Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්ත-පාකිස්ථානු තරගයේ පෙර විමසුම

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ දී නවසීලන්ත කණ්ඩායම බොහෝ අවස්ථාවන්වලදී පාකිස්ථානය හමුවේ අසරණ වී තිබෙනවා. නවසීලන්තය එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් වනු ඇතැ යි බොහෝ දෙනා අපේක්ෂා කළ 1992 ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන්ගේ ගමන නිමාකළේ පාකිස්ථානු කණ්ඩායම විසින්. එම නිසාම මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරගවල දී හමුවුණු විට තිබෙන්නේ පුදුම තරගකාරී බවක්. එම තරගකාරී බව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දීත් මතුවන්නේ පාකිස්ථානයට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීම සඳහා නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණයක් ලබාගැනීම අවශ්‍ය වීම යි. 

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානු-නවසීලන්ත ගැටුම්

මෙම කණ්ඩායම් 2ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථාවන් 8ක දී තරග කර තිබෙනවා. එහි දී පාකිස්ථානු  කණ්ඩායම තරග 6ක් ජයග්‍රහණය කරන විට නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 2ක් පමණ යි.

මෙම කණ්ඩායම් දෙක මුල්ම වරට හමුවුණේ 1983 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එහිදී පාකිස්ථානය සහ නවසීලන්තය දෙවරක් තරග වැදුණා. ඉන් පළමු තරගය නවසීලන්තය ජයග්‍රහණය කරන විට දෙවන තරගය ජයග්‍රහණය කළේ පාකිස්ථානු කණ්ඩායම යි. එහිදී පාකිස්ථානය වෙනුවෙන් සහීර් අබ්බාස් ලබාගත් ශතකය පිළිබඳව මෙහිදී සිහිපත් කළ යුතු යි.

නවසීලන්තය – 238/9 (60)

පාකිස්ථානය – 186/10 (55.2)

නවසීලන්තයට ලකුණු 52ක ජයක් 

පාකිස්ථානය – 261/3 (60)

නවසීලන්තය – 250/10 (59.1)

පාකිස්ථානයට ලකුණු 11ක ජයක් 

සහීර් අබ්බාස් පන්දුවට පහරදෙමින් (gettyimages)

1992 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ මුල් තරග 7ම ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවුණා. ඔවුන් මූලික වටය යටතේ පැවති අවසන් තරගයේ දී පාකිස්ථානය වෙතින් පරාජය ලැබුවා. ඉන්පසු ව නැවතත් අවසන් පූර්ව වටයේ දී මෙම කණ්ඩායම් දෙක හමුවුණා. එහිදීත් පාකිස්ථානය හමුවේ නවසීලන්තයට පරාජය උරුම වුණේ නොසිතූ පරාජයක්.

මූලික වටයේ තරගය 

නවසීලන්තය – 166/10 (48.2)

පාකිස්ථානය – 167/3 (44.4)

පාකිස්තානයට කඩුලු 7ක ජයක් 

අවසන් පූර්ව තරගය 

නවසීලන්තය – 262/7 (50)

පාකිස්ථානය – 264/6 (49)

පාකිස්තානයට කඩුලු 4ක ජයක් 

නවසීලන්ත-පාකිස්ථානු අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

1996 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක තරග කළ අවස්ථාවේ දී පාකිස්ථානු කණ්ඩායමට ජය හිමිවුණේ සලීම් මලික් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීම නිසා යි.

පාකිස්ථානය – 281/5 (50)

නවසීලන්තය – 235/10 (47.3)

පාකිස්ථානයට ලකුණු 46ක ජයක් 

1996 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්ත-පාකිස්ථානු තරගයේ අවස්ථාවක් (gettyimages)

1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ අවස්ථාවන් 2ක දී මෙම රටවල් දෙක තරග වැදුණා. එහිදී මූලික වටයේ තරගය සහ අවසන් පූර්ව තරගය නවසීලන්තයට එරෙහිව ජයග්‍රහණය කිරීමට පාකිස්ථානු කණ්ඩායමට හැකිවුණා. ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී පැවති එම අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථානය වෙනුවෙන් සයිඩ් අන්වර් අගනා ශතකයක් ලබාගත්තා.

මූලික වටයේ තරගය 

පාකිස්ථානය – 269/8 (50)

නවසීලන්තය – 207/8 (50)

පාකිස්තානයට  ලකුණු 62ක ජයක් 

අවසන් පූර්ව තරගය 

නවසීලන්තය – 241/7 (50)

පාකිස්ථානය – 242/1 (47.3)

පාකිස්තානයට  කඩුලු 9ක ජයක් 

නවසීලන්ත-පාකිස්ථානු අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට 2011 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක තරග වැදුණා. එහිදී නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් නොදැවී ලබාගත් ලකුණු 131 නිසා තරගයේ ජය හිමිවුණේ නවසීලන්ත කණ්ඩායමට යි.

නවසීලන්තය – 302/7 (50)

පාකිස්ථානය – 192/10 (41.4)

නවසීලන්තයට ලකුණු 110ක ජයක්

රොස් ටේලර්ගේ අගනා ඉනිමේ අවස්ථාවක්  (gettyimages)

බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය වසර 5 තුළ මෙම පිටියේ දී දිවා තරග 6ක් පැවැත්වුණා. එහිදී පිතිකරුවන්ට පන්දුවට පහරදීමට එතරම් ගැටලුවක් නොවුණු මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය වුණේ ලකුණු 254ක්.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද? 

එජ්බැස්ටන් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 6 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා එජ්බැස්ටන් පිටියේ පැවැත්වෙන නවසීලන්ත-පාකිස්ථානු තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුණු අවසන් දිවා එක්දින තරග 6 දී කාසියේ වාසිය දිනාගත් නායකයන් අවස්ථාවන් 5ක දී ප්‍රතිවාදීන්ට පන්දුවට පහරදීමට ආරාධනා කර තිබෙනවා. එම නිසාම මෙම තරගයේ දීත් කාසියේ වාසිය දිනාගන්නා නායකයේ තීරණය එය වීමට ඇති ඉඩ වැඩි යි.

එජ්බැස්ටන්  පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

2019 ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවුණා. නමුත් පාකිස්ථානු කණ්ඩායම අවසන් වසර කිහිපය තුළ මෙම පිටියේ දී සහභාගි වුණු දිවා තරග 2ම ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වුණා.

අද පැවැත්වෙන නවසීලන්ත-පාකිස්ථානු තරගය පිළිබඳව

නවසීලන්තය සහ පාකිස්ථානය අතර අවසන් වරට පවත්වා ඇති එක්දින තරග 13න් පාකිස්ථානය ජයග්‍රහණය කර තිබෙන්නේ එක් තරගයක් පමණ යි. පසුගිය කාල සමයේ නවසීලන්තය හමුවේ පාකිස්ථානය අසාර්ථක වුණත් ඔවුන්ට මෙම තරගය සාර්ථක වීම ඉතාමත් වැදගත්. එම නිසාම ඔවුන් සිය උපරිමයෙන් සටන් කිරීමට ඉඩ ඇති නිසාම මෙම තරගය කරට කර තරගයක් වීමට තිබෙන්නේ වැඩි ඉඩක්.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles