Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2007 වසරෙන් පසුව කෝපා ඇමරිකානු පාපන්දු ශූරයන් වුණු බ්‍රසීලය

කෝපා ඇමරිකා පාපන්දු තරගාවලිය දකුණු ඇමරිකානු කලාපයේ රටවල් අතර පැවැත්වෙන පාපන්දු තරගාවලියක්. 1916 වසරේ මුල්ම වරට ආරම්භ වුණු තරගාවලිය මෙවර පැවැත්වුණේ 46 වැනි වරට යි. එසේම 2019 කෝපා ඇමරිකා තරගාවලිය සඳහා බ්‍රසීලය සත්කාරකත්වය ලබාදුන්නා. එය බ්‍රසීලය කෝපා ඇමරිකා තරගාවලියකට සත්කාරකත්වය ලබාදුන් 5 වැනි අවස්ථාව යි. කණ්ඩායම් 12ක් තරග වැදුණු මෙම තරගාවලියේ ශූරතාවය බ්‍රසීල කණ්ඩායම විසින් දිනාගත්තේ 2007 වසරට පසුව යි. එම නිසාම මෙම ලිපිය  වෙන්වන්නේ 2019 කෝපා ඇමරිකා පාපන්දු ශූරතාවලිය පිළිබඳව තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට යි.

තරගාවලිය සඳහා සහභාගි වුණු කණ්ඩායම් 

මෙම තරගාවලිය සඳහා දකුණු ඇමරිකානු රටවල් ලෙසින් බ්‍රසීලය, ආජන්ටිනාව, උරුගුවේ, පැරගුවේ, පේරු,

චිලී, කොලොම්බියාව, වෙනිසියුලාව, බොලිවියාව, සහ ඉක්වදෝරය එක්වුණා. එසේම ආරාධිත රටවල් ලෙසින් මෙවර තරගාවලිය සඳහා එක්වුණේ කටාර් සහ ජපානය යි.

තරගාවලිය පැවැත්වුණු ආකාරය 

තරගාවලිය සඳහා එක්වුණු රටවල් 12 කාණ්ඩ තුනකට වෙන්කරනු ලැබුවා. ඉන් සෑම කාණ්ඩයකම පෙරමුණ ගන්නා රටවල් 2 අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඊට අමතරව එක් එක් කාණ්ඩයේ තෙවන ස්ථානය ලබාගන්නා රටවල් අතුරින් දෙකකට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණා. ඉන්පසුව අර්ධ අවසන් පූර්ව තරගවලින් රටවල් 4ක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. අවසානයේ දී අවසන් පූර්ව තරග 2කේ ජයග්‍රාහකයන්ට අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණා. 

පළමු වටයේ තරග ප්‍රතිඵල

පළමු වටයේ දී සෑම කණ්ඩායමකටම තරග 3ක් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාවක් ලැබුණා. ඒ අනුව පළමු වටයේ තරග අවසානයේ දී බ්‍රසීලය, කොලොම්බියාව, සහ උරුගුවේ එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගත්තා.

A කාණ්ඩයේ තරග ප්‍රතිඵල 

බ්‍රසීලය, වෙනිසියුලාව, පේරු, සහ බොලිවියාව මෙම කාණ්ඩය යටතේ තරග වැදුණා. එහිදී බ්‍රසීලය ප්‍රසාද ලකුණු 7ක් ලබාගෙන කාණ්ඩයේ පෙරමුණ ගන්නා විට ප්‍රසාද ලකුණු 5ක් ලබාගත් වෙනිසියුලාව කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගත්තා.

බ්‍රසීලය සහ වෙනිසියුලාව – 3-0

පේරු සහ වෙනිසියුලාව – 0-0

බොලිවියාව සහ පේරු – 1-3

බ්‍රසීලය සහ වෙනිසියුලාව – 0-0

පේරු සහ බ්‍රසීලය – 0-5

බොලිවියාව සහ වෙනිසියුලාව – 1-3

බ්‍රසීල-පේරු තරගයේ අවස්ථාවක් (gettyimages)

B කාණ්ඩයේ තරග ප්‍රතිඵල 

ආජන්ටිනාව, කොලොම්බියාව, පැරගුවේ, සහ කටාර් මෙම කාණ්ඩය යටතේ තරග වැදුණා. කොලොම්බියාව ප්‍රසාද ලකුණු 9ක් ලබාගෙන කාණ්ඩයේ පෙරමුණ ගන්නා විට ප්‍රසාද ලකුණු 4ක් ලබාගත් ආජන්ටිනාව කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගත්තා. එහිදී 1987 වසරට පසුව ආජන්ටිනාව කෝපා ඇමරිකා තරගයක දී කොලොම්බියාව හමුවේ පරාජය වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ආජන්ටිනාව  සහ කොලොම්බියාව  – 0-2

පැරගුවේ  සහ කටාර් – 2-2

කොලොම්බියාව සහ කටාර් – 1-0

ආජන්ටිනාව සහ පැරගුවේ – 1-1

කටාර් සහ බ්‍රසීලය – 0-2

කොලොම්බියාව සහ පැරගුවේ  – 1-0

ආජන්ටිනා-කොලොම්බියා තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරග ප්‍රතිඵල 

උරුගුවේ, චිලී, ජපානය, සහ ඉක්වදෝරය මෙම කාණ්ඩය යටතේ තරග වැදුණා. එහිදී උරුගුවේ ප්‍රසාද ලකුණු 7ක් ලබාගෙන කාණ්ඩයේ පෙරමුණ ගන්නා විට ප්‍රසාද ලකුණු 6ක් ලබාගත් චිලී කාණ්ඩයේ දෙවන ස්ථානය ලබාගත්තා.

උරුගුවේ  සහ ඉක්වදෝරය  – 4-0

ජපානය  සහ චිලී  – 0-4

උරුගුවේ සහ ජපානය   – 2-2

ඉක්වදෝරය සහ චිලී – 1-2

චිලී සහ උරුගුවේ – 0-1

ඉක්වදෝරය සහ ජපානය – 1-1

උරුගුවේ-චිලී තරගයේ අවස්ථාවක් (gettyimages)

හොඳම තෙවන ස්ථානය දිනාගත් කණ්ඩායම් අතුරින් පැරගුවේ සහ පේරු යන කණ්ඩායම්වලට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණා.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල 

ඉතාමත් තියුණු මුහුණුවරකින් පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී ජයග්‍රහණය හිමිවුණේ බ්‍රසීලය, ආජන්ටිනාව, පේරු, සහ චිලී යන කණ්ඩායම්වලට යි.

බ්‍රසීල-පැරගුවේ අර්ධ අවසන් පූර්ව තරගය 

ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට නියමිත කාලය තුළ කිසිදු ගෝලයක් ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන් පැරගුවේ කණ්ඩායම දඬුවම් පහර අවස්ථාව දක්වා තරගය රැගෙන ගියා. නමුත් අවසානයේ දී බ්‍රසීලය දඬුවම් පහර 4-3ක් ලෙස ජයග්‍රහණය කළා.

ආජන්ටිනා-වෙනිසියුලා අර්ධ අවසන් පූර්ව තරගය 

ආජන්ටිනා කණ්ඩායම මෙම තරගය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. එහිදී මාටිනස් සහ සෙල්සෝ පිළිවෙලින් 10 සහ 74 විනාඩිවල දී ගෝල වාර්තා කළා. තරගාවලිය ආරම්භයේ දී දුර්වල තරග රටාවක නිරත වුණු ආජන්ටිනා කණ්ඩායමට මෙම ජයග්‍රහණය ඉතාමත් සැනසිලිදායක එකක් වුණා.

කොලොම්බියා-චිලී අර්ධ අවසන් පූර්ව තරගය 

අවසන් වරට පැවති කෝපා ඇමරිකා තරගාවලි 2ම ජයග්‍රහණය කළ ප්‍රබල චිලී කණ්ඩායම සහ මෙම තරගාවලිය තුළ සුපිරි දස්කම් දැක්වූ කොලොම්බියාව මෙම තරගයේ දී තරග වැදුණා. මෙම තරගය කොලොම්බියාව ජයගනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළත් දඬුවම් පහර අනුව 5-4ක ජයක් හිමිවුණේ චිලී කණ්ඩායමට යි.

උරුගුවේ-පේරු අර්ධ අවසන් පූර්ව තරගය 

ඉතාම තරගකාරී එකක් වුණු මෙම තරගයත් දඬුවම් පහර අවස්ථාව දක්වා ගෙන යාමට කණ්ඩායම් දෙකට හැකිවුණා. එහිදී උරුගුවේ පිලේ සිටින ප්‍රබල ම ක්‍රීඩකයෙකු වන ලුවිස් සුවාරෙස් දඬුවම් පහර සාර්ථක කර නොගැනීම නිසා දඬුවම් පහර 5-4ක ජයක් ලැබුණේ පේරු කණ්ඩායමට යි.

අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල 

අවසන් පූර්ව වටයේ තරගවලින් ජයග්‍රහණය කළ බ්‍රසීලය සහ පේරු යන කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

බ්‍රසීල-ආජන්ටිනා අවසන් පූර්ව තරගය 

බ්‍රසීලය සහආජන්ටිනාව අතර පැවැත්වුණු මෙම තරගය උද්වේගකර එකක් වනු ඇතැ යි පාපන්දු ලෝලීන් බලාපොරොත්තු වුණා. නමුත් ඉතාමත් ප්‍රබල තරග රටාවක නිරත වුණු බ්‍රසීලය 2-0ක් ලෙසින් මෙම තරගය ජයග්‍රහණය කළා. එහිදී ග්‍රේබියල් ජේසුස් සහ රොබර්ටෝ ෆර්මිනෝ පිළිවෙලින් 19 සහ 71 විනාඩිවල දී ගෝල වාර්තා කළා. 

බ්‍රසීල-ආජන්ටිනා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

පේරු චිලී අවසන් පූර්ව තරගය 

මෙම තරගය ගෝල 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ පේරු කණ්ඩායම යි. එහිදී ෆ්ලෝරස්, යෝටුන්, සහ ගුරේරෝ පිළිවෙලින් 21, 38, සහ 91 යන විනාඩිවල දී ගෝල ලබාගත්තා. පේරු කණ්ඩායමට මෙම ජයග්‍රහණය සුවිශේෂී එකක් වුණේ ඔවුන් වසර 44කට පසුව කෝපා ඇමරිකා කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබීම යි.

පේරු-චිලී අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

තෙවන ස්ථානය ආජන්ටිනාවට 

තෙවන ස්ථානය තේරීම සඳහා ආජන්ටිනාව සහ චිලී අතර පැවති තරගයෙන් 2-1ක ජයක් හිමිවුණේ ආජන්ටිනා කණ්ඩායමට යි. එහිදී ඇගියුරෝ සහ දිබාලා පිළිවෙලින් 12 සහ 22 විනාඩිවල ගෝල ලබාගනිමින් ආජන්ටිනාව පෙරමුණේ තැබුවා. නමුත් 59 වැනි විනාඩියේ දී විඩාල් විසින් දඬුවම් පහරක් මඟින් චිලී කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබාගත්තත් එය ආජන්ටිනා ජයග්‍රහණය වැලැක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ. 

ආජන්ටිනා -චිලී තරගයේ අවස්ථාවක් (gettyimages)

බ්‍රසීලය වසර 12ක ට පසුව කෝපා ඇමරිකා ශූරතාවය දිනා ගනියි 

අවසන් වරට බ්‍රසීලය කෝපා ඇමරිකා කුසලානය ජයග්‍රහණය කර තිබුණේ 2007 වසරේ දී යි. ඒ ආජන්ටිනා කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත් කරමින්. පේරු කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට බ්‍රසීලය 2-1 ලෙස ඉදිරියෙන් සිටියේ එවර්ටන් සහ ජේසුස් ලබාගත් ගෝල නිසා යි. ඉන්පසුව කණ්ඩායම් 2ම කරට කර තරග කරත් කිසිවෙකුට ගෝල ලබාගැනීමට හැකිවුණේ නැහැ. නමුත් තරගය නිමා වීමට මොහොතකට පෙර බ්‍රසීලය වෙනුවෙන් රිචර්ලිසන් දඬුවම් පහරක් මඟින් ලබාගත් ගෝලයත් සමගින් 3-1ක ජයක් බ්‍රසීලයට හිමිවුණා.

බ්‍රසීල-පේරු අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

බ්‍රසීලයට මෙවර සම්මාන රැසක් 

මෙවර කෝපා ඇමරිකා තරගාවලියේ සම්මාන රැසක් හිමිවුණේ බ්‍රසීල කණ්ඩායමේ ක්‍රීඩකයන්ට යි.

වැඩිම ගෝල ලාභියෝ – එවර්ටන් (බ්‍රසීලය) – ගෝල 3

පාඔලෝ ගුරේරෝ (පේරු) – ගෝල 3

හොඳම ක්‍රීඩකයා – ඩැනී අල්වේස් (බ්‍රසීලය) 

හොඳම දැල් රකින්නා – ඇලිසන් (බ්‍රසීලය)

හොඳම විනයගරුක කණ්ඩායම – බ්‍රසීලය 

කවරයේ ඡායාරූපය - බ්‍රසීල කණ්ඩායම කෝපා ඇමරිකා කුසලානය සමග (gettyimages)

Related Articles