Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රොනාල්ඩෝගේ මැන්චෙස්ටර් යුනයිටඩ් පළමු සමයේ දස්කම්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන ලෝකයේ නොදන්නා කෙනකු නැති තරම් ය. පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඔහු ලෝකයේ ප්‍රබල පාපන්දු සමාජ කීපයකට ම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඒ අතරේ එංගලන්තයේ Manchester united, ස්පාඤ්ඤයේ Real Madrid, ඉතාලියේ Juventus ඉතා විශේෂ ය.

Ballon d`Or සම්මාන 5ක් දිනා ඇති මෙම ක්‍රීඩකයා වැඩි ම අන්තර්ජාතික ගෝල වාර්තාවට පසුගිය මස දී හිමිකම් කීවේ ය. 2021 සැප්තැම්බර් මස පළමුවැනිදා සිට ඔහු නැවතත්  මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සමග ගිවිසුම් ගත විය. ඒ මීට පෙර ඔහු ක්‍රීඩා කළ ඉතාලියේ Juventus  කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසුව ය. අද ඔබ වෙත ගෙන එන්නේ ඔහු මීට පෙර 2003 සිට 2009 වසර තෙක් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සිටිය දී දැක්වූ දක්ෂතා පිළිබඳව ය.

2003-2004 season
රොනල්ඩෝ 2003 premier league තරගයක් අතරතුර – web24.news

2003-2004 සමය 

රොනාල්ඩෝ 2003 දී මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ කොන්ත්‍රාත්තුව අත්සන් කරන විට මැන්චෙස්ටර් යුනයිටඩ් හි ප්‍රථම පෘතුගාල පාපන්දු ක්‍රීඩකයා බවට ඔහු පත්විය. ඔහුගේ ගාස්තුව පවුම් මිලියන 12.2 ක් වූ අතර එවකට ඔහු එංගලන්ත පාපන්දු ඉතිහාසයේ මිල අධික ම තරුණ ක්‍රීඩකයා විය. පෘතුගාල ක්‍රීඩා කණ්ඩායමේ (Sporting Clube de Portugal)  ඔහුගේ ජර්සි අංකය වන 28 ඔහු ඉල්ලා සිටිය ද, ජෝර්ජ් බෙස්ට්, එරික් කැන්ටෝනා සහ ඩේවිඩ් බෙකම් වැනි  මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩකයන් කලින් පැළඳ සිටි අංක 7  ජර්සිය ඔහුට ලැබිණි.

අංක 7 පැළඳීම රොනාල්ඩෝ සඳහා අමතර පෙලඹවීමක් විය. පුහුණුකරු ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගියුසන් එංගලන්තයේ සිටි කාලය තුළ ඔහුගේ  දියුණුවට බලපෑ ප්‍රධාන සාධකයක් වූ අතර ඔහු කියා සිටියේ “ඔහු ක්‍රීඩාවේ මගේ පියා. ඔහු මගේ වෘත්තීය ජීවිතයේ වැදගත්ම හා බලවත් සාධකයක්” බව ය.

2003 අගෝස්තු 16 දින බොල්ටන් වැන්ඩරර්ස්ට එරෙහිව 4-0 ක ජයක් වාර්තා කරමින් රොනල්ඩෝ ප්‍රිමියර් ලීගයේ පළමු වරට ක්‍රීඩා කළේ ය. ඔහු ආදේශකයකු ලෙස හොඳ දස්කම් දැක්වී ය.  ඔහුගේ ක්‍රීඩා විලාසය ජෝර්ජ් බෙස්ට්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ අතර, එය ඔහු කිසි දිනෙක දැක නැති “ඉතාමත් කුතුහලය දනවන මංගල දර්ශනයක්” ලෙස ප්‍රශංසා කළේ ය.

 රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් සිය පළමු ගෝලය වාර්තා කළේ නොවැම්බර් 1 වෙනිදා Portsmouth කණ්ඩායමට එරෙහි ව පැවති තරගයෙන් 3-0 ක ජයක් ලබා ගනිමිනි. තරගාවලියේ දෙවන භාගයේ දී ඔහුගේ ප්‍රහාරවලින් තවත් ගෝල තුනක් වාර්තා විය. 2003/2004 තරග වාරයේ අවසන් දිනයේ Aston Villa කණ්ඩායමට එරෙහි ව පැවති තරගයේ දී ඔහුගේ පළමු රතු කාඩ්පත ද ලැබිණි. 2004 FA කුසලාන අවසන් මහා තරගයේ දී Millwall කණ්ඩායමට එරෙහිව ගෝල 3-0 කින් ජයග්‍රහණය කළ රොනාල්ඩෝ ඔහුගේ පළමු කුසලානය දිනා ගත් අතර එංගලන්ත ප්‍රිමියර් ලීගයේ පළමු වාරය ද අවසන් කළේ ය.

2004-2005 season
රොනල්ඩෝ 2005 දී old Trafford හී දි –  fcbarcelonanoticias.com

2004-2005 සමය 

රොනාල්ඩෝ 2004/2005 සමයේ ඔහුගේ හොඳ ම තරග දෙකක් ක්‍රීඩා කළ අතර Aston Villa කණ්ඩායමට එරෙහි ව ගෝලයක් වාර්තා කළේ ය. ඔහු Arsenal කණ්ඩායමට එරෙහි ව දෙවතාවක් ගෝල වාර්තා කළේ ය. 2005 FA කුසලාන අවසන් මහා තරගයේ දී Arsenal කණ්ඩායමට එරෙහි ව මිනිත්තු 120 ක් ක්‍රීඩා කළ අතර එය ගෝල නොමැති ව ජය පරාජයෙන් තොර ව අවසන් විය. දඩුවම් පහරවල දී රොනාල්ඩෝ සිය උත්සාහය සාර්ථක කර ගත්ත ද, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම 5-4කින් පරාජයට පත් විය.

රොනල්ඩෝ ඔක්තෝබර් 29 වැනි දා මැන්චෙස්ටර් යුනයිටඩ් හි 1,000 වැනි ප්‍රිමියර් ලීග් ගෝලය වාර්තා කළ අතර එය  Middlesbrough හමුවේ 4-1 ක පරාජයක් ලැබීමෙන් ලද ඔවුන්ගේ එක ම ගෝලය විය. පාපන්දු සමය මැද නොවැම්බර් මාසයේ දී ඔහු නව කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ අතර එය ඔහුගේ පෙර ගිවිසුම වසර 2 කින්, එනම් 2010 දක්වා දීර්ඝ කළේ ය. රොනාල්ඩෝ Wigan Athletic කණ්ඩායමට එරෙහි ව  ගෝල ලබා ගනිමින් ඔහුගේ දෙවන කුසලානය වන “පාපන්දු ලීග් කුසලානය” දිනා ගත්තේ ය.

එක ඇඟිල්ලේ අභිනය

එංගලන්තයේ පැවති ඔහුගේ තුන්වන ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රොනාල්ඩෝ සිදුවීම් කිහිපයකට සම්බන්ධ විය. Benfica කණ්ඩායමේ ප්‍රේක්‍ෂකයන් වෙත “එක ඇඟිල්ලේ අභිනය” (one fingered gesture) දැක්වීම හේතුවෙන් ඔහුට යුරෝපීය පාපන්දු සංගමය (UEFA) එක් තරඟ තහනමක් පැනවී ය. මැන්චෙස්ටර් සිටි ක්‍රීඩක ඇන්ඩි කෝල්ට පයින් ගැසීම නිසා ඔහු මැන්චෙස්ටර් ඩර්බි පිටියෙන් පිටත් කර හැරිණි. 2006-07 කාලය රොනාල්ඩෝගේ පළමු කඩඉම් වසර බව ඔප්පු විය.

ඔහු පළමු වරට ගෝල 20 න් ඔබ්බට පැමිණ ඔහුගේ පළමු ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත්තේ ය. ඔහු දෙසැම්බර් අවසානයේ දී Aston Villa, Wigan and Reading කණ්ඩායම්වලට එරෙහි ව අඛණ්ඩ ව ජයග්‍රහණ තුනක් වාර්තා කළේ ය. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මාසික ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයා ලෙස රොනාල්ඩෝ නම් කරන ලද අතර අඛණ්ඩ ව ගෞරව ලැබූ තුන්වන ක්‍රීඩකයා බවට ද පත්විය. මෙම සාර්ථකත්‍වයේ වැදගත් සාධකයක් වූයේ කණ්ඩායම් පුහුණුකරු රෙනේ මෙලන්ස්ටීන් වෙතින් ඔහු පුහුණුව ලැබීම ය.

2007-08 සමය

 2006-07 UEFA චැම්පියන්ස් ලීගයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී රොනාල්ඩෝ ඔහුගේ 30 වන තරගයේ දී ඔහුගේ පළමු ගෝලය වාර්තා කළේ ය. ඉතාලියේ Roma කණ්ඩායමට එරෙහි ව ලකුණු 7-1 ක ජයක් ලබා දෙවරක් ගෝල වාර්තා කළේ ය. පසුව ඔහු මිලාන් කණ්ඩායමට එරෙහි ව පැවති පළමු අවසන් පූර්ව වටයේදී මිනිත්තු 4 කදී ගෝල වාර්තා කළ අතර එය 3-2 ක ජයග්‍රහණයකින් අවසන් විය. නමුත් සැන් සිරෝහිදී මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත් වූ හෙයින් ශූරයන්ගේ ලීගයෙන් ඉවත් විය. රොනාල්ඩෝ 2007 මැයි 5 වැනි දා මැන්චෙස්ටර් ඩර්බි හි දී යුනයිටඩ් වෙනුවෙන් සිය 50 වැනි ගෝලය වාර්තා කළ අතර වසර 4 කට පසු මැන්චෙස්ටර් යුනයිටඩ් සිය පළමු ලීග් ශූරතාව දිනා ගත්තේ ය.

ඔහුගේ දස්කම් හේතුවෙන් එම කාලය තුළ සම්මාන රාශියක් ලැබී ය. ඔහු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩකයා, රසිකයින්ගේ (Fan`s) ක්‍රීඩකයා සහ වසරේ තරුණ ක්‍රීඩකයා යන සම්මාන මෙන් ම පාපන්දු ලේඛකයන්ගේ සංගමයේ වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයා යන සම්මාන ද දිනා ගත්තේ ය. ඔහු ප්‍රධාන PFA සහ FWA ගෞරව හතර ම දිනා ගත් පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත්විය. වසර පහක ගිවිසුම් දීර්ඝ කිරීමේ කොටසක් ලෙස ඔහුගේ වැටුප සතියකට පවුම් 120,000 දක්වා වැඩි කෙරිණි. 2007 බැලන් ඩි ඕර් (Ballon d’Or) අනුශූරයා ලෙස රොනාල්ඩෝ නම් විය. 2007 FIFA වසරේ වසරේ ක්‍රීඩකයා (FIFA World Player of the Year) සම්මානය සඳහා වූ තරගයේ දී ඔහු කකා සහ ලයනල් මෙසීට පිටුපසින් තුන්වන ස්ථානයට පත්විය. 

Ronaldo with Ballon o`Dor
රොනල්ඩෝ 2008 Ballon O’dor සම්මානය අතැති ව – givemesport.com

රොනාල්ඩෝ 2008 ජනවාරි 12 දින නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව 6-0ක් ලෙස තරග ජයක් ලබමින් මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ඔහුගේ පළමු හා එක ම ගෝල ත්‍රිත්වය වාර්තා කළේ ය. මාර්තු 19 වෙනි දා ඔහු ප්‍රථම වතාවට මැන්චෙස්ටර් යුනයිටඩ් හි නායකත්වය දරමින් මැන්චෙස්ටර්හි දී Bolton කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණය කළ අතර ඔහු කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙකක් රැස් කළේ ය. ඔහු එම වාරයේ ඔහුගේ 33 වන ගෝලය වාර්තා කළ අතර, එය 1967-68 කාල සීමාව තුළ ජෝර්ජ් බෙස්ට් ලබා ගත් මුළු ගෝල 32ට වඩා වැඩි විය.

එය මැදපෙළ ක්‍රීඩකයකු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම සඳහා වාර්තා කළ වැඩි ම ගෝල වාර්තාව විය. ඔහු 2008 දී ප්‍රිමියර් ලීග් ගෝල්ඩන් බූට් (Golden Boot) සම්මානය දිනා ගත්තේ ය. යුරෝපීය ගෝල්ඩන් බූට් සම්මානය මෙන් ම එම ත්‍යාගය දිනා ගත් ප්‍රථම වින්ග් ක්‍රීඩකයා බවට ඔහු පත් විය. ඔහු අතිරේක ව වසරේ හොඳ ම PFA ක්‍රීඩකයන්ගේ ක්‍රීඩකයා සහ වසරේ දෙවන FWA පාපන්දු ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලබා ගත්තේ ය.

වසරේ චැම්පියන්ස් ලීගයේ වැඩි ම ගෝල ලාභියා

චැම්පියන්ස් ලීගයේ පිළිමළුන් පිටුදැකීමේ අදියරේදී ලියොන්ට(Lyon) එරෙහි ව රොනාල්ඩෝ තීරණාත්මක ගෝලය වාර්තා කළ අතර එය මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට  යාමට සහය විය. මොස්කව්හි දී චෙල්සි (Chelsea) කණ්ඩායමට එරෙහි ව මැන්චෙස්ටර් යුනයිටඩ් අවසන් තරගයට පැමිණියේ ය. එහි දී ඔහුගේ පළමු ගෝලය සම කරන්නට ෆ්‍රෑන්ක් ලැම්පාඩ් සමත්න විය. මැන්චෙස්ටර් යුනයිටඩ් දඩුවම් පහරවලින් ජයග්‍රහණය කළේ ය. රොනාල්ඩෝ වසරේ චැම්පියන්ස් ලීගයේ වැඩි ම ගෝල ලාභියා වූ අතර ඔහු වසරේ UEFA සමාජ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් විය. රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් හි සිටි කාලය තුළ ඔහුගේ වඩාත් ම සමෘද්ධිමත් සමය වූ 2007-08 සමය තුළ සියලු ම තරගවලදී ගෝල 42 ක් රැස් කළේ ය.

වාරය ආරම්භයේදී Portsmouth ක්‍රීඩකයකුගේ හිසට පහර දීමෙන් පසු ඔහුට තරග තුනක් අහිමි විය. මෙම සමය තුළ ඔහු රියල් මැඩ්රිඩ් සමාජයට යාමට දක්වන උනන්දුව පිළිබඳ කටකතා පැතිර ගියේ ය. රියල් මැඩ්රිඩ් රොනාල්ඩෝ ලුහුබැඳ යාම සම්බන්ධයෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් පාලක මණ්ඩලය FIFA ආයතනයට පැමිණිල්ලක් ගොනු කළ නමුත් ඔවුහ් ඒ ගැන පියවර ගැනීම ප්‍රතික්ෂේප කළහ. FIFA සභාපති ජෙප් බ්ලැටර් කියා සිටියේ ක්‍රීඩකයාට තම සමාජය හැර යාමට ඉඩ දිය යුතු බවත්, ඔහු බලයෙන් රඳවා ගැනීම “නූතන වහල්භාවය” බවත් කියා සිටියේය. ජෙප් බ්ලැටර්ගේ ප්‍රකාශය සමඟ රොනාල්ඩෝ ප්‍රසිද්ධියේ එකඟ වූවත් ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් හි තවත් අවුරුද්දක් ක්‍රීඩා කළේ ය.

2008-09 මැන්චෙස්ටර් යුනයිටඩ් හි අවසාන සමය

2008-09 වර්ෂයේදී ජූලි 7 දින රොනාල්ඩෝ වළලුකර සැත්කමට භාජනය වූ අතර එමඟින් ඔහුට සති 10 ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය. ඔහු ආපසු පැමිණීමෙන් පසු නොවැම්බර් 15 වන දින Stoke City කණ්ඩායමට එරෙහිව ගෝල දෙකක් ලබා මැන්චෙස්ටර් යුනයිටඩ් සඳහා දායක වූ සියලු ම තරගවල දී සිය 100 වන ගෝලය වාර්තා කළේ ය. ඔහු ඒ වන විට ප්‍රිමියර් ලීගයේ විරුද්ධ කණ්ඩායම් 19ට එරෙහිව ගෝල වාර්තා කර තිබිණි. 2008 අවසානය වන විට ජපානයේ පැවති FIFA ක්ලබ් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා රොනාල්ඩෝ විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. ඔහු Liga De quito කණ්ඩායමට එරෙහි ව අවසන් ජයග්‍රාහී ගෝලයට සහාය වූ අතර එම ක්‍රියාවලියේදී Silver Ball සම්මානය දිනා ගත්තේ ය. ඔහුගේ බැලන් ඩි ඕර් සම්මානය සහ 2008 වසරේ හොඳ ම ක්‍රීඩකයාට හිමි සම්මානය සමඟ රොනාල්ඩෝ 1968 දී ජෝර්ජ් බෙස්ට්ගෙන් පසු මැන්චෙස්ටර් යුනයිටඩ් හි ප්‍රථම බැලූන් ඩි ඕර් සම්මාන ජයග්‍රාහකයා බවට පත් වූ අතර වසරේ හොඳ ම පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කරන ලද පළමු ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයා බවට ද පත්විය.

වසරේ හොඳම ගෝලය ඇගයීම සඳහා FIFA පිරිනමන 2008 FIFA Puskas සම්මානය රොනාල්ඩෝ දිනා ගත්තේ ය. එය FC Porto කණ්ඩායමට එරෙහි ව යාර 40 ක නිදහස් පහරක් විය. පසු ව ඔහු එය තමන් රැස් කළ හොඳ ම ගෝලය ලෙස හැඳින්වී ය. මැන්චෙස්ටර් යුනයිටඩ් රෝමයේ දී පැවති අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර එහිදී ඔහු බාර්සිලෝනා හමුවේ 2-0ක පරාජයක් ලැබී ය. රොනාල්ඩෝ සිය මැන්චෙස්ටර් යුනයිටඩ් කාලය කුසලාන නවයකින් අවසන් කළ අතර, මැන්චෙස්ටර් යුනයිටඩ් ඔවුන්ගේ අඛණ්ඩ ලීග් ශූරතාව සහ පාපන්දු ලීග් කුසලානය ඒ සමය තුළ දිනා ගත්තේ ය. ඔහු 2008-2009 වාරය අවසන් කළේ සියලු ම තරගවලදී ලත් ගෝල 26 ක් සමඟිනි. මැන්චෙස්ටර් යුනයිටඩ් සඳහා ඔහුගේ අවසාන ගෝලය වූයේ 2009 මැයි 10 දින මැන්චෙස්ටර් ඩර්බි හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී ලැබුණු නිදහස් පහරකින් ලබා ගත් ගෝලය යි.

මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීම

2021 අගෝස්තු 27 දින මැන්චෙස්ටර් යුනයිටඩ් නිවේදනය කළේ පුද්ගලික කොන්දේසි, වීසා බලපත්‍ර සහ වෛද්‍ය කොන්දේසි වලට එකඟව රොනාල්ඩෝ ගිවිසුම අත්සන් කිරීම සඳහා Juventus කණ්ඩායම සමඟ එකඟතාවයකට පැමිණි බවයි. මෙම මාරු කිරීම සඳහා ඩොලර් මිලියන 12.85 ක මූලික වියදමක් දැරූ අතර වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සහ විකල්ප වසරක් සහිතව වාර්තා වූ අතර එය 2021 අගෝස්තු 31 දින තහවුරු විය.

කවරයේ පින්තුරය : ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ -www.aljazeera. com

මුලාශ්‍ර :

goal.com

givemesport.com

dailymail.co.uk

eurosport.com  

foxsports.com.au

Related Articles