Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 ලෝක කුසලානයට එන දකුණු අප්‍රිකානු කණ්ඩායම

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් දකුණු අප්‍රිකානු කණ්ඩායම හඳුන්වනු ලැබේ. මෙවර ලෝක කුසලානය සඳහා ඔවුන් පිවිසෙන්නේ මුල්ම වරට ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබීමේ සිහිනය ඇතිව යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට එංගලන්තයේ පැවති 1999 ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වුවත්, එවර ද ඔවුන්ට කුසලානය අහිමි වී ගියා. මෙවර නවක මෙන්ම අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් සමග සටනට පිවිසෙන දකුණු අප්‍රිකානුවන් එදා ඔවුන්ට නොලැබී ගිය කුසලානය මෙවර ලබාගැනීමට සිය උපරිමයෙන් සටන් කරනු ඇත.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දස්කම්

1992 වසරේ සිට මේ දක්වා පැවති සෑම ලෝක කුසලාන තරගාවලියක් සඳහාම සහභාගි වුණු දකුණු අප්‍රිකානු  කණ්ඩායම 2003 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රටක් ලෙසින් කටයුතු කළා. 1992 සිට මේ දක්වා පැවති තරගාවලි 7 තුළ තරග 55කට මුහුණදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉන් තරග 35ක් ජයග්‍රහණය කරන විට 18ක් පරාජයට පත්වුණා.

තරගාවලි ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළම ජයග්‍රහණය වන්නේ 1992, 1999,

2007, සහ 2015 ලෝක කුසලාන අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා තිබීම යි.

1992 එංගලන්ත-දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ   බෙන්ජමින් ද විලියර්ස් විසිනුයි. 2007-2015 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ඔහු ඉනිම් 22ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 6ක් සමගින් ලබාගත් ලකුණු ප්‍රමාණය 1207ක්. එහිදී 63.53ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගත් විලියර්ස්, තරගාවලි ඉතිහාසයේ ඔහුගේ හොඳම ඉනිම ක්‍රීඩාකළේ 2015 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 162ක් ලබාගනිමින්.

විලියර්ස් විසින් කොදෙව්වන්ට ලකුණු 162ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක් (gettyimages)

තරගාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා  

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ඇලන් ඩොනල්ඩ් 1992-2003 දක්වා පැවති ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරමින් ලබාගත් කඩුලු ප්‍රමාණය 38ක්. 1999 තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 17කට කඩුලු 4ක් දවාගනිමින් ඩොනල්ඩ් තරගාවලි ඉතිහාසය තුළ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඩොනල්ඩ්, එංගලන්තයට එරෙහිව 17/4ක් ලබාගත් තරගයේ අවස්ථාවක් (gettyimages)

2018 වසරේ සිට මේ දක්වා දකුණු අප්‍රිකාව එක්දින පිටිය තුළ දැක්වූ දස්කම්

2018 වසරේ සිට මේ දක්වා දකුණු අප්‍රිකානු  කණ්ඩායම එක්දින තරග 27කට සහභාගි වී, ඉන් තරග 17ක්

ජයග්‍රහණය කරන විට තරග 10ක් පරාජය වුණා. එහිදී තරගාවලි 6කට සහභාගි වුණු අප්‍රිකානුවන් ඉන් 5ක් ජයග්‍රහණය කළ අතර ඔවුන් පරාජයට පත්වුණේ මව්බිමේ දීම ඉන්දියානුවන් හමුවේ 5-1ක් ලෙසින් පමණ යි. අප්‍රිකානුවන් ජයග්‍රහණය කළ තරගාවලි අතුරින් ඔවුන් මව්බිමෙන් පිටත දී ශ්‍රී ලංකාව හමුවේ 3-2 සහ ඕස්ට්‍රේලියාව හමුවේ 2-1ක් ලෙසින් තරගාවලි ජයගත් අතර, මව්බිමේ දී පාකිස්ථානය 3-2, සිම්බාබ්වේ 3-0, සහ ශ්‍රී ලංකාව 5-0 ලෙසින් පරාජය කළා.

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු දකුණු අප්‍රිකානු  පිතිකරුවෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී ෆැෆ් ඩූ ප්ලෙසිස්, කුයින්ටන් ද කොක්, සහ හෂීම් අම්ලා දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත.

ෆ්ලෙසිස්, ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව  ලකුණු 108ක් ලබාගත් ඉනිමේ අවස්ථාවක්(gettyimages)

2018 වසරේ සිට මේ දක්වා වඩාත්ම සාර්ථක වුණු දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ

2018 වසරේ ජනවාරි 1 වැනි දා සිට මේ දක්වා පැවති එක්දින තරගවල දී කගීසෝ රබාඩා, ඇන්ඩිලේ පෙලුක්වායෝ, සහ ඉම්රාන් තාහීර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගෙන ඇත.

කගීසෝ රබාඩා (gettyimages)

2019 ලෝක කුසලානයට සහභාගි වන දකුණු අප්‍රිකානු සංචිතය

ෆැෆ් ඩූ ෆ්ලෙසිස් (නායක )

හෂීම් අම්ලා   

කුයින්ටන් ද කොක්  

ජීන් පෝල් ඩුමිනි   

ඩේවිඩ් මිලර්   

ඒඩන් මර්ක්‍රම්

රාසි වෑන් ඩුසන්    

ක්‍රිස් මොරිස්   

ඩ්වේන් ප්‍රිටෝරියස්   

ඇන්ඩිලේ පෙලුක්වායෝ   

කගීසෝ රබාඩා    

ඩේල් ස්ටේන්  

ඉම්රාන් තාහීර්   

ලුන්ගි එන්ගිඩි  

ටබ්‍රේස් ෂම්සි

මෙවර දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන ගමන

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් නොවුණත්, ඔවුන් සතු ප්‍රබල තුරුම්පු වන කොක්, ෆ්ලෙසිස්, අම්ලා, රබාඩා, සහ තාහීර් වැනි ක්‍රීඩකයන් නිසි අවස්ථාවේ ක්‍රියාත්මක වුවහොත් අනිත් කණ්ඩායම්වලට එය හිතකර තත්වයක් නොවනු ඇති. එමෙන්ම 1992 වසරේ සිට මේ දක්වා පැවති ලෝක කුසලාන තරගාවලිවල දී අප්‍රිකානුවන් පසුපස පැමිණි අවාසනාව මෙවරත් ඔවුන් පසුපස පැමිණියහොත් ඔවුන්ගේ ගමන පළමු වටයෙන්ම නිමාවට පත්වනු ඇත.

කවරයේ ඡායාරූපය- දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරගයක් අතරතුර (dailymaverick.co.za)

Related Articles