Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුම්බායි කණ්ඩායම පස්වන වරටත් IPL කිරුළ දිනාගනියි

කණ්ඩායම් 8ක සහභාගිත්වය යටතේ පැවති 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය අඟහරුවාදා නිමාව දුටුවා. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මෙවර තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් දෙක යි. තරගාවලිය පුරාවටම සුපිරි දස්කම් දැක්වූ මුම්බායි ක්‍රීඩකයන් අවසන් තරගයේ දීත් සිය සුපුරුදු රිද්මයට පැමිණියා. එම නිසා ඔවුන් දිල්ලි කණ්ඩායම පරාජය කරමින් 5 වැනි වරටත් IPL ශූරතාවය දිනාගත්තා.

කොරෝනා වසංගතය මධ්‍යයේ පැවති තරගාවලියක් 

2008 වසරේ ආරම්භ වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සාමාන්‍යයෙන් පවත්වනු ලබන්නේ අප්‍රේල් සහ මැයි මාසවල දී යි. නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ලොව පුරා පැතිරයමින් පවතින කොරෝනා වසංගතය ඉන්දියාවට විශාල බලපෑමක් සිදුකළා. එම නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාව තුළ පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උදා වුණා. තරගාවලිය සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදුවුණේ සත්කාරකත්වය පිළිබඳව මතුවුණු ගැටළු නිසා යි. මෙම තරගාවලිය රටවල් කිහිපයක පැවැත්වීමට අවධානය යොමු කළත් අවසානයේ දී සත්කාරකත්වය හිමි වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මීට පෙරත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දී තිබෙනවා. ඒ 2014 වසරේ පැවති තරගාවලියේ පළමු තරග 20 සඳහා යි.

තරගාවලිය පැවති ආකාරය 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඩුබායි, සාජා, සහ අබුඩාබි යන ක්‍රීඩාංගණවල දී පැවැත්වුණා. සුපුරුදු පරිදි මෙවරත් මූලික වටය යටතේ තරග 56ක් ක්‍රියාත්මක වුණා. එහිදී සෑම කණ්ඩායමකටම තරග 14කට සහභාගි වීම සඳහා අවස්ථාව හිමිවුණා. මූලික වටයේ තරග 56 අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් හතර තරගාවලියේ අවසන් අදියර සඳහා සුදුසුකම් ලැබුවා.

අවසන් අදියර යටතේ පැවති පළමු තරගය (Qualifier 1) ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථානය ලබාගත් කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම කෙළින්ම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා. ඉන් පසුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවන සහ සිව්වන ස්ථාන ලබාගත් කණ්ඩායම් දෙක අතර තරගය (Eliminator) පැවැත්වුණා. එම තරගයෙන් පරාජය වුණු කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන විට ජයග්‍රහණය කළ කණ්ඩායම තරගාවලිය තුළ තවදුරටත් රැඳී සිටියා. 

ඉන් අනතුරුව පැවැත්වුණේ Qualifier 1 තරගයෙන් පරාජයට පත්වුණු කණ්ඩායම සහ Eliminator තරගයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම අතර තරගය යි. Qualifier 2 නමින් හැඳින්වෙන එම තරගය ජයග්‍රහණය කළ කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් අනිකුත් කණ්ඩායම බවට පත්වුණා. ඉන් පසුව පැවති අවසන් තරගයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායමට ශූරතාවය හිමි වුණා.

IPL තරග ඉතිහාසයේ තරගකාරීම තරගාවලිය මෙවර පැවැත්වුණා

මෙවර IPL තරගාවලියේ පළමු භාගය අවසන් වන විට මුම්බායි, දිල්ලි, සහ බැංගලෝර් යන කණ්ඩායම් තරග 5 බැගින් ජයග්‍රහණය කර සිටියා. එසේම කොල්කටා කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කර තිබුණා. ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා වැඩි ඉඩක් තිබුණේ එම කණ්ඩායම් හතරට යි. නමුත් තරගාවලියේ දෙවන භාගයේ දී හයිද්‍රාබාද්, රාජස්තාන්, සහ පන්ජාබ් යන කණ්ඩායම් තුන විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. එම නිසා පළමු වටයේ 52 වන තරගය අවසන් වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබා තිබුණේ මුම්බායි කණ්ඩායම පමණ යි. අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත් ඉතිරි කණ්ඩායම් තුන තීරණය වුණේ මූලික වටයේ අවසන් තරග හතරෙහි ප්‍රතිඵල මත යි. ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් ස්ථාන තුන දිනාගත් කණ්ඩායම් තරග 6 බැගින් ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

මෙවර IPL තරගාවලියේ අවස්ථාවක් (The Quint)

ලකුණු සම වුණු තරග 4ක් දක්නට ලැබුණා 

2008-2019 කාල සමය තුළ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිවල දී තරගයක ලකුණු සම වුණු අවස්ථා 8ක් වාර්තා වී තිබුණා. නමුත් මෙවර තරගාවලියේ දී ලකුණු සම වුණු තරග 4ක්ම දක්නට ලැබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී මුම්බායි සහ පන්ජාබ් කණ්ඩායම් අතර පැවති ලකුණු සමවුණු තරගයේ අවසන් ප්‍රතිඵලය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාර 2ක් පැවැත්වීමට සිදුවුණා. එසේම එක් දිනයක පැවති තරග 2දීම ලකුණු සමවීම සුවිශේෂී සිදුවීමක් වුණා.

මුම්බායි සහ පන්ජාබ් අතර පැවති තරගයේ අවස්ථාවක් (The Quint)

මුම්බායි සහ දිල්ලි කණ්ඩායම් අවසන් තරගයට සුදුසුකම් ලබයි 

2020 IPL තරගාවලිය ආරම්භයේ සිටම දස්කම් අතර සිටි මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් දෙක අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා. ඒ අනුව මෙවර මුම්බායි කණ්ඩායම 6 වැනි වරටත් IPL අවසන් තරගයකට සුදුසුකම් ලැබීම සුවිශේෂී සිදුවීමක් වුණා. නමුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මීට පෙර IPL අවසන් තරගයකට සුදුසුකම් ලබා තිබුණේ නැහැ. ඔවුන් 2009 තරගාවලියේ දී දැක්වූ දස්කම්වලට පසුව වඩාත් සාර්ථක වුණේ මෙවර තරගාවලියේ දී යි. 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 5 වන වරටත් ශූරතාවය දිනාගනියි 

මුම්බායි සහ දිල්ලි කණ්ඩායම් අතර පැවති අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දිල්ලි පිතිකරුවන්ගේ මුල් කඩුලු තුන ලකුණු 22ක් තුළ බිඳ වැටුණේ බෝල්ට් සහ යාදව් විසින් සිදුකළ සාර්ථක පන්දු යැවීම නිසා යි. ඉන් අනතුරුව පිටියේ එක් වුණු අයියර් සහ පන්ට් සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 96ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 20 අවසන් වන විට දිල්ලි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 156ක් ලබාගත්තා. එහි දී පිත්තෙන් දස්කම් දැක්වූ නායක අයියර් නොදැවී ලකුණු 65ක් ලබාගන්නා විට පන්ට් ලකුණු 56ක් ලබාගත්තා. එසේම පන්දුවෙන් දස්කම් දැක්වූ බෝල්ට් ලකුණු 30කට කඩුලු 3ක් දවාගත්තා.

බෝල්ට් කඩුල්ලක් දවාගනිමින් (DNA India)

ලකුණු 157ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිව්දෙනා හොඳින් පන්දුවට පහරදුන් නිසා ඔවුන්ගේ ලකුණු පුවරුව 137/2 ලෙසින් දිස්වුණා. එහි දී දක්නට ලැබුණු විශේෂිත සිදුවීම වුණේ නායක රෝහිත් යළි ලකුණු අතරට පිවිසීම යි. මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාරවල දී කඩුලු කිහිපයක් බිඳ වැටුණත් ඔවුන් පන්දුවාර 18.4කදී කඩුලු 5ක් පමණක් දැවී තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් වටිනා ලකුණු 68ක් ලබාගත්තා. මෙවර මුම්බායි කණ්ඩායම IPL ශූරතාවය දිනාගත්තේ 5 වන වරට යි. ඔවුන් ඊට පෙර 2013, 2015, 2017, 2019 වසරවල ශූරතාවය දිනාගෙන තිබුණා.

කෙටි ලකුණු පුවරුව 

දිල්ලි කැපිටල්ස්- 156/7 (20), (අයියර්- 65*, පන්ට්- 56, බෝල්ට්- 30/3, කූල්ටර්-නයිල්- 29/2)

මුම්බායි ඉන්දියන්ස්- 157/5 (18.4), (රෝහිත්- 68, කිෂාන්- 33*, කොක්- 20, නොකියා- 25/2)

තරගයේ වීරයා- ට්‍රෙන්ට් බෝල්ට් 

ජයග්‍රාහී මුම්බායි කණ්ඩායම (BBC)

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් 

පන්ජාබ් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අඛණ්ඩව ලකුණු අතර සිටි පිතිකරුවා බවට පත්වුණා. ඔහුට දිල්ලි කණ්ඩායමේ ෂිකර් ධවාන්ගෙන් යම් අභියෝගයක් එල්ල වුණත් අවසානයේ දී රාහුල් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණා. පහත දැක්වෙන්නේ 2020 IPL තරගාවලිය තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවන් පස් දෙනා යි.

1) ලෝකේෂ් රාහුල් (පන්ජාබ්)

ඉනිම්- 14,  ලකුණු- 670,  සාමාන්‍ය- 55.83,  අර්ධ ශතක- 5,   ශතක- 1,  වැඩිම ලකුණු- 132* 

ප්‍රහාරාත්මක වේගය- 129.34

2) ෂිකාර් ධවාන් (දිල්ලි)

ඉනිම්- 17  ලකුණු- 618,  සාමාන්‍ය- 44.14,  අර්ධ ශතක- 4,   ශතක- 2,  වැඩිම ලකුණු- 106* 

ප්‍රහාරාත්මක වේගය- 144.73

3) ඩේවිඩ් වෝනර් (හයිද්‍රාබාද්)

ඉනිම්- 16,  ලකුණු- 548,  සාමාන්‍ය- 39.14,  අර්ධ ශතක- 4,   ශතක- 0,  වැඩිම ලකුණු- 85* 

ප්‍රහාරාත්මක වේගය- 134.64

4) ෂ්‍රෙයාස් අයියර්  (දිල්ලි)

ඉනිම්- 17,  ලකුණු- 519,  සාමාන්‍ය- 34.60,  අර්ධ ශතක- 3,   ශතක- 0,  වැඩිම ලකුණු- 88* 

ප්‍රහාරාත්මක වේගය- 123.27

5) ඉෂාන් කිෂාන් (මුම්බායි)

ඉනිම්- 13,  ලකුණු- 516,  සාමාන්‍ය- 57.33,  අර්ධ ශතක- 4,   ශතක- 0,  වැඩිම ලකුණු- 99 

ප්‍රහාරාත්මක වේගය- 145.76

ලෝකේෂ් රාහුල් (Yahoo Cricket)

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 

තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්වීමේ තරගය පැවතුණේ ජස්ප්‍රිට් බූම්රා සහ කගීසෝ රබාඩා අතර යි. අවසානයේ දී එම තරගය ජයගත්තේ රබාඩා යි. පහත දැක්වෙන්නේ 2020 IPL තරගාවලිය තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබාගත් පිතිකරුවන් පස් දෙනා යි.

1) කගීසෝ රබාඩා (දිල්ලි)

තරග- 17,  කඩුලු- 30,  සාමාන්‍ය- 18.26,  හොඳම පන්දු යැවීම- 24/4, පන්දුවාරයකට ලකුණු- 8.34 

2) ජස්ප්‍රිට් බූම්රා (මුම්බායි)

තරග- 15,  කඩුලු- 27,  සාමාන්‍ය- 14.96  හොඳම පන්දු යැවීම- 14/4, පන්දුවාරයකට ලකුණු- 6.73

3) ට්‍රෙන්ට් බෝල්ට් (මුම්බායි)

තරග- 15,  කඩුලු- 25,  සාමාන්‍ය- 18.28,  හොඳම පන්දු යැවීම- 18/4, පන්දුවාරයකට ලකුණු- 7.97

4) අන්රිච් නොකියා (දිල්ලි)

තරග- 16,  කඩුලු- 22,  සාමාන්‍ය- 23.27  හොඳම පන්දු යැවීම- 33/3, පන්දුවාරයකට ලකුණු- 8.39

5) යුස්වේන්ද්‍ර චහාල් (බැංගලෝර්)

තරග- 15,  කඩුලු- 21,  සාමාන්‍ය- 19.28,  හොඳම පන්දු යැවීම- 18/3, පන්දුවාරයකට ලකුණු- 7.08

කගීසෝ රබාඩා (Cric Info)

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය හිමිකරගත්තේ ජොෆ්රා ආචර් නම් වේග පන්දුයවන්නා යි. රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ ජොෆ්රා තරග 14ක් තුළ කඩුලු 20ක් බිඳ දැමීමට සමත් වුණා. එසේම පිත්තෙන් ලකුණු 113ක් ලබාගැනීමට සමත් වුණා. පහත දක්වා තිබෙන්නේ මෙවර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයන් පස් දෙනායි.

1) ජොෆ්රා ආචර් (රාජස්තාන්)- ලකුණු 305

2) කගීසෝ රබාඩා (දිල්ලි)- ලකුණු 298

3) ජස්ප්‍රිට් බූම්රා (මුම්බායි)- ලකුණු 269.5

4) රෂිඩ් ඛාන් (හයිද්‍රාබාද්)- ලකුණු 260

5) ට්‍රෙන්ට් බෝල්ට් (මුම්බායි)- ලකුණු 254.5

ජොෆ්රා ආචර් (Medium)

හොඳම පෞද්ගලික දක්ෂතා 

2020 IPL තරගාවලියේ දී ශතක 5ක් වාර්තා වුණා. එසේම කිෂාන් සහ ගේල් ලකුණු 99දී දැවීගියා. පන්දු යවන්නන් අතරින් මෙවර ඉනිමක් කඩුලු 5ක් දවාගත්තේ එක් පන්දු යවන්නෙකු පමණ යි. නමුත් ඉනිමක කඩුලු 4ක් දවාගත් පන්දු යවන්නන් 7 දෙනෙකු වාර්තා වුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ දස්කම්.

ශතක 

1) ලෝකේෂ් රාහුල් (පන්ජාබ්)- 132*

2) බෙන් ස්ටෝක්ස් (රාජස්තාන්)- 107*

3) ෂිකර් ධවාන් (දිල්ලි)- 106*

4) මයන්ක් අගර්වාල් (පන්ජාබ්)- 106

5) ෂිකාර් ධවාන් (දිල්ලි)- 101*

කඩුලු 5 බැගින් දවාගැනීම් 

1) වරුන් චක්‍රවර්තී (කොල්කටා)- 20/5

වරුන් චක්‍රවර්තී (Indian Express)

තවත් සම්මාන කිහිපයක් ලබාගත් ක්‍රීඩකයන් 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ලබාදුන් තවත් සම්මාන කිහිපයක් තොරතුරු පහත දක්වා තිබෙනවා. එහි දී මුම්බායි ක්‍රීඩකයන් සම්මාන කිහිපයක් හිමිකරගත්තා.

1) විනයගරුකම කණ්ඩායම- මුම්බායි ඉන්දියන්ස් 

2) නැගී එන ක්‍රීඩකයා- දෙව්දත් පඩික්කල් (බැංගලෝර්)

3) වැඩිම හයේ පහර- ඉෂාන් කිෂාන් (මුම්බායි)

4) ඉහළම ප්‍රහාරාත්මක වේගය- කිරන් පොලාර්ඩ් (මුම්බායි) 

දෙව්දත් පඩික්කල් (indiatvnews.com)

මහේල ජයවර්ධන ඉතිහාසගත වෙයි 

මහේල ජයවර්ධන මුම්බායි කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස පත්වුණේ 2017 තරගවාරයේ දී යි. එද සිට අද දක්වා මුම්බායි කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ මහේල අවස්ථාවන් 3ක දී එම කණ්ඩායමට ශූරතාවය දිනාගැනීම සඳහා මඟ පෙන්වා තිබෙනවා. ඒ අනුව මහේල සහ ස්ටීවන් ෆ්ලෙමිං IPL ශූරතාවය තෙවරක් දිනාගත් පුහුණුකරුවන් ලෙසින් වාර්තා අතරට එක්ව සිටිනවා. 

මහේල මුම්බායි කණ්ඩායම සමග (New Indian Express)

 

කවරයේ ඡායාරූපය- රෝහිත් ජයග්‍රාහී කුසලානය සමග (iplt20.com)

මූලාශ්‍රයයන්- iplt20.com

Related Articles