Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාකිස්ථාන්-බංග්ලාදේශ තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 43 වැනි තරගය ලංඩන් නුවර ලෝඩ්ස් පිටියේ දී පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර යි. බංග්ලාදේශ කණ්ඩායම මේ අවස්ථාව වන විට තරගාවලියෙන් ඉවත්ව සිටියත්, පාකිස්ථානු කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීමෙන් අවසන් පූර්ව වටය පිළිබඳව බලාපොරොත්තුවක් තබාගත හැකියි. එම නිසාම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තවමත් එක්දින ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය කර නොමැති පාකිස්ථානු කණ්ඩායම, මෙවර සටන් බිමට පිවිසෙන්නේ එම සියලු ප්‍රාර්ථනාවන් ඉටුකර ගැනීමට යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථාන්-බංග්ලාදේශ ගැටුම්

මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරගවල දී හමුවී ඇත්තේ එක් තරගයක දී පමණ යි. එදා ක්‍රිකට් ලෝකයම මවිත කරමින් පාකිස්ථානු කණ්ඩායම පරාජයට පත් කිරීමට කෝඩුකාර බංග්ලාදේශ කණ්ඩායමට හැකි වුණා.

බංග්ලාදේශ කණ්ඩායම මුල්ම වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක්වුණේ 1999 වසරේ දී යි. නොදම්ප්ටන් පිටියේ පැවති එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 223ක් ලබාගත්තා. එහි දී බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කළ සක්ලේන් මුෂ්ටාක් ලකුණු 35කට දවාගත් කඩුලු ප්‍රමාණය 5ක්. ඉන්පසුව ලකුණු 224ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානු කණ්ඩායමේ පළමු කඩුලු 5ම ලකුණු 42ක් තුළ දැවී ගියේ බංග්ලාදේශ ආරම්භක පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා යි. එලෙස අසාර්ථක ආරම්භයක් ලබාගත් පාකිස්ථානු කණ්ඩායමට නැවතත් තරගයට අවතීර්ණ වීමට අවස්ථාවක් නොලැබුණු නිසා ඔවුන්ට අවසානයේ දී උරුම වුණේ ලකුණු 62ක පරාජයක්.

බංග්ලාදේශය- 223/9 (50)

පාකිස්ථානය- 161/10 (44.3)

බංග්ලාදේශයට ලකුණු 62ක ජයක් 

පාකිස්ථාන්-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටිය පිළිබඳව දත්තයන් 

පසුගිය වසර 5 ඇතුළත මෙම පිටියේ පවත්වා ඇති දිවා එක්දින තරග ප්‍රමාණය 9ක්. එහි දී මෙම තණතීරුව බොහෝ අවස්ථාවන්වල හැසිරී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය අයුරින්. එම නිසාම මෙම පිටියේ පැවති එම තරග 9 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 278ක්. 

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ලෝඩ්ස් පිටියේ දී පැවති අවසන් දිවා එක්දින තරග 9 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන එංගලන්ත-නවසීලන්ත තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ අවසන් වරට පැවති එක්දින තරග 9න් 7ක් ජයග්‍රහණය කර ඇත්තේ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසා පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබුණොත්, කාසියේ වාසිය දිනාගන්නා නායකයා පන්දුවට පහරදීම තෝරාගැනීමට ඇති ඉඩ වැඩි යි.

ලෝඩ්ස් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා 

පාකිස්ථානු කණ්ඩායම අවසන් වසර 10 තුළ මෙම පිටියේ දී සහභාගි වුණු එක්දින තරග 3න් 2ක් ජයග්‍රහණය කළා. එහි දී මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්ථානු කණ්ඩායමට හැකි වුණා. බංග්ලාදේශ කණ්ඩායම ලෝඩ්ස් පිටියේ දී සහභාගි වන පළමු එක්දින තරගය මෙය යි. එම නිසාම මෙම තරගය ඔවුන්ට අමතක නොවන එකක් වනු ඇති.

 පාකිස්ථානු කණ්ඩායම ලෝඩ්ස් පිටියේ දී ක්‍රීඩා කරමින් (gettyimages)

අද පැවැත්වෙන පාකිස්ථාන්-බංග්ලාදේශ තරගය පිළිබඳව

අවසන් වසර 4 තුළ මෙම කණ්ඩායම් දෙක අතර එක්දින තරග 4ක් පවත්වා තිබෙනවා. එම තරග 4ම ජයග්‍රහණය කර තිබෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම යි. එහි දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටමීම් ඉක්බාල් ශතක 2ක් සහ අර්ධ ශතකයක් ලබාගන්නා විට, මුෂ්ෆිකර් රහීම් ශතකයක් සහ අර්ධ ශතක 2ක් ලබාගෙන තිබෙනවා. මෙවර මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගය පාකිස්ථානු කණ්ඩායමට ඉතාමත්ම තීරණාත්මක එකක් නිසා ඔවුන් සිය උපරිමයෙන් සටන් වදිනු ඇති. නමුත්, මෙවර තරගාවලිය තුළ ඉතාමත් දක්ෂ අයුරින් තරග කළ බංග්ලාදේශ කණ්ඩායමටත් මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් තිබෙන නිසා මෙය උද්වේගකර තරගයක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල 

Related Articles