Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්ත-එංගලන්ත තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 41 වැනි තරගය චෙස්ටර් ලි ස්ට්‍රීට් නුවර රිවර්සයිඩ් පිටියේ දී පැවැත්වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතර යි. අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නම් එංගලන්ත කණ්ඩායම මෙම තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු නිසා ඔවුන් යම් පීඩනයකට හසුවී තිබෙනවා. එසේම 1983 වසරෙන් පසුව නවසීලන්තය හමුවේ එක්දින ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය කර නොමැති එංගලන්තය මෙවර සටනට පිවිසෙන්නේ එම පැතුම ඉටුකර ගැනීමේ පරමාර්ථය ඇතිව යි. එම නිසාම තියුණු සටනක් බලාපොරොත්තු වන මෙම තරගය පිළිබඳව පෙර විමසුමක් මෙලෙසින් ඔබ වෙතට ගෙන එනවා 

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්ත-එංගලන්ත  ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී 7 වරක් එකිනෙකා හමුවී තිබෙනවා. එහිදී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණ 4ක් ලබාගන්නා විට එංගලන්තයට ජයග්‍රහණය කිරීමට ලැබුණේ තරග 3ක්  පමණ යි.

1975 ලෝක කුසලාන තරතරගාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක හමුවුණු අවස්ථාවේ කීත් ෆ්ලෙචර් ලබාගත් ලකුණු 131 නිසා එංගලන්තයට ලකුණු 80ක පහසු ජයක් හිමිවුණා.

එංගලන්තය – 266/6 (60)

නවසීලන්තය – 186/10 (60)

එංගලන්තයට ලකුණු 80ක ජයක් 

1975 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

නැවතත් මෙම කණ්ඩායම් දෙක 1979 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී හමුවුණා. එහිදී ග්‍රැහැම් ගුච් ලබාගත් ලකුණු 71 නිසා එංගලන්ත කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයක් හිමිවුණා.

එංගලන්තය – 221/8 (60)

නවසීලන්තය – 212/9 (60)

එංගලන්තයට ලකුණු 9ක ජයක් 

1979 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

1983 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක අවස්ථා 2කදී හමුවුණු අතර එහිදී කණ්ඩායම් 2ම තරගය බැගින් ජයග්‍රහණය කළා. ඉන් පළමු තරගයේ දී එංගලන්තය වෙනුවෙන් ඇලන් ලෑම්බ් ශතකයක් ලබාගන්නා විට නවසීලන්ත පන්දු යවන්නෙකු වුණු මාටින් ස්නේඩන් සිය පන්දුවාර 12 තුළ ලකුණු 105ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ අමිහිරි ක්‍රිකට් වාර්තාවක් ඔහුගේ නම ඉදිරියේ සටහන් කරගනිමින්.

එංගලන්තය – 322/6 (60)

නවසීලන්තය – 216/10 (59)

එංගලන්තයට ලකුණු 106ක ජයක් 

එංගලන්තය – 234/10 (55.2)

නවසීලන්තය – 238/8 (59.5)

නවසීලන්තයට කඩුලු  2ක ජයක් 

1983 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම කණ්ඩායම් 2ක අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිවුණේ නවසීලන්ත කණ්ඩායමට යි.

එංගලන්තය – 200/8 (50)

නවසීලන්තය – 201/3 (40.5)

නවසීලන්තයට කඩුලු  7ක ජයක් 

1992 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ දී හමුවුණේ මෙම කණ්ඩායම් දෙකයි. එහිදී නවසීලන්තය වෙනුවෙන් නේතන් ඇස්ටල් ලබාගත් ශතකය නිසා එංගලන්තයට උරුම වුණේ ලකුණු 11ක පරාජයක්.

නවසීලන්තය – 239/6 (50)

එංගලන්තය – 228/9 (50)

නවසීලන්තයට ලකුණු 11ක ජයක් 

1996 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක හමුවුණේ 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී යි. එම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් ටිම් සවුති ලකුණු 33කට කඩුලු 7ක් සහ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 25කින් ලකුණු 77ක් ලබාගනිමින් දැක්වූ දස්කම් නිසා  නවසීලන්තයට හිමිවුණේ කඩුලු 8ක පහසු ජයක්.

එංගලන්තය – 123/10 (33.2)

නවසීලන්තය – 201/3 (40.5)

නවසීලන්තයට කඩුලු  7ක ජයක් 

2015 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත-නවසීලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

රිවර්සයිඩ් පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 7 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග ප්‍රමාණය 6ක්. එහිදී මෙම තණතීරුව බොහෝ අවස්ථාවන්වල හැසිරී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය අයුරින්. එම නිසාම මෙම පිටියේ පැවති එම තරග 6 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 265ක්. 

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

රිවර්සයිඩ් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 6 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 2ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන එංගලන්ත-නවසීලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා එක්දින තරග හයෙන් 5ක දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කර තිබෙනවා. එසේම මෙම පිටියේ ලකුණු හඹා ගිය කණ්ඩායම එම තරග 6න් 4ක් ජයග්‍රහණය කළා. එම නිසාම කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩියි.

රිවර්සයිඩ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

අවසන් වසර 13 තුළ එංගලන්තය මෙම පිටියේ දී පරාජය වී ඇති එක්දින තරග 2ක ම පරාජය වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ යි. එම කාල සීමාව තුළ නවසීලන්ත කණ්ඩායම එංගලන්තය හමුවේ තරග 2ක් පරාජය වී තිබෙනවා. නමුත් මෙම පිටියේ දී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු ප්‍රමාණයේ වාර්තාට එංගලන්තය උරුමකම් කියන්නේ 2014 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 99කට දැවීයාම නිසා යි.

අද පැවැත්වෙන නවසීලන්ත-එංගලන්ත තරගය පිළිබඳව

අවසන් වරට 2018 වසරේ දී මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වුණු එක්දින තරගාවලිය 3-2ක් ලෙසින් ජයග්‍රහණය කළේ එංගලන්ත කණ්ඩායම යි. නමුත් මෙවර තරගාවලිය තුළ නවසීලන්ත කණ්ඩායම කැපී පෙණෙන දස්කම් දක්වා තිබෙනවා. එංගලන්තය මෙම තරගය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු නිසා ඔවුන්ට තිබෙන පීඩනය වැඩියි. එම නිසාම මෙය බොහෝ විට ඉතාමත් උද්වේගකර තරගයක් වීමට ඇති ඉඩ වැඩියි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles