ඩායම් 2ක ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 1987 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී යි. එහිදී ක්‍රේග් මැක්ඩර්මට් ලකුණු 44කට ලබාගත් කඩුලු 5 නිසා පාකිස්ථානු කණ්ඩායමට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියා.

ඕස්ට්‍රේලියාව- 267/8 (50)

පාකිස්ථානය- 249/10 (49)

ඕස්ට්‍රේලියාවට ලකුණු 18ක ජයක්

1987 තරගාවලියේ ඕස්ට්‍රේලියා-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් 2ක අතර පැවති තරගයෙන් පාකිස්ථානු කණ්ඩායම ලකුණු 48ක ජයග්‍රහණයක් ලබාගත්තා.

පාකිස්ථානය – 220/9 (50)

ඕස්ට්‍රේලියාව – 172/10 (45.2)

පාකිස්ථානයට ලකුණු 48ක ජයක්

1992 තරගාවලියේ ඕස්ට්‍රේලියා-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති තරග 2ක දී ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය තරග වැදුණා. එහිදී මූලික වටයේ තරගයෙන් පාකිස්ථානුවන් ජයගත්තත් ලෝක කුසලාන අවසන් තරගයේ ජය හිමිවුණේ ඕස්ට්‍රේලියානුවන්ට යි.

මූලික වටයේ තරගය

පාකිස්ථානය – 275/8 (50)

ඕස්ට්‍රේලියාව – 265/10 (49.5)

පාකිස්ථානයට ලකුණු 10ක ජයක්

අවසන් තරගය

පාකිස්ථානය – 132/10 (39)

ඕස්ට්‍රේලියාව – 133/2 (20.1)

ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්

1999 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ දී ඇන්ඩෘ සයිමන්ඩ්ස් විසින් පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 143 නිසා තරගයේ ජය හිමිවුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි.

ඕස්ට්‍රේලියාව – 310/8 (50)

පාකිස්ථානය – 228/10 (44.3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 82ක ජයක්

සයිමන්ඩ්ස්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පාකිස්ථානය හමුවේ පරාජය වීමට සිදුවුණේ ඔවුන්ගේ පිතිකරුවන් අසාර්ථක වීම නිසා යි.

ඕස්ට්‍රේලියාව – 176/10 (46.4)

පාකිස්ථානය – 178/6 (41)

පාකිස්ථානයට කඩුලු 4ක ජයක්

2011 තරගාවලියේ ඕස්ට්‍රේලියා-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක ලෝක කුසලාන තරගාවලියක දී  මුණ ගැසුනේ 2015 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී යි. ෂේන් වොට්සන්ගේ දක්ෂ පිතිහරඹය සහ ජෝස් හැසල්වුඩ්ගේ දක්ෂ පන්දු යැවීම නිසා එම තරගයෙන් පරාජය වීමට පාකිස්ථානුවන්ට සිදුවුණා.

පාකිස්ථානය – 213/10 (49.5)

ඕස්ට්‍රේලියාව – 216/4 (33.5)

ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

2015 තරගාවලියේ ඕස්ට්‍රේලියා-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

ටෝන්ටන්  පිටිය පිළිබඳව දත්තයන්

ටෝන්ටන් පිටියේ පවත්වා ඇත්තේ දිවා  එක්දින තරග 3ක් පමණයි. අවසන් වරට මෙම පිටියේ දිවා  එක්දින තරගයක් පැවැත්වුණේ 1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ දී යි. එම තරගයේ දී එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවූ මුල්ම සබඳතාවය ඩ්‍රාවිඩ් සහ ගංගුලී මෙම පිටියේ දී වාර්තා කර තිබීමත් මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතු යි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ පවත්වා ඇති එක්දින තරග 3න් 2ක් ජයග්‍රහණය කර ඇත්තේ, කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම යි. බොහෝ විට පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වීමට ඉඩ ඇති ටෝන්ටන්හි දී කාසියේ වාසිය එතරම් තීරණාත්මක සාධකයක් නොවනු ඇත.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

ටෝන්ටන් පිටියේ දී දිවා එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර 20කින් පසුව යි. එම නිසා තණතීරුවේ හැසිරීම පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැති නිසා මේ පිළිබඳව ස්ථීරවම යමක් කිව නොහැකි යි. නමුත්  මෙම තරගයේ කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඉඩ තිබෙනවා.

ටෝන්ටන් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම ක්‍රීඩා පිටියේ දී මෙම කණ්ඩායම් 2ක මීට පෙර කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කර නැහැ. එම නිසා මෙම කණ්ඩායම් 2ක මෙම පිටියේ දී තරග කරන මුල්ම අවස්ථාව මෙය යි.

අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා-පාකිස්ථාන තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක එක්දින තරගාවලියක දී මුණ ගැසුණේ 2019 වසරේ දී යි. එම තරගාවලියේ ජය 5-0ක් ලෙස හිමිවුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යි. අද කාලගුණ වාර්තාව අනුව ටෝන්ටන් පිටියට වරින් වර වර්ෂාව පතිත වීමේ අවදානමක් තිබෙනවා. දිනය පුරාම ක්‍රීඩා පිටියට ඉහළින් ඇති අහස් කුස වළාකුළුවලින් බරව පවතින නිසා කණ්ඩායම් දෙකේම සිටින වේග පන්දු යවන්නන් ඉහළ දස්කම් දැක්වීමට ඇති ඉඩ වැඩියි. කණ්ඩායම් 2ක සංසන්දනය කර බලන විට මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියෙන්ම සිටින්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම යි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles