Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕස්ට්‍රේලියා-බටහිර ඉන්දීය කොදෙව් තරගයේ පෙර විමසුම

ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රබලම ප්‍රතිවාදීන් දෙපළක් වන ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් හමුවන තරග කවදත් උණුසුම්. එම නිසාම මෙවර තරගාවලියේ 10වන තරගයේ දී මෙම කණ්ඩායම් 2ක උරෙනුර ගැටෙන අවස්ථාව තියුණු මුහුණුවරක් ගැනීමට ඇති ඉඩ වැඩියි. වර්තමාන ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පෙරළිකාර බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවන මෙම තරගය පිළිබඳව මෙලෙස පෙර විමසුමක් ගෙන එන්නේ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා-බටහිර ඉන්දීය කොදෙව් ගැටුම්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී මෙම කණ්ඩායම් 2ක අවස්ථාවන් 9ක දී එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කළ තරග ප්‍රමාණය 4ක්.

1975 ලෝක කුසලාන තරගාවලියේ තරග 2ක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම උරෙනුර ගැටුණා. මූලික වටයේ තරගයේ දී ඇල්වින් කලිචරන් ලබාගත් ලකුණු 78ත්, අවසන් තරගයේ දී කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් පන්දු 85කින් ලබාගත් ලකුණු 102ත් නිසා එම තරග 2ම කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළා.

මූලික වටයේ තරගය

ඕස්ට්‍රේලියාව – 192/10 (53.4)

බටහිර ඉන්දීය කොදෙව් – 195/3 (46)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්

අවසන් තරගය

බටහිර ඉන්දීය කොදෙව් – 291/8 (60)

ඕස්ට්‍රේලියාව – 274/10 (58.4)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 17ක ජයක්

1975 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1983 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවල දී කොදෙව්වන්ට තරග 2ක දී ඕස්ට්‍රේලියානුවන්ව  හමුවුණා. එහිදී කොදෙව්වන් එම තරග 2ම පහසුවෙන් ජයග්‍රහණය කළා. එම තරගවල දී සිදුවුණු සුවිශේෂීම සිදුවීම වුණේ කොදෙව් පන්දු යවන්නෙකු වුණු  වින්ස්ටන් ඩේවිස් ලකුණු 51කට කඩුලු 7ක් ලබාගැනීම යි. එදා ඩේවිස් එක්දින තරගයක කඩුලු 7ක් ලබාගත් මුල්ම පන්දු යවන්නා බවට පත්වුණේ එක්දින ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින්

බටහිර ඉන්දීය කොදෙව් – 252/9 (60)

ඕස්ට්‍රේලියාව – 151/10 (30.3)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 101ක ජයක්

ඕස්ට්‍රේලියාව – 273/6 (60)

බටහිර ඉන්දීය කොදෙව් – 276/3 (57.5)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්

1983 තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන් සමග කොදෙව්වන් තරග වදිමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් බූන් කොදෙව්වන්ට එරෙහිව ලබාගත් ශතකය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එම තරගයේ ජයග්‍රහණය හිමිවුණා. එහිදී කොදෙව් පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කරමින් මයික් විට්නි ලකුණු 34කට කඩුලු 4ක් ලබාගැනීමත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

ඕස්ට්‍රේලියාව – 216/6 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 159/10 (42.4)

ඕස්ට්‍රේලියාවට ලකුණු 57ක ජයක්  

ඩේවිඩ් බූන්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ පැවති ඕස්ට්‍රේලියා-කොදෙව් තරගය කොදෙව්වන්ට තීරණාත්මක තරගයක් වුණේ ඊළඟ වටයට සුදුසුකම් ලැබීම සඳහා එම තරගයේ ජය අනිවාර්යය වුණු නිසා යි. එම තරගයේ දී කොදෙව් නායක රිචඩ්සන් නොදැවී ලබාගත් අගනා ලකුණු 93ක් ලබාගනිමින් අවශ්‍යම මොහොතක සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. එම තරගයෙන් පසුව අවසන් පූර්ව වටයේ දී මෙම කණ්ඩායම් 2ක එකිනෙකා ගැටුණු අවස්ථාවේ තියුණු තරගයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 5ක ජයක් හිමිවුණා.

මූලික වටයේ තරගය

ඕස්ට්‍රේලියාව – 229/6 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 232/6 (48.5)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

අවසන් පූර්ව තරගය

ඕස්ට්‍රේලියාව – 207/8 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 202/10 (49.3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 5ක ජයක්

ඕස්ට්‍රේලියා-කොදෙව් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් 2ක නැවතත් මුණගැසුනා. එම අවස්ථාවේ දී ඊළඟ වටයට යාම සඳහා කණ්ඩායම් 2ට ම එම තරගය ජයගැනීම අනිවාර්ය වුණා. එදා ග්ලේන් මැග්‍රාත් කොදෙව් බලාපොරොත්තු බිඳ දමමින් ලකුණු 14කට කඩුලු 5ක් දවාගනිමින් කළ මනරම් පන්දු යැවීම නිසා කොදෙව්වන්ට අත්වුණේ දරුණු පරාජයක් .

බටහිර ඉන්දීය කොදෙව් – 252/9 (60)

ඕස්ට්‍රේලියාව – 151/10 (30.3)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 101ක ජයක්

1999 තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන් සමග කොදෙව්වන් තරග වදිමින් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය යටතේ පැවති තරගයක දී  මෙම කණ්ඩායම් 2ක නැවතත් මුණ ගැසුනා. එහිදී මැතිව් හේඩ්න් ලබාගත් අගනා ලකුණු 158 නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළා.

ඕස්ට්‍රේලියාව – 322/6 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 219/10 (45.3)

ඕස්ට්‍රේලියාවට ලකුණු 103ක ජයක්  

2007 තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන් සමග කොදෙව්වන් තරග වදිමින් (gettyimages)

නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටිය පිළිබඳව දත්තයන්

අවසන් වසර 15 තුළ මෙම පිටියේ දී පවත්වා ඇති දිවා තරග ප්‍රමාණය 8ක්. එහිදී පිතිකරුවන්ට වඩා වැඩි දස්කම් පෙන්වා ඇත්තේ පන්දු යවන්නන් විසිනුයි. නමුත් අවසන් වරට මෙම පිටියේ පැවති එංගලන්ත-පකිස්ථානු තරගයේ දී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් ලකුණු අතරට පැමිණියා. මෙම පිටියේ පැවති දිවා තරගයක දී මුල්ම වරට කණ්ඩායමක් ලකුණු 300 ඉක්මවා ගියේ එම තරගයේ දී යි. එලෙසම  මෙම තරගාවලියේ 2 වන තරගය මෙම පිටියේ දී දිවා තරගයක් ලෙසින් පැවති අවස්ථාවේ කොදෙව් වේග පන්දු යවන්නන් ඉදිරියේ පාකිස්ථානු පිතිකරුවන් අසරණ වුණා. එදා පිටියට ඉහළින් පැවති අහස් කුස වළාකුලින් බරව තිබීම එම වේග පන්දු යවන්නන්ට සහායක් වුණා. අවසන් වසර 15 තුළ මෙම පිටියේ පැවති එම තරග 8 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය වන්නේ 205ක්. එම නිසාම මෙම තරගයේ දීත් වළකුළුවලින් බර අහස් කුසක් පිටියට ඉහළින් තිබුණොත් මුලින්ම පන්දුවට පහරදෙන කණ්ඩායම යම් පීඩනයකට හසුවීමට ඇති ඉඩ වැඩියි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම තරගය දිවා තරගයක් නිසා කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක්. අවසන් වසර 15 තුළ මෙම පිටියේ පැවති දිවා තරග 8න් 7ක දීම ජයග්‍රහණය කර ඇත්තේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම යි. නමුත් අවසන් වරට මෙම පිටියේ පැවති තරගයේ දී කාසියේ වාසිය පරාජය වුණු පාකිස්ථානය අවසානයේ දී තරගය ජයග්‍රහණය කළා.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වසර 15 තුළ මෙම පිටියේ දී පැවති දිවා තරග 8න් 7ක දීම කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් තණ තීරුවේ විශේෂ වෙනස්කමක් සිදු නොවුණොත් එලෙසම කාසියේ වාසිය දිනාගත් නායකයා කටයුතු කිරීමට ඇති ඉඩ වැඩියි.

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

අවසන් වසර 15 තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම පිටියේ දී කිසිදු දිවා තරගයකට සහභාගි වී නැහැ. ඕස්ට්‍රේලියානු කණ්ඩායම 1983 ලෝක කුසලාන තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වුණේ මෙම පිටියේ දී යි. කොදෙව් කණ්ඩායම අවසන් වරට මෙම පිටියේ පැවති දිවා තරග 3ම ජයග්‍රහණය කළා. ක්‍රිස් ගේල් එම තරග 3 දීම අර්ධ ශතක ලබා තිබෙන නිසා අද තරගයේ දීත් ඔහු ලකුණු අතරට පැමිණීමට ඉඩ තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන ඕස්ට්‍රේලියා-කොදෙව් තරගය පිළිබඳව

අවසන් වරට 2016 වසරේ එක්දින තරගාවලියක දී මෙම කණ්ඩායම් 2ක හමුවුණු අවස්ථාවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-1ක් ලෙස ජයග්‍රහණය ලබාගත්තා. නමුත් එදා තරග කළ කොදෙව් කණ්ඩායමට වඩා මෙම තරගාවලියට එක්ව සිටින කොදෙව් කණ්ඩායම ඉතාමත් තරගකාරී කණ්ඩායමක් නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගය අභියෝගාත්මක එකක් වීමට ඇති ඉඩ වැඩියි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles