Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

BBC Sports Personality of the Year 2017

BBC 2017 වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් වන නිර්දේශිත නාම පසුගිය දා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම සම්මානය සඳහා නිර්දේශ කරනුයේ බ්‍රිතාන්‍ය ක්‍රීඩික ක්‍රීඩිකාවන් ය​. 2017 වසරේ BBC වසරේ ක්‍රීඩකයා වන්නේ කව්ද ? යන්න අපට දෙසැම්බර් 17 වෙනිදා දැන ගැනීමට හැකියාව ලැබේවි. BBC Sports Personality of the Year 2017 සම්මාන උළෙල එංගලන්තයේ Liverpool හී Echo Arena හිදී පැවැත්වෙනවා. මෙම සම්මාන උළෙල පැවත්වෙන්නේ 63වන වතාවටයි. මේ Roar අපි BBC Sports Personality of the Year 2017 නිර්දේශිත නාමයන් ගැන​ තබන කෙටි සටහනක්.

Liverpool Echo Arena  (suprtickets.com)

එලිස් ක්‍රිස්ටීන් ( හිමමත ලිස්සා යාම – කෙටි දුර – speed skating)

cloudfront.net

ඇය ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උපත ලදුව පසුව වයස අවුරුදු 15ක් වද්දී නොටින්ග්හැම් වෙත යන්නේ තමන්ගේ ක්‍රීඩා සිහිනය සැබෑ කරගැනීමේ අරමුණ ඇතිවයි. 2015 ඇය ලෝක හිම මත ලිස්සා යාමේ තරඟාවලියෙදී මීටර් 500 හා 1000 නියෝජනය කර රිදී පදක්කම් දෙකක් දිනාගත් අතර එම දස්කම පෙන්නුම් කළ​ පළමු බ්‍රිතාන්‍ය ක්‍රීඩිකාවද වුණා. 2016 වසරේ මීටර් 500 ඉසව්වේ ලෝක වාර්තාවක් පවා තැබීමට ඇය සමත් වූණා. එමෙන්ම 2017 මාර්තු මාසයේදී ලෝක හිමමත ලිස්සා යාමේ තරඟාවලියේ මීටර් 1000 හා 1500 යන ඉසව් දෙකේදීම රන්පදක්කම දිනා ගන්නා ඇය එම දස්කම කල ප්‍රථම බ්‍රිතාන්‍ය හා යුරෝපා ක්‍රීඩිකාව ද වුණා.

මෝ ෆරහා (Mo Farah – මළල ක්‍රීඩා)

ytimg.com

මොහු උපත ලබන්නේ 1983 මාර්තු මස 23 වෙනිදායි. ඒ සෝමාලියාවේදියි. ඔහු 2012 හා 2016 යන වසර දෙකේදීම පැවති ඔලිම්පික් උළෙලවලදී මීටර් 5000 හා 10,000 යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම් දිනාගනු ලැබුවා. එමෙන්ම ඔහුව යුරෝපයේ මළල ක්‍රීඩකයා ලෙස 2011 හා 2012 යන වසර දෙකේදීම නම් කරනු ලැබුවා. එමෙන්ම බ්‍රිතාන්‍ය ගෘහස්ත මීටර් 3000 ලෝක වාර්තාවටද මොහු හිමිකම් කියනු ලබනවා.

රිස් ෆ්රුම් (බයිසිකල් ධාවනය)

timeincuk.net

මොහු උපත ලබන්නේ 1985 මැයි 20 වෙනිදා කෙන්යාවේ දීයි. ඔහුගේ දෙමාපියන් බ්‍රිතාන්‍ය ජාතිකයන් වුණා. මොහු මෙම ක්‍රීඩාව ආරම්භ කර තිබෙන්නේ ඔහු දකුණු අප්‍රිකාවේ ජිවත් වෙමින් සිටි කාලයේදීයි. ඔහු 2006 මෙල්බර්න් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී 17වන තැන දිනා ගත්තා. ඔහුව සැලකෙන්නේ  Vuelta a España  පාපැදි සවාරියේ එතෙක් මෙතෙක් තරඟ වැදුණු විශිෂ්ඨතම පාපැදි තරඟකරුවෙකු ලෙසයි.

ලුවිස් හැමිල්ටන් ( Formula 1 මෝටර් රථ ධාවන තරඟ )

F1-Fansite.com

මොහු බ්‍රිතාන්‍ය ෆොර්මියුලා වන ධාවකයෙකු වෙනවා. ඔහු තමන්ගේ මුල්ම තරඟාවලියට 2007 වසරේ සභාගි වුණා. ඔහුට එහෙදී ලෝක ශුරතාවය අහිමිව යන්නේ එක ලකුණකිනුයි. ඔහු තම ක්‍රීඩා ජීවිතය තුල ලොව සාර්ථකම F1 ධාවකයෙකු ලෙස ගොඩ නැගුණා. හැමිල්ටන් තෙවරක් ලෝක ශුරතාවය දිනාගනු ලැබුවා. එමෙන්ම ධාවන පථය තුල සියළු අතින්ම සාර්ථක ධාවකයෙකු  ලෙස හා බ්‍රිතාන්‍යයේ එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙසත් ඔහුව සැලකෙනවා. වැඩිම ලකුණු සංඛ්‍යාවක් හා වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ජයගෙන වාර්තා කල ක්‍රීඩකයෙකු ලෙසත් ඔහුව සැලකෙනවා. ඔහු 2016 ලෝක ශුරතාව ජයග්‍රහණය කරන්නේ අපරාජිතවයි. එමෙන්ම එක් තරඟ වාරයක වැඩිම ජයග්‍රහණ වාර්තා කල ක්‍රීඩකයා ලෙස ද ඔහුව සැලකෙනවා.

ඇන්තනි ජෝෂුවා (Boxing)

fightnights.com

AJ යන නාමයෙන් හඳුන්වන මොහු උපත ලබන්නේ 1989 වර්ෂයේදීයි. 2011වසරේ ලෝක ආධුනික ශුර්තාවයේදී මොහු රිදී පදක්කමක් ජයග්‍රණය කරනවා. එමෙන්ම 2012 වසරේදී ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනු ලබනවා. එමෙන්ම 2016 වසරේ  IBF heavyweight ශුරතාවයද මොහු විසින් දිනාගනු ලබනවා.

හැරි කේන් (පාපන්දු)

performgroup.com

මොහු උපත ලබන්නේ 1993 වර්ෂයේදීයි. මොහු Tottenham Hotspur ක්‍රීඩා සමාජයේ හා එංගලන්ත ජාතික පාපන්දු පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනවා. ඔහු තම මංගල යුරෝපා ලීග් තරඟයට 2011 වසරේ සහභාගී වුණා. ඔහු 2014-2015 තරඟ වාරයේදී තම ක්‍රීඩා සමාජ පිළ වෙනුවෙන් ගෝල 31ක් වාර්ථා කළා. එමෙන්ම Professional Footballers’ Association Young Player of the Year සම්මානයද ඒ වසරේ මොහු විසින් දිනාගනු ලැබුවා.  Premier League Player of the Month සම්මානයට පස් වතාවක් ඔහු හිමිකම් කියනු ලැබුවා.  

ජොහානා කොන්ටා

www.newzworm.com

ඇය අද බ්‍රිතාන්‍ය නියෝජනය කලත් ඇය 2012 වසර වෙනතෙක් නියෝජනය කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවයි. 1991 මැයි මස 7වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී මැය උපත ලබා තිබෙනවා. ඇය තම ප්‍රථම කාන්තා ටෙනිස් සංගම් ශුරතාව 2016 වසරේදී වාර්ථා කළා. බ්‍රිතාන්‍යයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන ඇය ලෝක ශ්‍රේණිගත කිරීම් වල 10වන ස්ථානයේ පසු වෙනවා.  

ජෝනි පීකොක් ( පැරා – මළල ක්‍රීඩා )

zimbio.com

මොහු උපත ලබන්නේ 1993 වසරේදීයි. ඔහු දකුණු කකුලේ අබාධයකින් පෙළුණා. නමුත් බිජිං පැරා ඔලිම්පික් උළෙල නරඹා ඉන් ධෛර්යමත් වන මොහු 2011 ලෝක ශුරතා පැරා උළෙලේ මීටර් 100 ඉසව්ව පස්වෙනියා ලෙස නිමා කරනවා. එමෙන්ම ඔහුට වයස අවුරුදු 19ක් වෙන තැන ඔහු ලොව වේගවත්ම විශේෂ අවශ්‍යතා ඇති ධාවකයා වන්නේ එක්සත් ජනපදයේදී ලෝක වාර්තාවක් තබමිනුයි. (මීටර් 100 – තත්පර 10.85) එමෙන්ම 2016 වසරේදී ඔහු යුරෝපා ශුරතාවය ද ජයග්‍රහණය කලේ තත්පර 10.88කින් එම ඉසව්ව නිමා කරමිනුයි.

ඇඩම් පීටි ( Adam Peaty – පිහිනුම් )

independent.co.uk

ඔහු තවමත් වයස අවුරුදු 23ක තරුණයෙක් වෙනවා. ඔහු තම ගමන් 2012දී කණිෂ්ඨ පිහිනුම්කරුවෙකු ලෙස යුරෝපා ශුරතාවයෙන් ආරම්භ කරනු ලැබුවා. ඔහුව සලකනු ලබන්නේ ළය ආර පිහිනුම් ශුරයෙකු ලෙසයි. ඔහු තමන්ගේ ප්‍රථම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී එක්සත් රාජධානිය නියෝජනය කරමින් රන් පදක්කම් 4ක් දිනාගනු ලැබුවා. ඒමෙන්ම 2014 යුරෝපා ශුරතාවයේදී ඔහු විසින් මීටර් 50 ලෝක වාර්තාවද බිඳ හෙලනු ලැබුවා. 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ද ඇඩම් විශිෂ්ඨ දක්ෂතා දක්වනු ලැබුවා.

ජොනතන් රේ (මෝටර් සයිකල්)

kawasaki.eu

ඔහු 1987 වසරේ නෙදර්ලන්තයේ උපත ලැබුවා. ඔහු සුපර් බයික් ලෝක ශුරතාවය 2015දි ජයග්‍රහණය කළා. එමෙන්ම ඔහු සුපර්සපෝර්ට් ලෝක ශුරතාවය 2008 දී දිනාගනු ලැබුවා. Honda කණ්ඩායම නියෝජනය කරමින් 2007 ඔහු බ්‍රිතාන්‍ය සුපර්බයික් ශුරතාවලියේ දෙවැනි තැන ලබා ගත්තා. ඔහුව අයර්ලන්ත වසරේ මෝටර් යතුරුපැදි ධාවකයා ලෙස 2007,2008,2011 හා 2016 යන වසර 4දිම නම් කරනු ලැබුවා.

ආන්‍යා ශ්රබ්සෝල් (ක්‍රිකට්)

hindustantimes.com

ඇය 1991 දෙසැම්බර් මස 7 වෙනිදා උපත ලබා තිබෙනවා. ඇය දකුණු අතින් මද වේග පන්දු යවන්නියක්. එංගලන්ත ජාතික කණ්ඩායම හා Rubies, Somerset Women යන කණ්ඩායම් වලද ඇය සාමාජිකාවක් වෙනවා. එමෙන්ම සමර්සෙට් ක්‍රීඩා ඇකඩමිය හා සම්බන්ධ වන්නේ වයස අවුරුදු 13දියි. ඇය එවක එම ඇකඩමියේ පළමු ක්‍රීඩිකාව වුණා. ඇය 2013 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින වරම් දිනා ගත්තා.

බියන්කා වොල්ක්ඩේන් (තයිකොන්දෝ )

www.thetimes.co.uk

1991 වසරේ උපත ලබන ඇය බ්‍රිතාන්‍ය තයිකොන්දෝ ඇකඩමියේ සාමාජිකාවක් ද වෙනවා. 2016 බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඔලිම්පික් උළෙල නියෝජනය කල ඇය එහිදී ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තා. එමෙන්ම ඇයගේ බර පන්තියේ දෙවරක් ලෝක ශුරියක්, යුරෝපා ශුරියක් හා දෙවරක් World Grand Prix Final ශුරියක් ද වුණා. එමෙන්ම එක තරඟ වාරයකදී 4 වතාවක් ඇය Grand Prix ශුරතා දිනා ගත් අතර ඒ 2017 වසරේදීයි. 2015 දී රුසියාවේදී කිලෝග්‍රෑම් 73ට වැඩි බර පන්තියේ ඇය ලෝක ශුරියද වුණා. 2017 Muju WTF World Taekwondo Championship තරඟාවලියේදී ඇය ලෝක ශුරතාවය දිනාගනු ලැබුවා.

මෙම ප්‍රධාන සම්මානයට අමතරව පහත සම්මානයන්ද මෙම සම්මාන උළෙලේදී ලබා දීමට නියමිතව තිබෙනවා.

  1. Team of the Year
  2. Coach of the Year
  3. Overseas Sports Personality of the Year
  4. Lifetime Achievement Award
  5. Helen Rollason Award
  6. Get Inspired Unsung Hero Award
  7. Young Sports Personality of the Year

මෙම සම්මාන උළෙල ඉතාමත් උත්කාර්ශවත්ව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර ඔබට මෙම උළෙල BBC One නාලිකාවෙන් නැරඹිය හැකි වෙනවා.

කවරය – monsterenergy.com

Related Articles