Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය කෙනිංටන් ඕවල් පිටියේ දී පැවැත්වෙන්නේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර යි. තරගාවලියට එක්වන ප්‍රබලම කණ්ඩායමක් 2ක් අතර පැවැත්වෙන මෙම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගැනීමට ඉඩ ඇති නිසාම තරගය පිළිබඳව මෙලෙස පෙර විමසුමක් ඔබ වෙත ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත-දකුණු අප්‍රිකා ගැටුම්

මුල්ම වරට 1992 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක එකිනෙකා ගැටුනු අතර, එහිදී මූලික වටයේ දී මෙන්ම අවසන් පූර්ව තරගයේදී ද දකුණු අප්‍රිකානු කණ්ඩායම එංගලන්තය වෙතින් පරාජය ලැබුවා.

මූලික වටයේ තරගය

දකුණු අප්‍රිකාව – 236/4 (50)

එංගලන්තය – 226/7 (40.5)

එංගලන්තයට කඩුලු 3ක ජයක්

අවසන් පූර්ව තරගය

එංගලන්තය – 252/6 (45)

දකුණු අප්‍රිකාව – 232/6 (43)

එංගලන්තයට ලකුණු 19ක ජයක්

1992 ලෝක කුසලාන එංගලන්ත-දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක තරග වැදුණු අතර, එවර දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉතාමත් පහසුවෙන් එංගලන්තය කණ්ඩායම පරාජයට පත්කළා.

දකුණු අප්‍රිකාව – 230/10(50)

එංගලන්තය – 152/10(44.3)

දකුණු අප්‍රිකාවට ලකුණු 78ක ජයක්

1996 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලියේ දී නැවතත් මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක ගැටුණු අවස්ථාවේ එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් වෙතින් ලැබුවේ ලකුණු 122ක දරුණු පරාජයක්

දකුණු අප්‍රිකාව – 225/7(50)

එංගලන්තය – 103(41)

දකුණු අප්‍රිකාවට ලකුණු 122ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක එකිනෙකා ගැටුණු අවස්ථාවේ ඇන්ඩෘ හෝල් 18/5ක් ලෙසින් කළ දක්ෂ පන්දු යැවීමත්, ග්‍රැහැම් ස්මිත් පන්දු 58කින් නොදැවී ලබාගත් ලකුණු 89ත් නිසා එංගලන්ත කණ්ඩායමට උරුම වුණේ දරුණු පරාජයක්.

එංගලන්තය – 154 (48)

දකුණු අප්‍රිකාව -157/1 (19.2)

දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්

2007 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු තරගය ඉතාමත් තියුණු අවසානයකින් පසුව නිමාව දුටුවේ එංගලන්ත කණ්ඩායමට ලකුණු 6ක ජයක් හිමිකර දෙමින්

එංගලන්තය – 171/10 (45.4)

දකුණු අප්‍රිකාව – 165/10 (47.4)

එංගලන්තයට ලකුණු 6ක ජයක්

2011 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් පිටිය පිළිබඳව දත්තයන්

මෙම තරගය පැවැත්වෙන කෙනිංටන් ඕවල් ක්‍රීඩා පිටිය පසුගිය කාල සමයේ පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබුණත්, ලෝක කුසලාන තරගාවලියට පෙර පැවති පුහුණු තරග දෙකේ දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම් 2ම ලබාගත්තේ ලකුණු 200ට අඩුවෙන්. නමුත් අවසන් වරට මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුනු එක්දින තරග 10 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 297.4ක් වුණා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

කෙනිංටන් ඕවල් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එමනිසා මෙම ඕවල් පිටියේ පැවැත්වෙන එංගලන්ත-දකුණු අප්‍රිකා තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවිද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුනු අවසන් එක්දින තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කර ඇත. එමනිසා කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ විට මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩියි.

කෙනිංටන් ඕවල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

එංගලන්ත කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේදී තරග 47කට සහභාගි වී ඉන් 28ක් ජයග්‍රහණය කරන විට තරග 17ක් පරාජයට පත්වී තිබේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම ද මෙම පිටියේ දී තරග 9ක් ක්‍රීඩාකර ජයග්‍රහණය කර ඇත්තේ තරග 3ක් පමණ යි. එහිදී ඔවුන් අවසන් වසර 20 තුළම මෙම පිටියේ දී ජයග්‍රහණය කර ඇත්තේ එක එක්දින තරගයක් පමණක් වීම විශේෂ සිදුවීමක්

එංගලන්ත කණ්ඩායම කෙනිංටන් ඕවල් පිටියේ දී තරග වදිමින් (gettyimages)

කෙනිංටන් ඕවල් පිටියේ පැවති අප්‍රිකා-එංගලන්ත ගැටුම්වල දී එංගලන්තය ඉදිරියෙන්

මෙම ක්‍රීඩා පිටියේ දී එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරග 6ක දී එකිනෙකා හමුවුණු අතර ඉන් තරග 4ක ජය එංගලන්තයට හිමිවන විට අප්‍රිකානුවන්ට හිමිවුණේ තරග 2ක ජයග්‍රහණය පමණ යි.

2003 වසරේ දී එංගලන්තය මෙම පිටියේදී අප්‍රිකාව හමුවේ ජයගත් තරගයේ අවස්ථාවක් (gettyimages)

අද පැවැත්වෙන එංගලන්ත-දකුණු අප්‍රිකා තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එක්දින තරගාවලියක දී මුණ ගැසී ඇත්තේ 2017 වසරේ දී යි. එවර එංගලන්තය 2-1ක් ලෙසින් එම තරගාවලිය ජයග්‍රහණය කරා. ඉන් හරියටම වසර 2කට පමණ පසුව මෙම කණ්ඩායම් දෙක නැවත හමුවන විට දකුණු අප්‍රිකානුවන්ට වඩා එංගලන්ත කණ්ඩායම එක්දින පිටියේ තරගකාරී කණ්ඩායමක් බවට පත්වී අවසන්. ඊට අමතරව සත්කාරක රට ලෙසින් කටයුතු කරන එංගලන්තයට ඉන් යම් වාසියක් නිසැකවම ලැබෙනවා. එම නිසාම මෙම තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට තිබෙන ඉඩකඩ  ඉතාමත් වැඩියි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය - Roar සිංහල

Related Articles