Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර ඉන්දීය කොදෙව්-පාකිස්ථාන් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර යි. ලෝක කුසලාන තරගාවලි ආරම්භයේ සිටම බොහෝ අවස්ථාවන්වල එකිනෙකා හමු වී ඇති මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන මෙම තරගය ක්‍රිකට් රසිකයන්ගේ දැඩි අවධානයට ලක්වන තරගයක්. එම නිසාම මෙම පෙර විමසුම බටහිර ඉන්දීය කොදෙව්-පාකිස්ථානු තරගය පිළිබඳව යි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව්-පාකිස්ථානු  ගැටුම්

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී පාකිස්ථානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 1975 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී මුල්ම වරට එකිනෙකා හමුවුණා. එහිදී ඉතාමත් තියුණු තරගයකින් පසු කොදෙව්වන්ට කඩුලු 1ක ජයක් හිමිවුණා.

පාකිස්ථානය – 266/7 (60)

බටහිර ඉන්දීය කොදෙව් – 267/9 (59.4)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 1ක ජයක්

1975 කොදෙව්-පාකිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

1979 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී මෙම කණ්ඩායම් 2ක නැවතත් මුණගැසුනු අවස්ථාවේ නැවතත් කොදෙව්වන් හමුවේ පාකිස්ථානු කණ්ඩායමට පරාජය උරුම වුණා.

බටහිර ඉන්දීය කොදෙව් – 293/6 (60)

පාකිස්ථානය – 250 (56.2)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 43ක ජයක්

1979 කොදෙව්-පාකිස්ථාන් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

1983 තරගාවලියේ දී නැවතත් අවසන් පූර්ව තරගයේ දී කොදෙව්වන් සමග උරෙනුර ගැටුනු පාකිස්ථානුවන්ට එහිදීත් අත්වුණේ කඩුලු 8ක දරුණු පරාජයක්.

පාකිස්ථානය – 184/8 (60)

බටහිර ඉන්දීය කොදෙව් – 188/2 (48.4)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 8ක ජයක්

1983 කොදෙව්-පාකිස්ථාන් අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

1987 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක අවස්ථා 2ක දී එකිනෙකා හමුවුනු අතර, එහිදී දෙපිලම තරගය බැගින් ජයග්‍රහණය කළා.

බටහිර ඉන්දීය කොදෙව් – 216 (49.3)

පාකිස්ථානය – 217/9 (50)

පාකිස්ථානයට කඩුලු 1ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් – 258/7 (50)

පාකිස්ථානය – 230/9 (50)

කොදෙව්වන්ට ලකුණු 28ක ජයක්

නැවතත් 1992 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව්වන්ට හැකිවුණා.

පාකිස්ථානය – 220/2 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 221/0 (46.5)

කොදෙව්වන්ට කඩුලු 10ක ජයක්

පාකිස්ථානු තරගයට පෙර කොදෙව් කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් (gettyimages)

1992 වසරෙන් පසුව නැවතත් 1999 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්ථානු කණ්ඩායම විසින් කොදෙව් කණ්ඩායම පරාජය කළේ ලකුණු 27කින්.

පාකිස්ථානය – 229/8 (50)

බටහිර ඉන්දීය කොදෙව් – 202/10 (48.5)

පාකිස්ථානයට ලකුණු 27ක ජයක්

1999 තරගාවලියේ කොදෙව්-පාකිස්ථානු තරගයේ අවස්ථාවක් (gettyimages)

2007 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ දී කොදෙව් කණ්ඩායම හමුවේ පාකිස්ථානුවන් පරාජය වුනේ ලකුණු 54කින්.

බටහිර ඉන්දීය කොදෙව් – 241/9 (50)

පාකිස්ථානය – 187/10 (47.2)

කොදෙව්වන්ට ලකුණු 54ක ජයක්

2007 තරගාවලියේ කොදෙව්-පාකිස්ථානු තරගයේ අවස්ථාවක් (gettyimages)

2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී කොදෙව් කණ්ඩායම පාකිස්ථානුවන් හමුවේ කඩුලු 10ක දරුණු පරාජයක් ලැබුවා.

බටහිර ඉන්දීය කොදෙව් – 112 (43.3)

පාකිස්ථානය – 113/0 (20.5)

පාකිස්ථානයට කඩුලු 10ක ජයක්

2011 තරගාවලියේ කොදෙව්-පාකිස්ථානු අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක මුණගැසුනේ 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී යි. එහිදී කොදෙව්වන්ට අත්වූයේ ලකුණු 150ක පහසු ජයක්.

බටහිර ඉන්දීය කොදෙව් – 310/6 (50)

පාකිස්ථානය – 160/10 (39)

කොදෙව්වන්ට ලකුණු 150ක ජයක්

කොදෙව්-පාකිස්ථානු තරගයේ අවස්ථාවක් (gettyimages)

නොටිංහැම් නුවර ට්‍රෙන්ට් බ්‍රිජ්  පිටිය පිළිබඳව දත්තයන්

පසුගිය කාල සමයේ පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබුණු මෙම පිටියේ දී එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම කණ්ඩායම් ලකුණු ප්‍රමාණ වන 481/6, සහ 444/3 පිළිවෙලින් 2018 සහ 2016 වසරවල දී එංගලන්ත කණ්ඩායම විසින් ලබාගත්තා. අවසන් වරට මෙම පිටියේ පැවති ප්‍රතිඵලයක් ලැබුණු එක්දින තරග 10 තුළ මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 300.2ක් වුණු නිසාම මෙම තරගයත් බොහෝ විට පිතිකරුවන්ටම වෙන්වුණු  තරගයක් වීමට ඉඩ තිබෙනවා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී පැවති තීරණයක් ලැබුණු අවසන් එක්දින තරග 10 සලකා බලද්දී කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කරන විට, කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. එමනිසා මෙම පිටියේ පැවැත්වෙන කොදෙව්-පාකිස්ථානු තරගයේ ජය පරාජය කෙරෙහි කාසියේ වාසිය විශාල බලපෑමක් නොකරනු ඇති.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

මෙම පිටියේ පැවති තීරණයක් ලැබුනු අවසන් එක්දින තරග 10 දී මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරන විට දෙවන වර පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 7ක් ජයග්‍රහණය කර තිබෙනවා. එම නිසා කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම බොහෝ විට මුලින්ම පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩියි.

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

කොදෙව් කණ්ඩායම මෙම ක්‍රීඩා පිටියේදී තරග 7කට සහභාගි වී, ඉන් 5ක් ජයග්‍රහණය කරන විට තරග 1ක් පරාජයට පත්වී තිබේ. පාකිස්ථානු කණ්ඩායම ද මෙම පිටියේ දී තරග 13ක් ක්‍රීඩාකර ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණ යි.

ට්‍රෙන්ට් බ්‍රිජ් පිටියේ දී කොදෙව්වන්ට පාකිස්ථානුවන් හමුවන්නේ මුල්ම වරට යි  

මෙම ක්‍රීඩා පිටියේ දී කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම මීට පෙර එකිනෙකා හමු වී නැහැ. එම නිසාම මෙම තරගය කණ්ඩායම් 2ටම අමතක නොවන තරගයක් වනු ඇත.

අද පැවැත්වෙන කොදෙව්-පාකිස්ථානු තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් 2ක එක්දින තරගාවලියක දී එකිනෙකා හමුවී ඇත්තේ 2017 වසරේ දී යි. එදා පාකිස්ථානය එම තරගාවලිය 2-1ක් ලෙසින් ජයගත්තත් මේ වන විට කොදෙව් කණ්ඩායම එක්දින පිටිය තුළ තරගකාරී කණ්ඩායමක් බවට පත්ව සිටින්නේ ගේල් සහ රසල් වැනි ක්‍රීඩකයන්ගේ ආගමනය නිසා යි. අවසන් වරට නවසීලන්තය සමග පැවති පුහුණු තරගයේ දී ඉතාමත් ප්‍රබල තරග රටාවක නිරත වුණු කොදෙව්වන් මෙම තරගයේදී  පාකිස්ථානු කණ්ඩායමටත් ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය - Roar සිංහල

Related Articles