Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බේස්බෝල් ක්‍රීඩාව හඳුනාගමු

ලෝකයේ විවිධ ක්‍රීඩාවන් ඇති අතර ඇතැම් විට ඒවා අතර සමානකම් ද දකින්න පුළුවන්. එල්ලේ ක්‍රීඩාව පුරුදු අපට බේස්බෝල් ක්‍රීඩා තරගයක් දුටු විට යම් හුරු ගතියක් දැනෙන්නට ඉඩ තිබෙනවා. ඇමරිකාවේ ජාතික ක්‍රීඩාව මෙන් සැලකෙන බේස්බෝල් වෙනත් උතුරු සහ මධ්‍යම ඇමරිකානු රටවලත්, ජපානයේ සහ දකුණු කොරියාවේත් ජනප්‍රිය ක්‍රීඩාවක් වනවා. ශ්‍රී ලංකාවේ ද ඇතැම් පාසැල්වල බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දී තිබෙන අතර ඇතැම් ක්‍රීඩා සමාජ ද මෙහි නිරත වනවා. නමුත් බේස්බෝල් දියුණු කිරීමට නම් තවමත් පැහැදිලි වැඩපිළිවෙලක් අපට ඇත් ද යන්න සැක සහිතයි.

බේස්බෝල් ක්‍රීඩාව හා සම්බන්ධ ඉතිහාසය

pinterest. com (බේස් බෝල් ක්‍රීඩාවේ නිරත වන අයුරු)

බේස්බෝල් ක්‍රීඩාවේ ආරම්භය අවිනිශ්චිත වනවා. බෝලය හා පිත්ත භාවිතා කරමින් සිදු කරන ලද මෙම ක්‍රීඩාවට යම් සමානකම් සහිත ක්‍රීඩාවක පුරාණ ඊජිප්තුවේ මිනිසුන් නියැළුණ බව විශ්වාස කෙරෙනවා. ඒ සඳහා යොදාගන්නා ලද වසර 2000 ක් පමණ පැරණි යයි සැලකෙන් පන්දුවක් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර​ තිබෙනවා.

වර්තමානයේ රොමේනියාවේ කොටසක් වන, වැල්ලචියා හි මීට සියවස් කිහිපයකට පෙර මීට යම් සමානකම් පෙන්වන ක්‍රීඩාවක් ප්‍රචලිතව තිබෙනවා. 14 වන සියවස දී බෝලය හා පිත්ත යොදා ගනිමින් කළ තරග ප්‍රංශ පූජකයන් අතර ද ප්‍රචලිත වූ බව සඳහන්. මෙම වකවානුවේදීම පාහේ විලියම් පගුලා මෙම තරඟය සොෆ්ට් බෝල් ලෙස කර තිබෙනවා තිබෙනවා. ක්‍රිඩකයන් 12 ක් එක පිළක් වෙනුවෙන් සහභාගී වෙමින් කරන ලද Schlagball නම් ක්‍රීඩාවක් ජර්මනියේ ඇතැම් ප්‍රදේශයන් හි ප්‍රචලිතව තිබූ අතර එය අදට ද කීල් වැනි ප්‍රදේශයන් හි දකින්න පිළිවන්.

බේස්බෝල් ක්‍රීඩාව 19 වන සියවස දී ඇමරිකානුවන් අතර ප්‍රචලිත වූ බව සඳහන්. එමෙන්ම ඔවුන් එය නම් කරනු ලැබුවේ ටවුන් බෝල් යනුවෙනි. කෙසේ නමුත් 18 වන සියවසයේදී පමණ බේස් බෝල් යන නමින් එංගලන්තයේද ක්‍රීඩාවක් වූ බවට සාක්ෂි හමු වනවා.

බේස්බෝල් පැතිරීම​

බේස්බෝල් ඇමරිකාවේ ප්‍රථම වෘත්තීමය ක්‍රීඩාව බවට පත් වෙනු ලබනවා. වර්ෂ 1850 දී පමණ National Association of Baseball Players (NABBP)  ස්ථාපිත වීම සිදු වනවා. ඇමරිකානුවන්ට මෙය ලෝක ක්‍රීඩාවක් කිරීමට අවශ්‍ය වූවා. වර්ෂ 1878 දී වෘත්තිමය ක්‍රීඩකයෙකු වූ Esteban Bellan විසින් මෙය කියුබාවට හඳුන්වා දෙනු ලබනවා. එතැනින් ඔබ්බට කැරිබියානු ප්‍රදේශයන්ට ක්‍රීඩාව ව්‍යාප්ත වුණා. මේ අතර​ 1870 දී පමණ ඇමරිකානුවන් හරහා ජපානයට පැතිරුණ බේස්බෝල්, ජපානයෙන් කොරියාව හා තායිවානයටත් පැතිරීම​ සිදු වුණා. මීට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවලත් මෙම ක්‍රීඩාව ව්‍යාප්ත වී තිබෙනවා.

20 වන සියවසයේදී පමණ බේස් බෝල් අන්තර්ජාතික මට්ටමට පැමිණෙනු ලබනවා.

තරග​ සිදු කරනු ලබන ආකාරය

conceptdraw.com ( දළ සටහනක්)

බේස් බෝල් ක්‍රීඩාව සඳහා ක්‍රීඩකයන් 09 දෙනෙක් සහභාගී වනු ලබනවා. ඒ අනුව මෙම ක්‍රීඩාව සඳහා  ක්‍රීඩකයන් 09 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම් දෙකක් සහභාගී වනවා.

Pitcher 
Catcher 
1st Baseman 
2nd Baseman
3rd Baseman
Shortstop 
Leftfielder
Centerfielder 
Rightfielder 

එම කණ්ඩායම් ආරම්භක කණ්ඩායම් හා අවසන් කරන කණ්ඩායම ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් තරඟය සඳහා ඉනිම් 09 ක් පමණ හිමි වන අතර, තරඟයේ ස්වභාවය හා කාලය අනුව මෙලෙස ලබා දෙන ඉනිම් සංඛ්‍යාව වෙනස් විය හැකි වනවා. පන්දුවට පහර දෙන පිතිකරුවන් තුන් දෙනෙක් දැවී යන තුරු එක් ඉනිමක් ක්‍රියාත්මක වනවා.

මෙම ක්‍රීඩාවේදී ක්‍රිඩකයන් ලබා ගත යුතු වන්නේ රවුම් සම්පූර්ණ කරමින් ලකුණු ලබා ගැනීමයි. මෙලෙස ස්ථාන හතරක් තිබෙන අතර ඒවා බේස් යනුවෙන් හඳුන්වනු ලැබෙනවා. මෙම බේස් 4 ක්  සම්පූර්ණ කිරීම සිදු කරන්නේ නම් එක ලකුණක් ලබා ගැනීමට හැකි වනවා. කෙසේ නමුත් එක් පිතිකරුවෙකුගේ දැවී යාම සිදු විය හැකි අවස්ථා කිහිපයක් තිබෙනවා.

භාවිතා කරන උපකරණ

fineartamerica.com

බේස් බෝල් ක්‍රීඩාව සඳහා විවිධ උපකරණ අවශ්‍යයි. ඒ පිළිබඳ පහතින් විස්තර කෙරෙනවා.

Batting Helmet
බෝලයට පහර දෙන පිතිකරුවා මෙම හිස් ආවරණය පළඳිනු ලබනවා. බේස් බෝලයෙන් පිතිකරුගේ හිස හා කන ආරක්ෂා කිරීම උදෙසා මෙසේ සිදු කරනු ලබනවා.

Baseball cap
සියලුම ක්‍රීඩකයන් ඇස් වලට හිරුගෙන් වන හානිය වැලැක්වීම සඳහා බේස් බෝල් හිස් ආවරණය පළඳිනු ලබනවා.

Catcher’s helmet
ඔළුව හා මුහුණ ආවරණය උදෙසා හොකී පන්දු රකින්නා මෙන්  බේස් බෝල් හි ද පිටුපස සිට බෝලය අල්ලන ක්‍රීඩකයා හිස් ආවරණයක් පළඳිනු ලබනවා.

Uniform
සෑම ක්‍රීඩකයෙක්ම, විනිශ්චය කරන්නන් හා කළමනාකරුවන්ද  විශේෂ වර්ණයකින් හා මෝස්තරයකින් යුක්ත නිළ ඇඳුමක් අඳිනු ලබනවා.

Sliding shorts
ඇතැම් අවස්ථා වලදී ක්‍රීඩකයන් ඔවුන්ගේ කලවයන් ආරක්ෂා කිරීම සඳහා ආරක්‍ෂිත ලෙස සකස් කර තිබෙන  කොට කලිසම් අඳිනු ලබන බව දැක්වෙනවා.

Baseball Cleats
මෙමඟින් හඳුන්වන්නේ රබර් හා ලෝහ භාවිතා කරමින් නිර්මාණය කරන ලද විශේෂ සපත්තු විශේෂයකි.

Bat
මෙහි පිත්ත රවුම් ආකාරයේ ස්වරූපයක් ගන්නා ශක්තිමත් ලියෙන් හෝ ඇලුමිනියම් වර්ගයකින් සාදනු ලබනවා.

Ball
මෙම ක්‍රීඩාව සඳහා භාවිතා කරන බෝලය බේස් බෝලය ලෙස හඳුන්වනු ලබනවා.

Gloves
ක්‍රීඩකයන්  සම් වලින් නිර්මිත අත් වැසුම් භාවිතා කරනු ලබනවා.

Catcher’s mitt
සාමාන්‍ය පන්දු රකින්නන් භාවිතා කරන අත් වැසුම් වලට වඩා මෙම අත් වැසුම් වඩාත් ආරක්ෂා කාරී වනවා.

First baseman’s mitt
සාමාන්‍ය පන්දු රකින්නන් භාවිතා කරන අත් වැසුම් වලට වඩා තත්වයෙන් උසස් වන මෙමඟින් ඇඟිලි හතරක් පමණ සම්බන්ධ කරනු ලබනවා.

Batting gloves
පිතිකරුවන් එක් අතකට හෝ අත් දෙකටම හෝ අත් වැසුම්  භාවිතා කරනවා. මෙමඟින් දැඩි කොට අල්ලා ගැනීමට සමත් වන අතරම බෝලයට පහර දීමට නොහැකි වන්නේ වන්නේ එමඟින් ඇති වන කම්පනය මඟ හරිනු ලබනවා.

ඔලිම්පික් උළෙලේදී

ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මේ වනවිට පස් වතාවක් බේස්බෝල් ක්‍රීඩාව අන්තර්ගත ව තිබෙනවා. ඉන් තුන් වතාවක් ම ජයගෙන ඇත්තේ කියුබාවයි. ඒ 1992, 1996 සහ 2004 වසරවල යි. 2000 දී ඇමරිකාව සහ 2008 දී දකුණු කොරියාව රන් පදක්කම දිනා ගත්තා. එමෙන්ම 2004 දී ඇමරිකාවට මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නට නොහැකි වීම විශේෂත්වයක් වුණා.

කවරයේ පින්තූරය: බේස්බෝල් තරගයක අවස්ථාවක් (Getty Images)

Related Articles