Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු-නවසීලන්ත අවසන් පූර්ව තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර යි. එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව තරගවල දී අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් හඳුන්වනු ලබන නවසීලන්තයට එම කියමන බොරුවක් බව ඔප්පු කිරීමට මෙවර හොඳම අවස්ථාවක් ලැබී තිබෙනවා. එසේම පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජය වුණු ඉන්දීය කණ්ඩායමට එදා සිදුවුණු වැරැද්ද නිවැරදි කරගැනීමටත් මෙවර ලැබී තිබෙන්නේ හොඳම අවස්ථාවක්. එම නිසාම කරට කර සටනක් බලාපොරොත්තු වන මෙම අවසන් පූර්ව තරගය පිළිබඳව පෙර විමසුම මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා.

ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා පැමිණි ආකාරය

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වුණු ප්‍රබලම කණ්ඩායම් අතුරින් එකක් වුණු ඉන්දීය කණ්ඩායම මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවුණා. එහිදී ඉන්දීය කණ්ඩායම සහභාගි වුණු තරග 9න් 7ක් ජයග්‍රහණය කළා. 

ඉන්දීය කණ්ඩායම මූලික වටයේ තරගවල දී ලබාගත් ප්‍රතිඵල 

දකුණු අප්‍රිකාවට එරෙහිව – කඩුලු 6ක ජයක් 

ඕස්ට්‍රේලියාවට එරෙහිව – ලකුණු 36ක ජයක් 

නවසීලන්තයට එරෙහිව – වර්ෂාව නිසා තීරණයක් රහිතව අවසන් වුණා 

පාකිස්ථානයට එරෙහිව – ලකුණු 89ක ජයක් 

ඇෆ්ගනිස්ථානයට එරෙහිව – ලකුණු 11ක ජයක් 

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – ලකුණු 125ක ජයක් 

එංගලන්තයට එරෙහිව – ලකුණු 31ක පරාජයක් 

බංග්ලාදේශයට එරෙහිව – ලකුණු 28ක ජයක් 

ශ්‍රී ලංකාවට එරෙහිව – කඩුලු 7ක ජයක් 

ඉන්දු-ඕස්ට්‍රේලියා තරගයේ අවස්ථාවක් ( gettyimages)

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ ලකුණු මැෂිම බවට පත්වුණේ රෝහිත් ෂර්මා යි. ඉනිම් 8ක දී ලකුණු 647ක් ලබාගත් රෝහිත් එහිදී ලබාගත් ශතක ප්‍රමාණය 5ක්. රෝහිත් ලබාගත් එම ශතක 5 තනි ලෝක කුසලාන තරගාවලියක් තුළ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ශතක ප්‍රමාණය යි. එසේම ඔහු එක්දින ලෝක කුසලාන දිවිය වැඩිම ශතක ලබාගත් පිතිකරුවා ලෙසින් සචින් ටෙන්ඩුල්කාර් තබා තිබුණු වාර්තාව සම කළා. රෝහිත් තරගාවලිය තුළ දැක්වූ දස්කම්වල දත්තයන් පහත දක්වා තිබෙනවා.

ඉනිම්  – 8

ලකුණු – 647

සාමාන්‍ය – 92.43

අර්ධ ශතක – 1

ශතක – 5

ප්‍රහාරක වේගය – 98.77

හොඳම ඉනිම – 140 පාකිස්ථානයට එරෙහිව 

රෝහිත් පාකිස්ථානයට එරෙහිව පන්දුවට පහරදෙමින් ( gettyimages)

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත්තේ ජස්ප්‍රිට් බූම්රා විසිනුයි. එහිදී බූම්රා තරග 8ක දී කඩුලු 17ක් ලබාගනිමින් දැක්වූ දස්කම් විශිෂ්ඨ යි. බූම්රා තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව පහත දක්වා තිබෙනවා.

තරග – 8

පන්දුවාර – 74 

කඩුලු – 17

පන්දු යැවීමේ සාමාන්‍ය – 19.53

පන්දුවාරයකට ලබාදුන් ලකුණු ප්‍රමාණය – 4.48

ප්‍රහාරක වේගය – 26.11

හොඳම පන්දු යැවීම – 55/4 බංගලාදේශයට එරෙහිව 

බූම්රා බංග්ලාදේශයට එරෙහිව පන්දු යවමින් ( gettyimages)

නවසීලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය දක්වා පැමිණි ආකාරය

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වුණු නවසීලන්ත කණ්ඩායම මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවුණා. එහිදී නවසීලන්ත කණ්ඩායම සහභාගි වුණු තරග 9න් 5ක් ජයග්‍රහණය කළා. 

නවසීලන්ත කණ්ඩායම මූලික වටයේ තරගවල දී ලබාගත් ප්‍රතිඵල 

ශ්‍රී ලංකාවට එරෙහිව – කඩුලු 10ක ජයක් 

බංග්ලාදේශයට එරෙහිව – කඩුලු 2ක ජයක් 

ඇෆ්ගනිස්ථානයට එරෙහිව – කඩුලු 7ක ජයක් 

ඉන්දියාවට එරෙහිව –  වර්ෂාව නිසා තීරණයක් රහිතව අවසන් වුණා 

දකුණු අප්‍රිකාවට  එරෙහිව – කඩුලු 4ක ජයක්  

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව – ලකුණු 5ක ජයක් 

පාකිස්ථානයට  එරෙහිව – කඩුලු 6ක පරාජයක් 

ඕස්ට්‍රේලියාවට එරෙහිව – ලකුණු 86ක පරාජයක්  

එංගලන්තයට එරෙහිව – ලකුණු  119ක පරාජයක්  

නවසීලන්ත-ශ්‍රී ලංකා  තරගයේ අවස්ථාවක් ( gettyimages)

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත්තේ කේන් විලියම්සන් විසිනුයි. එහිදී විලියම්සන් ඉනිම් 7ක දී ලකුණු 481ක් ලබාගත්තේ ශතක 2ක් සමගින්. එම ශතක 2ක අතුරින් කොදෙව්වන්ට එරෙහිව ලබාගත් ලකුණු 148 විලියම්සන් එක්දින තරග දිවියේ ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය යි.

ඉනිම් – 7

ලකුණු – 481

සාමාන්‍ය – 96.20

අර්ධ ශතක – 1

ශතක – 2

ප්‍රහාරක වේගය – 77.20

හොඳම ඉනිම – 148 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 

විලියම්සන් කොදෙව්වන්ට එරෙහිව පන්දුවට පහරදෙමින් ( gettyimages)

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත්තේ ලොකී ෆර්ගසන් විසිනුයි. එහිදී ෆර්ගසන් තරග 7ක දී කඩුලු 17ක් දවාගත්තා. ෆර්ගසන්  තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව පහත දක්වා තිබෙනවා.

තරග – 7

පන්දුවාර – 63.4

කඩුලු – 17

පන්දු යැවීමේ සාමාන්‍ය – 18.59

පන්දුවාරයකට ලබාදුන් ලකුණු ප්‍රමාණය – 4.96

ප්‍රහාරක වේගය – 18.58

හොඳම පන්දු යැවීම – 37/4 ඇෆ්ගනිස්ථානයට  එරෙහිව 

 ෆර්ගසන් ඇෆ්ගනිස්ථානයට  එරෙහිව පන්දු යවමින් ( gettyimages)

නවසීලන්තය සහ ඉන්දියාව එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගවල දී දක්වා ඇති දස්කම් 

ඉන්දීය කණ්ඩායම 1983,1987,1996, 2003, 2011, සහ 2015 වසරවල පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවල දී අවසන් පූර්ව තරගයට ක්‍රීඩාකර තිබෙනවා. එහිදී ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකිවුණේ 1983, 2003, සහ 2011 තරගාවලි යටතේ ක්‍රීඩාකළ අවසන් පූර්ව තරග පමණ යි. නවසීලන්ත කණ්ඩායමත් 1975, 1979, 1992, 1999, 2007, 2011, සහ 2015 ලෝක කුසලාන තරගාවලිවල දී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. නමුත් ඔවුන්ට ඒ අතුරින් ජයග්‍රහණය කිරීමට හැකිවුණේ 2015 තරගාවලියේ අවසන් පූර්ව තරගය පමණ යි.

 2011 ඉන්දු-පාකිස්ථාන් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

මෙම තරගාවලිය තුළ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දත්තයන් 

මෙම තරගාවලිය තුළ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් තණතීරුව හැසිරුණේ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය අයුරින්. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 323ක්. ඔයින් මෝගන් ඇෆ්ගනිස්ථානයට එරෙහිව හයේ පහර 17ක් සමගින් වාර්තාගත ලකුණු 148ක ඉනිම දියත් කළේ මෙම පිටියේ දී යි. එසේම ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා සහ නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් මෙම පිටියේ දී ශතක ලබාගත්තා. ඊට අමතරව මෙම පිටියේ පැවති එම තරග 5 තුළ දක්නට ලැබුණු සුවිශේෂීම සිදුවීම වුණේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම් එම තරග ජයග්‍රහණය කර තිබීම යි.

මෝගන්ගේ ඉනිමේ අවස්ථාවක් (gettyimages)

මෙවර ඉන්දු-නවසීලන්ත අවසන් පූර්ව තරගය පිළිබඳව

මෙම තරගාවලිය යටතේ ක්‍රීඩාකළ අවසන් තරග 3ම නවසීලන්ත කණ්ඩායම පරාජය වුණු නිසා ඔවුන් සිටින්නේ පරාජිත මානසිකත්වයකින්. නමුත් ඉන්දීය කණ්ඩායම මූලික වටයේ තරගවල දී ඉහළ දස්කම් දක්වනු ලැබුවා. එසේම මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය එකක් වුණොත් වැඩි වාසියක් හිමිවන්නේ ප්‍රබල පිතිකරුවක් රැසක් සිටින ඉන්දීය කණ්ඩායමට යි. එම නිසාම මෙම තරගය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ඇත්තේ ඉන්දීය කණ්ඩායමට යි. .

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles