Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්ත-පාකිස්ථාන් තරගයේ පෙර විමසුම

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ප්‍රබලම ප්‍රතිවාදීන් දෙපලක් වන එංගලන්තය සහ පාකිස්ථානය මෙවර තරගාවලියේ දී එකිනෙකා හමුවන්නේ ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී යි. මෙම තරගාවලියේ 6වන තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය කණ්ඩායම් 2ටම වැදගත් වන්නේ තරගාවලියේ ඉදිරි ගමනට මෙම තරගයේ ජයග්‍රහණය වැදගත් නිසා යි. එම නිසාම මෙම කණ්ඩායම් 2ක ලෝක කුසලාන ඉතිහාසයේ තරග වැදී ඇති ආකාරය, මෙම පිටිය පිළිබඳව දත්තයන් ඇතුළත් තරගය පිළිබඳව පෙර විමසුම මෙලෙස ඔබ වෙතට ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත-පාකිස්ථානු ගැටුම්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ මෙම කණ්ඩායම් 2ක අවස්ථාවන් 9ක දී එකිනෙකා ගැටුණු අතර එහිදී කණ්ඩායම් 2ම තරග 4 බැගින් ජයග්‍රහණය කරන විට එක් තරගයක් වර්ෂාවට සේදී ගියා.

මුල්ම වරට මෙම කණ්ඩායම් 2ක 1979 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී එකිනෙකා හමුවුණු අවස්ථාවේ එංගලන්තය ලකුණු 14ක තියුණු ජයක් ලබාගත්තේ එංගලන්තය වෙනුවෙන් මයික් හෙන්ඩ්‍රික් 15/4 ලෙසින් කළ ප්‍රබල පන්දු යැවීම නිසා යි.

එංගලන්තය – 165/9 (60)

පාකිස්ථානය – 151/10 (56)

එංගලන්තයට ලකුණු 14ක ජයක්

1979 තරගාවලියේ එංගලන්ත-පාකිස්ථාන් තරගයේ දී බොතම් පන්දුවට පහරදෙමින් (gettyimages)

1983 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක මූලික වටයේ තරගවල දී දෙවරක් තරග වැදුණා. එම තරග 2කේ දීම එංගලන්ත ආරම්භක පිතිකරු ග්‍රැහැම් ෆව්ලර් ලබාගත් අර්ධ ශතක නිසා ජයග්‍රහණය හිමිවුණේ එංගලන්ත කණ්ඩායමට යි.

පාකිස්ථානය – 193/8 (60)

එංගලන්තය – 199/2 (50.4)

එංගලන්තයට කඩුලු 8ක ජයක්

පාකිස්ථානය – 232/8 (60)

එංගලන්තය – 233/3 (57.2)

එංගලන්තයට කඩුලු 7ක ජයක්

ග්‍රැහැම් ෆව්ලර් පාකිස්ථානයට එරෙහිව පන්දුවට පහරදෙමින්  (gettyimages)

1983 තරගාවලියේ දී එංගලන්තය හමුවේ තරග 2 දීම පරාජය වුණත් 1987දී සලිම් මලික් පිත්තෙන් දැක්වූ දස්කම් සහ අබ්දුල් ඛදීර් පන්දුවෙන් දැක්වූ දස්කම් නිසා පකිස්තානයට මූලික වටයේ තරග 2න්ම එංගලන්තය පරාජය කිරීමට හැකිවුණා.

පාකිස්ථානය – 239/7 (50)

එංගලන්තය – 221/10 (48.4)

පාකිස්ථානයට ලකුණු 18ක ජයක්

එංගලන්තය – 244/9 (50)

පාකිස්ථානය – 247/3 (49)

පාකිස්ථානයට කඩුලු 7ක ජයක්

1987 තරගාවලියේ එංගලන්තය සහ පාකිස්ථානය තරග වදිමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී පාකිස්ථානු කණ්ඩායම එංගලන්තය හමුවේ ලකුණු 74කට දැවී ගියත් එදා පාකිස්ථානයට පිහිටවුණු වර්ෂාව තරගය තීරණයක් රහිතව අවසන් කළා. ඉන්පසුව අවසන් තරගයේ දී මෙම කණ්ඩායම් 2ක නැවැතත් මුණ ගැසුණු අතර එහිදී පාකිස්ථානය විසින් එංගලන්ත කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත් කරමින් ලෝක කුසලානය දිනාගනු ලැබුවා.

පාකිස්ථානය – 74/10  (40.2)

එංගලන්තය – 24/1  (8)

තීරණයක් රහිතව අවසන් විය

පාකිස්ථානය – 249/6 (50)

එංගලන්තය – 227/10 (49.2)

පාකිස්ථානයට ලකුණු 22ක ජයක්

1992 ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක්

පාකිස්ථානු පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹය නිසා 1996 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක හමුවුණු අවස්ථාවේ ජයග්‍රහණය හිමිවුණේ පාකිස්ථානු කණ්ඩායමට යි.

එංගලන්තය – 249/9 (50)

පාකිස්ථානය – 250/3 (47.4)

පාකිස්ථානයට කඩුලු 7ක ජයක්

1996 තරගාවලියේ එංගලන්තය සහ පාකිස්ථානය තරග වදිමින් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2ක අතර පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායමට විශිෂ්ඨ ජයක් ලැබීමට මඟ පෙන්වූයේ ජේම්ස් ඇන්ඩර්සන් විසිනුයි. එහිදී කඩුලු 4ක් දවාගත් ඇන්ඩර්සන් ප්‍රබල පාකිස්ථානු පිතිකරුවන් දෙපලක් වුණු ඉන්සාමාම් සහ මොහොමඩ් යූසුෆ් පිටම පන්දු 2කින් දවාගැනීම විශේෂත්වයක්.

එංගලන්තය – 246/8 (50)

පාකිස්ථානය – 134/10 (31)

එංගලන්තයට ලකුණු 112ක ජයක්

පාකිස්ථානයට එරෙහිව ඇන්ඩර්සන් පන්දු යවමින් (gettyimages)

නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටිය පිළිබඳව දත්තයන්

අවසන් වසර 15 තුළ මෙම පිටියේදී පවත්වා ඇති දිවා තරග ප්‍රමාණය 6ක්. එහිදී පිතිකරුවන්ට වඩා වැඩි දස්කම් පෙන්වා ඇත්තේ පන්දු යවන්නන් විසිනුයි. බොහෝ විට උදෑසන කාලයේ වළාකුළු සහිත අහස් කුසක් තිබුණහොත් ඉන් වේග පන්දු යවන්නන්ට අමතර වාසියක් ලැබෙනවා. පසුගිය වසර කිහිපය තුළ මෙම පිටියේ දී පැවති දිවා තරග 2කට ඉන්දීය කණ්ඩායම සහභාගි වුණු අවස්ථාවේ ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් දස්කම් දැක්වුවා. නමුත් මෙම තරගාවලියේ 2වන තරගය මෙම පිටියේ දී දිවා තරගයක් ලෙසින් පැවති අවස්ථාවේ කොදෙව් වේග පන්දු යවන්නන් ඉදිරියේ පාකිස්ථානු පිතිකරුවන් අසරණ වුණා. එදා පිටියට ඉහළින් පැවති අහස් කුස වළාකුලින් බරව තිබීම එම වේග පන්දු යවන්නන්ට අයක් වුණා. අවසන් වසර 15 තුළ මෙම පිටියේ පැවති එම තරග 6 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය වන්නේ 166.66ක්. එම නිසාම මෙම තරගයේ දීත් වළකුළුවලින් බර අහස් කුසක් පිටියට ඉහළින් තිබුණොත් මුලින්ම පන්දුවට පහරදෙන කණ්ඩායම යම් පීඩනයකට හසුවීමට ඇති ඉඩ වැඩියි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම තරගය දිවා තරගයක් නිසා කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක්. අවසන් වසර 15 තුළ මෙම පිටියේ පැවති දිවා තරග 6 දීම ජයග්‍රහණය කර ඇත්තේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කණ්ඩායම යි.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වසර 15 තුළ මෙම පිටියේ දී පැවති දිවා තරග 6 දීම කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් තණ තීරුවේ විශේෂ වෙනස්කමක් සිදු නොවුණොත් එලෙසම කාසියේ වාසිය දිනාගත් නායකයා කටයුතු කිරීමට ඇති ඉඩ වැඩියි.

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

අවසන් වසර 15 තුළ එංගලන්ත කණ්ඩායම මෙම පිටියේ දී දිවා තරග 5කට සහභාගි වී ජයග්‍රහණය කර ඇති තරග ප්‍රමාණය 2ක්. එහිදී ඉන්දීය කණ්ඩායම හමුවේ පසුගිය වසර කිහිපය තුළ දෙවරක්ම පරාජය වීමට ඔවුන්ට සිදුවුණා. පාකිස්ථානු කණ්ඩායම අවසන් වසර 15 තුළ මෙම පිටියේ දී දිවා තරගයකට සහභාගි වුණේ එක් අවස්ථාවක දී පමණයි. ඒ 2019 ලෝක කුසලාන තරගාවලියේ දී කොදෙව්වන්ට එරෙහිව යි. එම තරගයේ දී කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානුවන්ට අත්වුණේ දැවැන්ත පරාජයක්.

දිවා තරගයක දී අවසන් වරට හමුවී වසර 23ක්!

මෙම කණ්ඩායම් 2ක දිවා තරගයක දී මෙම පිටියේ දී අවසන් වරට හමුවුණේ 1996 වසරේ දී යි. එම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නත්, තරගය ජයග්‍රහණය කළේ පාකිස්ථානු කණ්ඩායම යි.

එංගලන්තය – 246/9 (50)

පාකිස්ථානය – 247/8 (49.4)

පාකිස්ථානයට කඩුලු 2ක ජයක්

අද පැවැත්වෙන එංගලන්ත-පාකිස්ථානු තරගය පිළිබඳව

අවසන් වරට ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම කණ්ඩායම් 2ක හමුවුණු එක්දින තරගාවලියේ දී  එංගලන්තය 4-0 ලෙසින් පහසු ජයග්‍රහණයක් ලබාගත්තා. නමුත් දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේ තීරණයට කාසියේ වාසිය විශාල බලපෑමක් කිරීමට ඇති ඉඩ වැඩියි. මෙම කණ්ඩායම් 2, 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී  මුණගැසුනා. කාඩිෆ්හි දී දිවා තරගයක් ලෙසින් පැවති එම තරගයේ කාසියේ වාසිය පරාජය වී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පරාජය උරුම වුණා. එම නිසාම මෙම තරගය ආරම්භ වීමට පෙර එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටියත් කාසියේ වාසිය තරගයේ ප්‍රතිඵලයට තීරණාත්මක සාධකයක් විය හැකියි.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles