Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වෙනස්ම රැකියා කරා යොමු වූ ක්‍රීඩකයෝ

ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී අපුරු කතා රැසක් අතරින් අද කතාකරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතරතුර සහ විශ්‍රාම යෑමෙන් අනතුරුව වෙනස්ම රැකියාවන් සඳහා යොමු වූ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව යි.

අර්ශද් ඛාන්

පකිස්තානු දඟ පන්දු යවන්නෙකු වූ අර්ශද් ඛාන් ප්‍රථම වරට පකිස්තානු පිල නියෝජනය කලේ 1993 වසරේ දී සිම්බාබ්වේ පිලට එරෙහිව යි. එතැන් සිට ටෙස්ට් එක්දින තරඟ 58ක් සහ ටෙස්ට් තරඟ 9 කට දායකත්වය සැපයු ඔහුගේ ක්‍රිකට් දිවිය අවසන් වීමට එක් හේතුවක් වුයේ තහනම් ඉන්දියානු ක්‍රිකට් ලීගයට සම්බන්ධ වීම හේතුවෙනි. ඔහු ගේ අවසන් ටෙස්ට් තරඟය සහ එක්දින තරඟය දෙකම වාර්තා වුයේ ඉන්දියාවට එරෙහිව යි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඔහුට හිමි නොවීම නිසා වසර කිහිපයක් පකිස්තානු දේශීය ක්‍රිකට් තරඟාවලි නියෝජනය කිරීමෙන් අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. නැවත ඔහු පිළිබඳව කතාබහට ලක්වුයේ 2015 වසරේදී ය. ඉන්දියානුවෙක් ෆේස්බුක් සටහනකින් දැක්වූ යේ මේ අර්ශද් ඛාන් ප්‍රකට කුලී රථ සමාගමක් වන ඌබර් හි රියදුරෙක් ලෙස කටයුතු කරන බව සහ ඉතා හොඳ සේවයක් ලබා දුන් බවට යි.

හිටපු පාකිස්තානු දඟ පන්දු යවන්නා අර්ශද් ඛාන් – credit – Getty Images

ෆිල් එඩ්මන්ඩ්ස්

2005 වසරට පෙර එංගලන්තය අවසන් වරට අළු බඳුන තරඟාවලිය ජයග්‍රහණය කලී 1986/87 තරඟවාරයේදී ය. මෙය එඩ්මන්ඩ්ස් ක්‍රීඩා කළ අවසන් අළු බඳුන තරඟාවලිය විය. එකළ එංගලන්තයේ සිටි දක්ෂතම දඟ පන්දුයවන්නන්ගෙන් අයෙක් වූ ඔහු ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව පතල් සහ ඛනිජ තෙල් ව්‍යාපාරයට යොමු වූ අතර වර්තමානයේ එංගලන්තයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් මෙන්ම පුවත් මවන්නෙක් බවට පත් වී ඇත.

ෆිල් එඩ්මන්ඩ්ස් – credit – Adrian Murrell

ජොගින්දර් ශර්මා

2007 20 යි 20 ලෝක කුසලාන අවසන් තරඟයේ අවසන් පන්දුවාරය යවමින් මංගල ලෝක කුසලාන තරඟාවලියේ ශුරතාවය ලබාදීමට සමත් වූ ජොගීන්දර් ශර්මා වර්තමානයේ හර්යානා ප්‍රාන්තයේ හිසාර් හි නියෝජ්‍ය පොලිස් අධිකාරි තනතුර දරයි. පකිස්තානය පරදවමින් සුපිරි අවසන් පන්දුවාරයක් ක්‍රියාත්මක කල ජොගින්දර්, ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ ද තරඟ කිහිපයකට දායකත්වය සපයා ආබාධ තත්වයන් හේතුවෙන් ඉක්මනින්ම ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්නට සිදුවිය.

ජොගින්දර් ශර්මා, හර්යානා ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙක් ලෙස – credit – Twitter

සඳගෝපන් රමේෂ්

ඉතාම හොඳ ආරම්භක පිතිකරුවෙකු ලෙස විචාරකයින් පවා පැසසුම් ලබාදුන් සමයක රමේෂ්ට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවුයේ ඔහුගේ දක්ෂතා ස්ථාවර නොවීම හේතුවෙන්. ටෙස්ට් ශතක දෙකක් සහ අර්ධ ශතක 8ක් රැස්කළ ඔහු එක්දින තරඟ ආකෘතියේ අර්ධ ශතක 6ක් ද රැස්කර තිබිණ. කෙසේ වෙතත් ඉහත හේතුව නිසාම ඔහුට ඉන්දීය දේශීය තරඟ පමණක් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර ඉන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව දමිළ චිත්‍රපට නළුවෙක් ලෙස ඔහුගේ දෙවන ඉනිම ආරම්භ කලේ ය.

සදගෝපන් රමේෂ් – credit – S.S. Kumar

සුනිල් වෙත්තමුණි

තවමත් එක්දින තරඟ තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පිතිකරණ සාමන්‍යයක් රඳවා සිටින්නේ සුනිල් වෙත්තමුණි යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව තම මංගල එක්දින තරඟයේ දීම අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් වන සුනිල් එම ඉනිමේ දී ජෙෆ් තොම්සන් විසින් යැවූ පන්දුවකට ආබාධයකට ලක් වී රෝහල්ගත වන්නට සිදුවිය. කෙසේ වෙතත් එකළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අඩු ප්‍රමාණයක් ක්‍රීඩා කල හෙයින්ම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සිදුවිය. ඒ වනවිටත් ඔහු ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කළ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙර ද එම රැකියාවේ නිරත විය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ දී ලෝක ශුර ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ගුවන් යානයේ ගුවන් නියමුවා වුයේ ද සුනිල් වෙත්තමුණි යි.

සුනිල් වෙත්තමුණි ඔස්ට්‍රේලියාවට එරෙහිව 1975 ලෝක කුසලාන තරඟාවලියේ දී – credit – Getty Images

ට්‍රැවිස් ෆ්‍රෙන්ඩ්

සිම්බාබ්වේ ක්‍රිකට් පිලේ දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වූ ට්‍රැවිස් ෆ්‍රෙන්ඩ්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වුයේ අවාසනාවන්ත අයුරිනි. 2004 වසරේ දී සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ෆ්‍රෙන්ඩ් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් 14ක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ෆ්‍රෙන්ඩ් ඕස්ට්‍රේලියාවේ ලිග් ක්‍රිකට් තරඟ ක්‍රීඩා කිරීම සඳහා පිටත් විය. 2005 වසරේ දී ඔහුට එංගලන්තයේ ඩර්බිශයර් ප්‍රාන්තයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාවුවත් දිගින් දිගටම ආබාධයට ලක්වීම නිසා ඔහුගේ ක්‍රිකට් දිවිය සිමා විය. කෙසේ වෙතත් එංගලන්තයේ දී ම බර්මින්ග්හැම හි ක්‍රිකට් සමාජයන් අතර පැවැත්වෙන තරන්ගාවලියක ඔහුගේ දායකත්වය ලබා දෙන ලද ලදී. ඒ අතරතුරම ඔහු වාණිජ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කිරීමට එංගලන්තයේ දී ම පුහුණු වූ අතර 2007 වසරේ දී ඔහු වාණිජ ගුවන් නියමුවෙකු ලෙස ගුවන් බලපත්‍රයක ට හිමිකම් කිවේ ය. එතැන් පටන් ඔහු මැද පෙරදිග හි ගුවන් නියමුවෙකු ලෙස සේවය කරයි.

ට්‍රැවිස් ෆ්‍රෙන්ඩ් – credit – Getty Images

ෆැබියන් කවුඩ්‍රි

සුප්‍රකට කවුඩ්‍රි නාමයේ හතරවන පරම්පරාවේ ක්‍රීඩකයෙක් වන ෆැබියන් කෙන්ට් ප්‍රාන්ත පිල වෙනුවෙන් පළමු පෙළ තරඟ 12ක් ක්‍රීඩා කළ නැගී එන තරුවක් විය. ඔහුගේ සියා එනම් කොලින් කවුඩ්‍රි ටෙස්ට් ඉතිහාසයේ ප්‍රථම වරට ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කල ක්‍රීඩකයෙක් අතර පියා ද එංගලන්තය නියෝජනය (ක්‍රිස් කවුඩ්‍රි) කලේ ය. කෙසේ වෙතත් ෆැබියන්ගේ නිවුන් සොහොයුරු ගායකයෙක් වීමත් ඔහුට ගීත කිහිපයකටම පද රචකයෙක් ලෙස කටයුතු කළ බැවින්ම 24 හැවරිදි ෆැබියන් මේ වසරේ දී  ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නට තීරණය කලේ පුර්ණ කාලීනව ගීත රචකයෙක් ලෙස කටයුතු කිරීම සඳහා යි.

ෆැබියන් කවුඩ්‍රි – credit – Getty Images

ඕබ්රි ස්මිත්

සසෙක්ස් ප්‍රාන්තයේ දකුණත් මඳ වේගපන්දු යවන්නෙකු වූ ඕබ්රි ස්මිත් 1889 වසරේ පෝර්ට් එලිසබෙත් හි දී පැවති දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මංගල ටෙස්ට් තරඟයේ දී එංගලන්ත නායකයා ලෙස කටයුතු කලේ ය. (මේ තරඟයට ටෙස්ට් තත්වය හිමිවුයේ යම් කාලයක් ගතවූ පසුවයි.) මෙය ඕබ්රි ස්මිත්ගේ එකම ටෙස්ට් තරඟය වුවත් ඉන් අනතුරුව ඔහු හොලිවුඩ් චිත්‍රපට නළුවෙකු ලෙස ජනප්‍රිය විය. 1932 වසරේ දී තිරගතවූ සුප්‍රකට“Tarzan the Ape Man” චිත්‍රපටයේහි ද රඟපෑ ඕබ්රිගේ වඩාත් කතාබහට ලක්වූ චිත්‍රපටය වුයේ “The Prisoner of Zenda” යි. එමෙන්ම ඔහු හොලිවුඩ් නළුවන් කිහිපදෙනෙක් එක්කර හොලිවුඩ් ක්‍රිකට් සමාජ පිලක් ද ආරම්භ කලත් එය සාර්ථක මට්ටමකට පත් නොවීය

ඕබ්රි ස්මිත් – credit – IMDB

W.G. ග්‍රේස්

ක්‍රිකට් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත වෛද්‍යයවරයා විලියම් ගිල්බට් ග්‍රේස් ලෙස සැලකීම වරදක් නොවේ. පළමුපෙළ ලකුණු 50,000 කට අධික ප්‍රමාණයක් රැස්කරමින් ද පන්දු යැවීමෙන් කඩුලු 2800 කට අධික ප්‍රමාණයක් ද දවාගත් ග්‍රේස් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විය. මෙරටට ද වරක් පැමිණි ග්‍රේස් ගේ පිතිකරණය නැරඹීමට එකල ප්‍රේක්ෂකයින් දැඩි ලෙස උනන්දු වූ බවට වාර්තාවල සඳහන් වෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සන්නාමය “ග්‍රේස්” – credit – Getty Images

දිපාක් චුදසමා

කෙන්යාව වෙනුවෙන් එක්දින තරඟ 20 කට ක්‍රීඩා කල දිපාක් 1996 ලෝක කුසලාන තරඟාවලියේ දී ද ක්‍රීඩා කරන ලදී. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුන ද ඔහු දන්ත වෛද්‍යයවරයෙක් ලෙස සුදුසුකම් ලැබූ අයෙක් විය. එමෙන්ම මොහුගේ තවත් විශේෂත්වයක් වන්නේ  1982 වසරේ මුම්බායි හි දී පැවති පොදු රාජ්‍යය මණ්ඩලීය මේස පන්දු තරඟාවලියේ කෙන්යාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි.

දිපාක් චුදසමා – credit – Orthodonticavenue.com

COVER – කපිතාන් සුනිල් වෙත්තමුණි, ලෝක ශුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග සමඟ

Related Articles