Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්ත-බංගලාදේශ තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම මුහුණදුන් පළමු තරගයේ දීම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළා. නවසීලන්ත කණ්ඩායමත් ඔවුන් ක්‍රීඩාකළ පළමු තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම්වල එරෙහිව යි. එලෙස ජයග්‍රාහී මානසිකත්වයකින්  කණ්ඩායම් 2කම තරගයට අවතීර්ණ වන නිසා මෙම තරගය උද්වේගකර එකක් බවට පත්වීමට තිබෙන ඉඩ වැඩියි. එම නිසාම මෙම පෙර විමසුම තරගය ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්ත-බංගලාදේශ ගැටුම්

එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී මෙම කණ්ඩායම් 2ක උරෙනුර ගැටී තිබෙන අවස්ථා ගණන 4ක්. එහිදී නවසීලන්ත කණ්ඩායම හමුවේ එම අවස්ථාවන් 4 දීම පරාජය උරුමකර ගන්නට බංගලාදේශ කණ්ඩායමට සිදුවුණා.

1999 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් 2 මුල්ම වරට එකිනෙකා මුණගැසුණා. එහිදී  නවසීලන්ත කණ්ඩායම හමුවේ බංගලාදේශය ලැබුවේ දරුණු පරාජයක්.

බංගලිදේශය – 116/10 (37.4)

නවසීලන්තය – 117/4 (33)

නවසීලන්තයට කඩුලු 6ක ජයක්

1999 තරගාවලියේ නවසීලන්ත-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමුවුණු අවස්ථාවේ නවසීලන්තය පහසුවෙන්ම බංගලාදේශය පරාජය කරනු ලැබුවා.

බංගලිදේශය – 198/7 (50)

නවසීලන්තය – 199/3 (33.3)

නවසීලන්තයට කඩුලු 7ක ජයක්

2003 තරගාවලියේ නවසීලන්ත-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ දී බංගලාදේශය සහ නවසීලන්තය අතර පැවති තරගය නවසීලන්තය පහසුවෙන්ම ජයග්‍රහණය කළේ ස්ටයිරිස් ලබාගත් කඩුලු 4 සහ නායක ස්ටීවන් ෆ්ලෙමිං නොදැවී ලබාගත් ශතකය නිසා යි.

බංගලිදේශය – 174/10 (48.3)

නවසීලන්තය – 178/1 (29.2)

නවසීලන්තයට කඩුලු 9ක ජය

2007 තරගාවලියේ නවසීලන්ත-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

මෙම කණ්ඩායම් 2ක ලෝක කුසලාන තරගයක දී අවසන් වරට හමුවුණේ 2015 තරගාවලියේ දී යි. එම තරගයේ දී බංගලිදේශය වෙනුවෙන් මහමදුල්ලා පන්දු 123කින් නොදැවී ලබාගත් ලකුණු 128 නිසා බංගලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 288ක් ලබාගත්තා. ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මාටින් ගප්ටිල් පන්දු 100කින් ලබාගත් ලකුණු 105 නිසා ඔවුන් කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 48.5ක් අවසානයේ දී යි.

2015 තරගාවලියේ නවසීලන්ත-බංගලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

කෙනිංටන් ඕවල්  පිටිය පිළිබඳව දත්තයන්

කෙනිංටන් ඕවල් පිටියේ දී මෙම තරගය පැවැත්වෙන්නේ දිවා/රාත්‍රී තරගයක් ලෙසින්. මෙම තරගාවලියේ දී ඕවල් පිටියේ දිවා/රාත්‍රී තරගයක් පැවැත්වෙන මුල්ම අවස්ථාව මෙය යි. මෙම පිටියේ දී අවසන් වරට පැවති දිවා/රාත්‍රී තරග 2 දීම මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම ලකුණු 300 ඉක්මවා ලබාගෙන තිබුණත් දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම එම තරග ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසාම අද පැවැත්වෙන තරගයේ දීත් කණ්ඩායම් දෙකේ පිතිකරුවන්ගේ දක්ෂතා ඉස්මතු වීමට ඇති ඉඩ වැඩියි. මෙම පිටියේ දී පැවති විසඳුමක් ලැබුණු අවසන් දිවා/රාත්‍රී තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 277.1ක්.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු අවසන් දිවා/රාත්‍රී තරග 10 දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 7ක් ජයග්‍රහණය කරන විට කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 3ක් පමණ යි. එම නිසාම මෙම තරගයේ තීරණයට කාසියේ වාසිය යම් බලපෑමක් කිරීමට ඉඩ තිබෙනවා.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වරට මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු දිවා/රාත්‍රී තරග 10 දී කාසියේ වාසිය ලැබුණු කණ්ඩායම අවස්ථාවන් 8ක දී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට ආරාධනා කර තිබෙන නිසා අද තරගයේත් එය සිදුවීමට ඇති ඉඩ වැඩියි.

කෙනිංටන් ඕවල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම පිටියේ දී බංගලාදේශ කණ්ඩායම කිසිදු දිවා/රාත්‍රී තරගයක් සඳහා සහභාගි වී නැහැ. නමුත් නවසීලන්ත කණ්ඩායම 2015 වසරේ දී මෙම පිටියේ ක්‍රීඩා කළ දිවා/රාත්‍රී තරගයක දී එංගලන්ත කණ්ඩායම හමුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තා.

නවසීලන්තය – 398/5 (50)

රොස් ටේලර් – 119 (96)*

කේන් විලියම්සන් – 93 (88)

බෙන් ස්ටෝක්ස් – 66/2

 

එංගලන්තය – 365/9 (46)

ඔයින් මෝගන් – 88 (47)

ඇලෙක්ස් හේල්ස් – 54 (49)

නේතන් මැකලම් – 86/3

ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමය අනුව නවසීලන්තයට ලකුණු 13ක ජයක්

තරගයේ වීරයා – රොස් ටේලර්

2015 දී නවසීලන්ත කණ්ඩායම මෙම පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන බංගලාදේශ-නවසීලන්ත තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක අතර එක්දින තරගාවලියක් පැවැත්වුණේ 2019 වසරේ දී යි. එම තරගාවලිය නවසීලන්තය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළත් මේ වන විට බංගලාදේශ කණ්ඩායම සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයක යි. එම නිසාම අද පැවැත්වෙන තරගය තියුණු මුහුණුවරක් ගනු ඇත. පසුගිය කාල සමයේ මෙන්ම මෙම තරගයේ දීත් මෙම තණතීරුව පිතිකරුවන්ට හිතකර වුණොත් දෙපිලේ පිතිකරුවන්ගේ දක්ෂතා මත තරගයේ ජය පරාජය තීරණය වනු ඇත.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය -  Roar සිංහල

Related Articles