Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොදෙව්-බංගලාදේශ තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 23 වැනි තරගය ටෝන්ටන් පිටියේ දී පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර යි. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා  එක්වීම ට සටන් වදිමින් සිටින මෙම කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය ඉතාම වැදගත්. එම නිසාම කරට කර සටනක් බලාපොරොත්තු වන බටහිර ඉන්දීය කොදෙව්-බංගලාදේශ තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කොදෙව්-බංග්ලාදේශ ගැටුම්

මෙම කණ්ඩායම් දෙක 1999 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන තරග 4ක දී තරග කර තිබෙනවා. ඉන් තරග 3ක් කොදෙව්වන් ජයග්‍රහණය කරන විට ඉතිරි තරගය වර්ෂාව නිසා ප්‍රතිඵලයක් රහිතව අවසන් වුණා.

1999 ලෝක කුසලාන තරගාවලියේ දී මුල්ම වරට මෙම කණ්ඩායම් දෙක හමුවුණු අවස්ථාවේ  කොදෙව්වන්ට ජය හිමිවුණේ කට්නි වොල්ෂ් ලකුණු 25කට කඩුලු 4ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා යි.

බංගලාදේශය – 182/10 (49.2)

බටහිර ඉන්දීය කොදෙව් – 183/3 (46.3)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්

1999 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක තරග කළත් එම තරගය වර්ෂාව නිසා තීරණයක් නොමැතිව අවසන් වුණා.

බටහිර ඉන්දීය කොදෙව් -244/9 (50)

බංගලාදේශය – 32/2 (8.1)

තීරණයක් නොමැත

2003 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති සුපිරි 8 වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක නැවත වරක් හමුවුණා. එම තරගයේ දී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රාම්නරේෂ් සර්වාන් ලබාගත් වේගවත් ලකුණු 91 නිසා බංගලාදේශයට උරුම වුණේ දරුණු පරාජයක්.

බටහිර ඉන්දීය කොදෙව් -230/5 (50)

බංගලාදේශය – 131/10 (43.5)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 99ක ජයක්  

2007 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට 2011 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක හමුවුණු අවස්ථාවේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 58කට දැවීගියේ කොදෙව් පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසා යි.

බංගලාදේශය – 58/10 (18.5)

බටහිර ඉන්දීය කොදෙව් – 59/1 (12.2)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

2011 ලෝක කුසලාන තරගාවලියේ කොදෙව්-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

ටෝන්ටන්  පිටිය පිළිබඳව දත්තයන්

ටෝන්ටන් පිටියේ පවත්වා ඇත්තේ දිවා  එක්දින තරග 4ක් පමණ යි. අවසන් වරට මෙම පිටියේ දිවා  එක්දින තරගයක් පැවැත්වුණේ 2019 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර යි. එම තරගය සඳහා ලබාදී තිබුණු තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය එකක් වුණු නිසා මෙම තරගය සඳහාත් එවැනි තණතීරුව ලැබීමට ඇති ඉඩ වැඩියි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග 4න් කාසියේ වාසිය දිනූ කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 2ක් පමණයි. එම නිසා ටෝන්ටන්හි දී කාසියේ වාසිය එතරම් තීරණාත්මක සාධකයක් නොවනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පවත්වා ඇති එක්දින තරග හතරෙන් 3ක් ජයග්‍රහණය කර ඇත්තේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසාම කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීමට ඇති ඉඩ වැඩියි.

ටෝන්ටන් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම ක්‍රීඩා පිටියේ දී මෙම කණ්ඩායම් 2ක මීට පෙර කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කර නැහැ. එම නිසා මෙම කණ්ඩායම් 2ක මෙම පිටියේ දී තරග කරන මුල්ම අවස්ථාව මෙය යි.

අද පැවැත්වෙන කොදෙව්-බංගලාදේශ තරගය පිළිබඳව

2018 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා එක්දින තරග 9ක දී මෙම කණ්ඩායම් දෙක තරග වැදී තිබෙනවා. ඉන් තරග 7ක් බංගලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරන විට කොදෙව්වන්ට ජය ගැනීමට හැකිවුණේ තරග 2ක් පමණයි. නමුත් මෙම තරගාවලිය සඳහා තරග කරන කොදෙව් කණ්ඩායම සඳහා ක්‍රිස් ගේල් සහ ඇන්ඩ්‍රේ රසල් වැනි ප්‍රබල ක්‍රීඩකයන් ඇතුළත්ව සිටින නිසා බංගලිදේශයට මෙම තරගය ජයගැනීම ලෙහෙසි වන එකක් නැහැ.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles