Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ජනප්‍රියම කාඩ් ක්‍රීඩා 5ක්

මිතුරන් කිහිපදෙනෙකු එකතු වූ විට හෝ මරණ ගෙදරක දී ලාංකිකයින් බොහෝ දෙනා කාඩ් ක්‍රීඩා කර ඇතුවාට සැක නැහැ. කාඩ් 52කින් යුතු සාමාන්‍ය කාඩ් කුට්ටමකින් විවිධාකාරයේ ක්‍රීඩා රාශියක් ක්‍රීඩා කළ හැකියි. ‘ඕමි’ බැලීමට අමතරව මේ කාඩ් කුට්ටම යොදාගෙන ලොව පුරා ක්‍රීඩා කෙරෙන ජනප්‍රියතම කාඩ් ක්‍රීඩා 5 ක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කළා.

01. පෝකර්

(Victor Moussa / Shutterstock / NTB scanpix)

පෝකර් ක්‍රිඩාව ලොව වැඩියෙන්ම මුදල් ඔට්ටු තබමින් ක්‍රීඩා කරන ක්‍රීඩාවලින් එකක් වෙනවා. මෙහිදී ජයග්‍රාහකයා තෝරාගන්නේ යම්කිසි නිශ්චිත කාඩ් එකතුවක් ලැබුණු පුද්ගලයාව යි. තරගයට සහභාගී වන සියළුම දෙනාට සමාන කාඩ් ප්‍රමාණයක් බෙදා හැරෙන අතර එහිදී ඉහළම කාඩ් ‘එකතුව’ තමන් සතුව ඇතැ යි සිතන පුද්ගලයා ඔට්ටු තැබීම සිදුකරනවා. තමන්ගේ කාඩ් එකතුවෙහි ඉහළ වටිනාකමක් සහිත කාඩ් අවමයැ යි යමෙකුට හැඟුණහොත් කාඩ් අත පසෙක තබා ඉවත් වන්නට ඔහුට පිළිවන්.

ලොව පුරා කැසිනෝ ශාලාවල පෝකර් ක්‍රීඩාව ජයටම සිදුකෙරෙනවා. යම් වේලාවකට පසුව එකිනෙකාගේ අත් පෙන්වාගැනීම සිදුකෙරෙන අතර එහිදී හොඳම හෙවත් ඉහළම වටිනාකම සහිත කාඩ් එකතුව ඇති තැනැත්තා ජයග්‍රහණය කරනවා. මේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලැබීමට වාසනාව මෙන්ම හොඳින් පෙරැයීම් සිදුකිරීමේ හැකියාවත් බලපානවා.

02. Texas Hold ’em

(Jupiterimages/Stockbyte/Getty Images)

මේ ක්‍රීඩාවත් ලොව ඉතා ජනප්‍රිය කාඩ් ක්‍රීඩාවක් වන අතර මෙහිදී හොඳ ගණිතමය හා ශාරීරික අංගචලනයන් කියවීමේ හැකියාවක් පැවතීම ජයග්‍රහණ ලැබාගැනීමට ඉවහල් වෙනවා. පෝකර් ක්‍රීඩාවේ මෙන්ම මෙහිදී ද මුදල් ඔට්ටු තැබීම සිදුවන අතර හොඳම කාඩ් එකතුව සහිත තැනැත්තාට ජයග්‍රහණය ලැබෙනවා. මෙහිදී ජයග්‍රාහකයාට සියළුම මුදල් හා ත්‍යාග ලැබෙනවා. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී 20 වන සියවස මුල් භාගයේ දී සම්භවය වූවක් සේ සැලකෙන අතර පසුව ලොව අනෙක් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වුණා.

03. බ්ලැක්ජැක්

(Richard Cummins / Getty Images)

බ්ලැක්ජැක් ක්‍රීඩාව අංක 21 ක්‍රීඩාව ලෙස ද හැඳින්වෙනවා. මෙය ද මුදල් ඔට්ටු තැබීම සඳහා බහුලව භාවිතා වෙන අතර මෙහිදී ක්‍රීඩාව සඳහා පැමිණෙන අය ඔට්ටු තැබිය යුතුවන්නේ අදාල ආයතනයේ හිමිකරුවා සමග යි.
මෙහිදී එක් ක්‍රීඩකයෙකුට කාඩ් 2ක් ලැබෙන අතර ඒ ඒ කාඩ්වලට නිශ්චිත අගයක් ආරෝපණය කර තිබෙනවා. මෙහිදී කාඩ් දෙකෙහි එකතුව 21ට වඩා වැඩි නම් ඔහු තරගය පරාජය වෙනවා. අවසානයේ 21 හෝ ඊට ආසන්නම අගය සහිත අය ජය ලබන අතර අවදානමක් ගෙන තෙවන කාඩ්පතක් ද ඉල්ලා සිටිය හැකියි. මෙහිදී යම් හෙයකින් කාඩ්පත් තුනෙහි එකතුව 21ට වඩා වැඩි නම් ඔහු තරගයෙන් ඉවත් වනවා. මේ නිසා තෙවන කාඩ්පත ලබගැනීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වෙනවා.

04. බ්‍රිජ්

(Youtube)

බ්‍රිජ් ක්‍රීඩාව කාඩ් කුට්ටමක් යොදාගෙන කෙරෙන සංකීර්ණතම ක්‍රීඩාවක් ලෙස සැලකෙනවා. මෙම ක්‍රීඩාව දෙදෙනා බැගින් සුසැදි කණ්ඩායම් දෙකක් විසින් සිදුකරන අතර එහි දී තරගවාර කිහිපයක් පැවැත්වෙනවා. මෙයින් ව්‍යුත්පන්න වූ රබර් බ්‍රිජ් හා ඩුප්ලිකේට් බ්‍රිජ් නම් ක්‍රීඩා දෙකක් ද තිබෙනවා. මේ ක්‍රීඩාවේ ලෝක මට්ටමේ ශූරතාවලි පවා පැවැත්වෙනවා. මෙය රුසියාවේ සම්භවය වී පසුව ලොව පුරා ප්‍රචලිත වූ බැව් සැලකෙනවා. ඔට්ටු ඇල්ලීම හා ඉහළම ලකුණු රැස් කර ගැනීම මේ ක්‍රීඩාවේ ලක්ෂණ වෙනවා.

05. හාට්ස්

(247hearts.com)

හාට්ස් කාඩ් කුට්ටමක් යොදාගෙන කෙරෙන තවත් ජනප්‍රිය ක්‍රීඩාවක් වෙනවා. මෙය කිහිප දෙනෙකුගේම සහභාගීත්වයෙන් සිදුකළ හැකි අතර ප්‍රශස්ථ ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක් වෙනවා. මෙහිදී කාඩ් කුට්ටමෙහි කාඩ් 52ම යොදාගැනෙන අතර ඒවා සම සමව ක්‍රීඩකයින් අතර බෙදාහරිනවා. හාට්ස් හෙවත් හාරත වංශයට අයත සියලුම කාඩ්පත්වලට එක ලකුණක් අනුයුක්ත කොට ඇති අතර හාරත රැජිනට පමණක් ලකුණු 13ක් ලබා දෙනවා. මෙහිදී කාගේත් අභිප්‍රාය වන්නේ අවම ලකුණු ප්‍රමාණයක් ලබාගැනීම වන අතර කිහිප විටක් තරගය පැවැත්වෙනවා. යමෙක් ලකුණු 100ක් ලැබූ විට ඔහු තරගයෙන් ඉවත් වෙනවා. මේ අවස්ථාව වන විට අවම ලකුණු ලබා තිබූ ක්‍රීඩකයා තරගය ජයගන්නවා. මෙහිදී යම් තරග අවස්ථාවක දී ක්‍රීඩකයෙකු ලකුණු 26ම ලබාගතහොත් අන් ක්‍රීඩකයින් තිදෙනාට ද ලකුණු 26 බැගින් එක්වෙනවා.

කවරයේ පින්තූරය- maxplayingcards.com

Related Articles