Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු සිංහ-බංගලි එක්දින තරගවල ඉතිහාසය

2017 වසරෙන් පසුව ශ්‍රී ලංකා බිමේ දී සිංහ-බංගලි එක්දින තරගාවලියක් ජූලි 26 වැනි දා ආරම්භ වනවා. මෙම තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. එම නිසාම මෙම තරගාවලිය පිළිබඳව ක්‍රිකට් රසිකයන් විශේෂ උනන්දුවක් දක්වනවා. එලෙස උනන්දුවක් දක්වන ක්‍රිකට් රසිකයන් ශ්‍රී ලංකාවේ දී පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගවල ඉතිහාසය පිළිබඳව දැනගැනීමට කැමති නිසාම මෙම ලිපියෙන් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මුල්ම වරට හමුවුණු 1986 ආසියානු තරගාවලිය

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ මුල්ම වරට ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගයක දී තරග වැදුණේ 1986 ආසියානු කුසලාන තරගාවලිය යටතේ යි. අස්ගිරිය පිටියේ දී පැවති එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 45 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 131ක් පමණ යි. ඉන් පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 31.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට හැකිවුණා.

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශය – 131/8 (45)

ශ්‍රී ලංකාව – 132/3 (31.3)

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් 

තරගයේ වීරයා – අසංක ගුරුසිංහ 

අසංක ගුරුසිංහ (gettyimages)

2013 වසර දක්වාම සිංහයන් හමුවේ බංගලියන් මෙරට දී කිසිදු එක්දින ජයක් ලැබුවේ නැහැ 

1986 වසරේ සිට 2013 වසර දක්වා බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග එක්දින තරග 12ක් මෙරට දී ක්‍රීඩා කළත් එම තරග 12ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

ආසියානු කුසලාන තරගවල දී ජයසූරියගෙන් බැට කෑ බංගලියන් 

1997, 2004, සහ 2010 වසරවල දී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරග තුනෙන්ම ශ්‍රී ලංකාවට හිමිවුණේ පහසු ජයක්. එම තරගවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ සනත් ජයසූරිය ශතක 2ක් වාර්තා කළා. මුලින්ම 1997 වසරේ දී පන්දු 83කින් ලකුණු 108ක් ලබාගත් ජයසූරිය පසුව 2004 වසරේ දී පන්දු 101කින් නොදැවී ලකුණු 107ක් ලබාගත්තා. එලෙස දෙරට අතර පැවැත්වුණු  ආසියානු කුසලාන තරගවල ප්‍රතිඵල පහත දැක්වෙනවා.

1997 ආසියානු කුසලාන තරගාවලිය

ශ්‍රී ලංකාව – 296/4 (46)

බංග්ලාදේශ – 193/8 (46)

ශ්‍රී ලංකාවට ලකුණු 103ක ජයක් 

තරගයේ වීරයා – සනත් ජයසූරිය 

2004 ආසියානු කුසලාන තරගාවලිය

බංග්ලාදේශය – 190/9 (50)

ශ්‍රී ලංකාව – 191/0 (33.3)

ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් 

තරගයේ වීරයා – සනත් ජයසූරිය 

2010 ආසියානු කුසලාන තරගාවලිය

ශ්‍රී ලංකාව – 312/4 (50)

බංග්ලාදේශ – 186/10 (40.2)

ශ්‍රී ලංකාවට ලකුණු 126ක ජයක් 

තරගයේ වීරයා – තිලකරත්න දිල්ෂාන් 

ජයසූරිය, 2004 ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ සමග තරග කරමින් (gettyimages)

මෙම කාල සමය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර මෙරට දී පැවැත්වුණු එක්දින තරගාවලි ප්‍රමාණයි 3ක්.

2002 වසරේ දී පැවති මුල්ම එක්දින තරගාවලිය

මෙම රටවල් 2ක අතර ශ්‍රී ලංකාවේ දී මුල්ම වරට තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් පැවැත්වුණා. ඒ දිනවල එක්දින පිටියේ සිටි දුර්වලම කණ්ඩායමක් වුණු බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කළේ 3-0ක් ලෙස යි. එම තරගාවලියේ තරග ප්‍රතිඵල පහත දැක්වෙනවා.

පළමු එක්දින තරගය 

බංග්ලාදේශය – 226/8 (50)

ශ්‍රී ලංකාව – 228/5 (44.4)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා – මාවන් අතපත්තු 

දෙවන එක්දින තරගය 

බංග්ලාදේශය – 76/10 (30.1)

ශ්‍රී ලංකාව – 77/2 (15.4)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා – දිල්හාර ප්‍රනාන්දු

තෙවන එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 258/6 (50)

බංග්ලාදේශය – 200/10 (47.2)

ශ්‍රී ලංකාවට ලකුණු 58ක ජයක් 

තරගයේ වීරයා – රසල් ආනල්ඩ් 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – මාවන් අතපත්තු (ලකුණු 134)

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – මුත්තයියා මුරලිදරන් (කඩුලු 6)

තරගාවලියේ වීරයා – කලිඩ් මෂූඩ් 

2002 ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියේ අවස්ථාවක් (gettyimages)

2005 ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලිය

නැවතත් 2005 වසරේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා සහභාගි වුණා. එම තරගාවලියේ ජයත් 3-0ක් ලෙසින් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

පළමු එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 269/9 (50)

බංග්ලාදේශය – 181/9 (50)

ශ්‍රී ලංකාවට ලකුණු 88ක ජයක් 

තරගයේ වීරයා – මහේල ජයවර්ධන 

දෙවන එක්දින තරගය

ශ්‍රී ලංකාව – 295/5 (50)

බංග්ලාදේශය – 220/6 (50)

ශ්‍රී ලංකාවට ලකුණු 75ක ජයක් 

තරගයේ වීරයා – උපුල් තරංග 

තෙවන එක්දින තරගය 

බංග්ලාදේශය – 108/10 (38.2)

ශ්‍රී ලංකාව – 106/4 (21.2)

ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා – දිල්හාර ප්‍රනාන්දු

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – උපුල් තරංග  (ලකුණු 174)

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – මහරුෆ් සහ දිල්ෂාන්  (කඩුලු 6 බැගින් )

තරගාවලියේ වීරයා – උපුල් තරංග

උපුල් තරංග පන්දුවට පහරදෙමින්  (gettyimages)

2007 ශ්‍රී ලංකා-බංග්ලාදේශ  එක්දින තරගාවලිය

2007 වසරේ දී පැවති මෙම තරගාවලිය නැවත වරක් 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. මෙම තරගාවලිය තුළ දී සනත් ජයසූරිය සිය 300 වැනි එක්දින කඩුල්ල ලෙසින් සයිඩ් රසල්ව දවාගැනීම මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කරුණක්.

පළමු එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 234/6 (50)

බංග්ලාදේශය – 164/10 (40.3)

ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක් 

තරගයේ වීරයා – දිල්හාර ප්‍රනාන්දු 

දෙවන එක්දින තරගය 

බංග්ලාදේශය – 137/10 (46.5)

ශ්‍රී ලංකාව – 141/5 (31.1)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් 

තරගයේ වීරයා – සනත් ජයසූරිය 

තෙවන එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 196/10 (39.5)

බංග්ලාදේශය – 157/10 (37.1)

ශ්‍රී ලංකාවට ලකුණු 39ක ජයක් 

තරගයේ වීරයා – ජෙහාන් මුබාරක්  

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – චාමර සිල්වා  (ලකුණු 101)

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – සනත් ජයසූරිය (කඩුලු 9)

තරගාවලියේ වීරයා – සනත් ජයසූරිය 

සනත් ජයසූරිය 300 වැනි එක්දින කඩුල්ල ලබාගනිමින් (gettyimages)

2007 වසරෙන් පසුව සිංහයන් හමුවේ බංගලියන් මෙරට දී එක්දින තරගාවලියක් පරාජය වී නැහැ

2007 වසරෙන් පසුව 2013 සහ 2017 වසරවල දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක්දින මෙරට දී එක්දින තරගාවලි සඳහා සහභාගි වුණා. නමුත් එම තරගාවලි 2ම අවසන් වුණේ 1-1ක් ලෙසින් 

2013 ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලිය

මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. නමුත් දෙවන තරගය වර්ෂාව නිසා අතහැර දැමුවා. ඉන් පසුව පැවති තීරණාත්මක තෙවන තරගය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය මගින් ලැබුණු ඉලක්කය හඹා යෑමෙන්.

පළමු එක්දින තරගය 

බංග්ලාදේශය – 259/8 (50)

ශ්‍රී ලංකාව  – 238/2 (35.4)

ශ්‍රී ලංකාවට කඩුලු 8ක  ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා – තිලකරත්න දිල්ෂාන් 

දෙවන එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 33/0 (5)

තීරණයක් රහිතව අවසන් වුණා 

තෙවන එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 302/9 (50)

බංග්ලාදේශය – 184/7 (26)

බංග්ලාදේශයට  කඩුලු 3ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා –  තිලකරත්න දිල්ෂාන් 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – තිලකරත්න දිල්ෂාන්  (ලකුණු 248)

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – අබ්දුර් රසාක්  (කඩුලු 5)

තරගාවලියේ වීරයා – තිලකරත්න දිල්ෂාන්

තිලකරත්න දිල්ෂාන් පිත්තෙන් දස්කම් දක්වමින්  (gettyimages)

2017 ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලිය

මෙම තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළා. නමුත් දෙවන තරගය වර්ෂාව නිසා අතහැර දැමුවා. ඉන් පසුව පැවති තීරණාත්මක තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ සිය ගෞරවය රැකගනිමින්. 

පළමු එක්දින තරගය 

බංග්ලාදේශය – 324/5 (50)

ශ්‍රී ලංකාව  – 234/10 (45.1)

බංග්ලාදේශයට ලකුණු 90ක ජයක් 

තරගයේ වීරයා – ටමීම් ඉක්බාල් 

දෙවන එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 311/10 (49.5)

තීරණයක් රහිතව අවසන් වුණා 

තෙවන එක්දින තරගය 

ශ්‍රී ලංකාව – 280/9 (50)

බංග්ලාදේශය – 210/10 (44.3)

ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක් 

තරගයේ වීරයා –  තිසර පෙරේරා  

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – කුසල් මෙන්ඩිස්   (ලකුණු 160)

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – ටස්කින්, මොර්ටාසා සහ මුස්ටෆිසුර්  (කඩුලු 6 බැගින් )

තරගාවලියේ වීරයා – කුසල් මෙන්ඩිස් 

කුසල් මෙන්ඩිස්  පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages) 

මෙරට දී පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගවල දී වාර්තා වුණු ශතක 

1) සනත් ජයසූරිය – 108 (1997 වසරේ දී)

2) සනත් ජයසූරිය – 107* (2004 වසරේ දී)

3) උපුල් තරංග – 105 (2005 වසරේ දී)

4) තිලකරත්න දිල්ෂාන් – 113* (2013 වසරේ දී )

5) ටමීම් ඉක්බාල් – 112 (2013 වසරේ දී )

6) තිලකරත්න දිල්ෂාන් – 125 (2013 වසරේ දී )

7) ටමීම් ඉක්බාල් – 127 (2017 වසරේ දී)

8) කුසල් මෙන්ඩිස් – 102 (2017 වසරේ දී) 

මෙරට දී පැවති ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගවල දී වාර්තා වුණු හොඳම පන්දු යැවීම් 

1) අබ්දුර් රසාක් – 62/5 (2013 වසරේ දී )

2) සනත් ජයසූරිය – 14/4 ( 2007 වසරේ දී)

3) දිල්හාර ප්‍රනාන්දු  – 24/4 ( 2007 වසරේ දී)

4) සනත් ජයසූරිය – 31/4 ( 2007 වසරේ දී)

5) නුවන් කුලසේකර – 37/4 (2017 වසරේ දී)

කවරයේ ඡායාරූපය - 2007 බංග්ලාදේශ එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම (gettyimages)

Related Articles