Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1930 -2022 පාපන්දු ලෝක කුසලාන 22 ක දී අලුත් වූ වාර්තා

22 වන පාපන්දු ලෝක කුසලානය වූ 2022 තරගාවලිය පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වන දා නිමාව දුටුවා. ඒ ආජන්ටිනාව තුන්වන වතාවටත් ලෝක ශූරයන් බවට පත් කරමින්. එහිදී නව ලෝක කුසලාන වාර්තා ගණනාවක් ම බිහි වුණා.

මෙම ලිපියෙන් ලෝක කුසලාන 22 ක දී බිහි වූ වාර්තා සහ අලුත් වූ මතක පිළිබඳ ව නැවත විමසා බැලෙනවා.

ලෝක ශූරයන් බිහිවුණු අයුරු

1930 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ අවස්ථාවක් – www.sportsnet.com

1930 සිට මේ දක්වා පැවති ලෝක කුසලානවලදී පහත පරිදි කණ්ඩායම් දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.

වර්ෂයශූරතාවඅනුශූරතාවතෙවන ස්ථානයසිව්වන ස්ථානය
1930උරුගුවේආජන්ටිනාවඅමෙරිකාවයුගොස්ලෝවියාව
1934ඉතාලියචෙකොස්ලෝවැකියාවජර්මනියඔස්ට්‍රියාව
1938ඉතාලියහංගේරියාවබ්‍රසීලයස්වීඩනය
1950උරුගුවේබ්‍රසීලයස්වීඩනයස්පාඤ්ඤය
1954බටහිර ජර්මනියහංගේරියාවඔස්ට්‍රියාවඋරුගුවේ
1958බ්‍රසීලයස්වීඩනයප්‍රංශයබටහිර ජර්මනිය
1962බ්‍රසීලයචෙකොස්ලෝවැකියාවචිලීයුගොස්ලෝවියාව
1966එංගලන්තයබටහිර ජර්මනියපෘතුගාලයසෝවියට් දේශය
1970බ්‍රසීලයඉතාලියබටහිර ජර්මනියඋරුගුවේ
1974බටහිර ජර්මනියනෙදර්ලන්තයපෝලන්තයබ්‍රසීලය
1978ආජන්ටිනාවනෙදර්ලන්තයබ්‍රසීලයඉතාලිය
1982ඉතාලියබටහිර ජර්මනියපෝලන්තයප්‍රංශය
1986ආජන්ටිනාවබටහිර ජර්මනියප්‍රංශයබෙල්ජියම
1990ජර්මනියආජන්ටිනාවඉතාලියඑංගලන්තය
1994බ්‍රසීලයඉතාලියස්වීඩනයබල්ගේරියාව
1998ප්‍රංශයබ්‍රසීලයක්‍රොඒෂියාවනෙදර්ලන්තය
2002බ්‍රසීලයජර්මනියතුර්කියදකුණු කොරියාව
2006ඉතාලියප්‍රංශයජර්මනියපෘතුගාලය
2010ස්පාඤ්ඤයනෙදර්ලන්තයජර්මනියඋරුගුවේ
2014ජර්මනියආජන්ටිනාවනෙදර්ලන්තයබ්‍රසීලය
2018ප්‍රංශයක්‍රොඒෂියාවබෙල්ජියමඑංගලන්තය
2022ආජන්ටිනාවප්‍රංශයක්‍රොඒෂියාවමොරොක්කෝව
2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ආජන්ටිනාව – www.olympics.com

මෙම ලෝක කුසලාන 22 අවසානයේ දී කණ්ඩායම් ජයග්‍රහණ සහ මුල් ස්ථාන 4 තුළ තම නම සටහන් කර ගැනීමට පහත පරිදි රටවල් සමත් වුණා.

කණ්ඩායමශූරතාඅනුශූරතාතෙවන ස්ථානසිව්වන ස්ථානසමස්ථ අගය
1. බ්‍රසීලය522211
2. ජර්මනිය444113
3. ඉතාලිය421108
4. ආජන්ටිනාව3306
5. ප්‍රංශය222107
6. උරුගුවේ2305
7. එංගලන්තය1203
8. ස්පාඤ්ඤය1102
9. නෙදර්ලන්තය31105
10. චෙකොස්ලෝවැකියාව202
11. හංගේරියාව202
12. ස්වීඩනය12104
13. ක්‍රොඒෂියාව1203
14. පෝලන්තය202
15. පෘතුගාලය1102
16. බෙල්ජියම1102
17. ඔස්ට්‍රියාව1102
18. අමරිකාව101
19. චිලී101
20. තුර්කිය101
21. යුගොස්ලෝවියාව202
22. සෝවියට් දේශය101
23. බල්ගේරියාව101
24. දකුණු කොරියාව101
25. මොරොක්කෝව101

ඉහත ලැයිස්තුවට අනුව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රටවල් 25 ක් අවසන් කණ්ඩායම් 4 අතරට එක් වීමේ අවස්ථාව හිමි කර ගෙන තිබෙනවා. ඒ අතරින් අවසන් මහා තරගයට එක් වීමට කණ්ඩායම් 13ක් සමත් වෙද්දී පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කර තිබෙන්නේ රටවල් 8 ක් පමණ යි.

බ්‍රසීලය 5 වතාවක් පාපන්දු ලෝක ශූරතාව ජයග්‍රහණය කළා – www.bleacherreport.com

වැඩි ම ලෝක ශූරතාව දිනා ගත් රට වශයෙන් 5 වතාවක් කිරුළ දිනූ බ්‍රසීලය තවදුරටත් වැජඹෙනවා. රටවල් 6ක් මෙම දස්කම දෙවතාවක් හෝ ඊට වඩා ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙනවා. වැඩි ම වතාවක් අවසන් කණ්ඩායම් 4 අතරට එක්ව සිටින ජර්මනිය අවස්ථා 13 ක දී එම දස්කම සිදු කිරීමට සමත් වුණා.

ලෝක කුසලාන ඉතිහාසයේ ම ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් ව තිබෙන්නේ යුරෝපා සහ දකුණු අමරිකානු කණ්ඩායම් පමණ යි. දකුණු කොරියාව අවසන් කණ්ඩායම් හතර තුළට ආ එක ම ආසියානු කණ්ඩායම සහ මොරොක්කෝව එකම අප්‍රිකානු කණ්ඩායම වනවා. මොරොක්කෝව පසුගිය 2022 ලෝක කුසලානයේ දී මෙම දස්කම දැක්වීම විශේෂත්වයක්.

වැඩිම ගෝල ලාභීහු

2022 පාපන්දු ලෝක කුසලානයේදී ගෝල 8ක් ලබා වැඩි ම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව හෙවත් ගෝල්ඩන් බූට් සම්මානය දිනා ගැනීමට ප්‍රංශයේ කිලියන් ම්බප්පේ සමත් වුණා. ඔහුට අමතර ව ලෝක කුසලාන 22 ක පහත ක්‍රීඩකයන් එම දස්කම දැක්වීමට සමත් වුණා.

1958 ලෝක කුසලානයේදී ගෝල 13ක් ලබාගත් ජස්ට් ෆොන්ටෙයින් – www.iffhs.com

1930 සිට 2022 දක්වා වැඩි ම ගෝල ලාභීන්

තරගාවලියක්‍රීඩකයාරටලබාගත් ගෝල
1930ගුලෙර්මෝ ස්ටැබිලේආජන්ටිනාව08
1934ඕල්ඩ්‍රිච් න්යෙඩ්ලිචෙකොස්ලෝවැකියාව05
1938ලියොනිඩාස්බ්‍රසීලය08
1950ඇඩෙමිර්බ්‍රසීලය08
1954සැන්ඩොර් කොක්සිස්හංගේරියාව11
1958ජස්ට් ෆොන්ටෙයින්ප්‍රංශය13
1962ෆ්ලොරින් ඇල්බර්ට්
වැලෙන්ටින් ඉවොනොව්
ගරීන්චා
වාවා
ඩ්‍රාසන් ජෙකොවිච්
ලියොනල් සැන්චෙස්
හංගේරියාව
සෝවියට් දේශය
බ්‍රසීලය
බ්‍රසීලය
යුගොස්ලෝවියාව
චිලී
04
1966එයුසෙබියෝපෘතුගාලය09
1970ගර්ඩ් මුලර්ජර්මනිය10
1974ග්‍රීසේගෝර්ස් ලටෝපෝලන්තය07
1978මාරියෝ කෙම්පෙස්ආජන්ටිනාව06
1982පවෝලෝ රොස්සිඉතාලිය06
1986ගැරී ලින්කර්එංගලන්තය06
1990සැල්වත්‍රෝ ශිලැශිඉතාලිය06
1994ඔලෙග් සැලෙන්කෝ
හ්‍රිස්රෝ ෂ්ටොයිච්කොව්
රුසියාව
හ්‍රිස්රෝ ෂ්ටොයිච්කොව්
06
1998ඩෙවෝර් සුකර්ක්‍රොඒෂියාව06
2002රොනාල්ඩෝ නසාරියෝබ්‍රසීලය08
2006මිරස්ලොව් ක්ලෝස්ජර්මනිය05
2010තෝමස් මුලර්ජර්මනිය05
2014හැමේස් රොද්රිගෙස්කොලොම්බියාව06
2018හැරී කේන්එංගලන්තය06
2022කිලියන් ම්බප්පේප්‍රංශය08
2018 දී ගෝල්ඩන් බූට් සම්මානය දිනා ගත් කිලියන් ම්බප්පේ – www.fox29.com

තරගාවලියක දී වැඩි ම ගෝල ලබා ගැනීමේ වාර්තාව ප්‍රංශයේ ජස්ට් ෆොන්ටෙයින් සතු වනවා. ඔහු ලබා තිබෙන ගෝල සංඛ්‍යාව 13ක්. මෙයට අමතර ව කිසිදු ක්‍රීඩකයෙක් ලෝක කුසලාන ද්විත්වයක දී වැඩිම ගෝල ලාභියා බවට පත් වීමට සමත් වූයේ නෑ.

තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා

තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා තේරීම ආරම්භ වූයේ 1982 ලෝක කුසලානයේ සිට යි. ඔහුට රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය පිරිනමනවා. පාපන්දු ක්‍රීඩකයකුට තරගාවලියක දී ලබා ගත හැකි ඉහළත ම ගෞරවය වන්නේ මෙම ලෝක කුසලාන ගෝල්ඩන් බෝල් සම්මානය ලබා ගැනීම බවට ද සැලකෙනවා.

1982 සිට 2022 දක්වා ගෝල්ඩන් බෝල් ජයග්‍රාහකයෝ

1978 මාරියෝ කෙම්පෙස් (ආජන්ටිනාව)

1982 පවෝලෝ රොස්සි (ඉතාලිය)

1986 දියේගෝ මැරඩෝනා (ආජන්ටිනාව)

1990 සැල්වත්‍රෝ ශිලැශි (ඉතාලිය)

1994 රොමාරියෝ (බ්‍රසීලය)

1998 රොනාල්ඩෝ නසාරියෝ (බ්‍රසීලය)

2002 ඔලිවර් කාන් (ජර්මනිය)

2006 සිනේඩින් සිඩෑන් (ප්‍රංශය)

2010 දියේගෝ ෆෝර්ලෑන් (උරුගුවේ)

2014 ලියොනල් මෙසී (ආජන්ටිනාව)

2018 ලුකා මොඩ්රිච් (ක්‍රොඒෂියාව)

2022 ලියොනල් මෙසී (ආජන්ටිනාව)

ගෝල්ඩන් බෝල් සම්මානය දෙවරක් දිනාගත් ලියොනල් මෙසී – www.pragnews.com

1982 සිට මේ දක්වා මෙම සම්මානයෙන් දෙවතාවක් පිදුම් ලැබ ඇති එක ම ක්‍රීඩකා ආජන්ටිනාවේ ලියොනල් මෙසී යි. මෙයට අමතර ව ගෝල්ඩන් බූට් සහ ගෝල්ඩන් බෝල් යන සම්මාන ද්විත්වය ම 1978 දී මාරියෝ කෙම්පෙස්, 1982 පවෝලෝ රොස්සි සහ 1990 දී සැල්වත්‍රෝ ශිලැශි ජයග්‍රහණය කළා.

මෙම සම්මානය දිනා ගත් එකම දැල් රකින්නා වශයෙන් 2022 දී ජර්මනියේ ඔලිවර් කාන් ඉතිහාසගත වුණා. ඔහුද ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබමින් 2002 දී දක්ෂත ම දැල් රකින්නාට හිමි ගෝල්ඩන් ග්ලව් සම්මානය දිනා ගැනීම ද විශේෂත්වයක්.

දක්ෂත ම දැල් රකින්නෝ

ලෝක කුසලානයේ දක්ෂත ම දැල් රකින්නා සම්මානය ලබා දෙන්නේ 1994 වසරේ සිට යි. එයට රන් අත්වැස්ම හෙවත් ගෝල්ඩන් ග්ලව් සම්මානය ලබා දෙනවා. මෙතෙක් එය දෙවතාවක් ජයග්‍රහණය කිරීමට කිසිදු දැල් රකින්නෙක් සමත්වී නෑ.

1994 සිට මේ දක්වා ගෝල්ඩන් ග්ලව් සම්මාන ලාභීහු

1994 මිෂෙල් ප්‍රෙයුඩ්හොම් (බෙල්ජියම)

1998 ෆැබියන් බාර්තෙස් (ප්‍රංශය)

2002 ඔලිවර් කාන් (ජර්මනිය)

2006 ජියන්ලුයිජි බුෆොන් (ඉතාලිය)

2010 ඉකර් කැසිලස් (ස්පාඤ්ඤය)

2014 මැනුවෙල් නෝයර් (ජර්මනිය)

2018 තිබූ කෝටුවා (බෙල්ජියම)

2022 එමිලියානෝ මාර්ටිනෙස් (ආජන්ටිනාව)

2022 ලෝක කුසලානයේ දක්ෂත ම දැල් රකින්නා වූ එමිලියානෝ මාර්ටිනෙස් – www.indiatoday.com

අලුත් වූ තවත් වාර්තා

2022 පාපන්දු ලෝක කුසලානයේ දී වාර්තාගත දස්කම් දැක්වීමට කිලියන් ම්බප්පේ සහ ලියොනල් මෙසී සමත් වුණා. ම්බප්පේ ගෝල 8ක් වාර්තා කරද්දී ලියොනල් මෙසී ගෝල 7 ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. ඔවුන් දෙපළගේ මෙම දක්ෂතා නිසා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභීන්ගේ ලැයිස්තුව ද නැවත යාවත්කාලීන කිරීමට සිදු වුණා.

ක්‍රීඩකයාරටතරග ගණනගෝල සංඛ්‍යාව
1. මිරස්ලොව් ක්ලෝස්ජර්මනිය2416
2. රොනාල්ඩෝ නසාරියෝබ්‍රසීලය1915
3. ගර්ඩ් මුලර්ජර්මනිය1314
4. ජස්ට් ෆොන්ටෙයින්ප්‍රංශය0613
5. ලියොනල් මෙසීආජන්ටිනාව2613
6. පේලේබ්‍රසීලය1412
7. කිලියන් ම්බප්පේප්‍රංශය1412

මෙයට අමතර ව මෙවර ලෝක කුසලානයේ දී ලියොනල් මෙසී ගෝල ලබා ගැනීමට සහාය වීම් (Assists) 3ක් ද වාර්තා කිරීමට සමත් වුණා. ලෝක කුසලාන 5 ක එම දස්කම කළ එක ම ක්‍රීඩකයා වන්නේ ද ඔහු යි. ලෝක කුසලාන 5 ක ගෝල රැස් කළ එකම ක්‍රීඩකයා යන වාර්තාව මෙවර තරගාවලියේ දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් සතු කර ගත්තා.

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩි ම ගෝල ලාභියා වන ජර්මනියේ මිරස්ලොව් ක්ලෝස් – www.skysports.com

දකුණු අමෙරිකානු හෝ යුරෝපා මහද්වීපයෙන් පිටත ක්‍රීඩකයෙක් වශයෙන් ලෝක කුසලානය නියෝජනය කළ ඝනාවේ අසමෝහ් ජියාන් ගෝල 6 ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා. එය දකුණු අමරිකා හෝ යුරෝපා කලාපයෙන් පිටත දී ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩි ම ගෝල වාර්තාවට ද හිමිකම් කියනවා. මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරු ව වැඩි ම ලෝක කුසලාන තරග ගණනකට ක්‍රීඩා කිරීමේ වාර්තාව ද ලියොනල් මෙසී සතු වුණා.

ක්‍රීඩකයෙක් නියෝජනය කළ වැඩි ම ලෝක කුසලාන තරග ගණන

1. ලියොනල් මෙසී (ආජන්ටිනාව) – තරග 26

2. ලොතර් මතායස් (ජර්මනිය) – තරග 25

3. මිරස්ලොව් ක්ලෝස් (ජර්මනිය) – තරග 24

4. පවෝලෝ මල්දිනි (ඉතාලිය) – තරග 23

5. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (පෘතුගාලය) – තරග 22

1930 සිට මේ දක්වා පැවති ලෝක කුසලානවල දී වැඩි ම ගෝල සංඛ්‍යාවක් වාර්තා වූ තරගාවලිය යන වාර්තාව ද 2022 ලෝක කුසලානයට හිමි වුණා. මෙවර තරගාවලියේ වාර්තා වූ ගෝල ගණන 172 ක්. අඩුම ගෝල ගණනක් වාර්තා වූ 1930 සහ 1934 ලෝක කුසලාන ද්විත්වයේ ම වාර්තා වී ඇත්තේ ගෝල 70ක් පමණ යි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ දී වාර්තා වූ ත්‍රිත්ව ගෝල ගණන 2ක්. ඒ අතරට කිලියන් ම්බප්පේ අවසන් මහා තරගයේදී ලබා ගත් ගෝල ත්‍රිත්වය ද ඇතුළත් වනවා. අනෙක් ගෝල ත්‍රිත්වය අවසන් 16 දෙනාගේ වටයේදී ස්විට්සර්ලන්තයට එරෙහි ව පෘතුගාලයේ ගොන්සාලෝ රාමෝස් වාර්තා කළා. මේ වන විට ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වී ඇති සමස්ත ත්‍රිත්ව ගෝල ගණන 54ක්.

ලොතර් මතායස් ජර්මනිය වෙනුවෙන් ලෝක කුසලාන පාපන්දු තරග 25 ක් ක්‍රීඩා කළා – www.thesefootballtimes.com

වැඩි ම දඬුවම් පහර වට සඳහා ගමන් කළ තරගාවලිය බවට ද 2022 ලෝක කුසලානය වාර්තා වුණා. මෙවර තරගාවලියේ දඬුවම් පහර වට 5 ක් වාර්තා වුණා. ඒ අතරින් ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව තරග දෙක බැගින් ජයග්‍රහණය කිරීම ද විශේෂත්වයක්. ආජන්ටිනාව මේ වන විට ලෝක කුසලාන ඉතිහාසයේ හත් වතාවක් දඬුවම් පහර වට දක්වා ගමන් කර තිබෙනවා.

එම 7 වතාවෙන් 6 වතාවක් ම ජයග්‍රහණය කළ ආජන්ටිනාව වැඩි ම දඬුවම් පහර වට ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වුණා. ලියොනල් මෙසී සහ ලුකා මොඩ්රිච් දෙපළ ම දඬුවම් පහර වට 3 ක දී ගෝල වාර්තා කිරීමට සමත් ව තිබෙනවා. එයද 2022 දී අලුත් වූ නව වාර්තාවක්.

බ්‍රසීලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය 5 වතාව බැගින් දඬුවම් පහර වටවලට මුහුණ දුන්නා. ඒ අතරින් බ්‍රසීලය 3ක් සහ ප්‍රංශය 2 ක් ජයග්‍රහණය කොට තිබෙනවා. ඉතා ම අසාර්ථක දඬුවම් පහර වට වාර්තාවක් හිමි ස්පාඤ්ඤය ජයග්‍රහණය කොට ඇත්තේ එක් අවස්ථාවක දී පමණ යි.

දඬුවම් පහර වට එකකට වඩා ක්‍රීඩා කළ කණ්ඩායම් අතරින් 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් පවත්වා ගැනීමට ජර්මනිය සහ ක්‍රොඒෂියාව සමත් වී තිබෙනවා. මෙම කණ්ඩායම් ද්විත්වය ම අවස්ථා 4 කදී ලෝක කුසලාන තරගවල දඬුවම් පහර වටවලට ගමන් කළ අතර ම එම සියල්ල ම ජයග්‍රහණය කිරීමට ද සමත් වුණා.

2022 පාපන්දු ලෝක කුසලානයේදී ද ස්පාඤ්ඤය දඬුවම් පහරවලින් පරාජයට පත් වුණා – www.olympics.com

2022 ලෝක කුසලාන අවසන් තරගය

2022 ලෝක කුසලාන අවසන් මහා තරගය ලොව පුරා ම මෑතක දී වැඩි ම අවධානය දිනා ගත් ක්‍රීඩා ඉසව්ව බවට පත් වුණා. එය පාපන්දු හැරුණු විට වෙනත් ක්‍රීඩකයන්ගේ මෙන් ම රාජ්‍ය නායකයන්ගේ, නළු නිළියන්ගේ පවා අවධානයට පත් වීම විශේෂත්වයක්. මෙම අවසන් මහා තරගය වාර්තා කිහිපයක් ම තැබීමට ද සමත් වුණා.

ලෝක කුසලාන අවසන් තරගයක් දඬුවම් පහර තෙක් ගමන් කළ තෙවන අවස්ථාව මෙවර සටහන් වුණා. 1994 දී ඉතාලිය සහ බ්‍රසීලයත්, 2006 දී ප්‍රංශය සහ ඉතාලියත් මෙයට ප්‍රථම ව එම අවස්ථාවට මුහුණ දුන්නා. 1994 දී බ්‍රසීලය සහ 2006 දී ඉතාලිය දඬුවම් පහරවලින් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. 2022 වසරේ දී දඬුවම් පහරවලින් ප්‍රංශය පරාජයට පත් වීමත් සමඟ ම එලෙස ලෝක කුසලාන අවසන් මහා තරග ද්විත්වයක් පරාජයට පත් වූ පළමු රට බවට ඔවුන් වාර්තාගත වුණා.

ලෝක කුසලාන අවසන් තරගයක් සම වීමේ දී වැඩි ම ගෝල ගණනක් වාර්තා වූයේ ද 2022 තරගයේදී යි. 1994 දී 0-0 ක් හා 2006 දී 1-1 ක් ලෙසින් අවසන් තරග නිමා වෙද්දී 2022 තරගය 3-3 ක් දක්වා ගමන් කළා. එහිදී ප්‍රංශය වෙනුවෙන් කිලියන් ම්බප්පේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම ද විශේෂත්වයක්. එය 1966 වසරේ දී එංගලන්තේ ජෙෆ් හර්ස්ට් ගෙන් පසුව ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝල ත්‍රිත්වයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව වුණා.

ජෙෆ් හර්ස්ට් 1966 ලෝක කුසලාන අවසන් තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා – www.bbc.com

ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ ද, එම ගෝල ත්‍රිත්වය ලැබූ ක්‍රීඩකයා නියෝජනය කළ කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරගයක් පරාජයට පත් වීම ඉතිහාසයේ වාර්තා වූයේ මුල් ම වතාවට යි. එය සියවසකට වරක් වන දුර්ලභ සිදුවීමක් බවට පාපන්දු විචාරකයන් හඳුන්වා දෙනවා. මෙයට අමතර ව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගවල වැඩි ම ගෝල ලැබූ ක්‍රීඩකයා වාර්තාව ද කිලියන් ම්බප්පේ අලුත් කළා.

අවසන් තරගවල වැඩි ම ගෝල වාර්තාවත් ම්බප්පේට

මෙම තරගයට ප්‍රථමයෙන් බ්‍රසීලයේ වාවා, එංගලන්තයේ ජෙෆ් හර්ස්ට්, බ්‍රසීලයේ පේලේ සහ ප්‍රංශයේ සිනේඩියන් සිඩෑන් ලෝක කුසලාන අවසන් මහා තරගවල ගෝල 3 බැගින් ලබා සිටියා. 2018 ලෝක කුසලාන අවසන් තරගයේ ලබා ගත් ගෝලයත් සමඟින් ම්බප්පේ මේ වන විට ලබා සිටින ගෝල සංඛ්‍යාව 4ක්. තරගාවලියේ ගෝල 7ක් ලැබූ ලියොනල් මෙසී 21 වන සියවසේ ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල්ඩන් බූට් සම්මානය ලබා ගැනීමට නොහැකි ව වැඩි ම ගෝල ගණනක් ලැබූ ක්‍රීඩකයා ලෙසින් ද වාර්තා වුණා.

1962 වසරෙන් පසුව මුල් ම වතාවට පිට පිට ම ලෝක ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව ප්‍රංශයට හිමි වුවත් ඔවුන්ට එය සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණේ නෑ. 21 වන සියවසේ වැඩි ම ලෝක කුසලාන අවසන් තරග නියෝජනය කළ වාර්තාව ද ප්‍රංශය සතු යි. ඔවුන් 3 වතාවක් මේ වන විට 21 වන සියවසේ දී ලෝක කුසලාන අවසන් මහා තරග නියෝජනය කිරීමට සමත් වුණා.

කිලියන් ම්බප්පේ සහ ලියොනල් මෙසී 2022 ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කරමින් – www.kslsport.com

ලෝක කුසලාන අවසන් තරගයක තරග කාලයේ දී වැඩි ම දඬුවම් පහර සංඛ්‍යාවක් ද 2022 දී පිරිනැමුවා. ඒ ආජන්ටිනාවට 1ක් සහ ප්‍රංශයට 2ක් වශයෙන් දඬුවම් පහර 3ක්. අවසන් වශයෙන් ආජන්ටිනාව ලෝක කුසලානය තුන්වන වතාවට ජයග්‍රහණය කළා. එලෙස තුන්වන වතාවට ලෝක කුසලානය ජයග්‍රහණය කළ සිවු වන රට වශයෙන් ඔවුන් ඉතිහාසගත වුණා.

කවරයේ ඡායාරූපය - 2022 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ආජන්ටිනාව - www.thehindu.com
මූලාශ්‍ර:
www.fifa.com
www.statista.com
www.olympics.com

Related Articles